Pages - Menu

Pages

Pages

Friday, January 3, 2014

ශ්‍රීපාද මළුවේ අලුතින් සවි කිරීම සඳහා කළු ගලින් නිම කළ දොළොස්‌ මහේ පහනක්‌

ශ්‍රීපාද මළුවේ අලුතින් සවි කිරීම සඳහා කිලෝ 7613 කින් යුත් තනි කළු ගලින් නිම කළ දොළොස්‌ මහේ පහනක්‌ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවකින් ශ්‍රී පාද මළුව දක්‌වා රැගෙන යනු ලැබීය. 

ශ්‍රී පාදස්‌ථානාධිපති ඌව - වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන්ගේ සංකල්පයක්‌ මත මෙම පහන ස්‌ථාපිත කරනු ලැබීය. එයට යොදන පිත්තල ආවරණයේ බර කිලෝ 1000 කි. ඒ අනුව එහි මුළු බර කිලෝ 8613 කි. මීට අමතරව කිලෝ 9500 කින් යුත් ඝණ්‌ඨාර කුලුනක්‌ද ගුවන් මගින් නල්ලතන්නිය සිට ශ්‍රීපාද මළුව කරා රැගෙන යනු ලැබීය. එම දොළොස්‌ මහේ පහන රැගෙන යන ලද අවස්‌ථාව මෙහි දැක්‌වේ.

පිංතූර - මස්‌කෙළිය - ගාමිණි බණ්‌ඩාර ඉලංගතිලක
http://www.divaina.com/2014/01/03/news24.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!