Pages - Menu

Pages

Pages

Thursday, November 6, 2014

වෙනම මුස්‌ලිම් පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ඉල්ලීමේ මුස්‌ලිම් කොංග්‍රසයේ යෝජනාව ලත්තැනම ලොප් කළ යුතුයි - ජාතික හෙළ උරුමය

මුස්‌ලිම් කොන්ග්‍රසයේ නැඟෙනහිර වෙනම මුස්‌ලිම් පරිපාලන දිස්‌ත්‍රික්‌ක යෝජනාව ජාතික ආරක්‍ෂාවට හා ජාතීන් අතර ඒකාග්‍රතාවටත් බරපතළ තර්ජනයක්‌ බව ජාතික හෙළ උරුමය සඳහන් කරයි.

මෙරට දිස්‌ත්‍රික්‌ සීමා නිර්ණය කිරීමේදී මෙලෙස වාර්ගික හෝ ආගමික පදනමක්‌ මත බෙදා වෙන් කෙරෙන යෝජනාව තම පක්‍ෂය දැඩි ලෙස හෙළා දකින බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

මෙම ක්‍රියාව ජාතිවාදී හා අන්තවාදී යන අන්තවාදයට රුකුල් දෙන්නක්‌ බවත් එම පක්‍ෂය කියා සිටී.

මුස්‌ලිම් ඡන්ද ලබාදීම සඳහා පූර්ව කොන්දේසි ලබාදීම බරපතළ තත්ත්වයක්‌ බවත්, ඔවුන් එසේ ඉල්ලා සිටියත් මෑතකදී පැවැත්වූ මැතිවරණවලදී මුස්‌ලිම් ජනතාව රජයට පක්‍ෂපාතීව ඡන්දය පාවිච්චි කර නොමැති බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

මෙම දේශපාලන ඉල්ලීම ලත් තැනම ලොප් කිරීම වහාම සිදු කළ යුතු යෑයි එම පක්‍ෂය අවධාරණය කරයි.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/11/06/news39.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!