Pages

Thursday, October 29, 2015

චීනය සරණ යන බ්‍රිතාන්‍යය සහ බ්‍රිතාන්‍යයයේ සරණ යන චීන විරෝධී යටත්විජිත ගැත්තන්ගේ කරුමය

1805මුළු ලන්ඩන් නුවර පුරා රතු පළස් එළා, රතු ධජ පතාක ලෙළවා රතු ඇඳුමින් සැරසුණු රාජරාජ මහාමාත්‍යාදීන්ගේ නොමසුරු පිය තෙපුල් මැද රාජ දෝලාවෙන් රැජින ද සමග ක්‍ෂී ජනපතිවරයා ලන්ඩනයේ වීථි සංචාරය කරන විට මේ පශ්චාත්නූතන ඇත්ත ලෝකයේ දසුනක් ද එසේත් නැතිනම් සීත ඍතුවේ සිහිනයක භයානක ජවනිකාවක් දැයි පරීක්‍ෂා කිරීමට කෙනෙකු මදක් නවතින්නට ඇත. විශේෂයෙන් ජනපති ඔබාමා එසේ කරන්නට ඇත. එහෙත් ඒ ඇත්ත ය. තිත්ත ඇත්ත ය. පෙරදා අබිං දී රැවටූ චීනා අද එසේ කළ රැජිනගේ දෑතින් ම දෝළා පෙරහරින් බකිංහැම් මාලිගයට ‘වඩමවා’ එහි සකල විධ මල් අතුළ සුවඳ ගැල් වූ අසුන් මත හිඳුවා ඉනික්බිති ව රැ දෙකක් එහි ‘සතපවා’ සියළු ගරුසරින් පුදන දසුන් සත්‍ය ඒවා බව ඔබාමා ද කෙරී ද පසුව දැනගත්හ.

chineseචීන ජනාධිපති ක්‍ෂීට බ්‍රිතාන්‍යයේ දී දුන් දැවැන්ත පිළිගැනීම හා ගෞරව ප්‍රධානයන්ගෙන් අඩක් වත් ඊට පෙර එරටට පැමිණි ජනාධිපති ඔබාමාට නොලැබී යාම මගින් අර්ථවත් කරන්නේ නව ලොව යථාර්ථයයි. ඇමරිකාව විසින් නිමක් නැති අනවශ්‍ය යුද්ධවලට ඇද දමන ලදු ව දැන් එහි දැවැන්ත ආර්ථික හා දේශපාලන කරුමය ගෙවා දමන්නේ බ්‍රිතාන්‍ය ජනතාව ම ය. ඉන් ගොඩ ඒමට නම් කටින් බතල ගෙනෙන ඇමරිකාව නොව අතින් බතල හිටිවන චීනය පසුපස යා යුතු බව මහා බ්‍රිතාන්‍ය තේරුම් ගෙන තිබීම එම යථාර්ථයේ ප්‍රතිඵලයයි.

‍‍චීන ජනාධිපතිවරයා පසුගිය සතියේ බ්‍රිතාන්‍යට ගොස් පවුම් බිලියන 30ක ආයෝජන සඳහා ඩේවිඩ් කැමරන් සමග ගිවිසුම් අත්සන් කළේ ය. එම ආයෝජන අතර බ්‍රිතාන්‍යයේ ඇතැමුන් පමණක් නොව ඇමරිකානු පාලනය පවා කිසියම් දුරකට සොලවා ලූ පවුම් බිලියන 6.5ක න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම් ගිවිසුමක් ද තිබුණි. න්‍යෂ්ටික බලශක්තිය වැනි ජාතික වශයෙන් අතිශය වැදගත් ක්‍ෂේත්‍රයක් චීන ආයෝජනයක් වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තුළ නොයෙක් විවේචන තිබුණි. එහෙත් එවන් දෙයකට තාක්‍ෂණය ද මුදල් ද ඇති අනෙකෙක් ලොව නැති හෙයින්, යථාර්ථය තේරුම් ගත් කැමරන් ඊට මුහුණ දුන්නේ ය.

ඇමරිකාව අද හුදු රටවල් 64ක පමණක් ප්‍රධානතම වෙළඳ සහචරයා වන විට චීනය රටවල් 123ක ලොකුම වෙළඳ සහචරයා වීම තුළින් පෙන්වන්නේ ලොව ‍වෙනස් ව තිබෙන අපූරුවයි. අප කලාපය ගතහොත් මේ ඊයේ පෙරේදා පමණක් චීනය ඉන්දියාවේ ඩො.බි 22ක ද පාකිස්ථානයේ ඩො.බි 46ක ද ආයෝජන ගිවිසුම් අත්සන් කළේ ය. මෙවන් පසුබිමක ය අප රට විසින් ‍ඩො.බි 1.6 ආයෝජනයක් වන පෝර්ට් සිටි ව්‍යාපෘථිය නවතා දමා චීනයට නොයෙක් අවලාද නගමින් බැණ අඬ ගසන්නේ. පෝර්ට් සිටිය එපා කියමින් සරත් ඉද්දමල්ගොඩ නම් කතෝලික පියනම හා නිර්මාල් රංජිත් වැනි අය පෙත්සමක් අත්සන් කරනු අපි මේ ඊයේ පෙරේ දා ද දුටිමු. මුළු ලොව ම චීන සහායෙන් ගොඩ ඒම‍ට උත්සහ කරද්දී වත්මන් ආණ්ඩුව හා එහි මැක්කන් ඊට අකුල් හෙළීම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේ කුමන පදනමකින් ද? ඇමරිකාව නැමැති පුපුරායන්ට ඔන්න මෙන්න ඇති අසාර්ථක රාජ්‍යයේ අඳුරු ගැත්තෙකු නොවී නව ලොවට අවදි වන්නට අතීතයේ ජීවත් වන වත්මන් රජයට හා යටත්විජිත බ්‍රිතාන්‍ය සිය ෆැන්ටසිය කරගත් ‘වාමාංශික’ ඇමරිකානු කඳපණුවන්ට ප්‍රඥාව පහළ වන්නේ කවදා ද?

කථිකාචාර්ය මහින්ද පතිරණ
Colombo Today

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් බුදු හිමි පාමුළ දී ලෝකයට සාමය පතයි!

12194641_10102443602003791_6506340474347175081_oෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් මේ දිනවල චීනයේ සංචාරයක නිරත වනවා. ඔහු මධ්‍යම චීනයේ ෂියාන් හී බෞද්ධ විහාරස්ථාන රැසක සංචාරය කර තිබෙන අතර එදිහී ලෝක ජනතාවගේ සාමය සහ නිරෝගීභාවය උදෙසා බුදු දහමේ ආශිර්වාදය ප්‍රාර්ථනා කර තිබෙනවා.

කාලයක් තිස්සේ බුදු දහම පිළිබඳ හදාරා ඇති බවත් බුදු දහමේ දර්ශනය පිළිබඳව තව දුරටත් අධ්‍යනය කිරීම අපේක්ෂාව බවත් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් පවසනවා.

Colombo Today

කඳුරට නවගම්මාන යටිතල පහසුකම් අමාත්‍යාංශය නිසා උඩරට සිංහල ජනතාවගේ ගම්මාන අහිමිවීමේ අවදානමක්‌!

Related imageශ්‍රී ලංකාවේ මෙතෙක්‌ නොතිබුණු අමාත්‍යාංශයක්‌ කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය නමින් පිහිටුවීමෙන් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පන්නා දමන ලද උඩරට සිංහල ජනතාවට තවදුරටත් සිංහල ගම්මාන අහිමිකිරීමේ පියවරක්‌ බව සිංහලේ මහජන පෙරමුණ ත්‍රෙනිකායික මහා නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ වෙත සංදේශයක්‌ මගින් පවසා තිබේ.

කඳුරට රාජ්‍ය සහ පෞද්ගලික වැවිලි සමාගම්වලට යට කර ඇත්තේ සිංහලේ පාරම්පරික සිංහල ගම්මාන බවත් ඒවා වැවිලි ව්‍යාපාර බවට පත්කරනු ලැබුවේ ඒවායේ ජීවත්වූ ජනගහනය ගම්මාන පිටින්ම ඝාතනය කරදැමීමෙන් හා පලවා හැරීමෙන් යෑයි මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කැර ඇති සංදේශයක සිංහලේ මහජන පෙරමුණ සඳහන් කර තිබේ.

සිංහල ගම්මානවලට බ්‍රිතාන්‍යයන් සිදු කළ විනාශය රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා විසින් 1817 නොවැම්බර් 15 වැනි දින එංගලන්ත ආණ්‌ඩුවට යවන ලද රහස්‍ය ලිපියක ඇතුළත් කර තිබෙන බව සංදේශයේ සඳහන් වෙයි.

පසුව 1848 අගෝස්‌තු 11 වැනිදා ටොරින්ංටන් ආණ්‌ඩුකාරයා එංගලන්ත ආණ්‌ඩුවට යෑවූ රහස්‍ය ලිපියකද සිංහලයාට සහ සිංහල ගම්මානවලට සිදු කළ විනාශය ද සංදේශය මගින් මහා සංඝරත්නයට සිහිපත් කර තිබේ.

මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කරන ලද සංදේශයෙහි සිංහලේ මහජන පෙරමුණේ ඉල්ලීම් කීපයක්‌ ඇතුළත්වේ. එම ඉල්ලීම් මෙසේය. 

කඳුරට නව ගම්මාන අමාත්‍යාංශය වහා අහෝසි කිරීම, සිංහලයන්ගේ පාරම්පරික ගම්මාන කඳුරට සිංහලයනට යළි ලබාදීම, ජාතිය මර්දනය කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් ගෙන්වන ලද දෙමළ ජනයා සිංහලේ පදිංචිවීමට කැමැත්තේ නම් ඔවුන් සිංහල බවට පත් කිරීම.

සිංහලේ මහජන පෙරමුණේ සභාපති ආචාර්ය දිලන්ත විතානගේ සහ ලේකම් ආචාර්ය නාත් අමරකෝන් යන මහත්වරුන්ගේද ස්‌වර්ණහංස පදනමේ ගාල්ලගේ පුණ්‍යවර්ධන, ලන්ඩන්හි සිංහල පදනමේ කමල් රාජපක්‍ෂ සහ ලන්ඩන්හි සිංහල දේශහිතෛෂී පෙරමුණේ එල්. සී. සමරරත්න යන මහත්වරුන්ගේ නමින් සකස්‌ කරන ලද සංදේශය ගාල්ලගේ පුණ්‍යවර්ධන මහතා මල්වතු අතිපූජ්‍ය අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි ස්‌වාමින්ද්‍රයන් වහන්සේ, අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි ස්‌වාමින්ද්‍රයන් වහන්සේ වෙත, රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක පණ්‌ඩිත නාපාන පේමසිරි ස්‌වාමින්ද්‍රයන්වහන්සේට සන්දේශයේ පිටපත පිළිගැන්වූ බව ගාල්ලගේ පුණ්‍යවර්ධන මහතා පැවසීය.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2015/10/28/news18.html

Pic Source

Tuesday, October 27, 2015

වප් පෝය අදයි. මේ කඨින වීචර මාසයයි!

වප් පෝ දිනය ශ්‍රී ලාංකික බෞද්ධයන් හට වැදගත් වන්නේ කඨින චීවර පූජාව සිදුවන පොහොය ලෙසය. අදින් උදාවන වප් පෝ දිනයෙන් පසු මෙරට විහාරස්‌ථානවල කඨින පිංකම් පැවැත්වේ. වසරකට වරක්‌ පමණක්‌ සිදුවන මෙම උතුම් පුණ්‍ය කර්මය උසස්‌ කුසලයන් සිදුකරගත හැකි අවස්‌ථාවකි. වස්‌ පවාරණය කළ භික්‌ෂුන් වහන්සේ නමක්‌ සිටිය යුතු වීම, කඨින චීවරය දායකයන් විසින් සංඝයා වහන්සේට පූජා කර සංඝයා වහන්සේ විසින් සුදුසු භික්‌ෂුවකට දියයුතු වීම සහ එතැන්හිදීම කපාකොට මසා සකස්‌ කර ගත යුතු වීම ආදී කරුණු එකතුවීමෙන් සිදුවන කඨින පිංකම දුර්ලභ පිංකමක්‌ ලෙසින් සැලකේ. මෙම පිංකමේ ආනිසංස කල්ප තිහක්‌ අපාගත නොවී සිටීමට හේතුවේ. එමෙන්ම කඨින දානමය පිංකම අට මහා කුසල් අතර ප්‍රධාන වේ. ආර්ය පුද්ගල මහා සංඝරත්නය වෙනුවෙන් මහ මෙර උසට සියලු ආමිෂ දානයක්‌ අභිබවා කඨින පූජාව අග්‍රස්‌ථානය ගනී. 

එමෙන්ම වප් පොහෝ කඨින චීවර මාසය ආරම්භවීම ඇතුළු තවත් බොදුනුවන්ට වැදගත් කරුණු ගණනාවක්‌ සමන්විත වේ. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට දඹදිව සංකස්‌ස නුවරට වැඩඩම කිරීම, භික්‌ෂුන් වහන්සේ විනය ප්‍රඥප්තියක්‌ ඉටු කරන දිනය වීම, දෙවනපෑතිස්‌ රජතුමා අරිට්‌ඨ කුමරු ඇතුළු දූත පිරිස ධර්මාශෝක රජු වෙත යවා ජයසිරි මහ බෝධි ශාකාව මෙරටට වැඩමවීම හා අරිට්‌ඨ කුමරු සිඟාල මහ රහතන් වහන්සේ විසින් මිහිඳු මාහිමියන්ගේ අනුදැනුම ඇතිව ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කිරීම ආදිය වප් පොහොය හා පවතින ශාසනික වැදගත් සිදුවීම් වේ.

http://www.divaina.com/2015/10/27/news08.html

කඨීන චීවර පූජාව අටමහා කුසල්වලින් එකක්‌



වාර්ෂිකව පැවැත්වෙන කඨීන දානමය පූජාව බෞද්ධයින්ගේ උසස්‌ම පිංකමකි. මෙම පිංකම සඳහා ප්‍රධාන වශයෙන්ම ඇතුළත් වන්නේ භික්‌ෂූන් වහන්සේලා උදෙසා කරන චීවර පූජාවයි. කඨීන චීවර පූජාව යනු වස්‌ අවසානයේ දී භික්‌ෂූන් වහන්සේලා උදෙසා කරනු ලබන චීවර පූජාවයි. මෙම පිංකම ඉතා උත්කර්ෂවත් ලෙස සියලු විහාරස්‌ථානවල සිදුකරනු ලබයි. කඨීන චීවර පූජාව අටමහා කුසල්වලට අන්තර්ගත වන ප්‍රථම පිංකම ලෙස සඳහන් වේ.

උපසපන් භික්‌ෂූන් වහන්සේලා වස්‌සාන සෘතුවේ වස්‌ එළඹ එහි මුල් තුන්මස වස්‌ වසා වැඩසිටින කාලය ලෙස හඳුන්වයි. එහි ඊළඟ එළඹෙන මාසය චීවර මාසය නමින් හඳුන්වන්නේ එම මාසයේ කඨීන චීවර පූජා සිදුකරන නිසාය. කඨීන චීවර මාසය කුමක්‌ ද යන්න විනයෙ හි පරිවාර පාලියෙහි ද සඳහන් කර ඇත. 

"කඨීනස්‌ස අත්ථාරමාසො ජානිතබ්බෝති, වස්‌සානස්‌ස පච්හමො, මාසෝ ජාති තබ්බෝ" 

වස්‌සාන සෘතුවේ අවසාන මාසය කඨීනන්ථාර කාලය ලෙස දැනගත යුතුබව එහි සඳහන් කර ඇත.

තුන්පට සිවුරට අමතරව තවත් සිවුරක්‌ දැරීම සඳහා භික්‌ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විසින් අවසර දී ඇත. ඒ සඳහා අවස්‌ථාව සලසා දී ඇත්තේ භික්‌ෂූන් වහන්සේලාට මුහුණපාන්නට සිදුවු එක්‌ අකරතැබ්බයක්‌ නිසාය. සාකේත නුවර වස්‌ කාලය තුළ වස්‌ එළඹුණු තිස්‌නමක්‌ පමණ වූ භද්දවග්ගිය භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මහා පවාරණයෙන් පවාරණය කොට වස්‌ නිමවා බුදුරජාණන් වහන්සේ දැක වන්දනා මාන කිරීම සඳහා සැවැත්නුවර ඡේතවනාරාමයට වැඩම කිරීම සඳහා මාර්ගයට පිවිසියෝය. උන්වහන්සේලා වැඩම කරන අතරමගදී මහා වර්ෂාවකට හසුවූයෙන් සිවුරු තෙත බරිතව සමහරු ක්‌ලාන්ත ගතියෙන් ද බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෝය. උන්වහන්සේලාට සිදු වූ කරදරය පිළිබඳව දැනගත් බුදුරජාණන් වහන්සේ නැවත එවැනි අපහසුතාවන්ට පත් නොවන ආකාරයේ විසඳුමක්‌ සියලු භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් ලබාදෙන ලදී. එනම්, 'මහණෙනි, වස්‌ මස නිම කළ භික්‍ෂූන්ට කඨීනයක්‌ ඇතිරීම සඳහා අනුදනිමි' යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කඨීන චීවරයක්‌ පරිභෝග කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

"අනුජානාමි භික්‌ඛවේ වස්‌සං වුත්ථූනං, භික්‌ඛුනං කඨීනං අත්ථරිතුං" යනුවෙන් එය විනයෙහි සඳහන් කර ඇත. 

කඨීන චීවරයක්‌ ලැබීම සඳහා භික්‌ෂූන් වහන්සේ නමකට අවශ්‍ය සුදුසුකම් තිබිය යුතුය. 

* වස්‌සාන සෘතුවේ මුල් මාසය වන ඇසළ පෝයදා පොහොය කොට අව පෑළවිය දා වස්‌ එළඹීම තුන්මස මුළුල්ලේ ආරක්‌ෂාකොට තිබීම.
* වප් පුරපසොළොස්‌වක පුන්පෝය දා මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂුවක්‌ වීම.
* සාමණේර භික්‍ෂූන්ට කඨීන චීවර පූජාවක්‌ සිදුකළ නොහැකිය.
* කඨීනය අතුරණු ලැබූ විහාරස්‌ථානය හැර වෙනත් විහාරස්‌ථානයක භික්‌ෂුවකට කඨීන චීවරය අයත් නොවේ.

මෙම විනය කර්මය ගරු විනය කර්මය බැවින් භිකෂූන් වහන්සේලා ආනිසංශ පහක්‌ ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එය මහාවග්ගපාලියෙහි කඨීනක්‌ඛන්ධයේ මෙසේ සඳහන් වේ.

1. අනාමන්තචාරය
2. අසමාදානචාරය
3. ගණභෝජනය
4. යාවදත්ථ චීවරය
5. යෝචතත්ථ චීවරුප්පාදය

දායක කාරකාදීන්ට ලැබෙන අනුසස්‌

කඨීන චීවර පූජාව සිදුකරන දායකකාරකාදීන්ට මෙලොව පරලොව දෙකම සඳහා කුසල් සිදුකරගත හැකිය. කඨීන පූජා පිංකමක තිබෙන කුසල ක්‍රියාවේ ශක්‌තිමත් බව පහත සඳහන් ගාථාවෙන් මනාව වැටහේ. 

"පඨවිරිව න ජාතු කම්පතේ
නචලති මේරු රිවාති වායුනා
වජිරමිව න භිඡ්ජතෙඝනං
තමිතමතො කඨීනන්ති වුච්චති"

යන ගාථා පාඨයට අනුව මහපොළව මෙන් කිසිකලෙකත් කම්පා නොවන මහාමේරුපර්වතය මෙන් සුළඟින් නොසෙල් වෙන වජිර පර්වතයමෙන් නොබිඳෙන ස්‌ථාවර ගරු පුණ්‍ය ක්‍රියාවක්‌ ලෙස කඨීන පූජාව සඳහන් කර ඇත. දායක දායිකාවන්ට ලැබෙන ආනිසංස පිළිබඳව සඳහන් වන නාගිතාපදානය දෙස බලන විට කඨීන පූජාවෙන් ලැබෙන ආනිසංස ඉතා ප්‍රබල බව මැනවින් පසක්‌ වේ. බුදුරජාණන් වහන්සේ ඡේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී නාගිත නම් කුමාරයෙක්‌ සිය ඥාති මිත්‍රයන් සමඟ බුදුරදුන් වෙත අවුත් දහම් අසා ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි උපසම්පදා බවට පත්විය. බුදුරජාණන් වහන්සේ සිය සර්වඥතා ඥානය මඟින් මෙම නාගිත ඇතුළු පිරිස පෙර භවයක කඨීන දානමය කුසල කර්මයක්‌ කළ අය බව දැනගත් සේක. මෙම පිරිස නොබෝ කලකින්ම විදසුන් වඩා අරහත් භාවයට පත් විය. මොවුන් කළ මෙම පුණ්‍ය කර්මය අන් අයට ද දැනගැනීමට සැලැස්‌වීම සුදුසු බව අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි බිමට පත් මහරහතන් වහන්සේලා සියක්‌ නමක්‌ අනවතප්ත විල් තෙරට රැස්‌කරවන ලෙස ආනන්ද හිමියන්ට උපදෙස්‌ ලබා දුන්හ. ඒ අනුව ආනන්ද හිමියන් විසින් මහරහතන් වහන්සේලා සියක්‌ නමක්‌ අනවතප්ත විල් තෙරට රැස්‌කරවන ලදී. බුදුරජාණන් වහන්සේ මෙම පිරිස අමතා ඔවුන් අතුරින් පෙර භවයක විශේෂ පිංකමක්‌ කළ භික්‍ෂුවක්‌ සිටී නම් එය ප්‍රකාශයට පත් කරන ලෙස දැන්වූහ. එම පිරිස අතුරින් නාගිත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඳ උන්වහන්සේ විසින් පෙර භවයක සිදු කළ විශේෂ පුණ්‍ය කර්මයක්‌ පිළිබඳව පහත දැක්‌වෙන ආකාරයට විස්‌තර කළ සේක. 

ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මෙයට කල්ප අනුඑකකට පෙර විපස්‌සි බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පත්ති කාලයේ දී බන්දුමතී නුවර උපන්නෙමි. එම කාලයේ දී මම දුගී මගී යාචකයින්ට දන් දීම් ආදිය සිදුකරන ලදී. දිනක්‌ මම බන්දුමතී නුවර රජු ඇතුළුමහා පිරිසට දහම් දෙසන විපස්‌සි බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදිව උන්වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට වස්‌ වාසය කිරීම සඳහා ආරාධනා කළෙමි. උන්වහන්සේලාට වස්‌ වාසය කළ කාලය තුළ උවටැන් කර වස්‌ අවසානයේ දී කඨීන චීවර දානයක්‌ පිරිනැමුවෙමි. එම කුසල කර්මය නිසා මා සතර අපායට කිසිදා නොගිය අතර සදෙව් ලොව හා මිනිස්‌ ලොව පමණක්‌ උපත ලැබුවෙමි. නාගිත මහරහතන් වහන්සේ විසින් ලබන ලද අනේකවිධ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් පිළිබඳව පහත සඳහන් අයුරින් තවදුරටත් රැස්‌ව සිටි පිරිසට ප්‍රකාශ කරන ලදී.

කඨීන දානං දත්වාන
සංඝේ ගුණ වරුත්ත මේ 
ඉතෝ තිංසේ මහා කප්පේ 
නාභිජානාමි දුග්ගතිං

උතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විෂයෙහි කඨීන චීවර දානයක්‌ පූජා කොට මහා කල්ප තිහක්‌ දුගතියක්‌ නොදුටුවෙමි.

උන්වහන්සේ කල්ප දහඅටක්‌ දෙව්ලොව උපත ලබන ලදී. තිස්‌එක්‌ වාරයක්‌ සක්‌ දෙවි වශයෙන් උපත ලබා දිව්‍ය රාජ්‍ය භාරව කටයුතු කරන ලදී. දෙවියන් වශයෙන් උපත ලබන අවස්‌ථාවලත් මනුෂ්‍යයින් වශයෙන් උපත ලබන අවස්‌ථාවලත්, අනෙක්‌ දෙවියන්ට හා මනුෂ්‍යයින්ට වඩා සැප සම්පත්වලින් ආඪ්‍යව උපත ලබා ඇත. මිනිස්‌ භවයක උපදින අවස්‌ථාවලදී කිසිදු පහත් කුලයක උපත නොලබා ඇති අතර ක්‍ෂත්‍රීය සහ බ්‍රාහ්මණ කුලවල පමණක්‌ උපත ලබා ඇත. දෙවියන් අතර උපදින විට අනෙක්‌ දෙවිවරුන්ගේ ප්‍රසාදයට ද මිනිසුන් අතර උපදින විට අන් මිනිසුන්ගේ ප්‍රසාදයට ද පත් වූ බව සඳහන් වේ. පසුව මේ භවයේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වී විදසුන් වඩා රහත් භාවයට පත්වීමට එම කඨීන පූජා පිංකම හේතු වූ බව තවදුරටත් සඳහන් කරන ලදී. මේ ආකාරයට නාගිත හිමියන් කඨීන චීවර පූජාවෙන් තමන් ලද සැප සම්පත් පිළිබඳව වර්ණනාවක්‌ කරන ලදී. මෙම නාගිත හිමියන්ගේ ප්‍රකාශය තුළින් වර්තමාන දායක දායිකාවන්ට ද කඨීන චීවර පූජාවකින් ලැබෙන ආනිසංස මැනවින් වටහා ගත හැකිය. එම නාගිත මහරහතන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගැනීමට ද දායක දායිකාවන්ට හැකියාව ඇත. 

කඨීන චීවර පූජාව සිදුකරන ආකාරය

කඨීන චීවර පූජාව සිදුකරන දින අලුයම එම වස්‌ත්‍රය පෙරහැරින් විහාරස්‌ථානයට වැඩම කරවීම චාරිත්‍රානුකූලව සිදුකරනු ලබයි. එම කඨින චීවරය සඳහා වූ වස්‌ත්‍රය මිල දී ගැනීමට විහාරස්‌ථානයේ සියලු දායක දායිකාවන් සම්බන්ධ කර ගැනීම සඳහා සියලු දෙනාගෙන්ම මුදල් සම්මාදන් කර ගැනීම සිරිතක්‌ වශයෙන් සිදුකරයි. එමඟින් එම කඨීන චීවර පූජාව එක්‌ පුද්ගලයෙකුට වුවද පූජා කළ හැකි වුවත් බෞද්ධ සම්ප්‍රදාය වන්නේ සියලු දෙනාම එකතු වී පිංකම් කිරීමයි. සියලු දෙනාගේම මුදල් එකතු කර කඨීන චීවරය මිලදී ගැනීම වනාහි උක්‌ත සිරිත ආරක්‍ෂා කිරීමක්‌ ලෙස හැඳින්විය හැකිය. 

මෙම දහම් පඬුර ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයන් වන DSI නිවසිනි.

පූජ්‍ය බෝගමුවේ ධීරානන්ද හිමි - සහකාර ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිටිපන, උතුර හෝමාගම, සම්බන්ධීකරණය - අචලා ජයසූරිය

Pic Source

Monday, October 26, 2015

ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන, තමිල්නාඩුවේ චිත්‍රාගාරයක කළ, චැනල් 4 සත්‍ය පිටපත හමුවෙයි!

ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්‌වූ ශ්‍රී ලංකාවට එරෙහි චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපත විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමක්‌ විසින් වසර හතරකට පසු සොයාගෙන ඇත. මෙතෙක්‌ චැනල් 4 චිත්‍රපටයේ සත්‍යතාවය හෙළි වී නොතිබුණි. යුද අපරාධ සිදු කරන දර්ශන අඩංගු මෙම චැනල් 4 චිත්‍රපටයේ සත්‍ය පිටපතේ ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන භටයන් පිරිසක්‌ දර්ශනය වේ. 

එහි පිටපතක්‌ එකී ශ්‍රී ලාංකික කණ්‌ඩායම 'ඉරිදා දිවයින සංග්‍රහය' ට ද එවා ඇත. 2011 ජුනි 14 වැනිදා එළිදැක්‌වූ චැනල් 4 චිත්‍රපටය කැලම් මැක්‌රේ විසින් නිර්මාණය කර ඇත. එහෙත් විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් දක්‌වන්නේ ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන හඬ ඉවත් කර ඊට සිංහල භාෂාව හඬකවා ඇති බවත්, එය තමිල්නාඩුවේ චිත්‍රාගාරයක සිදු කර ඇති බවත් ය.

මෙම චැනල් 4 සත්‍ය පිටපතේ පිළිබිඹු වන්නේ සිංහල සෙබළුන් බවට සැක කෙරේ. මෙකී චැනල් 4 චිත්‍රපටයේ සත්‍යතාවය සොයා බැලීමට ස්‌වාධීන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ කළ යුතු බව මැක්‌ස්‌වෙල් පරණගම කොමිසම නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ද මෙම චැනල් 4 චිත්‍රපටය ඉදිරිපත් කර තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/10/25/news11.html

Pic Source

'ෆොරස්‌ට්‌ රොක්‌ ගාර්ඩ්න්' හෝටලයට ජාත්‍යන්තර සම්මාන හයක්‌

ඇමරිකා එක්‌සත් ජනපදයේ World Confederation of Businessආයතනය මගින් පවත්වන ලද Bizz Arabia - 2015 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ (අනුරාධපුර - අන්දරවැව) Forest Rock Garden හෝටලය රටවල් 100 ක ආයතන 3000 ක්‌ පරදා වැඩිම සම්මාන ප්‍රමාණයක්‌ දිනාගෙන ඇත.

ඉහත ආයතනයේ සභාපති ෙ-සුස්‌ මොරාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඕමාන් රාජ්‍යයේ මස්‌කට්‌ නුවර. අල් බිස්‌තානා මාලිගාවේ රිඩ්ස්‌ කාල්ටන් හෝටලයේදී සම්මාන උළෙල පැවති අතර මෙහිදී අංශ හයක ජයග්‍රහණ වාර්තා කරමින් සම්මාන හයක්‌ දිනාගන්නට 'ෆොරස්‌ට්‌ රොක්‌ ගාර්ඩ්න් හෝටලය සහ එහි නිර්මාතෘ, පාරිසරික වාස්‌තුවේදී බී. චන්ද්‍රසිරි මහතා සමත් විය.

* The Unique Eco and Green Resort - Mr. B. Chandrasiri 
* Excellence in Architecture and Desing - Mr. B. Chandra Siri 
* Excellence in Business Leadership - Mr. B. Chandrasiri 
* World Business Leader - Forest Rock Garden Resort 
* The Most Spectacular Resort 
* World's Best Green and Eco Resort 

යන සම්මාන දිනා ගන්න ලදී. පරිසරය ආරක්‍ෂා කිරීම, විශිෂ්ඨ හරිත පරිසර හිතකාමී සංකල්ප, අසමසම ගෘහ නිර්මාණ ශිල්පය, පාරිභෝගික තෘප්තිමත්භාවය, සන්නිවේදන උපාය මාර්ග, ඉමි ලකුණු, තොරතුරු හා දත්ත සැසඳීම, උසස්‌ තත්ත්වය, නායකත්වය, සැලසුම් හා තීරණ ගැනීම, නිවැරදි මානව සම්පත් කළමනාකරණය, පවත්වාගෙන යන අධ්‍යාපනික හා පුහුණු වීම් වැඩසටහන්, නිෂ්පාදනය හා ප්‍රගතිය, මූල්‍යමය ප්‍රතිඵල, ව්‍යාපාර ප්‍රතිඵල, උසස්‌ ව්‍යාපාර කළමනාකරණය, ව්‍යාපාර සන්නාම, තාක්‍ෂණය හා අද්විතීය බව, ප්‍රක්‌ෂේපණ නව්‍යකරණය යන නිර්ණායක සම්මාන ප්‍රදානය සඳහා සලකා බලා ඇත.

මෙම අද්විතීය සම්මානය මගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළ මට්‌ටමකට ගෙන ඒම සඳහා උපකාර වන අතර එය ශ්‍රී ලංකාවට විවේකය ගත කිරීම සඳහා පැමිණෙන සංචාරකයන්ට අග්‍රගණ්‍ය ගමනාන්තයක්‌ ඇති කරන බවද, ශ්‍රී ලංකාව ලෝක සිතියමේ සම්මානනීයත්වයෙන් බැබළවීම සඳහා පිටුවහලක්‌ ද වනු ඇති බවද සම්මාන ලබාගැනීමෙන් පසු චන්ද්‍රසිරි මහතා මාධ්‍යයට පැවසීය.

සම්මාන ප්‍රදාන අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ.

ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2015/10/26/velanda02.html

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි

සවුදි අරාබිය 2020 දී බංකොලොත් වීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා ඇත.

මැදපෙරදිග කලාපයේ විශාලතම ආර්ථිකය හිමි රට සවුදි අරාබියයි. සවුදි අරාබිය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ තත්ත්වය උදාවිය හැකි බව මූල්‍ය අරමුදල කියයි. 

තෙල් මිල පහළ බැසීමද මේ අර්බුදයට හේතුවකි. 

තෙල් මිල පහළ යැමත් සමග සවුදි අරාබිය තම රජයේ අනවශ්‍ය වියදම් කපා හැර ඇත.

http://www.divaina.com/2015/10/26/forign04.html
Graph | Colombo Today

රජු භික්ෂූන් හා ගැටී පැරදුණු, 190ක රුධිරයෙන් මංගල දියවර ගත්, විස්මිත පුවත් රැසක් මැවූ නුවර කිරිමුහුද!

03-Rasa-P1-02මෙරට රාජවංශ වංශයේ අවසන් රජු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව 1798 - 1815) මහරජතුමා බව අප කවුරුත් දන්නා කරුණකි. උඩරට වාස්තු විද්‍යාවේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වූ සෙංකඩගලපුර දළදා මාළිගාවේ පත්තිරිප්පුව ද, එහි ඉදිරිපසින් වූ දර්ශනීය වලාකුළු (වාරැලි බැම්ම) බැම්ම මෙන්ම, ක‍්‍රි.ව 1807 දී දළදා මාලිගාව ඉදිරියෙන් ඇති වැව, කිරි සයුර හෙවත් කිරිමුහුද ද, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද්දේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ මූලාචාරියාගේ උපදෙස් මතය. ඒ  බවත් බොහෝදෙනෙක් දනිති. එහෙත් කිරි මුහුද යට කතා බොහොමයක්ම ශෝකයෙන් පිරී පවතී. ඒ බව නම් බොහෝදෙනෙකු දන්නේ නැත. මෙවර කන්ද උඩරට අප‍්‍රකට කතාවට තේමාව සොයා ගන්නේ කිරි මුහුදෙනි. 

මහනුවර නගරයේ අලංකාරය වැඩි කිරීමට මෙන්ම, ශ‍්‍රී දළදා මාළිගාවට චමත්කාර දර්ශනයක් ඇති කරදෙන කිරි මුහුදෙන් ලැබෙන්නේ අපමණ වූ මෙහෙයකි. එපමණක් ද නොව අද, මහනුවර නගරයේ උෂ්ණත්වය  පාලනයට ද එය උපකාරී වේ. මෙහි ජල පැතිරුම හෙක්ටයාර දහනවයකට වඩා වැඩිය. ගැඹුර මීටර් 18.24 කි. උඩවත්ත කැලේ, බහිරවකන්ද, හන්තාන කන්ද, දුනුමඩලාව රක්ෂිතය (වාකර් වත්ත) යන කඳු බෑවුම්වල සිට ගලා එන ජල ධාරා මගින් වැව පෝෂණය වේ.  එහෙත් එදා කිරි මුහුද නිර්මාණය කිරීමට සෙංකඩගල පුරවරයේ ඇහැලේපොළ මහා අදිකාරම් ඇතුළු ජනතාව කැමති වූයේ නැත. එදා එයට සාධාරණ හේතු තිබුණි. පසු කාලයේ රජු විරසක වූයෙත්, ඇහැලේපොළ පවුලට අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණදීමට සිදු වූයේත් කිරි මුහුද නිසා බව උඩරැුටියන්ගේ අදහසය. 

කිරි මුහුද

වසර දෙසීයකට වඩා පැරණි කිරිමුහුද මහනුවර නගරය අලංකාර කරනා සුවිශේෂී නිර්මාණයක් බව දැන් ඔබ දනී. ජල රැුලි මාලා නංවමින් මහනුවර ජලජ පක්ෂීන්ට වාසස්ථානයක් වූ මෙම වැවෙහි සුන්දරත්වය යට ඇත්තේ දුක්ඛාන්තයකි. එම කතාවට ප‍්‍රථමව කිරි මුහුද යන නම ලැබුණේ කෙසේද යන්න පළමුව විමසා බලමු. ඒ සම්බන්ධයෙන් වූ ජනප‍්‍රවාදයේ පවතින්නේ මෙසේය. හුලංගමුවේ ආචාරියා නම් දෛවඥයාගේ අනාවැකිය සනාථ කරමින් කිරි ඉබ්බෙකු හමුවී ඇත. මෙම වැවෙහි නැගෙනහිර කෙළවරට වන්නට කුඩා පොකුණක් සාදා මෙම ඉබ්බාගේ වාසයට වෙන් කරන ලදී. ඉන්පසු එය කිරි මුහුද යන නමින් හඳුන්වන ලද අතර, එම පොකුණට සම්බන්ධවන ආකාරයෙන් සෑදු වැවට ද ඒ නම යොදා ඇත. රජතුමා කිරි මුහුද යන නමට කැමැත්තක් දක්වා ඇත්තේ රට වටේ මුහුද ඉංග‍්‍රීසීන්ට අයත්ව තිබූ නිසා රට තුළ මුහුදක් තැනවීමට තමන්ට හැකියාවක් ඇති බව පෙන්වීමට විය හැකිය.  

03-Rasa-P1-04කිරි මුහුද වෙන්කතරංගම්මාල් බිසවගේ අදහසකි. මෙරට පාලනය කළ අවසන් රජවරුන් හතරදෙනාම නායක්කාර වංශිකයන්ය.  ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ද ඊට ප‍්‍රථම සිටි නායක්කාර රජවරුන් ආදර්ශයට ගනිමින් ඉන්දියාවේ වෙල්ලෝර් රාජ්‍යයෙන් බිසවක් ගෙන්වා ගන්නා ලදී. ඇයගේ නම වෙන්කතරංගම්මාල්ය. ඇය ජීවත් වූ ඉන්දියාවේ මාළිගාව අසළ වැවක් තිබූ අතර, එහි චමත්කාරය අත්විඳි නිසා, ඒ හා සමාන වැවක් අලංකාරය පිණිස මහනුවර රජ වාසල අසල සාදා දෙනමෙන් රජතුමාගෙන් ඉල්ලා සිටියි. රජතුමා ඒ ගැන සිතන්න පටන් ගත්තේ තම බිසවගේ සිත රිදවීමට අකමැති නිසා ය. පළමුව මේ බව තම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ඔවුන්ගේ අනුමැතිය ලබා ගතහොත් ප‍්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසාය. මෙහිදී පිළිමතලව්ව, ඇහැලේපොළ අදිකාරම්වරු පවසා සිටියේ. බෝගම්බර වැවක් තිබෙන බවත්. නගරයට වැව් දෙකක් අවශ්‍ය නැති බවත්ය. අනෙක් කරුණ වූයේ වැව සෑදීම සඳහා තෝරා ගනු ලැබුවේ මාළිගාව ඉදිරියෙන් ඇති ටිගොල්වෙල වෙල්යායය. එයින් එවකට හොඳ වී අස්වැන්නක් ලබාදුන් අතර, එම අස්වැන්න නැතිව යාමෙන් පාඩුවක් සිදු වන බවත් ඔවුහු පවසා සිටියහ. 

එවකට මහනුවර නගරය පැවති ආකාරය පිළිබඳව ද කිසියම් අවබෝධයක් ලබා ගත යුතුව තිබේ. එයට හේතුව වනුයේ මහනුවර නගරය වෙනස්වීම ආරම්භ වූයේ කිරි මුහුද සෑදීම ආරම්භ කිරීමත් සමඟ වීම නිසා ය. ක‍්‍රි.ව 1800 වසරේදී මහනුවරට ඉංග‍්‍රීසීන් පැමිණෙන විට දෙදහස් පන්සීයක පමණ ජනතාවක් වාසය කළ බව සඳහන් වේ. ක‍්‍රි.ව 1821 වසරේදී ජෝන් ඬේව් මහනුවරට පැමිණෙන විට එහි වීදි දෙපස වූ නිවාස මැටියෙන් සාදා තිබූ බවත්, එම නිවාස පස් සහිත මිටි බිම් කණ්ඩි මත සාදා තිබූ බවත් සඳහන් කර ඇත. තවද උළු සෙවිලි කරන ලද නිවාස නිලමේවරුන්ගේ වූ අතර, අනිත් සියලූ නිවාස පිදුරු වහල සහිත සාමාන්‍ය පුද්ගලයන්ගේ නිවාස විය. 

කෙසේ වුවත්, ක‍්‍රි.ව 1815 වන විට සෙංකඩගල පුරවරයේ ජනතාව තුන් දහස් හයසියක පමණ සංඛ්‍යාවක් දක්වා වැඩිවී තිබේ. දළදා මාළිගාව අසළ රජ මාළිගාව පිහිටා තිබූ අතර අදට ද රජ වාසලෙහි ඉදිරි කොටස එහි දක්නට ලැබේ. කන්දක් මුදුනේ පිහිටි මාළිගාව පහළින් කුඩා කඳු පල්ලම් සහිත ප‍්‍රදේශයෙහි සිට මාළිගාව දෙසට මාර්ගය වැටී තිබුණි. මහා රූස්ස ගස් කොළන්වලින් පිරී පැවති වනයකි. පල්ලම් සහිත භූමියේ තැනින් තැන උස් බිම් දක්නට ඇත. මාළිගාව ඉදිරියෙන් වූ ප‍්‍රදේශය සාරවත් වෙල් යායකි. එම කුඹුරු යාය මැදින් ඇළක් ගලා බසී. මාළිගාවට උඩින් පිහිටි බූවැලිකඩ, ගුරුදෙණිය වැනි ප‍්‍රදේශ පමණක් නොව කටුකැලේ, පේරාදෙණිය දක්වා ප‍්‍රදේශයන්ද රජු විසින් බලෙන් පවරාගෙන ඉන්දියාවේ සිට පැමිණි නායක්කාර වංශික තම නෑදෑයන් පදිංචි කළේ ඔවුන්ට සියලූ පහසුකම් ලැබෙන ආකාරයටය. ටිගොල්වෙළ කුඹුරුයායට උඩින් ”මීගොන්අරඹ” පිහිටා තිබුණි. මීගොන්අරඹේ ගාල්කර සිටියේ ටිගොල්වෙල කුඹුරේ සීසෑම, ගොයම් පෑගීම සඳහා ගෙන එන ලද මී හරකුන්ය.  වර්තමානයේ ”ස්විස් හෝටලය” සාදා තිබෙන්නේ මීගොන් අරඹේය. 

වෙන්කතරංගම්මාල් බිසවගේ කැමැත්තට ඉඩ දෙමින්, පුරෝහිතයන් ලෙස කටයුතු කළ බිසවගේ පාර්ශවයේ යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් දන්නා මන්ත‍්‍රාචාරීන්ගේ සහාය පමණක් නොව මොල්ලිගොඩ අදිකාරම්ගේ සහායද වැව සෑදීම සඳහා රජු ලබා ගන්නවා. එයට හේතුව ඇහැලේපොළ සමඟ මොල්ලිගොඩ අමනාපයෙන් සිටින බව රජතුමා දන්නා බැවිනි.  දළදා මැදුර සහ මල්්වතු විහාරය අතර තිබූ ටිගොල්වෙල කුඹුරුයාය දිගු ලියැදි පේළි සහිතව පිහිටා තිබුණේ ඉතාමත් අලංකාර අයුරිනි. කුඹුරු යායේ අයිතිකරුවන්ගෙන් එය බලෙන් පවරා ගනී. ඉන්පසු කොටුගොඩැල්ල කන්ද කපා පස්ගෙන කුඹුර හරහා බැම්මක් බැඳ නුවර වැව ඉදි කෙරිණි. 

ආරම්භයේදී නුවර අසල කෝරලවල සිටි ගැමියන් සියලූදෙනාම පැමිණ මෙහි වැඩ කළ යුතු යැයි රාජ ආඥාවක් නිකුත් කෙළේ ය. එහෙත් එම මිනිසුන්ට වැටුපක් හෝ ආහාර සැපයීමක් සිදු වූයේ නැත. බොහෝදෙනෙක් තම නිවෙස්වලින් බත්මුල් බැඳගෙන වැඩට පැමිණියහ. ආහාර රැගෙන ඒමට බැරි ඉතා දුප්පත් මිනිසුන් ආහාරයට ගත්තේ මඤ්ඤොක්කා කොළ සහ තෝර කොළය. මෙම තෝර කොළ පිස ගැනීමටවත් හැකියාවක් නොතිබූ ජනතාවක් එවකට සිටි අතර, ඔවුහු එම තෝර කොළ බඩෙහි බැඳගෙන පැමිණ වැඩ කළ අතර, මහන්සි වී වැඩ කිරීමේදී සිරුරින් පිටවෙන උෂ්ණත්වයට ඒවා තැම්බුණි.
අවසානයේ ඒ ආකාරයෙන් තැම්බුණු තෝර කොළ, මඤ්ඤොක්කා කොළ ආහාරයට ගත්හ. ටිගොල්වෙල කුඹුර වැවක් බවට පත් කිරීමේදී අඩි කිහිපයක් යටට හාරන ලදී. එකතැන පල් වූ ජලයෙහි බොහෝ වේලා බැස සිටීම නිසා ශරීරගත වූ විෂබීජයෙන් හටගත් රෝග වලින් බොහෝදෙනෙක් මිය ගියහ. කපා ඉවත් කරන ලද පස් මහනුවර වීදි සමතලා කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගත්හ. ජෝන් ඩොයිලි මේ බව සනාථ කර තිබේ. ඔහු ක‍්‍රි.ව 1812 පෙබරවාරි මස 13 වෙනි දින තබන සටහනට අනුව කන්දේ නුවර වේල්ලක් බැඳීම සඳහා මිනිසුන් දෙදහසත් තුන් දහසත් අතර සංඛ්‍යාවක් යොදවා ඇති බව සටහන් කර තිබේ. 

උඩවත්ත කැලේ සිට ගත් කිරිමුහුදේ ඡායාරූපයක්
03-Rasa-P1-05

මල්වතු මහා විහාරයේ ළිඳ නිසා වැවෙහි වැඩ නතර වීම 

ඒ ආකාරයෙන් ටිගොල්වෙල කුඹුර හාරාගෙන යන විට කුඹුර කෙළවරෙහි පිහිටි මල්වතු මහා විහාරයට අයත් ළිඳ ද, එතැනින් ඉවත් කිරීමට යන බව මල්වතු මහා විහාරයේ නායක භික්ෂූන් වහන්සේට දැන ගැනීමට ලැබුණි. භික්ෂූන් වහන්සේලාට ස්නානය සඳහා වෙනත් ළිඳක් ඒ අසල නොවීය. රූස්ස ගස් කොළන් මධ්‍යයෙහි පිහිටා තිබුණු එම ළිඳෙහි ජලය ඉතාමත්ම සිසිල්ය. පිරිසිදුය. වහාම තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමඟ රජවාසලට උන්වහන්සේ වැඩිය සේක..            
                                                                   
රජතුමනී, මල්වතු විහාරයට අයත් එකම ළිඳ වැව නිසා නැතිකර ගන්න අපට බැහැ. වැව තිබුණත් භික්ෂූන් වහන්සේ නමකට ස්නානය කිරීමට සුදුසු නැහැ. එමනිසා ළිඳ එතැනින් ඉවත් කරන්න එපා. ඒ අවස්ථාවේදී රජතුමා එයට විරුද්ධත්වය ප‍්‍රකාශ නොකර සලකා බලන්නම් යනුවෙන් ප‍්‍රකාශ කළේ භික්ෂූන් වහන්සේ තරහ කර ගැනීමෙන් යහපතක් සිදු නොවන බව දන්නා නිසාය. දින කිහිපයක් ගත වුවත්, රජතුමා ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලබා නොදුන් හෙයින්, මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ ඇතුඵ සියලූම භික්ෂූන් වහන්සේද, ඇහැලේපොළ, පිලිමතලව්වේ අදිකාරම්වරු ඇතුඵ නුවර වැසියන් ද ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කළා පමණක් නොව වැවෙහි වැඩ කරන ලද ජනතාව ද ඉන් ඉවත් කෙළේය. වර්තමානයේ මෙන් නොව එදා ජන සමාජයේ රජතුමාටත් වඩා වැඩි බලයක් සංඝයා වහන්සේ සතුවිය. රජවරුන් පත් කිරීමට මූලිකත්වය ගත්තේ සංඝයාවහන්සේය. මේනිසා එදා ජනතාව රජතුමාට වඩා මහානායක හිමියන්ගේ හඬට සවන් දුනි. 

සත් කෝරලේ මිනිසුන් 190 ක් උල තැබීම

මෙයින් රජතුමා හොඳටම කිපුණි. රාජ අණ කඩකරන්නන්ට මරණීය දණ්ඩණය නියම කරනවා යැයි උස් හඬින් ප‍්‍රකාශ කළේ රාජ සභාවම දෝංකාර දෙන අයුරිනි.  මේ වන විට රජතුමාට උපදෙස් ලබා දෙමින් රජතුමා මෙහෙයවමින් සිටියේ වෙන්කතරංගම්මල් බිසවගේ ඥාතීන්ය. ඔවුහු දේවාලවල කපුවන්, මන්ත‍්‍රාචාරීවරුන් ලෙස විවිධ තනතුරුද හෙබවූහ.  මමයි මේ රටේ රජු... හොඳයි බලමු... මහානායක හිමියනි...                                                                                              
මල්වතු මහානායක හිමියන්ගෙන් හෝ භික්ෂූන් වහන්සේලාගෙන් ප‍්‍රසිද්ධියේ පළිගැනීමට බැරිය. ජනතාව කුපිත වේයැයි රජතුමා බිය විය. එමනිසා දඬුවම් ලබාදිය යුතු වෙනත් ක‍්‍රමයක් ගැන රජුගේ අවධානය යොමු විය. ඒ වන විටත් රජතුමා තම අභිමතය පරිදි, නඩු අසා හෝ නඩු විභාගයකින් තොරව රහසිගතව සහ ප‍්‍රසිද්ධියේ කස පහර ලබාදීම, උල තැබීම, අලි ඇතුන් ලවා පාගා මැරීම, පුවක්ගස් දෙකක කකුල් බැඳ ඉරා මරණයට පත්කිරීම ආදී දඬුවම් බොහොමයක් ක‍්‍රියාත්මක කළ කාලයකි.  

ඒ වන විට ඉංග‍්‍රීසීන්, කන්ද උඩරටට පැමිණෙමින් සිටි කාලය ද විය. ඇහැලේපොළ ඇතුළු ප‍්‍රභූන් එක් පැත්තක් ද, මොල්ලිගොඩ, ඇතුඵ පිරිසක් තවත් පැත්තක් ද ගෙන කටයුතු කළ අවධියකි. මොල්ලිගොඩ අදිකාරම් රජතුමාට පක්ෂ අය ඔහු කරන්නේ කුමක්ද එය නිවැරදි යැයි පවසමින් ඊට උපකාර කරති. වැවෙහි ඉතිරි වැඩ කොටස අවසන් කිරීම සඳහා සත් කෝරලයෙන් මිනිසුන් ගෙන්වා දෙන මෙන් රජු ඉල්ලීමක් කළේය. ඒ අනුව මිනිසුන් එකසිය අනූ දෙනෙක් පැමිණ වැඩ කිරීම ආරම්භ කළ ද, මල්වතු මහනායක හිමියන්ගේ විරුද්ධත්වය නිසා ඔවුන්ද වැඩ කිරීම නතර කළේ උන්වහන්සේගේ අණ පිළිපදිමිනි. අවසානයේදී. රජතුමාට ළිඳ අතහැර දැමීමට සිදුවිය. එහෙත් බිසවගේ ඥාතීන් කියා සිටියේ වැඩට නොපැමිණෙන මිනිසුන්ට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු බවය. 

ළිඳට හානියක් සිදු නොකළ බැවින් මහානායක හිමියන්ගේ විරුද්ධත්වය පහව ගියේය. මහජන උද්ඝෝෂණය නතර විය. සත්කෝරලේ මිනිස්සු ඇතුඵ නුවර වැසියෝ වැවෙහි යළි වැඩ කිරීමට පටන් ගත්හ.  තවත් සති කිහිපයකින් පසුව වැවෙහි වැඩ අවසන් වී, ජලය පිරවීම සඳහා දිනයක් නියම විණි. එදිනට ඇත්තේ තවත් එක දවසකි. රජතුමාගේ පළිගැනීමේ අදහස ක‍්‍රියාත්මක විය. පෙරදින රහසින් උල් කරන ලද කිතුල් කණු එකසිය අනූවක් වැව මැද සිටවූහ. මේ සියල්ල සිදු වූයේ මොල්ලිගොඩ දිසාවගේ උපදෙස් මත ය. අවසානයේදී රජතුමා පළිගත්තේ සත්කෝරළෙන් ගෙන්වා ගත් එකසිය අනූදෙනා ගෙනි. ඔවුන් එහි උල තබා, වැවට ජලය පුරවන ලදී. මිය ගිය ඔවුන්ගේ සිරුරු මතින් ජලය පිරී යන අයුරු ජනතාව බලා සිටියේ ශෝකයෙනි. 

නුවර වැව රවුමේ මල්වතු මහා විහාරයට පහළින්, සහ මල්වතු විහාරයේ වාහල්කඩ අසල වැව රවුමේ පිහිටා ඇත්තේ, එදා මල්වතු මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් කිරි මුහුදට යට වීමට නොදී ආරක්ෂා කර ගත් එම ළිඳය. වර්තමානයේ එය අලූත්වැඩියා කර ඇත. වසර දෙසීයකටත් වඩා පැරණි මෙම ළිඳ, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයටත් පෙර සිට පැවත එන්නකි.  

එදා මල්වතු මහා විහාරයේ මහා සංඝරත්නය විසින් කිරි මුහුදට යට විමට නොදී, ආරක්ෂා කරගත් (වසර දෙසීයකට වඩා පැරණි) ළිඳ 
03-Rasa-P1-06

අවසානයේ මූලාචාරියා ද කිරි මුහුදට ම බිලි වෙයි

කිරි මුහුද රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ මුලාචාරියාගේ උපදෙස් මත නිර්මාණය කළ එකක් බව ඉහතදී පැවසුවෙමි. මූලාචාරියා මිය යන්නේ ඔහු විසින් නිර්මාණය කළ වැවෙහි ගිලීමෙන්ම, වීම දෛවෝපගත සිදුවීමකි. කිරිමුහුද සෑදීමෙන් පසු නිහඬවම දවස් කිහිපයක් ගෙවී ගියේය. එදා මාසේ පෝය දිනයකි. ඝන අන්ධකාරය සෙංකඩගල පුරවරය පුරාම පැතිරී තිබුණි. මූලාචාරියාගේ නිවෙස පිහිටා තිබුණේ රජවාසලට තරමක් ඈතින් වු අම්පිටිය ප‍්‍රදේශයෙහිය. ඔහු හදිසියේම නින්දෙන් අවදි වූයේ කිසිවෙක් දොරට තට්ටු කරන හඬ ඇසීමෙනි.   කවුද.. කවුද...මේ මහ ?...            
අපි රජ වාසලෙන්.. හදිසියේ රජතුමාගෙන් පණිවුඩයක් රැුගෙනයි පැමිණියේ.  ඔහු දොර විවෘත කරගෙන එළියට පැමිණියේය. හුළුඅතු එළි කිහිපයකි. කිහිපදෙනෙකු දක්නට ලැබේ. එහෙත් කිසිවෙක් අඳුනන්නේ නැත. හරි යමු...                                                                                                                         
රජවාසලට යන මාවත කිරි මුහුද වැව් බැම්ම මතින් වැටී තිබුණි. මූලාචාරියාට ඉදිරියෙන් දෙදෙනෙක් ගමන් කරති. එක් අයෙකු අත හුළු අත්තකි. එහි එළිය තරමක් දුරට ඉදිරි මාවත පෙන්වයි. එදා කිරි මුහුද අද මහාමායා බාලිකා විදුහලට ඇතුළුවන ප‍්‍රධාන මාවතට පහළින් ඇති පිට්ටනිය ප‍්‍රදේශය දක්වා පැතිරී තිබුණි. දැන් ඔවුන් සියලූදෙනා ඒ අසලින් ගමන් කරති. හදිසියේම පිටුපසින් පැමිණි කෙනෙකු මූලාචාරියාට ගැසූ පා පහරින් ඔහු නතර වූයේ වැවෙහි ජලයට වැටීමෙනි. හැඩිදැඩි පුරුෂයෙක් දියට පැන ඔහුගේ හිස ජලයේ ඔබාගෙන සිටියේ හිස එසවීමට නොහැකිවන ආකාරයෙනි. 

කාලය සෙමෙන් ගත විය. පසුදින මූලාචාරියා කිරිමුහුදේ ගිල්වා මරා දමා ඇති පුවත සෙංකඩගල පුරවරයම කැලඹීය. ඒ රජතුමාගේ හිතවතෙකුගේ මරණය නිසාය. රජතුමාට ද මේ බව ක්ෂණයකින් ආරංචි විය. රජතුමා මහත්සේ උදහසට පත්විය. තම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියා මරා දැමූ සාහසිකයන් සොයා වෙහෙසුනද, ප‍්‍රතිඵලයක් නොලැබුණි. අවසානයේදී, රජතුමාගේ කෝපය සංසිඳ වූයේ සිල්වත් භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ වදාරා සිටියේ. ”මේ වැව තැනීමට පෙර මෙම වෙල්යායේ සිටි දහස් ගණන් කටුස්සන්, හිකනලූන්, කක්කුට්ටන් වැනි අහිංසක සතුන් වැව සෑදු විට දියේ ගිලී මැරුණි. ඒ නිසා, උදහස් වූ දෙව්වරුන් විසින් මූලාචාරියාට දඬුවම් කර ඇති බවකි”.

http://www.lankadeepa.lk/index.php/articles/353509

මේක මන්දිරයක්‌ නොවෙයි බංකරයක්‌ හැදුවේ යුද්ධයට මුහුණ දෙන්න - මහින්ද

යුද්ධයේදී හදිසි තත්ත්වයක්‌ ඇතිවුවහොත් ආරක්‍ෂක මණ්‌ඩලය වහා රැස්‌වී ඊට මුහුණදී ඉදිරි මෙහෙයම් කටයුතු කිරීම සඳහා ජනාධිපති මන්දිරයේ බංකරයක්‌ ඉදිකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

විශේෂයෙන් කොටි ගුවනින් පැමිණ කොළඹට ප්‍රහාර එල්ල කරන්න ගත් විට ඊට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස්‌ කිරීම සඳහා ආරක්‍ෂක අංශවල උපදෙස්‌ අනුව හා ආරක්‍ෂක මණ්‌ඩලයේ අවශ්‍යතාව මත මෙය ඉදිකළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (25) පැවැති රැස්‌වීමට රාජපක්‍ෂ මහතා පැමිණි අවස්‌ථාවේදී ජනාධිපති මන්දිරයේ භූගත මාළිගාවක්‌ ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා,

ඇත්ත වශයෙන්ම මේක මන්දිරයක්‌ නොවෙයි. බංකරයක්‌. ආරක්‍ෂක අංශවලින් ලැබුණු උපදෙස්‌ අනුව මෙය ඉදිකාළා. මේක මට විතරක්‌ හදා ගත් එකක්‌ නොවෙයි. ආරක්‍ෂක මණ්‌ඩලයේ රැස්‌වීම් පැවැත්වුණෙත් ජනාධිපති මන්දිරයේ. ඒ නිසා හදිසි තත්ත්වයක්‌ ඇති වුවහොත් ආරක්‍ෂක මණ්‌ඩලය වහාම බංකරය තුළ ඉඳගෙන ඉදිරි මෙහෙයුම් ඉටු කිරීමට හැකි ආකාරයටයි මෙය ඉදිකළේ.

මෙය බැලූ බැල්මට නිවසක්‌ විදියටයි පිටට පෙනෙන්නේ. සාමාන්‍යයෙන් බංකර් හදන්නේ එහෙමනේ. මේක හදලා හුඟක්‌ කල්. යුද්ධය අවදියේ කොටි ගුවනින් ඇවිත් කොළඹට ගහන කාලේ හැදුවේ. ප්ලේන්වලින් අහසින් ඇවිත් ගහන කොට ඊට මුහුණ දීමට බංකර් හදාගෙන අපිත් සූදානම් වුණා. ඉතිං එහි වරදක්‌ තියෙනවාද? කොටින්ට ප්ලේන්, නැව් තියෙනවා කිව්වම අපිත් ඒවට සූදානම් වුණා.

ප්‍රභාකරන් බංකර් හදාගෙන හිටියා. ඒවා හොඳයි. ඒ ගැන කවුරුත් කතාවක්‌ නෑ.

මේවා අද තරුණයන්ට අමතක වෙලා. බංකරයක්‌ ඉදිකිරීමට අවශ්‍ය යෑයි ආරක්‍ෂක අංශ විසින් කිව්වම අවශ්‍ය දේ කරන්න කිව්වා. මුදල් වැයවීම ගැන සෙව්වේ නෑ. මෙපමණ කලක්‌ යුද්ද කළා නම් කොච්චර මුදලක්‌ වැයවෙයිද?

මං හිටියේ මන්දිරයේ. මේ සාකච්ඡා පැවැත්වුණේ මන්දිරයේ. මේ මන්දිරයේ විතරක්‌ නොවෙයි අරලියගහ මන්දිරයේත් බංකරයක්‌ තියෙනවා. මේවා රහසක්‌ ලෙසයි තියාගෙන හිටියේ. ඒක තියෙන්නේ අහවල් තැන කියලා කිය කියා ඇවිදිනවද?

අපේ හමුදාව ගහන නිසා කොටි බංකර් හැදුවා. උන් ගහන කොට අපි බංකර් හැදුවා. අපි ගහන කොට උන් හැදුවා. උන් ගහන කොට අපි හැදුවා. මොකක්‌ද වැරැද්ද යෑයිද රාජපක්‍ෂ මහතා කීවේය.

අනුර බාලසූරිය 
http://www.divaina.com/2015/10/26/news06.html

Saturday, October 24, 2015

ලාරාට හා තෙන්දුල්කාර්ට වඩා අරවින්ද සුපිරිවන්නේ ඇයි?

පින්නදූවගේ අරවින්ද සිල්වා ඉකුත් 17 වැනිදා පනස්‌වැනි උපන් දිනය සැමරීය. සුප්‍රකට ටඡ්මහල එය නිර්මාණය කරනු ලැබූ මුල් වසර සියය තුළ ඉන්දියාවෙන් පිටත ලෝකය නොදැන සිටියා වගේම අරවින්ද ගේ ක්‍රීඩා මුල්කාලය තුළ ඔහු ගැන විශේෂ පිළිගැනීමක්‌ ලංකාවෙන් පිටත ලෝකය තුළ පැවැතියේ නැත. මෙය වෙනස්‌ වූයේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුය.

ඉන්දියානු ක්‍රිකට්‌ ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා පවසන්නේ විවියන් රිචඩ්ට වඩා සුනිල් ගවස්‌කාර් සුපිරි ක්‍රීඩකයකු බවයි. රිචඩ් පන්දුවට දැඩිව පහරදුන් ප්‍රහාරක පිතිකරුවකු වුවත් ඔහු බටහිර ඉන්දීය සුපිරි පන්දු යවන්නන්ට මුහුණ දී නැති බව රාමචන්ද්‍ර කියයි. නමුත් සුනිල් ගවස්‌කාර් සුපිරි බටහිර ඉන්දීය වේගපන්දු යවන්නන් වන ගාර්නර්, මාෂල්, හෝල්ඩින් වැනි අයට මුහුණ දෙමින් ටෙස්‌ට්‌ ශතක 13 ක්‌ ලබාගෙන ඇත. ඒ කාලයේ සුපිරිම පන්දු යවන්නන් බලඇණිය සතු වූයේ කොදෙව් ක්‍රිකට්‌ කණ්‌ඩායමටය.

මේ අනුව බලන කල අරවින්ද යනු බ්‍රයන් ලාරාට හා සචින් තෙන්දුල්කාර්ට වඩා සුපිරි ක්‍රීඩකයෙකි. පකිස්‌තානයට එරෙහිව වැඩිම ටෙස්‌ට්‌ ශතක ලබාගෙන ඇත්තේ අරවින්ද බව බොහෝ දෙනා නොදනී. ඔහුගේ කාලයේ සුපිරිම පන්දු යවන බල ඇණිය සතුවූයේ පකිස්‌තානයටය. ඉම්රාන් ඛාන්, වසීම් අක්‍රම්, වකාර් යුනිස්‌ මෙන්ම අබ්දුල් කදීර් පන්දු යවද්දී අරවින්ද ඔවුනට එරෙහිව ප්‍රහාර දියත් කළේය.

ලාරා හා තෙන්දුල්කාර් යන දෙදෙනා ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය අරවින්දට වඩා ඉහළ විය හැකිය. නමුත් මොවුන් දෙදෙනා තම පිතිකරණයෙන් සිය මව් රටට ලෝක කුසලානය නම් දිනා දී නැත. නමුත් අරවින්ද එය ඉටුකර තිබේ. ශ්‍රී ලංකාව පකිස්‌ථානයට එරෙහිව ලබාගෙන ඇති ටෙස්‌ට්‌ ජයග්‍රහණ හයටම අරවින්දගේ සුපිරි පිතිකරණය හේතුවී ඇත. (ඔහු ක්‍රීඩා කරන කාලය තුළ)

මට මුලින්ම අරවින්ද ගැන අසන්නට ලැබුණේ දස හැවිරිදි වියේ පසුවනවිටය. 1985 අරවින්ද තම පළමු ශතකය පකිස්‌තානයට එරෙහිව වාර්තා කළේය. එහි විශේෂ අවස්‌ථා වීඩියෝ පටයෙන් නැරඹුවෙමි. ටෙස්‌ට්‌ තරග සජීවීව රූපවාහිනියේ විකාශය නොකරන ලද ඒ කාලයේ මා වාසය කළේ ඉන්දියාවේය.

ඉම්රාන් ඛාන් එවක සුපිරිම පන්දු යවන්නෙක්‌ විය. එහෙත් 19 හැවිරිදි අරවින්ද ඉම්රාන් ඛාන්ගේ පන්දු හමුවේ සිය ප්‍රහාරය දියත් කළේය. ෆයිසලාබාද් නුවර පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයේ ලකුණු 94 ක්‌ ලබාදී සිටි අරවින්ද ඉම්රාන් ඛාන් එවූ බවුන්සරයට හුක්‌ පහරකින් ලකුණු හයක්‌ ලබාගෙන සිය ශතකය වාර්තා කළේය. අරවින්ද හුක්‌පහර එල්ල කිරීමෙන් පසු ඉම්රාන් ඛාන් ඔහු අසලට පැමිණ ,ඇකක ඉaඑඑed, යනුවෙන් පැවසූ බව අරවින්දගේ චරිතාපදානයේ සඳහන්වී ඇත. සුපිරි දඟපන්දු යවන්නෙකු වූ අබ්දුල් කදීර් මෙන්ම වසීම් අක්‍රම්ටද මුහුණ දෙමින් මේ සංචාරයේදී ඔහු තවත් ශතකයක්‌ වාර්තා කළේය. නමුත් මේ ටෙස්‌ට්‌ තරග දෙකෙන්ම ලංකාව පරාජය විය. අරවින්ද සිය ක්‍රීඩා දිවිය තුළ පකිස්‌තානයට එරෙහිව ශතක අටක්‌ වාර්තා කර ඇත.

1986 වර්ෂයේ මැද භාගයේදී කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ පුහුණුවීම්වල යෙදෙන මේ සුපිරි පිතිකරුවා මට සජීවීව දැකගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාවට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ හිනිපෙත්තට නැගීමට අවස්‌ථාව ලැබුණේ 1996 දීය. ලෝක කුසලානය දිනූ රාත්‍රියේ ඔහු විකට්‌ටුවට පැමිණි ආකාරය අදද මට සිහිකළ හැකිය. ඔහු ලකුණු ගැනීම ආරම්භ කළේ ඕන් ඩ්‍රයිව් පහරකින් ලකුණු තුනක්‌ ලබාගනිමිනි. ෂේන් වොන්ට එරෙහිව අරවින්ද දක්‍ෂ ලෙස පිත්ත මෙහෙයවීය. තරගය අවසානයේදී වෝන්ට කිසිම විකට්‌ටුවක්‌ දවා ගැනීමට හැකි වූයේද නැත. 96 ජයග්‍රහණයෙන් පසුව මේ සුපිරි ක්‍රීඩකයාව පෞද්ගලිකව හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවිය. ඔහුගේ මෘදු හඬ පිතිකරණයේ ප්‍රහාරක බව මෙන් රළු නොවීය. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ භෞතික චිකිත්සක ලෙස කටයුතු කළ ඔස්‌ටේ්‍රලියානු ජාතික ඇලෙක්‌ස්‌ කොන්ටූරි පවසන්නේ අරවින්ද යනු මගේ හොඳම යහළුවා මෙන්ම ලොව හොඳම පිතිකරු බවය.

(නිර්ගුනන් තිරුචෙල්වම් විසින් 'දි සන්ඩේ අයිලන්ඩ්' පුවත්පතට ලියූ ලිපිය ඇසුරිනි).

චතුර පමුණුව
http://www.divaina.com/2015/10/25/sports02.html

ඓතිහාසික සීනුක්‌කුගලත් සුන්! විකුණුම් කරු. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව - ඉතිං තව මොන කතාද...!

පුරාවස්‌තු කොල්ලය මේ රටට අරුමයක්‌ නොවේ. පුරාවස්‌තු කොල්ලකරුවන්ගේ අශිෂ්ඨ පුරාවස්‌තු සංහාරක ඉතිහාසය රටේ ඉතිහාසය තරම්ම පැරණිය. අසූහාර දහසක්‌ දාගැබ් තිබී යෑයි බොදු ජන වහරේ පැණෙනා බිමක කොල්ලකරුවන් විසින් ගර්භය නොසිඳන ලද පුරාණ දාගැබක්‌ වේනම් ඒ දැදිගම කොටවෙහෙර පමණක්‌ බව කියෑවේ. 

එහෙත් ඒ අතීත සංහාරකයෝ දාගැබ් ගර්භ පහරා කොල්ල කෑ හැකි යමක්‌ කොල්ලකාගෙන ගියා මිස පුරාවස්‌තු රක්‌ෂා කිරීම ස්‌වකීය බඩරස්‌සා කරගෙන මිනිස්‌සුන්ගේ බදු මුදලින් පඩි නොගත්හ. ගර්භ සිඳ කළ අශ්ලීල කොල්ලය විද්‍යාත්මක පදනමක පිහිටා තහවුරු කිරීමේ ජඩකම නොකළහ. ඒ ව්‍යසනය සඟවා තබා ගැනීම සඳහා ලිපිගොනු යාවත්කාලීන නොකළහ. ව්‍යාජ වාර්තා සකස්‌ නොකළහ. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අත්සන් කොපිකර හොර අත්සන් නොගැසූහ. සියලු ජඩකම් වලින් අනතුරුව මහත්වරු සේ වෙස්‌මුහුණු බඳින්නට නොසැරසුනහ.

එවැනි අශීලාචාර මනුෂ්‍ය අර්ධයන් කළ හෙණ ගහන අපරාධ ඔවුන්ගේ ශාස්‌ත්‍රීය රෙදි පල්ලෙන් විටෙක බේරී වැටෙයි. මේ එවැනි නින්දිත ව්‍යසනයක්‌ පිළිබඳ කතාවකි.

සීනුක්‌කුගල හෙවත් හමික්‌කුවගල

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ, බැල්ලගස්‌වැව ග්‍රාම සේවක කොට්‌ඨාශයට අයත් සීනුක්‌කුගල හෙවත් හමික්‌කුවගල නැමැති පුරාවිද්‍යා ස්‌ථානයක්‌ සහිත ගල් පවුවක්‌ තිබුණේය. මේ ස්‌ථානයේ පෞරාණික දාගැබ් ගොඩැල්ලක පාදමක්‌ හා පුරාණ ඉදිකිරීම් පිළිබඳ සාක්‌ෂි දරන කේතුකාවාට සහිත ස්‌ථානයක්‌ වූයේය. අතීත ගම්මු හමික්‌කුවගල නැග මේ දාගැබ් ගොඩැල්ල වන්දනා කළහයි පැවසුණි. 

ඉංග්‍රීසි අධිරාජ්‍යය සමයේදී යටත් විජිත මිනින්දෝරුවරු මුළු රටම මැන්නාහ. එකල ඔවුහු රටේ පුරාවිද්‍යා ස්‌ථාන ඇතුළු වැදගත් තැන් ස්‌වකීය මිනුම් කාර්යයේ කොටසක්‌ ලෙස සලකා සිතියම්වල සලකුණුකොට තැබූහ. හිමික්‌කුවගල නැමැති ගල් පව්වේ වූ දාගැබ් පාදම සහිත පුරාවිද්‍යා ස්‌ථානය ඒ අතීත මිනින්දෝරුවරු හම්බන්තොට අඟලේ සිතියමට ඇතුළත්කර තිබුණාහ. එබැවින් හිමික්‌කුවගල පුරාවිද්‍යා ස්‌ථානයක්‌ වූ බවටත් එහි පෞරාණික දාගැබක නටබුන් වූ බවටත් අමුතුවෙන් තහවුරු කළයුතු වාර්තාවන් අවශ්‍ය නොවීය. හරියටම ගාල්ල කොටුව පුරාවිද්‍යා කාර්යාලයේ බිත්ති හතරට උඩින් පියස්‌සක්‌ තිබෙන බවට තහවුරු කිරීමට අමුතු ලියවිලි අවශ්‍ය නොවනවා සේය.

එහෙත් ඔබ මේ කතාව කියන විට හිමික්‌කුව ගලේ ඓතිහාසික පුරාවිද්‍යා ස්‌ථානයක්‌ නැත. එම පෞරාණික ජාතික උරුමය ඩෝසර් කර විනාශකර දමා තිබේ. පුරා වසර 12 ක්‌ තිස්‌සේ මේ භූමියේ ගල් කඩනා ගල්කොරිකාරයෙක්‌ හා ඒ ගල්කොරිකාරයා විසින් මිලට ගනු ලැබූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දුගී අධ්‍යාත්මයක්‌ සහිත හිඟන්නන් පිරිසක්‌ විසින් මේ ඓතිහාසික උරුමය වනසා දමා තිබේ. 

මේ මොහොත වනවිට සිද්ධිය සම්බන්ධව පරීක්‌ෂණයක්‌ පැවැත්වෙමින් ඇතැයි පැවසේ. ඒ පරීක්‌ෂණය සිදුවන ආකාරය පිළිබඳව දැන් ප්‍රශ්න කෙරෙමින් ඇත. එබැවින් මේ ව්‍යසනය සිදුවන අයුරු පිළිබඳ සිහි කැඳවීමක්‌ කරතැබීම බොහෝ දේ අමතකවන පුරාවිද්‍යා අධ්‍යාක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකටත් වැදගත් වනු ඇතැයි සිතේ. සිද්ධි පෙළේ සංක්‌ෂිප්තය මෙසේය.

සීනුක්‌කුගල සංහාරය

සීනුක්‌කුගල හෙවත් මික්‌කුවගල ගල්පවුව පිහිටි භූමිය අයත්වන්නේ මහවැලි අධිකාරියටය. මේ ගල් නිධියේ ගල් කැඩීම සඳහා මුලින්ම ගල්කොරිකාරයෙක්‌ විසින් මහවැලි අධිකාරියෙන් ඉල්ලුම් කරන්නේ වර්ෂ 2003 දීය. එහෙත් මේ ස්‌ථානයේ ගල්කොරියක්‌ පවත්වා ගැනීමට ගමේ පැරණි ගම්මු මෙන්ම එවකට බල්ලගැස්‌වැව ග්‍රාමසේවා නිලධාරීවරයා විරුද්ධ වූයේය. ඔවුන් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ මේ භූමියේ පුරාවිද්‍යා ස්‌මාරකයන්හි පිහිටීමය. 

ග්‍රාමසේවක නිලධාරීවරයා මෙතැන පුරාවිද්‍යා වටිනාකමක්‌ සහිත ස්‌ථානයක්‌ බව කීවේය. පුරාණ හම්බන්තොට අඟලේ සිතියම මේ ස්‌ථානයේ පුරාවස්‌තු ඇති බවට සලකුණුකොට තිබුණේය. එහෙත් ගල්කොරි කාරයා විසින් විසිකරනු ලබන කටු ලොවා ඊට පෙම් බැඳි සුනඛයෙකුට නොදෙවෙනි වූ එවක මෙම ස්‌ථානය නිරීක්‌ෂණය කළ පුරාවිද්‍යා ගවේෂණ යාචකයා එහි පුරාවස්‌තු නැති බවට වාර්තාවක්‌ ලබාදී ඔහුට බලපත්‍රයක්‌ දීමට කටයුතු කළේය. මේ අපරාධය සිදුවන්නේ වර්ෂ 2003.11.17 දාය. ඔහු වාර්තාවේ සඳහන් කරන්නේ මෙම ස්‌ථානයේ ස්‌මාරකයක්‌ තබා ස්‌මාරකයක සලකුණක්‌වත් නොමැති බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය එය පිළිගත්තේය. ඉතින් ගල්කොරි කාරයා විසින් ගල් කඩාගෙන ගියේය. වැඩේට අවහිරයක්‌ වූ බල්ලගස්‌වැව ග්‍රමසේවක තැනට ස්‌ථාන මාරුවක්‌ ලැබුණේය.

වර්ෂ 2006.11.14 දින පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන් දෙදෙනක්‌ විසින් මේ ස්‌ථානය ගවේෂණය කළෝය. 2003 දී මෙම ස්‌ථානය ගවේෂණය කළ නිලධාරියා නුදුටු පුරාවිද්‍යා නටබුන් එම ගවේෂණ නිලධාරීහු දුටහ. අනතුරුව ඔවුහු මෙම ස්‌ථානයේ ගල් කැඩීම සඳහා අවසර ලබා දිය නොහැකි බවට වන නිර්දේශ සහිතව දකුණු පළාත් ප්‍රාදේශීය සහකාර අධ්‍යක්‌ෂ වෙත වාර්තාවක්‌ යොමු කරනු ලැබූහ. ඒ අනුව ගල්කොරිය වහාම නතර කිරීම සඳහා වර්ෂ 2006.11.16 දින එවකට සිටි ප්‍රාදේශීය සහකාර අධ්‍යක්‌ෂ වරයා ප්‍රාදේශීය ලේකම්වෙත ලිපියක්‌ යෑවීය.

අනතුරුව ප්‍රාදේශීය සහකාර අධ්‍යක්‌ෂ තැන පුද්ගලිකවම මෙම පුරාවිද්‍යා ස්‌ථානයට ගියේය. ගොස්‌ සියෑසින්ම දාගැබ් ගොඩැල්ල බැලුවේය. මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන මිනුම් ත්‍රිකොණයක්‌ සේ සලකුණු කළ දාගැබ හඳුනා ගත්තේය. එහෙත් කුමක්‌ හෝ හේතුවක්‌ නිසා වර්ෂ 2006.12.01 දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් අමතමින් හිමික්‌කුව ගල මතුපිට ඇති පුරාණ ස්‌ථූපයේ පාදම්ගොඩැල්ලත්, කේතුකාවාටය සහිත ස්‌ථානයත් කේන්ද්‍රකොටගෙන අඩි 50 සීමාවක ගල් කැඩීම හා බෝර දැමීම සිදු නොකළයුතු බවට අවධාරණය කර දැඩි කොන්දේසි මත ගල් කැඩීමට අවසර ලබා දුන්නේය. නමුත් 2003 වසරේදී මේ ස්‌ථානය බලපත්‍ර ලබාදීම අනුමත කළ ගවේෂණ නිලධාරියාගේ අවියත් හැසිරීම විමසන්නට ඒ වස්‌ථාවේ පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුවට අමතක විය.

වර්ෂ 2008 දී නැවත පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීවරුන් දෙපළක්‌ මෙම භූමිය පරීක්‌ෂා කළහ. ඔවුහු ස්‌ථුපය, වැසි ජලය එක්‌වන ස්‌වභාවික ගල්කෙමක සලකුණු, වෙනත් පුරාවිද්‍යා ගොඩැල්ලක නටබුන් හඳුනා ගත්හ. ඔවුන් එම ස්‌ථානය දකින විට වර්ෂ 2006 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සලකුණු කළ සීමාව දක්‌වා ගල කඩා තිබිණි. එබැවින් කිසිම ඉල්ලුම්කරුවෙකුට මෙම ස්‌ථානයේ ගල් කැඩීමට අවසර නොදිය යුතු බවත්, බලපත්‍රය උල්ලංඝනය කරමින් ගල් කැණීම් කරන ව්‍යාපාරිකයාගේ බලපත්‍රය අහෝසි කළ යුතු බවටත් ගවේෂණ වාර්තාවෙන් නිර්දේශ විය. එම වාර්තාව නිර්දේශ කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වර්ෂ 2008.11.03 දා හිමික්‌කුවගල කැඩීම තහනම් කළේය.

අනතුරුව පෙළගැහෙන සිද්ධි මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක්‌ පවත්වා ගත යුත්තේ කුමන පදනමක්‌ මතදැයි අපට අපෙන්ම ප්‍රශ්න කරන්නට පොළඹවන්නේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වර්ෂ 2008 දී තහනම් කළ හිමික්‌කුව ගලේ ගල් කැඩීමට එම වාර්තාවෙන්ම බලපත්‍ර අහෝසි කිරීමට යෝජනා කළ ගල්කොරිකාරයා අයෑදුම් කරන්නේය. මේ අයෑදුම් කිරීම කරන්නේ වර්ෂ 2011.1.9 දාය.

වර්ෂ 2003 දී මෙම ස්‌ථානය නිරීක්‌ෂණය කළ පුරාවිද්‍යා යාචකයෙක්‌ හිමික්‌කුවගල අවට කිසිම පුරාවිද්‍යා සාධකයක්‌ නොමැති බව කියා ගල් කැඩීමට බලපත්‍ර ලබා දෙන්නේ මේ ගල්කොරි කාරයා වෙතය. ඒ දුගියා වර්ෂ 2011 වනවිට ප්‍රාදේශීය ගවේෂණ නිලධාරියාව සිටියේය. ඔහු විසින් නැවත 2011.02.11 දින මෙම පුරාවිද්‍යා ස්‌ථානය පරීක්‌ෂා කරන්නේය. පරීක්‌ෂා කර ජාති අන්ධයෙක්‌වත් නොදෙන ආකාරයේ නිර්දේශයක්‌ දුන්නේය. නැවතත් එම නිර්දේශයේ වූයේ මේ ගල් පව්වෙහි කිසිම පුරාවිද්‍යා සාධකයක්‌ නොමැති බැවින් ගල් කැඩීමට අවසර දීම සුදුසු බවය. පුරාවිද්‍යා දෙපාර්තමේනතුව එය මන්දබුද්ධිකව පිළිගත්තේය.

ස්‌වකීය අධ්‍යාත්මය ගණිකාවක්‌කොට ලබාදුන් මේ වාර්තාවත් සමග ගල්කොරිය පවත්වා ගැනීමට ගල්කොරි කරුවාට අවසර ලැබිණි. සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ මේ පර්වත මුදුනේ රක්‌ෂා වී තිබූ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක්‌ විසින්ම ආරක්‌ෂා කරගැනීමට අරගල කළ, පුරාණ දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම කාලකණ්‌ණියෙක්‌ ලබාදුන් ලයිෂන් පිට ඩෝසර් දමා විනාශ කර දැමිනි. 2003 සිට මෙම කලුගල සඳහා බලපත්‍ර ලබාගත් ගල්කොරිකාරයා නීති විරෝධී ලෙස කලුගල විවිධ ආයතන වලට විකුණා ඇති බවත් හෙළිවිය. දාගැබ් ගොඩැල්ල ඉවත් කිරීමෙන් පසු ඔහු වෙනත් ආයතනයකට නැවත ගල බදු දී තිබිණි.

වර්ෂ 2013.10.29 දා මෙම ස්‌ථානය පරීක්‌ෂා කළ දකුණු පළාත් ප්‍රාදේ ශීය අධ්‍යක්‌ෂවරියට මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මගිනුත් ත්‍රිකොණමිතික ස්‌ථානයක්‌ සේ සලකුණුකර තිබූ ඒ ඓතිහාසික දාගැබ් ගොඩැල්ල දැකගත නොහැකි විය. යළිත් කිසිදා කිසිවෙක්‌ ඒ පුරාවිද්‍යා ස්‌ථානය දකින්නේ නැත. 

මේ ව්‍යසනය පිළිබඳ මාධ්‍ය හරහා දිගින් දිගටම කෙරුණ ප්‍රශ්න කෙරිනි. පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කිරීම සම්බන්ධව ගල්කොරිකාරයා විෂයෙහි නීතිය ක්‍රියාත්මක විය. මේ සිද්ධියට සම්බන්ධ පුරාවිද්‍යා ගවේෂණ යාචකයා පුරාවස්‌තු විනාශයට අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වැඩ තහනමකට ලක්‌විය. ඔහු යළිත් වර්ෂ 2015 දී සේවයේ පිහිටුවනු ලැබුවේ විධිමත් විනය පරීක්‌ෂණයක්‌ පැවැත්වීමේ පදනම මතය.

දැන් මේ විනය පරීක්‌ෂණය පැවැත්වෙන ආකාරය සම්බන්ධව ප්‍රශ්න කෙරෙමින් ඇත. මෙම ගල් පර්වතය කැඩීම සඳහා එවකට හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කර ඇති හම්/ප්‍රා.ලේ./ආ/06/10/03/3 හා 2011.02.07 දිනැති ලිපියේ අත්සන පිළිබඳ සැක මතු වී ඇතැයි පැවසේ. තවත් ව්‍යාජ ලේඛණ පිළිබඳ කියෑවෙමින් තිබේ.

මේ විනය පරීක්‌ෂණය මෙහෙයවන හිටපු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා නොදන්නවා මුත් රට මෙවන් කාලකණ්‌ණි සිද්ධි සම්බන්ධව සිටින්නේ අවධියෙනි. මේ පෙළ විමසනවිට සිදුවූ අලුගුත්තේරුකමේ ප්‍රමාණය පිළිබඳ තක්‌සේරුවක්‌ මේ රටට ආදරය කරන මිනිස්‌සුන්ට තිබේ. බැලු බැල්මටම වැටහෙන මේ තුච්ඡ ගනුදෙනු සිදුවන්නේ පරණ යකඩ කඩයක නොවන බව කොයි පින්වතාත් තේරුම් ගත යුතුය. එව සිදුවන්නේ මේ රටේ උත්තුංග ජාතික උරුමය රක්‌ෂා කිරීමේ වගකීම සහිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළය. මුන් ගල්කොරිකාරයන්ට විකුණන්නේ අඹුවන්ගෙන් දෑවැද්දට ලත් බූදල නොව, අනාගත පරම්පරාව වෙනුවෙන් රක්‌ෂා කළ යුතු ජාතික උරුමය ය. අප කම්පනයට පත් කරන්නේ ඒ යථාර්ථය ය.

මේ චෞරයන් අරභයා රටේ පුරවැසියන් විෂයෙහි ක්‍රියාත්මකවන පුරාවිද්‍යා ආඥා පනත බලාත්මක නොවන්නට හේතුවක්‌ නැත. පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ විශේෂිත ජීවීන් පිරිසක්‌ සිටිය හැකි නොවන බැවිනි.

සිදුවන සියල්ල දෙස මේ රටේ මිනිසුන් විමසිලිමත් බව මේ පින්වත් මහත්වරුන්ට කරුණාවෙන් මතක්‌ කර දිය යුතුව ඇත්තේ එබැවිනි.

ජානක ලියනආරච්චි

ශ්‍රීමත් සිරිල් ද සොයියා ගැන වැඩි දෙනා නොදත් කතාවක්‌

ශ්‍රී ලංකාද්වීපයේ පහළ වූ ශ්‍රේෂ්ඨ ගිහි බෞද්ධ නායකයන් අතරින් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්හට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. ඔහු කළ අනභිභවනීය සේවාවන් අතර කළුතර බෝධීන් වහන්සේ සංරක්‌ෂණයට ගත් උත්සාහය වැදගත් තැනක්‌ ගනියි. සම්බුද්ධ ශාසනයටත් ලක්‌වාසී බෞද්ධ ජන සමාජයටත් අගනා මෙහෙවරක්‌ කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් මෙලොව උපත ලබන්නේ ක්‍රි. ව. 1896 ඔක්‌තෝබර් 26 වැනි දින ගාලු දිස්‌ත්‍රික්‌කයේ බෙන්තර වලල්ලාවිට කෝරළයේ බළපිටිය මැතිවරණ කොට්‌ඨාසයේ වැලිතොට ග්‍රාමයේදීය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ගාලු දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ නොව තුන් හෙළයම අලෝකවත් කළ වීර ලංකා පුත්‍රයෙකි. ඔහු මුලින්ම අකුරු කළේ මාතර ශාන්ත තෝමස්‌ විද්‍යාලයේය. ටික කලකින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වසරක පමණ කාලයක්‌ අකුරු කළ එතුමා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපන කටයුතු කළේය. කේම්බ්‍රිඡ් සීනියර් විභාගයෙන් සමත්වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා නීතිය හැදෑරීම සඳහා නීති විද්‍යාලයට ඇතුළත් විය. නීතිඥ විභාගයෙන් සමත්වූ ඔහු විද්‍යාලයෙන් සමුගෙන 1921 දී මුලින්ම සේවය සඳහා පැමිණියේ බළපිටිය පොලිස්‌ උසාවියටය. බළපිටිය අධිකරණයෙන් සේවය ඇරඹූ ඔහු වැඩිකල් යන්නට පෙර දෛවය විසින් මෙහෙයවන ලද්දේ වැලිතොටින් කළුතොටටය. ඔහු වැඩිකල් යන්නට මත්තෙන් අවංක, දක්‌ෂ නීතිඥවරයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වූයේය.

ඉංග්‍රීසි ආධිපත්‍යය පැවැති මේ දිනවල කළුතර බෝධීන් වහන්සේට මලක්‌ පහනක්‌ පුදන්නටවත් කිසිවකුට ඉඩ ලැබුණේ නැත. කළුතර ඒජන්ත තැන පොලිසිය ලවා මුරකරුවා ලවා වන්දනාවට යන එන බෞද්ධ ජනතාව පන්නා දැමුමේය. මේ සිද්ධිය සැළවුණු පසු නීතිඥ සිරිල් ද සොයිසා මැතිතුමා බලහත්කාරයෙන් එම ස්‌ථානයේ මල් ආසනයක්‌ සෑදෙව්වේය. එසේ ආරම්භ කළ සේවාව එතුමා නොනවත්වා ඉදිරියටම කරගෙන ගියේය. කළුතර බෝධීන් වහන්සේට අරක්‌ගත් දෙවි කෙනකුගේ ඇල්ම බැල්ම තමන්ට ලැබෙන නිසා බෝධීන් වහන්සේගේ සංවර්ධනය දිනෙන් දිනම සාර්ථක වන බව ඔහු විශ්වාස කළේය. කළුතර බෝධීන් වහන්සේ කේන්ද්‍ර කරගෙන ඔහු සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිශාල සේවාවක්‌ කළේය. විශේෂයෙන්ම එතුමාගේ දැක්‌ම බවට පත් කළුතර බෝධීන් වහන්සේ අවට සුන්දර පරිසරයක්‌ නිර්මාණය කිරීමත් බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන අයට නිදහසේ එම කටයුතු කිරීමටත් අද අවකාශ ලැබී තිබේ. ලංකාවේ ප්‍රමුඛ පෙළේ බෞද්ධ ආගමික ස්‌ථානයක්‌ ලෙසට කළුතර බෝධීන් වහන්සේ පත්ව ඇත. බෞද්ධ පුනර්ජීවනය පමණක්‌ නොව ජන සමාජයේ දියුණුවද ඔහු අපේක්‌ෂා කර ඇත. ඒ වෙනුවෙන් ඔහු සුවිශාල වැඩ කොටසක්‌ සිදුකොට ඇත. සමාජ මෙහෙවර තම රැකියාවෙන් ලබන වේතනයෙන් පමණක්‌ කළ නොහැකි බව අවබෝධ කරගත් ඔහු "ස්‌වර්ණපාලී" නමින් බස්‌ සමාගමක්‌ ආරම්භ කළ අතර එම බස්‌ සේවය පසු කාලයේ "සවුත් වෙස්‌ටර්න්" බස්‌ ව්‍යාපාරය බවට පරිවර්තනය කළේය. දකුණු කෙළවර දක්‌වා ධාවනය වූ මෙම බස්‌ සේවය දිනෙන් දිනම දියුණුවට පත්විය. ඔහු කළුතර බෝධීන් වහන්සේ පසුකර යන ඔවුන්ගේ බස්‌වල මගීන්ට කළුතර බෝධීන් වහන්සේට පඬුරක්‌ පූජා කරන ලෙසට ආයාචනා කළේය. ඔහු එමගින් අපේක්‌ෂා කළේ බෞද්ධ ජනතාව තුළ ශ්‍රද්ධාව ඇති කිරීමත් කළුතර බෝධීන් වහන්සේ සංරක්‌ෂණය සඳහා ජනතා සහාය ලබා ගැනීමත් වන්නට ඇත. මෙම බස්‌ සමාගම මගින් ජනතා සේවය උපරිමයෙන් ඔහු කළ අතර එමගින් ලැබූ ආදායම ද සම්බුද්ධ ශාසනයේ දියුණුවට හා ජනතා සේවයට වැය කළේය. "ධම්මෝ හවේ රක්‌ඛති ධම්ම චාරී" යන බුදු වදනට අනුව ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාට වැඩි කලක්‌ ගතවන්නට පෙර රටේ පාලකයෝද, බෞද්ධ භික්‌ෂූන් වහන්සේද, විවිධ ව්‍යාපාරිකයෝද පැහැදුණි.

තවද ඔහු කතරගම කිරි වෙහෙරේ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලදී ද මුල්වී කටයුතු කරමින් එහි දියුණුවට විශාල දායකත්වයක්‌ ලබාදී ඇත. එපමණක්‌ නොව බෙල්ලන්විල රජමහා විහාරය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය, බම්බලපිටිය වජිරාරාමය හා කළුවාමෝදර කඩරද විහාරය ආදී විහාරස්‌ථානයන්හි දියුණුව වෙනුවෙන් ද සුවිසල් දායකත්වයක්‌ ඔහු ලබාදී ඇත.

1956 දී බලයට පත්වූ බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ රජය 1958 දී බස්‌ ව්‍යාපාරය ජනසතු කළේය. එම අවස්‌ථාවේදී "සවුත්වෙස්‌ටර්න්" බස්‌ සමාගමට අයිති බස්‌ රථයන්හි පැරණි ටයර් ඉවත්කර අලුත් ටයර් යොදා දීමට තරම් ඔහු දානපතියෙක්‌ විය. එමගින්ද ඔහු අපේක්‌ෂා කළේ ජනතා සේවයයි. ආත්මාර්ථය පිටුදැක පරාර්ථය වෙනුවෙන් ක්‍රියා කළ පුද්ගලයෙක්‌ ලෙස ද ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් හැඳින්විය හැකිය.

ශ්‍රීමත් සිරිල් ද සොයියා මැතිතුමන්ගේ ඉදිරි දැක්‌ම ප්‍රඥගෝචර බවින් යුක්‌ත විය. රුපියල් මිලියන 200 ක භාරකාර අරමුදලක්‌ පිහිටුවීම එයට සාක්‌ෂි දරයි. එයින් ලබන පොලිය සම්බුද්ධ ශාසනයේ චිරස්‌තිථිය වෙනුවෙන් කැපකළ යුතු බවද ඔහුගේ දැක්‌ම බවට පත්විය. මෙවන් උදාර සේවාවක්‌ කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් සදානුස්‌මරණීය වන්නේය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ට නිවන් සුව ලැබේවා.

ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමි

සබැඳි ලිපි -
[
මහ මෙහෙවරක නියමුවා වූ සැබෑ බෞද්ධ නායකයා - ශ්‍රීමත් සිරිල් ද සොයිසාhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_23.htmlඅසිරිමත් මගක ගිය ශ්‍රීමත් සිරිල් ද සොයිසාhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_9224.html
]

ඔබේ නිවස පිහිටි බිම්කඩ, සසරේ ඔබ දහස්‌ වරක්‌ මිහිදන්වූ සුසානයම නොවේද? මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

ආහාරය, ඖෂධ ප්‍රත්‍යවෙක්‌ෂාවෙන් පරිහරණය කරනවා වගේම කුටිය, නිවසද සිහියෙන් යුතුව පරිහරණය කරන්න කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුබෝපභෝගී මන්දිරයක ජීවත්වෙන පිංවතා එම මන්දිරය කෙරෙහි ඇතිකරගෙන තිබෙන තෘෂ්ණාවම, පොල්අතු පැලේ ජීවත්වන පිංවතාත් තම පොල් අතු පැළ කෙරෙහි ඇති කරගෙන තිබෙනවාය කියලා. තෘෂ්ණාව හේතුවෙන් මනුෂ්‍යයා තුළ සකස්‌වෙන සිතුවිලිවල සංකීර්ණභාවය නිසාම ඉදිවන සුඛෝපභෝගී නිවාස නිසා, නිවස කියන කාරණය මනුෂ්‍යයාට මාර බිමක්‌ බවට පත්වී තිබෙනවා. 

නිවස උදෙසා යටකරන අතිවිශාල ධනයත්, නිවස නඩත්තුවත්, ගෘහ අලංකාරයත් හේතුවෙන් මනුෂ්‍යයාට නිවස ප්‍රත්‍යවේක්‌ෂාවෙන් පරිහරණය කිරීම කියන කාරණය අමතක වී යනවා. වර්තමාන සමාජයේ ප්‍රත්‍යවෙක්‌ෂාව කියන වචනයේ අර්ථය ජීවිතයට එකතුකර නොගත් මනුෂ්‍යයෝ මැරෙන මොහොතේ තම නිවස කෙරෙහි තෘෂ්ණාවෙන් පරදත්තඋපජීවී ප්‍රේතයින් ලෙස ඉපදීමත් එම නිවෙස්‌ වලට ගෙම්බන්, හූනන් ලෙස ඉපදීමත් සුලභ සිද්ධියක්‌ බවට පත්වී තිබෙනවා. එම නිසා පිංවත් ඔබ ඔබේ නිවස, කුටිය පරිහරණය කරන්නේ කාමච්ජන්දයන් වඩවා ගැනීම සඳහා නොව අව්,වැසි, පිණි ආදියෙන් මැසි, මදුරුවන්, සර්පයන්ගෙන් ආරක්‍ෂාවී කුසල් මාර්ගය ශක්‌තිමත් කර ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කර ගැනීමටය කියන කාරණය නුවනින් දකින්න. 

ඔබේ සුබෝපභෝගී නිවස පිහිටි බිම්කඩ අතීතයේ ඔබ දස දහස්‌ වාරයක්‌ මැරි වළදැමු සුසාන භූමිය හැටියට දකින්න ඔබ දක්‍ෂවෙන්න. පිංවත් ඔබ රාත්‍රියට නිදි යහනේ සැතපෙන විට අතීතයේ ඔබව මහිදන් කළ සුසානභූමියක්‌ මත සැතපෙනවාය කියන කාරණය නුවනින් දකිමින් නින්දට යන්න. එවිට එම රාත්‍රිය පුරාම ඔබට ධුතාංග ශීලයක අර්ථයක්‌ ද යම් ප්‍රමාණයකට වැඩෙනු ඇත. පිංවත් ඔබ දකින අතීත නිවාස ප්‍රත්‍යවෙක්‌ෂාව තුළින් වර්තමාන නිවස කෙරෙහි ඇති තෘෂ්ණාව හීන කරගැනීමට උත්සුකවන්න. 

අතීතයේ පිංවත් ඔබ රාජ රාජ මහාමාත්‍යයන් හැටියට ඉපදෙන වෙලාවේ ඔබ හිමි කරගෙන සිටි සුබෝපභෝගී මන්දිර නුවනින් දකින්න. බෝධිසත්වයින් මහසුදස්‌සන නැමති සක්‌විති රජු ලෙස රජ කරන සමයෙහි දිව්‍යතලයන්ට අධිපති ශක්‍ර දෙවියන්ගේ නියමයෙන් දිව්‍යතලයේ වැඩසිටින විස්‌කම් දෙවිපුත් මහසුදස්‌සන රජුට දහම්පාය නම් ගෙයක්‌ මැව්වාය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විස්‌කම් දෙවිපුත් මැවු දහම් පාය දිගින් යොදුනක්‌ පළලින් අඩ යොදුනක්‌ විශාලය. මෙම දහම්පායේ බිත්ති, ගෙබිම, රනින්ද, රිදියෙන්ද, පළිගුවලින්ද හැදුවාවූ ගඩොලින් නිමකරල තිබෙන්නේ. මේ දහම්පායේ සෑම කුළුනක්‌ම, සෑම පියගැට පෙළක්‌ම රනින්, රිදියෙන්, පළිගුවෙන් තමයි නිමවෙලා තිබෙන්නේ. මහාසුදස්‌සන රජුගේ අතීත කුසල් ශක්‌තියේ ඵලයයි විස්‌කම් දෙවිපුත් මැවු දහම්පාය නැමති නිවස. මෙම නිවස යමෙක්‌ දකින්නේද ඔහුගේ ඇස්‌ අදුරු කරනවා වලාකුළු පහවු අහසේ ඇති හිරු දෙස යම්සේ බැලිය නොහැකිද රනින්, රිදියෙන්, පළිගුවෙන් කළ දහම් පායේ දීප්තිය නිසාම යමෙකුට දහම්පාය දෙස එක එල්ලේ බැලිය නොහැකියයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේසා අසිරිමත් දහම්පාය නම් නිවසක්‌ අනිත්‍යභාවයට පත්වී ගියාය කියල බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා. අතීතයේ පිංවත් ඔබම ජීවත්වු මෙවන් අසිරිමත් මන්දිරයක්‌ වෙනස්‌වී ගියානම්, අහිමිවී ගියානම් ඒ සංස්‌කාර අනිත්‍යවී ගියානම් වර්තමානයේ ඔබ පරිහරණය කරන ඔය නිවස සෙල්ලම් ගෙදරක්‌ නේද? අතීත නිවාස ප්‍රත්‍යවෙක්‌ෂාව තුළින් වර්තමාන නිවස කෙරෙහි ධර්මයේ අර්ථය මතුකරගන්න. 

ඉහත සටහන කියවන විට ඔබට ප්‍රශ්ණයක්‌ මතුවෙන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයේ රජකම් කරපු මහසුදස්‌සන බෝධිසත්ව සක්‌විති රජුට දිව්‍යතලයේ විස්‌කම් දෙවිපුත් දහම්පාය නිවස මැව්වෙ කොහොමද කියල. මේකට තමයි කුසලයේ ශක්‌තිය කියන්නේ, දිව්‍යතලයේ ශක්‍රයා යම් පිනකින් කුසලයකින් පොහොසත්ද සක්‌විති රජු කෙනෙක්‌ද එවැනිම පිනකින් පොහොසත් කෙනෙක්‌. ඒ නිසාමයි ශක්‍රයාට දිව්‍යතලයේ උරුම සම්පත් සක්‌විති රජු මනුෂ්‍යලෝකයේදී දෙවියන්ගේ මැවීම තුළින්ම ලබන්නේ. 

අතීතයේ ඔබ සශ්‍රික දිව්‍යතලවල දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ හැටියට ඉපදුන වෙලාවේ මොනතරම් අසිරිමත් දිව්‍යවිමාන, දිව්‍ය මන්දිර මගේ කරගෙන ඔබ ජීවත්වෙන්න ඇතිද? ආටානාටිය සුත්‍රයේදී සඳහන් වෙනවා දිව්‍යතලයේ වැඩසිටින සතරවරම් දෙවිවරුන්ගේ එක මහේශාක්‍ය දෙවියෙක්‌වන වෙසමුණි දිව්‍ය රජුන්ට අහසේ මවන ලද ආටානාටය, කුසිනාටාය, පරකුසිනාටාය යෑයි දිව්‍ය නගරයන් තිබෙනවාය කියල. පරකුසිනාට නුවරට උතුරු දෙසින් කපිවන්ත නම් නුවරක්‌ද නවනවතිය නම් නුවරක්‌ද, ජනොඝ නම් නුවරක්‌ද, ආලකමන්දා නම් රාජධානියක්‌ ද තිබෙනවා කියලා. මේ සියල්ල දිව්‍යතලයේ වෙසමුණි දිව්‍යරජු යටතේ පවතින දිව්‍ය රාජධානියයි. මෙම රාජධානියේ විසිතුරු මල් උයනක්‌ තිබෙනවා. එම මල් උයනේ භගලවතීනම් රනින් නිමවු මන්දිරයක්‌ තිබෙනවා. එම දිව්‍ය මල් උයනේ දිව්‍ය පක්‍ෂීන් බෝහමයක්‌ සිටිනවා. දිව්‍ය මොනරුන්, කොස්‌වාලිහිනින්, කෝකිලයන්ගේ නාදයෙන් කුල්මත්වු නිති ඵලදරණ වෘක්‌ෂයෝ එහි තිබෙනවා. එහි මල් ගොමුවල ජීව, ජීව යෑයි හඩනඟන ජීවජීවක නම් පක්‌ෂියෙක්‌ද උට්‌ඨවචිත්ත නම් පක්‌ෂියෙක්‌ ද වළිකුකුලෝද රන් කකුළුවෝද පොකඛරසාතක නම් පක්‌ෂිහුද ගිරවුන් සැළලිහිණියන් දන්ඩමානවක නම් පක්‌ෂීන්ද නිරතුරුවම වෙසමුණි දිව්‍ය රජුගේ දිව්‍ය මන්දිරය, දිව්‍ය මල් උයන විසිතුරුයි කියල ආටානාටි සුත්‍රයේ සදහන් වෙනවා. මෙවන් විසිතුරු දිව්‍ය මන්දිරවල ඔබ අතීතයේ ජීවත් වුණා නම් ඒ විසිතුරු සංස්‌කාරයන් අනිත්‍යවී ගියානම් මේ මොහොතේ ඔබ ජීවත්වන නිවස කෙරෙහි කුමන තෘෂ්ණාවක්‌ ඇතිකොටගන්නද? ඒ නිසා තෘෂ්ණාවෙන් තොරව නිවස පරිහරණය කරන්න.

සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් නිවස පරිහරණය කරන්න. ඔබේ වසඟයේ තබා ගතනොහැකි දෙයක්‌ වශයෙන් දකිමින් නිවස පරිහරණය කරන්න. එසේ නොවුණොත් නිවස නිසාම පිංවත් ඔබ නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. ඇති ආස්‍රවයන් වර්ධනයකර ගන්නවා. ඉහත ආකාරයටම ඔබ පරිහරණය කරන ඇඳුම් පැළඳුම් ද ප්‍රත්‍යවේක්‌ෂ නුවනින් යුතුව පරිහරණය කරන්න. 

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/10/25/feature05.html

Friday, October 23, 2015

මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, විහාරය ඉවත් කරගන්නා ලෙස TNA බලපෑම්!

මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව, කෝකිලායි සිංහල ගම්මානයේ ඉදිකෙරෙමින් පවතින ශ්‍රී සම්බෝධි විහාරයේ ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට සිදුව ඇති බව වාර්තා වනවා. ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයා විසින් නිකුත් කරන ලද තහනම් නියෝගයක් නිසා මෙසේ ඉදිකිරීම් කටයුතු නවතා ඇති බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ. යුද්ධයට පෙර කෝකිලායි සිංහල විද්‍යාලය තිබූ භූමියේ මෙම විහාරය ඉදිකෙරෙන අතර පසුව වෙනත් පුද්ගලයකු විසින් මෙම ඉඩමට අයිතිවාසිකම් කීම නිසා ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇත. මෙම ගැටළුවට මැදිහත් වෙමින් උතුරු පළාත් සභාවේ ඉඩම් අමාත්‍ය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී රවිහරන් විසින් විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඉඩම අදාල පුද්ගලයාට ලබා දෙන ලෙස දිගින් දිගටම තර්ජණය කරමින් සිටින බවත් ප්‍රාදේශීය රාජ්‍ය ආයතන හරහාද එම බලපෑමම සිදුවෙමින් පවතින බවත් පැවසෙනවා.

විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් අප සමග අදහස් දක්වමින්

මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස් අඩෙයිකලනාදන් විසින් මීට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කර තිබුණා. ඉඩම් කොමසාරිස්, ප්‍රෙද්ශීය ලේකම් අනුමැතිය සහිතව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සිද්ධස්ථානයක් ලෙස මෙම විහාරස්ථානය ඉදිකෙරෙමින් පවතින්නේ පැරණි කෝකිලායි රජයේ සිංහල විද්‍යාලය තිබූ භූමියේයි. එසේනම් රජයට අයත් ඉඩමකට පුද්ගලයෙකු අයිතිවාසිකම් කිමේ නීතිමය පසුබිම කුමක්ද? පසුගිය යුධ ගැටුම් සමයේ ඇතිවූ තත්වයත් සමග උතුරු නැගෙනහිර ප්‍රෙද්ශවල ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම් සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් පවතින බවද සැබෑවකි. එහෙත් රජයේ අනුමැතිය සහිතව රජයේ ඉඩමක දැනටමත් ඉදිකිරීම් කර ඇති ආගමික සිද්ධස්ථානයක් ඉවත් කිරීම හෝ ඉවත්කිරීමට බලපෑම් කිරීම නීත්‍යානුකූල නොවනවා මෙන්ම ආගමික ජාතික වශයෙන් එය දැඩි ලෙස සංවේදීව බලපාන කරුණක්ද වනු ඇත. එබැවින් අන්තවාදී ජාතිවාදී දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ බලපෑම්වලට යටත් නොවී මෙම ගැටළුව විසදාගැනීමට බුද්ධ ශාසන අමාත්‍යාංශ, ඉඩම් අමාත්‍යාංශ බලධාරීන් වහාම මැදිහත් විය යුතුව ඇත.

එසේ නොමැතිව සියළු ඉල්ලීම් අයිතිවාසිකම් සදාචාරාත්මක සහ නීතිමය සීමාවන් ඉක්මවමින් එක් ජන වර්ගයකට පමණක් හිමිකර දී මේ රටේ බහුතරය නියෝජනය කරන ජනතාවගේ ජාතික ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ඉඩහරිනවා නම් යහපාලන රජයේ ප්‍රමුඛතම කාර්යයක් යෑයි කියන “ජාතික සංහිදියාව ගොඩනැගීම“ හිස් වචන මාළාවක් පමණක් වනවා නොඅනුමානය.

කලම්බු ටුඩේ

Pic Source

ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – හින්දූන් බොදුනුවන්ගේ ගුණ ගයති! සැබෑ ආගමික අන්තවාදීන් මැඩ ස්ථිර විසඳුමක් සොයමු!

kotahena theruකොටහෙන බාබර් වීදියේ ශ්‍රී මුත්තුමාරිඅම්මන් කෝවිලේ වාර්ෂික තේරු උත්සවයේ වේල් කරත්තය  අද නිරුපද්‍රිතව වීදි සංචාරය කලා. කෝවිලේ වාර්ෂික පූජාවේ වේල් කරත්තය සංචාරය කිරීමේ අවස්ථාව පසුගිය හත්වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද අසල මුස්ලිම් පල්ලියේ පිරිස් විසින් එම උත්සවය නොපවත්වන ලෙස බල කරමින් කෝවිලේ පාලක මණ්ඩලයට තර්ජණය කර තිබුණා. අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කෝවිලේ පූජාවට සහභාගී වූ අවස්ථාවේද එම් අන්තවාදී පිරිස ඔහුව වටකරගනිමින් කෝවිලේ තේරු උත්සවය නවත්වන ලෙසත් කෝවිලේ සංවර්ධන කටයුතු කිරීමට ඉඩ නොදෙන බවත් තර්ජණය කරමින් කලහකාරීව හැසිරුණා. පසුව මේ පිළිබදව කෝවිල් පාලක මණ්ඩලය පොලීසියට පැමිණිල කිරීමට කටයුතු කර තිබුණු අතර පසුව කෝවිල අසලට පැමිණි එම අන්තවාදී පිරිස කෝවිල් භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකුට පහර දෙමින් කෝවිල් උත්සවය පැවැත්වූවොත් මරා දමන බවට තර්ජණය කර තිබුණා.

මාධ්‍යයක් ලෙස ColomboToday අපට මේ සදහා මැදිහත් වීමට සිදු වූයේ ඉන් පසුවයි. පසුව මේ පිළිබදව අප ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගෙන් විමසා සිටියා. ඔහු අප සමග පැවසූයේ “දැඩි මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ක්‍රියාත්මකව ඇති බවත් හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට බාධා කරමින් ඔවුන් ආගම්වාදී ජාතිවාදී ලෙස කටයුතු කරමින් සිටින බවත්ය“ මේ පිළිබදව තමන් මුස්ලිම් දේශපාලඥයන් දැනුවත් කළද ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලැබුණු බවත් ඔහු සදහන් කළා.

පසුව මෙම සිදුවීම බොදු බල සේනා සංවිධානයේ අවධානය යොමුව තිබුණු අතර අදාල සිද්ධිය පිළිබදව සැල කරමින් පොලිස්පති වරයා වෙත ඔවුන් විශේෂ ඉල්ලීමක් සහිතව ලිපියක්ද යොමු කර තිබුණා. එබැවින් පොලිස්පතිවරයාගේ අවධානය මේ දෙසට යොමු වූ අතර ඉස්ලාමීය අන්තවාදය ඉදිරියේ අසරණව සිටි මනෝ ගනේෂන් ඇමතිවරයාට ද මෙම සිදුවීමෙන් කර ඇරිය නොහැකි තත්වයක් උදා විය. ඉහළම බලධාරීන්ගේ උපදෙස් මත මුස්ලිම් දේශපාලකයන්ට ද මේ සදහා මැදිහත් වී අන්තවාදීන් පිරිස පාලනය කර ගැනීමට සිදුවිය. එය තාවකාළික යටපත් වීමක් පමණක්දැයි අපි නොදනිමු.

තර්ජන මධ්‍යෙය් වුවද මෙම සිදුවීමට මැදිහත් වෙමින් සැබෑ වූ ආගමික සංහිදියාවක් වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන ශ්‍රී ලංකා හින්දු සම්මේලනයට විශේෂ ස්තූතිය හිමිවිය යුතුය. එම සම්මේලනය හා බොදු බල සේනා සංවිධානය මැදිහත් නොවුනානම් මෙම ගැටළුව තවත් හිගන්නෙකුගේ තුවාලයක් වීමට ඉඩ තිබිණි. එමෙන් අන්තවාදී බෙදුම්වාදී උවමනාවන් වෙනුවෙන් බෞද්ධ ජනතාව කෙරෙහි හින්දු ජනයා තුළ ඇති කර තිබෙන දුර්මතය යම් තරමකට නිවැරදි කිරීමටත් සැබෑ ආගමික සංහිදියාව ගොඩ නැගිය හැකිවන්නේ කෙසේද යන්නටත් හොද උදාහරණයක් වූ මෙම සිදුවීම ඉවහල් වූ බව අපගේ අදහසයි. එය රටේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත.

කොටහේනේ ආගමික ගැටළුව තාවකාලිකව හෝ විසදුනද කොටහේනත්, කොළඹ පුරවරයත් පොදුවේ මුළු මහත් දේශයත් වසාගෙන ආගමික අන්තවාදයේ ගිනි පුපුරු තවමත් මේ පොළව යට වැලලී තිබේ. හින්දු සංවිධාන එකමුතුව පැවැත්වූ සත්‍යග්‍රහයේදී පළ වූ මෙම අදහස් තුළින් ඒ බව තවත් තහවුරු වනු ඇත.

හින්දු ජනතාව ජනගහන අනුපාතය අනුව මේ රටේ සුළුතර ජන කොටසක් වීම නිසා පමණක් බලධාරීන් මෙම ගැටළුවට විසදීමට මැදිහත් වූවා නම් එය මෙම වනය වසා දැමීමට ගැසූ තාවකාලික පැලැස්තරයක් පමණක් වනු නොඅනුමානය. මේ රටේ ඓතිහාසික සංස්කෘතිය නොතකමින් ආගමික සංහිදියාවට බාධා කරමින් ක්‍රියාත්මක වන දැඩි ආගමික අන්තවාදයක් හිස ඔසවමින් පවතින බව නොරහසකි. ඒ පිළිබදව ඉගියක් හෝ මනෝ ගනේෂන් ඇමතිවරයාගේ කටින් එලියට පැන්නේද කට බොරු කීවත් දිව බොරු නොකියන බැවින් විය හැකිය. එනිසා බලධාරීන් උගුරට හොරා බෙහෙත් නොකා මේ රට තුළ ක්‍රියාත්මක වන සැබෑ අන්තවාදය, ජාතිවාදය හදුනාගෙන ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවානම් පමණක් රට තුළ සැබෑ සංහිදියාවක් ගොඩ නැගීමට හැකි වනු ඇත.

කලම්බු ටුඩේ

සබැඳි ලිපි -
[
කොටහේනේ මුස්ලිම් අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි!
http://denethharinna.blogspot.com/2015/10/200.html
මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ! පූජාව තහනම්! ගියොත් මරණවා - ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොවිලේ ආගමික කටයුතු නතර කෙරේhttp://denethharinna.blogspot.com/2015/10/blog-post_97.html
]

කුරගල ඓතිහාසික උරුමය රනිල් පිළිගනියි! එය සුරැකුමට 'යහපාලනය' පියවර ගන්නේ කවදාද?

විජයාවතරණයට පෙර ශිෂ්ටාචාරයක තොරතුරු කූරගලින් හමුවී තිබෙනවා
- අගමැති රනිල්, මන්ත්‍රී බුද්ධිකගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියයි

විජයාවතරණයට පෙර සිට පැවැති මෙරට ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ තොරතුරු බලන්ගොඩ කූරගල ප්‍රදේශයේ කළ කැණීම්වලින් හෙළිවී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ නටබුන් මතුකර ගැනීමේ ව්‍යාපෘතිය මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා වෙත භාරදී ඇතැයිද කී අගමැතිවරයා කූරගල ඓතිහාසික භූමියේ ඉස්‌ලාම් දේවස්‌ථාන භූමියෙන් වසර 8000 කට වඩා පැරැණි මානව ශිෂ්ටාචාරයක නටබුන් මතුව ඇතැයිද කීය. 

ඉස්‌ලාම් දේවස්‌ථානය හා බෞද්ධ සිද්ධස්‌ථානය අතර ගැටුම් ඇති නොවන පරිදි මෙම කැණීම් කටයුතු කරගෙන යන බවද කී අගමැතිවරයා මෙම ශිෂ්ටාචාරයේ නටබුන් ආරක්‍ෂා කර ගැනීමේ වගකීමට සහභාගි වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. 

එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය. 

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ 

Pic1 Source
Pic2 Source

සබැඳි ලිපි -
[
කූරගලට ගැසූ පොලිස්‌ තුරුම්පුවhttp://denethharinna.blogspot.com/2015/04/blog-post_20.html
බොදුනුවන්ගේ සිත් රිදවූ, කුරගලේ බොදු උරුමයට එරෙහි යහපාලන වාරණයhttp://denethharinna.blogspot.com/2015/01/blog-post_58.html
කූරගල කැණීමේ දත්ත විශ්ලේෂණ කටයුතු ඇරඹේhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_1.html
මහින්දාගමනයට එහා ඓතිහාසික යක්ෂ, නාග, දේව හෙළ විභූතිය කුරගලින්http://denethharinna.blogspot.com/2014/06/blog-post_28.html
දත්තගේ පර්වතය (කූරගල) - මංත්‍රී අබුසාලිගේ බොරු පැමිණිල්ල හමුවේ 1939 දී පවා තහවුරු වූ පුරවිද්‍යා උරුමය ජනපති අණින් මුසලුවන්ට???http://denethharinna.blogspot.com/2014/06/1939.html
කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]