Pages - Menu

Pages

Pages

Friday, January 3, 2014

මහ බැංකුව පොලිය අඩු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට ණය දෙන පොලී අනුපාතය (නිත්‍ය ණය පහසුකම් අනුපාතය) සියයට 8.5 සිට සියයට 8 දක්‌වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය තීරණය කොට තිබේ.

එහෙත් සියයට 6.5 ක්‌ වූ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය නොවෙනස්‌ව පවතින බවද ඒ නිසා බැංකුවලට තැන්පතු පොලී අනුපාත අඩුනොකොට ණය පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට හැකියාව ලැබෙන බවද මහ බැංකුව කියයි.

එම නිත්‍ය පහසුකම් අනුපාතයන් අතර පැවැති පරතරය පදනම් අංක 200 සිට පදනම් අංක 150 ක්‌ දක්‌වා අඩුවීම මෙයට හේතුව බවද මහ බැංකුව පෙන්වා දෙයි.

උද්ධමනය අඩුවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙසේ පොලී අනුපාත තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවට හැකියාව ලැබී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/01/03/news08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!