Pages - Menu

Pages

Pages

Friday, January 3, 2014

විග්නේෂ් ජනපති හමුවෙයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ උතුරු පළාතේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා අතර විශේෂ සාකච්ඡාවක්‌ ඊයේ (2 දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

උදා වූ නව වසරට ජනාධිපතිවරයාට සුභාශිංසන පළ කළ ප්‍රධාන අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග සුහද පිළිසඳරක නිරත විය.

උතුරු පළාත් සභාවේ පරිපාලන ගැටලු පිළිබඳව විග්නේෂ්වරන් මහතා මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ අතර එහි ඉදිරි පරිපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේය.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අමාත්‍ය මණ්‌ඩල ලේකම් සුමිත් අබේසිංහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර යන මහත්වරුද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

http://www.divaina.com/2014/01/03/news05.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!