Pages - Menu

Pages

Pages

Friday, October 4, 2013

අග්නිදිග සරසවියේ සිසු ගැටුමෙන් ව්‍යවහාරික විද්‍යාපීඨය වැසේ

නැගෙනහිර පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක්‌ අතර ඊයේ (03 වැනිදා) සවස ඇතිවූ ගැටුමකින් සිසු සිසුවියන් දසදෙනකු පමණ තුවාල ලැබූ අතර සිද්ධියෙන් පසුව සමන්තුරේ පිහිටි ව්‍යවහාරික විද්‍යාපීඨය දින නියමයකින් තොරව වසා දමා ඇත.

මෙම පීඨයට කිලෝමීටර් තිහක්‌ පමණ දුරින් ඔලුවිල්හි පිහිටි කළමනාකරණ පීඨයේ සිසුන් බව කියන පිරිසක්‌ ඊයේ සවස 2.00 ට පමණ ලොරියකින් පැමිණ ගල් මුල් හා පොලුවලින් ව්‍යවහාරික විද්‍යාපීඨ සිසුන්ට පහරදී තිබේ. මෙම පහර දීමෙන් සිසුවියකට බරපතළ තුවාල සිදු වී ඇතැයි එම පීඨ සිසුවෙක්‌ zදිවයිනZට ඊයේ පැවසීය.

මෙම සිසුවිය ඇතුළුව තුවාල ලැබූ සිසුන් සමන්තුරේ හා අම්පාර යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

නිලන්ත මදුරාවල
http://www.divaina.com/2013/10/04/news08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!