සිතුල්පව්ව රජමහා විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම දායක සභාවේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් (30 දා) පස්‌වරුවේ අරලියගහ මන්දිරයේදී මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
සිතුල්පව්ව පුද බිමේ අභිනවයෙන් ඉදිකළ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ද ඒ සමගාමීව ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය. එමෙන්ම විහාරස්‌ථානයට දැඩි අඩුපාඩුවක්‌ව පැවති ජල යෝජනා ක්‍රමයද ඒ හා සමගාමීව විවෘත කෙරේ.
පොසොන් උත්සවය සඳහා මහා සිතුල්පව්වට විදුලි ආලෝකය සැපයීම සිරිත් පරිදි උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය මගින් සිදුකෙරේ. මේ සඳහා වැයවන මුදලේ චෙක්‌පත "දිවයින" ප්‍රධාන කර්තෘ මෙරිල් පෙරේරා මහතා විසින් එදින එම සභාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිරිනමන ලද අතර ඒ අවස්‌ථාවේදීම ජනාධිපතිතුමා විසින් එම චෙක්‌පත සිතුල්පව්ව රජමහා විහාරාධිපතින් වහන්සේ වෙත භාරදෙන ලදී. කුඩා සිතුල්පව්වට විදුලි ආලෝකය ලබාදීම සඳහා අනුග්‍රහය දක්‌වන්නේ (ඩයනා බිස්‌කට්) ආයතනයයි.
නියෝජ්‍ය ඇමැති විජය දහනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්‌පති ඇතුළු විශාල පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
http://www.divaina.com/2014/06/02/news26.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!