රූපවාහිනිය මගින් ජාතිය අමතමින් තායි හමුදාපති ජෙනරාල් ප්‍රයුත් චාන් ඔචා මේ බව නිවේදනය කළේය. ඔහු මේ නිවේදනය සිදුකරන විට තායි ගුවන් නාවික හමුදාපතිවරුද ඔහු අසල සිටියේය. තායිලන්තයේ ස්‌ථාවරත්වය සඳහා හමුදා මැදිහත්වීම අත්‍යාවශ්‍ය බව ඔහු නිවේදනය කළේය.
හමුදාව විසින් පක්‍ෂ හා විපක්‍ෂ කණ්‌ඩායම් රැස්‌ව සිටි ස්‌ථාන දෙක වසා දමා එම ස්‌ථානවලින් වහාම පිටවන්නැයි සියලු දෙනාට අණකර ඇත.
තායිලන්තය පුරා යුද නීතිය පනවනු ලැබුවේ ඉකුත් අඟහරුවාදාය.
පසුගිය මාසයේදී එරට අධිකරණය අගමැතිනි යින්ලුක් ෂිනවත්‍රා මහත්මිය බලයෙන් පහකරන ලදී. මීට පෙර තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණ 11 ක් සිදුව ඇත.
http://www.divaina.com/2014/05/23/news04.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!