කර්නාටක ප්‍රාන්තයේ ක්‍රිෂ්ණ ගංගාවේ දූපතක වෙසෙන 22 හැවිරිදි යෙල්ලවා මෙලෙස කිලෝ මීටරයක් පිහිනා පැමිණ ඇත්තේ තවත් තිදෙනකුගේ සහය ඇතිවය.
අධික වර්ෂාව නිසා ක්‍රිෂ්ණ ගංගාවේ සැඩපහර දරුණුවී තිබිණි. 'මට බය හිතුණා ඒත් මම දරුවා ගැන හිතලා පීනුවා,' යෙල්ලවා කියයි. යෙල්ලවා සමග ඇගේ පියාද සහෝදරයකුද තවත් ඥතීන් කිහිප දෙනෙකුද පිහිනා පැමිණ ඇත. තව දින විස්‌සකින් පමණ යෙල්ලවා සිය දරුවා බිහිකරනු ඇති බව වෛද්‍ය වීනා කියයි.
බැංගලෝර් නුවරට කිලෝමීටර් 400 ක් ඈතින් පිහිටි යෙල්ලවාගේ දූපත් ගම්මානයේ කිසිම වෛද්‍ය පහසුකමක් නැත. එම නිසාම ඇය ජීවිතය හා මරණය සමග සටන් කරමින් කිලෝමීටරයක් පිහිනුවාය.
http://www.divaina.com/2014/08/07/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!