Pages - Menu

Pages

Pages

Sunday, April 20, 2014

මුද්‍රිත මාධ්‍යයෙන් බුදුරුව පළවීම වළක්‌වන්න - අස්‌ගිරි මහ නාහිමි

බුදුරජාණන් වහන්සේගේ පිළිරුවට විවිධාකාරයේ අවමාන, අගෞරව හා නොසැලකිලි සිදුවන බැවින් මාධ්‍ය හා වෙනත් ආකාරයේ මුද්‍රිතයෙහි බුදුරුව පළ නොකිරීමට පියවර ගන්නා ලෙස අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ඛිත හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඊයේ (17 දා) ඉල්ලීමක්‌ කළහ.

තමන් වහන්සේ බැහැදැකීම සඳහා ජනාධිපතිවරයා අස්‌ගිරි මහා විහාරයට පැමිණි අවස්‌ථාවේ උන්වහන්සේ මෙම ඉල්ලීම කළහ.

පුවත්පත් සහ වෙනත් මුද්‍රිත ද්‍රව්‍යයන්හි පළ කෙරෙන බුද්ධ රූප පයට පෑගෙන හා අතපය පිස දැමීමට යොදා ගන්නා අවස්‌ථාද එමට සිදුවන බව මහානායක හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පෙන්වා දුන්හ.

බුදුරුව සඳහන් මුද්‍රිත ද්‍රව්‍ය සම්බන්ධයෙන් වසර තුනක සිට දිවයිනේ නන්දෙසින් කළ සමීක්‍ෂණයක්‌ ඇතුළත් වාර්තාවක්‌ බෙරගල යූ. ජී. සරත් මහතා විසින් මහානායක හිමියන් වෙත ඉදිරිපත් කරන ලද අතර එම වාර්තාව සහිත සංදේශයක්‌ මහානායක හිමි විසින් ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී.

මහානායක හිමියන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන් ඇතුළු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවැසීය.

අලුත් අවුරුදු උදාවත් සමගම දළදා සමිඳුන් වැඳ පුදාගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමෙන් ඊයේ (17 දා) සුභාශිංසන ලබා ගත්තේය.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2014/04/18/news05.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!