මාරාන්තික වකුගඩු රෝගයෙන් රටවැසියන් ආරක්‍ෂා කර ගැනීම සඳහා පිරිසිදු පානීය ජලය බෙදා හැරීමේ ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර තිබේ.
ඒ අනුව වැඩිම වකුගඩු රෝගීන් පිරිසක් සිටින රජරට ඇතුළු දිවයිනේ වකුගඩු රෝගීන් බහුල අනෙකුත් සෑම ප්‍රදේශයකටම පිරිසිදු කළ පානීය ජලය ලබා දීමට නියමිතය.
කාලික වකුගඩු අකරණය ලෙස හැඳින්වෙන මෙම විශේෂ වකුගඩු රෝගී තත්ත්වය ඇතිවීමට විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය භාවිතය හේතුවන බව වෛද්‍ය අංශ මගින් තහවුරු කර තිබේ.
මෙම රෝගීන් බහුලව සිටින අනුරාධපුරය දිස්‌ත්‍රික්‌කයේ ගම්මාන රැසකට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතාගේ මැදිහත්වීමෙන් දැනටමත් පානීය ජලය හා වැසි ජල ටැංකි ලබාදී ඇත.
වකුගඩු රෝගය වැලැක්‌වීමේ ජාතික වැඩපිළිවෙලට සියලුම අමාත්‍යංශ ඒකාබද්ධව ක්‍රියාත්මක වන බව තිස්‌ස කරල්ලියද්ද ඇමැතිවරයා "දිවයින"ට පැවසීය.
තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2013/12/11/news33.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!