Pages - Menu

Pages

Pages

Tuesday, September 1, 2015

අයිසිස්‌ ත්‍රස්‌තයෝ සිරියාවේ තවත් ලෝක උරුමයක්‌ පුපුරුවති

ලෝක උරුමයක්‌ ලෙස හැඳින්වූ සිරියාවේ පැල්මයිරා නගරයේ පිහිටි තවත් ඓතිහාසික ස්‌ථානයක්‌ වූ බෙල් දෙව්මැදුර අයිසිස්‌ ත්‍රස්‌තයන් විසින් විනාශ කර ඇත.

වසර 2000 ක්‌ පැරණි මෙම දෙව්මැදුර රෝම පාලන සමයේ ඉදි වූවකි.

අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ මෙම ක්‍රියාදාමයන් යුද අපරාධ ලෙස නම් කර ඇතැයි එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී. බෙල් දෙව්මැදුර ඉරිදා සවස 1.45ට විනාශ කර ඇතැයි සිරියානු බලධාරීහු පවසති.

ඩයිනමයිට්‌ විශාල තොගයක්‌ යොදවා එම දෙව්මැදුර පුපුරුවා හැරීමට ත්‍රස්‌තයන් ක්‍රියා කළා යෑයි පැල්මයිරා නගරවාසීහු හෙළි කර ඇත.

මේ වන විට ඓතිහාසික ස්‌ථාන 9 ක්‌ විනාශ කර තිබේ.

http://www.divaina.com/2015/09/01/forign01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!