Pages - Menu

Pages

Pages

Thursday, July 31, 2014

අන්තිම සටනට මුල් වූ මාවිල්ආරු සොරොව්ව නැරඹීමට අවස්ථාව

ප්‍රභාකරන් විසින් වසා දැමූ මාවිල්ආරු සොරොව්ව වන්දනාවේ යන බැතිමතුන්ට දැන් නැරඹීමට ඉඩ ලැබී ඇත.

ඓතිහාසික සෝමාවතිය පුදබිමේ සිට සේරුවාවිල චෛත්‍යය නැරඹීමට යන බැතිමතුනට දැන් මාවිල්ආරු සොරොව්වද නැරඹිය හැකිය.

සෝමාවති සේරුනුවර මාර්ගයේ කිලෝමීටර් පහක්‌ ඈතින් මාවිල්ආරු සොරොව්ව පිහිටා ඇත.

කොටි ත්‍රස්‌තවාදීන්ගේ පාරාදීසයක්‌ව පැවැති මෙම ප්‍රදේශයේ ජනතාව නිදහසේ දිවි ගෙවන අයුරු අපට දැකගත හැකිවිය.

මෙම මාවිල්ආරු සොරොව්ව වසාදමනු ලැබුවේ එලිලන් නමැති ත්‍රිකුණාමල කොටි හමුදා නායකයායි.

සෝමාවති පුදබිමේ සිට සැතපුම් 54 ගෙවා සේරුනුවරට යැම සඳහා මාර්ගයද දැන් ඉදිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය - මාවිල්ආරු සිට
http://www.divaina.com/2014/07/31/news11.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!