මෙසේ දඬුවම් නියම වූයේ කොළඹ කොල්ලුපිටියේ පදිංචි මොහමඩ් පර්සි මොහමඩ් හසීම් නැමැති 24 වියෑති වෛද්‍ය සිසුවෙකුටය. ඔහු රුසියාවේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනීම අවසන් කර ලංකාවට පැමිණ ලංකාවේ වෛද්‍යවරයෙකු වීම සඳහා ඉදිරිපත් විය යුතු විභාග සඳහා පෙනී සිටීමට මුදල් නොමැති හෙයින් මෙම වරද කළ බවත් තම පියා අසනීපව ඇති බවත් සොහොයුරාද අධ්‍යාපනයේ යෙදෙන නිසා මුදල් සොයාගැනීමට කිසිදු මගක් නොමැති වූ බැවින් ඉගෙනුම සාර්ථක කරගැනීමට මෙම වරද කළ බව සැකකරු අධිකරණයේදී පිළිගත්තේය.
විත්තිකරු පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණු වෛද්‍ය වාර්තාවද විමසා බැලූ මහේස්‌ත්‍රාත්වරයා මෙම වරද කළ බව අධිකරණයට ඉදිරිපත් කළ දින සිටම චූදිත පිළිගත් බවත් චූදිත ඉගෙන ගෙන වෛද්‍යවරයෙකු වීමට තිබු බලවත් ආශාව නිසාම මෙම වරද කළ බව අධිකරණයට පෙනී යන බවත් එබැවින් ඉහත දඬුවම් පමුණුවන බව නියම කරමින් මින් මතු මෙවන් වැරදිවලින් වැළකී සමාජයට වැඩදායී පුද්ගලයෙකු වෙන ලෙස අවවාද කළේය.
28 වන දින පානදුර පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවකට පැමිණි චූදිත අයකැමිවරියකට මරණ තර්ජනය කර රුපියල් ලක්‍ෂ පහක මුදලක් කොල්ලකා පලා යද්දී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු ඔහු අත්අඩංගුවට ගෙන පානදුර පොලිස් අපරාධ මර්දන අංශය මගින් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. පොලිස් සැරයන් 17605 වික්‍රමාදර ආනන්ද මහතා පැමිණිල්ල මෙහෙය වීය.
පානදුර - විජිතා ලියනගේ
http://www.divaina.com/2015/11/18/provin06.html
Pic Source
good decision by Judge !
ReplyDeleteThat is what you call real justice!
ReplyDelete