Pages

Monday, June 4, 2012

දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...

සේයාරුව: 2005 ජූලි 11 සඳුදා ලක්බිම
රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ
සුවිශේෂී ස්‌ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත්
ඉතිහාසයක්‌, ලොවක්‌ වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක්‌ අපට හිමිය. බුදුදහම
සමඟ බැඳුනු සිංහල ජනතාවගේ ආධ්‍යාත්මයේ පෙළහර කියාපාන එවැනි නිර්මාණ අදත්
ලොවම මවිතයට පත්කරයි. එහෙත් එම දායාදයන් කෙළෙසන්නට මෙරට ක්‍රියාත්මක
අන්තවාදී මූලධර්මවාදී කණ්‌ඩායම් ක්‍රියා කරන්නේ නම් එය කෙසේ නම් ඉවසමුද? අප
ඔබට පවසන්නේ එවැනි අවසනාවන්ත වූ සිදුවීමකි.
ස්‌ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි.
දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය. පොතුවිල් මුහුදු මහා
විහාරයට අයත් භූමියට ඩෝසර් රථයක්‌ පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත්
කණ්‌ඩායමක්‌ සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්‌ඩායම පුදබිමට අයත්
භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ
ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්‌දැයි සිතාගත නොහැකිව
වික්‌ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය. පුරාවිද්‍යා
රක්‌ෂිතයක්‌ ලෙස නම් කර ඇති භූමිය මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින්
ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ
ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්‌ථානයේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ නිලධාරියා සමග එම
ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක්‌ නොගත් පැමිණි පිරිස
විහාරාධිපති හිමියන්ට සහ පොලිස්‌ නිලධාරියාට තර්ජනය කර ඔවුන්a ආ කාර්යය
දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව
පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ

විහාරස්‌ථානයට පොලිස්‌ ආරක්‌ෂාව යෙදීය.
සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල්
මුහුදු මහා විහාරය සහ එම විහාරස්‌ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්‌ෂුන්
වහන්සේලාට මෙවැනි අඩන්aතේට්‌ටම්වලට ලක්‌වීමට සිදුවිය.
පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි.
නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ
නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට
අයත් යෑයි සැලකෙන මෙම විහාරස්‌ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය
නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්‌ථානය
ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය
බවට පත්වී ඇති බව ජනප්‍රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ
ඓතිහාසිකත්වය වඩා තීව්‍ර කරනුයේ කාවන්තිස්‌ස රජ දවස මෙරට ඇතිවු මුහුද
ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්‌සේ
මෙම ස්‌ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්‌ස
රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්‌ථානය වන ලාහුගල මඟුල් මහ
විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්‌ස රජු විසමූ
“කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය. මෙම විහාර
භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ ද, කාවන්තිස්‌ස හා විහාරමහා දේවියගේ
යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්‌ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා
වස්‌තූන් සමූහයකින්ද යුක්‌තය. එම පුරාවස්‌තු මෙම ස්‌ථානයේ ඓතිහාසිකත්වයේ
සාධකය.
අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්‌කර දෙසිය හැටහතරක වපසරියක
විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වන
චාල්ස්‌ ගොඩකුඹුර මහතා ගැසට්‌ නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ
පිඹුරු පත මගින් අක්‌කර 30 රූට්‌ 3 යි පර්චස්‌ 2 ක භූමි ප්‍රමාණයක්‌
පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා
රක්‌ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්‌කර පහක පමණ ප්‍රමාණයකි. එසේ නම් ඉතිරි
පුරාවිද්‍යා බිම් ප්‍රමාණය ගිලගත් බහිරවයෝ කවරහුද? පසුගියදා මෙම
පුරාවිද්‍යා රක්‌ෂිතයේ පිහිටි පුදබිම ඩෝසර් කිරීමට අවසර දුන්නෝ කවරහුද?
මේ පිළිබඳව මුහුදු මහා විහාරයේa විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ අදහස්‌ දක්‌වමින්,“පසුගිය
8 වැනිදා වූ මෙම සිදුවීම මෙම ප්‍රදේශයේ ජීවත්වන අන්තවාදී මුස්‌ලිම්
කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලද ක්‍රියාවක්‌. අපි මේ ඓතිහාසික ස්‌ථානය
රැකගෙන ඉන්නේ බොහෝ දුෂ්කරතා මැද. අන්තවාදී මුස්‌ලිම්වරුන්ගේ නොයෙකුත්
අඩන්තේට්‌ටම් මැද. දානවේල් පවා නොලැබ ආරක්‌ෂක අංශයේ මහත්වරු දෙන දේ කාලා
බීලා තමයි මේ ස්‌ථානයේ ඉන්නේ. විහාර භූමියට එන්න හරි හැටි පාරක්‌ නෑ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව නිසි වැඩපිළිවෙළක්‌ නෑ. මුස්‌ලිම්
ජනතාව පුරාවිද්‍යා රක්‌ෂිතයේ බලෙන් පදිංචිවෙලා. ඒවට ඔප්පුත් හදාගෙන. මෙම
පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ දැනට අනවසර ඉදිකිරීම් 44 ක්‌ තිබෙනවා. ඒවා අතර
රජයේ ඉදිකිරීම් පවා තිබෙනවා. මුස්‌ලිම් ජනතාව සමග අපගේ කිසිදු තරහක්‌ නෑ.
ඒත් අපි ඉල්ලා සිටින්නේ ඓතිහාසික මෙම පූජා භූමියේ සිංහල බෞද්ධයාගේ උරුමය
ආරක්‌ෂා කරදෙන්න කියලා. මොනව වුණත් අපි මේවා දාලා යන්නේ නැහැ. දිවි පරදුවට
තියලා හරි මෙම පූජා භූමිය රැක ගන්නවා” යෑයි පැවැසූහ.
සැබැවින්ම තත්ත්වය ඉතා ෙ€දජනකය. බෞද්ධ රටක බෞද්ධ උරුමය රැක ගැනීමේ
දුෂ්කරතාවේ ශෝචනීය ඉරණමට අප මුහුණදෙමින් සිටිමු. ඉන්ද්‍රසිරි හිමි පැවැසූ
කතාවෙන් අපට පැහැදිලි වනුයේ එයයි. මීට පෙර මුහුදු මහ විහාරයේ වැඩ වාසය කළ
කතරගම සිරිරතන හිමියෝද මෙම විහාරස්‌ථානය රක්‌ෂා කර ගැනීමට කළ මෙහෙවර උදාරය.
උන්වහන්සේ වරක්‌ අප සමග පැවැසුයේ රාත්‍රී කාලයට අන්තවාදී මුස්‌ලිම්වරුන්
විහාරස්‌ථානයට ගල්වලින් පහරදෙන බවය. ඇතැම් අවස්‌ථාවල මුස්‌ලිම්වරුන්ගේ
දරුවන් විහාර භූමියේ අවට තම ශරීර කෘත්‍යයන් පවා සිදුකරන බව උන්වහන්සේ
පැවැසූහ. 2008 වසරේද මෙලෙස බලහත්කාරයෙන් විහාර භූමියේ ඉඩම් කොල්ලකෑමට
සූදානම් වූ මුස්‌ලිම්වරුන්ට විරුද්ධ වූ නිසා ඔවුන්ගේ පහරකෑමට ලක්‌වූ
සිරිරතන හිමියන්ට මොණරාගල, සිරිගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට
සිදුවිය. මේ සියලු පීඩාවන්, වේදනාවන් මැද අපවත්වූ සීලරතන හිමියන්ට
පින්සිදුවන්නට අද අපට මෙලෙස හෝ මුහුදු මහා විහාරයක්‌ ගැන කතා කිරීමේ
අවස්‌ථාව ලැබී ඇත. එසේ නොවුණා නම් මුහුදු මහා විහාරයත් මුස්‌ලිම්
මූලධර්මවාදයේ ඩෝසර් පහරින් පස්‌වී හමාරය.
මුස්‌ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ පස්‌
වතාවක්‌ විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්‌ෂිතව
ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම
ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති
ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක්‌ ලෙස තහනම් කර ඇත. බෞද්ධ
පූජාභූමියක ධර්ම ශාලාවක්‌ ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම්
කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්‌ථානයට
යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස්‌ රථයකින් කෙළින්ම විහරස්‌ථානයට
පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක්‌ තිබිණි.) එම නිසා විහාරස්‌ථානයට
වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක්‌ පයින්
ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම
පුවරුව මුස්‌ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි
සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්‌ථානයට
පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්‌ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක
අවසානයේ පුරාවිද්‍යා ස්‌ථානය යනුවෙන් පමණක්‌ සටහන් කර ඇත. එහි මුහුදු මහා
විහාරය යනුවෙන් කිසිදු සටහනක්‌ නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක
ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.
විහාර භූමියේ ඇති බුද්ධ ප්‍රතිමාවන්
සොයාගත් මුල් වකවානුවේ සුරක්‌ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්‌ලිම්
ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්‌ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය.
මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්‌තවාදී
ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට
ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ
ආරක්‌ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්‌ලිම්වරු
විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්‌ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්‌ලිම්
දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්‌ෂිතයක අන්තනෝමතික
ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින්
සිටිති.
දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස්‌ ගොඩකුඹුර මහතා නම් කළ අක්‌කර
30 ක පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය
හැකිද? පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළි
දැල්වෙමින් තිබිණි.
යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට
තෝතැන්නක්‌වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ
ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ
සිද්ධස්‌ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම්
සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක්‌ නම්
මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී
මුස්‌ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම
සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්‌මුල්ය. සිංහල
ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම්
අවදිවීමක්‌ තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්‌ෂක පදනම, කොළඹ
විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ
කිරීමට එරෙහිව විරෝධතා දැක්‌වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය. උදේ
හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන
ජනාධිපතිවරයකු සිටින රටක්‌, බුදුදහම ව්‍යවස්‌ථාවෙන් සුරැකීමට කැපවී ඇති
රජයක්‌ බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය.
පුරාවිද්‍යා කොමසාරිස්‌තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය
තහවුරුකරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත පිළිබඳ ඔබ දැනුවත් යෑයි අප
විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වනු ඇතැයි අප සිතමු. ඒ
අනුව විහාර භූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව
පැහැදිලිය. ඔබ ඒ පිළිබඳවද ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුමිය දැනුවත් කරනු
ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන්
උරුමකර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහ
විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවදියෙන් සිටින බව සටහන්
කරන්නෙමු.
-------------------------------------------------------------------
පුවත් පතක පලවූ සටහනක් විද්‍යුත් ලිපියකින් උපුටා ගැනීමකි.
-------------------------------------------------------------------



17 comments:

lasa said...
This comment has been removed by a blog administrator.
Dilrukshana said...

mmmmmmmm........

SandunVision said...

we are ready to protect our heritage with lives!! but what I worry about is the coming generation who live in a fantasy western world and knowing only english! we cant expect them to protect our great buddhist heritage!!!

Deneth said...

Dear Eranjene,
Among that fantasy youth there are set of guys & gals who love our country, nation & religion. So we can protect them for future. Sorry for the late reply as your comment was missed.

Anonymous said...

Ape Janadipathi thumata yoda bala yoda shakthiyama labenna one.

Anonymous said...

eranjane anagatha parapurata e watinakama uruma kara diyautthe apai ape wachanayata pamanak seema nove kriyawen oppukaloth anagatha parapura apa wata pelagasma ebema siduwewe.

Anonymous said...

ජනදිපති මහින්දයා මොන ආගමේද? කොන්ද පන නෑද්ද මේවට මොනව හරි කරන්න. සල්ලි වලටයි බලයටයි තියෙන අසීමිත කෑදර කමද

Anonymous said...

Where are you President, JHU monks, Chief prelates of Nikayas and Buddhist organisations? Are you all sleeping??

Anonymous said...

goverment ekata konda pana naaa.

sameera said...

yako munge as penne nedda mahindagei gotabayagei sanskruthika amathigei agamathigei kona kapalada mokadda meke theruma

ModernHDG said...

me dewal walin penawa neda me anduwe thiyena niwata kama. munta awanka jathi alayak thiyanawanam me dewal mehema wenna deela balan indeeda..mahindayai sahodarayo tikai bayai anduwe ellila inna hambayo tika nathi wei kiyala owata erehi unoth, unta ratata wada watinne balayai salli witharai. saranshaya echcharai

Anonymous said...
This comment has been removed by a blog administrator.
Thitha Aththa said...

Thang chandayak thibboth Bodu chandawalinma Mahinda Rajapaksha anduwa ayemath dinnum.

Vimal said...

Muhudu Maha viharayata Hamuda Araskshawa denna rajayata bala kala uthuyi.
The government must protect the Buddhism by the constitution. Then why can't the the responsible authorities take necessary action to protect these historical places from cowards.
Let's join together.

Anonymous said...

මට හිතෙනවා දැන් මේවා ගැන ශිශ්ට විදිහට සාකච්චා කර කර ඉදලා තේරුමක් නෑ කියලා.සුලු ජාතීන්ට අවශ්‍ය විදිහට අපේ බොදු උරුමයන් විනාශ කරන්ඩ දෙන්ඩ බෑනෙ..සින්හලයො විදිහට දැන් අත පය පාවිච්චි කරන්ඩ තමා වෙන්නෙ..වෙන කරන්ඩ දෙයක් නෑ

Anonymous said...

def...

Anonymous said...

we should kick off this bloody absent minded Muslim extremers.