Pages - Menu

Pages

Pages

Friday, June 5, 2015

සීඝ්‍රයෙන් සංවර්ධනය වන සංචාරක නගර අතරින් ලෝකයෙන්ම පළමුතැන කොළඹට

ලොව වේගයෙන්ම වර්ධනය වූ සංචාරක නගර අතර ප්‍රථම ස්‌ථානයට කොළඹ නගරය පත්ව තිබේ.

මාස්‌ටර් කාඩ් ආයතනය විසින් සිදුකර ඇති සමීක්‍ෂණයක්‌ අනුව පසුගිය වසර හය තුළ ලෝකයේ වඩා වේගයෙන් වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්ව ඇත. එහි දෙවැනි ස්‌ථානයට පත්ව ඇත්තේ චීනයේ චෙන්ග්ඩු නමැති නගරයයි

කොළඹ නගරයේ වර්ධනය 21.1% ක්‌ ලෙස සැලකෙන අතර දෙවැනි ස්‌ථානයට  පත් වූ චීන නගරයේ වර්ධනය 20.7% කි.

මෙම සමීක්‍ෂණයට අනුව ලොව වේගයෙන් සංවර්ධනය වූ නගර 10 ක්‌ දක්‌වා ඇති අතර, එහි තෙවැනි ස්‌ථානයට පත්ව ඇත්තේ අබුඩාබි නගරයයි.

ඉන් අනතුරුව පිළිවෙළින් ඔසාකා (ජපානය), රියාද් (සෞදිය), ෂී ඇන් (චීනය) තායිපේ (තායිවානය), ටෝකියෝ ලිමා (පේරු) හොචිමින්සිටි (වියට්‌නාමය) යන නගර පත්ව තිබේ.

මෙම නගර දහය අතරින් නගර හතක්‌ම ආසියාවේ නගර වීම ද විශේෂත්වයකි. මේ අතර එම සමීක්‍ෂණයට අනුව ලොව හොඳම ගමනාන්තය ලෙස ලන්ඩන් නගරය නම් කර ඇත.

බැංකොක්‌ සහ පැරිස්‌ නගර එහි දෙවැනි සහ තුන්වැනි ස්‌ථාන හිමිකර ගෙන තිබේ.

අකිත පෙරේරා
http://www.divaina.com/2015/06/05/news01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!