ශ්‍රීපාද වන්දනා වාර අවාර කාලයේ වසර පුරාම නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ විවෘතව තබන එකම විහාරස්‌ථානය වන්නේ කල්පවෘක්‍ෂ මහා විහාරය පමණි.
අටමස්‌ථා නාධිපති, පල්ලේගම සිරිනිවාස හා ශ්‍රීමහා බෝධියේ උඩමළුවේ භාරකාර පියතිස්‌ස යන නායක හිමිවරුන්ගේ අනුශාසනා මැද සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක ආචාර්ය කරදටියන ගුණරත්න නායක හිමියන් ප්‍රමුඛ එම සංගමයේ අනුග්‍රහයෙන්, අනුරාධපුර ශ්‍රීමහා බෝ මළුවේ සිට නල්ලතන්නිය කල්ප වෘක්‍ෂ මහා විහාරය පිහිටි ශ්‍රීපාද පුදබිම වෙත මෙම බෝධි අංකුර ශාඛාව වැඩම කරනු ලැබිණි.
නල්ලතන්නිය කල් පවෘක්‍ෂ මහා විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්, අටමස්‌ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගෙන් කළ ඉල්ලීමක් අනුව, ශ්‍රීපාද කල්පවෘක්‍ෂ මහා විහාරයේ රෝපණය කිරීම සඳහා මෙම බෝධි අංකුරය ලබා දී තිබිණි.
මෙම අවස්‌ථාවට මස්‌කෙළිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්. ඒ. රණසිංහ හා අඹගමුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති රුක්‍ෂාන් රණසිංහ යන මහත්වරුද සහභාගී වූහ.
මස්‌කෙළිය ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක, ඡායාරූපය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක
http://www.divaina.com/2014/01/02/provin01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!