Pages
▼
"නිරෝගිමත් හමුදාවක් යහපත් සමාජයක්" හමුදාවේ අලුත්ම තේමා පාඨය වෙයි
මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි හා අහිතකර ආහාර පාන පරිභෝජනයෙන් හමුදා සෙබළුන් වළක්‌වා ඔවුන් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න පිරිසක් බවට පත්කිරීමට යුද හමුදාව කටයුතු යොදා ඇත. එමෙන්ම යුද හමුදා සාමාජිකයන්ට උසස්‌වීම් ලබාදීමේදී නීරෝගීභාවය අනිවාර්ය කිරීමටද යුද හමුදාව ඉදිරියේදී පියවර ගනු ඇත.ඒ අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ මෙහෙයවීම යටතේ "නිරෝගිමත් හමුදාවක් - යහපත් සමාජයක් යන තේමාවට අනුව බෝනොවන එහෙත් භයානක රෝගාබාධවලින් හමුදා සෙබළුන් මුදාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යුද හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇත.
යුද හමුදා විශේෂඥ වෛද්‍ය මණ්‌ඩලයක උපදෙස් හා අධීක්‍ෂණය මත දියවැඩියාව, හෘද රෝග, වකුගඩු ආබාධ, අධික රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් බහුලවීම වැනි රෝග වලින් හමුදා සෙබළුන් සම්පූර්ණයෙන්ම මුදාගැනීම මෙම වැඩපිළිවෙළ මගින් සිදුකෙරේ.
මෙම වැඩපිළිවෙළට සමගාමීව වසවිස වලින් තොර ආහාර ද්‍රව්‍ය යුද හමුදාවට ලබාදීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර එළවළු පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය යුද හමුදාව විසින්ම වගාකිරීමේ වැඩපිළිවෙළක්‌ද ක්‍රියාත්මක කර ඇත.
සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2014/05/22/news05.html
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!