Pages - Menu

Pages

Pages

Thursday, May 28, 2015

රාජ්‍ය පොසොන් උත්සවයේ මෙවර තේමාව 'මිහිඳු බණ පිළිපදිමු'

"මිහිඳු බණ පිළිපදිමු" තේමා කොටගෙන මෙවර රාජ්‍ය පොසොන් පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට අනුරාධපුර පොසොන් උත්සව කමිටුව පියවරගෙන ඇත.

මැයි මස 30 වැනිදා සිට ජුනි මස 05 වැනිදා දක්‌වා මෙවර පොසොන් උත්සවයේ "පොසොන් සතිය" ලෙස කමිටුව මගින් ප්‍රකාශයට පත්කොට ඇත.

අනුරාධපුරය, මිහින්තලය ඇතුළු පුදබිම් කේන්ද්‍රකොට පැවැත්වෙන පොසොන් පුණ්‍ය මහෝත්සවයේ චාරිත්‍රානුකූල ආගමික වතාවත් ආරම්භ කෙරෙනුයේ 30 වැනිදා ඓතිහාසික පැන් පෙරහැරිනි.

තිසාවැවෙන් ලබාගන්නා පිරිසිදු පැන් කළගෙඩි ඉසුරුමුණි විහාරස්‌ථානයේ තබා ආගමික වතාවත් සිදුකොට 30 වැනිදා පස්‌වරුවේ පෙරහැරින් ජයශ්‍රීමා බෝ සමිඳුන් වෙත වැඩම කිරීම සිදු කෙරේ.


බෝමළුවේදී ආගමික වතාවත් ඉටුකොට ඒ ආසන්න මහමෙවුනාවේ සති පිරිත් මණ්‌ඩපයේදී එම පැන්කළ තබා පිරිත් පේ කිරීම සිදු කෙරේ. පොසොන් සතිය පුරා පිරිත් සඡ්ඣායනා පවත්වා අවසන් දින දොරකඩඅස්‌නෙන් පොසොන් නිමාව සිදුකරයි.


ආරක්‍ෂක බලඇණි මෙන්ම ස්‌වේච්ඡා සංවිධාන ක්‍රියාකාරීන් වෙනුවෙන් නවාතැන් පහසුකම් සැලසීම සඳහා මෙම පොසොන් සතිය තුළ පාසල් රැසක්‌ වසා තැබේ.

ජුනි මස 01 වැනිදා සිට 05 වැනිදා දක්‌වා අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, සහිරා, මහ විදුහල, ස්‌වර්ණපාලි බාලිකා විදුහල, දේවානම්පියතිස්‌ස විදුහල, ශ්‍රාවස්‌තිපුර තිස්‌ස මහා විද්‍යාලය, කේ. බී. රත්නායක විදුහල යන විදුහල් වසා තැබීමට පියවර ගෙන ඇත.

අනුරාධපුර - සිරිල් බස්‌නායක
http://www.divaina.com/2015/05/28/news13.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!