Pages - Menu

Pages

Pages

Thursday, April 20, 2017

වාහනයකින් යා නොහැකි ඉන්දියාවේ, අයියා මල්ලි රෝහලට ඇතුළත් කර මල්ලිගේ මළ සිරුර පාපැදියේ තබාගෙන නැවත ගමට ගෙන යයි

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පුද්ගලයකු සිය 18 හැවිරිදි සොහොයුරාගේ මළ සිරුර පාපැදියක තබාගෙන තම ගම්මානයට රැගෙන යැම පිළිබඳ ප්‍රවෘත්තියෙන් දැඩි ආන්දොලනයක්‌ මතුව තිබේ.

ඇසෑම් ප්‍රාන්ත මහ ඇමැති සර්බන්දා සොහොවල් ගේ මැතිවරණ කොට්‌ඨාසයෙන්ම මෙම සිද්ධිය වාර්තා වී තිබේ. 

ඩිම්පල් දාස්‌ නමැති රෝගියා රෝහලට ඇතුළත් කර ටික වේලාවකින් මරණයට පත්ව ඇති අතර ඔහු රෝහලට රැගෙනවිත් ඇත්තේද බයිසිකලයෙනි.

ඩිම්පල් දාස්‌ගේ ගමට කිසිම වාහනයකින් යා නොහැකි අතර උණ බම්බු පාලමකින් ද එගොඩවීමට ඇති නිසා ඔහුගේ සොහොයුරා මේ මළ සිරුර සිය පාපැදියේ බැඳගෙන ගමට ගෙන ගොස්‌ ඇත. ඇසෑම් ප්‍රාන්ත මහඇමැතිවරයා මේ ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස බලධාරීන්ට නියෝග කර තිබේ.

මීට මාස අටකට පෙරත් ඉන්දියාවේ ඔරිස්‌සා ප්‍රාන්තයේ පුද්ගලයකු සිය බිරියගේ දේහය කරමත තබාගෙන නිවසට යැමේ පුවතක්‌ වාර්තා විය.

චතුර පමුණුව
http://www.divaina.com/2017/04/20/news14.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!