Pages - Menu

Pages

Pages

Thursday, November 6, 2014

වරක්‌ පිසූ තෙල් භාවිතය අවදානම් රුධිරගත කොලෙස්‌ටරෝල් වැඩිවෙනවා

වරක්‌ භාවිත කරන ලද තෙල් නැවත භාවිත කරමින් පිළියෙල කරනු ලබන කොත්තු හා තෙම්පරාදු බත් (ෆ්‍රයිඩ් රයිස්‌) අනුභව කිරීමෙන් රුධිරගත කොලෙස්‌ටරෝල් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යන බව සමීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි එක්‌සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (යුනිසෙෆ්) පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්‌ස මහත්මිය පැවැසුවාය.

මේ අනුව ශ්‍රී ලාංකිකයන් අතර කොලෙස්‌ටරෝල් වැඩිවීම කෙරෙහි මෙම තෙල් නැවත භාවිත කිරීමද හේතුවී ඇති බව පැවැසිය හැකි යෑයි වෛද්‍යවරිය කීවාය. වරක්‌ භාවිත කරන ලද තෙල් ආහාර පිළියෙල කිරීම සඳහා නැවත නැවත භාවිත නොකරන ලෙසට ඉල්ලීම් කර ඇතත් තවමත් ඉහත කී ආහාර වර්ග පිළියෙල කිරීමේදී වාර කිහිපයක්‌ භාවිත කළ තෙල් වර්ග උපයෝගී කර ගන්නා බවට වාර්තා ලැබී ඇතැයි ඇය කීවාය.

බටර් මෙන්ම මාගරින්වල තෙල් අධික බැවින් ඒවා අඩුවෙන් අනුභවයට ගැනීම යෝග්‍ය බව පෙන්වා දුන් වෛද්‍ය ජයතිස්‌ස පුද්ගලයකු දිනකට පරිභෝජනය කළ යුතු තෙල් ප්‍රමාණය මේස හැන්දකට සීමා කළ යුතු බව අවධාරණය කළාය.

"පාරිසරික විෂ හා බෝ නොවන රෝග" මැයෙන් පෙරේදා (4 වැනිදා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක්‌ අමතමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2014/11/06/news26.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!