Pages

Sunday, October 4, 2015

ධර්මපාල චින්තනය දෙපයින් සිටවීම


අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම ශත සංවත්සරය පසුගියදා මහත් ඉහළින් සැමරිනි. ධර්මපාලතුමා ජීවත්ව සිටියා නම් මේ වනවිට එතුමාගේ වයස අවුරුදු 150 කි. එහෙත් එතුමා ජීවත් වූයේ අවු. 69 ක්‌ වැනි කාලයක්‌ පමණි. එනම් 1864 සිට 1933 දක්‌වා පමණි.

ඔහු ජාතික ශාසනික සේවයට සිය ජීවිතයෙන් පනස්‌ වසරක්‌ම කැප කළේය. ඒ කාල පරිච්ඡේදය තුළ ඔහු කළ සේවාව සුළු පටු නොවේ.

ජාති හිතෛෂියා යන වචනය අද බල්ලාගේ නගුට මෙන් ඕනෑම අතකට වැනෙන්නකි.

අද ජාති හිතෛෂීයෝ යන වචනයෙන් හැඳින්වෙන්නේ හොරුන්ය. කපටියෝය. යන තරමට ඒ වචනය දූෂ්‍ය වී ඇත. නමුත් ධර්මපාලතුමා තමා සැබෑ ජාති හිතෛෂිකයකු බව ඔප්පු කළේ සිය ජීවිතයෙනි. ඔහු ජීවත්ව සිටියේ එංගලන්ත සුද්දන් අපේ රට පාලනය කරන කාලයේදීය. ලංකාව ලක්‌වැසි ජනතාව සුද්දන්ට ඕනෑ විදියට ජීවත් වෙමින් සිටි කාලයකදීය. ධර්මපාලතුමා උත්සාහ කළේ සුද්දන්ට ඕනෑ විදියට ජීවත් වන ලංකාවේ මිනිසුන්ගේ චින්තනය යළි සිංහල බෞද්ධ ලෙස වෙනස්‌ කිරීමටය. 

නවසිය විසිතිස්‌ ගණන්වල අපේ සිංහල ළමයින්ට නම් තිබුණේ ගාබ්‍රියෙල් අර්නෝල්ඩ්, ඡේම්ස්‌ ඩේවිඩ්, මාග්‍රට්‌, කැත්‍රීනා ආදී වශයෙනි. ඒවා සියල්ලම ඉංගී්‍රසි නම් ගම් ය. ධර්මපාලතුමා රට පුරා රැස්‌වීම් තියමින් ගමන් කරද්දී උඹලාගේ නම් මොනවාදැයි මිනිසුන්ගෙන් ඇසීය.

ඩේවිඩ්, ගාබ්‍රියෙල්, ආර්නෝල්ඩ් යන නම් ඇසූ විට ධර්මපාලතුමා කෝප වී බූරුවෝ, ගොන්තඩියෝ සිරිසෙන, සෝමපාල, සෝමාවතී, සෝමදාස ආදී වශයෙන් නම් තියා ගනිල්ලා යෑයි ජනතාවට බලු බැනුමින් අවවාද කළේය.

අදටත් අපේ සියලාට, ආත්තම්මලාට සිරිසේන, සෝමදාස, සිරියාවතී, සෝමලතා ආදී නම් ලැබී ඇත්තේ එදා ධර්මපාලතුමාගේ තර්ජනයට පිංසිදුවන්නටය.

ධර්මපාල චින්තනය යනු එයයි. ඔහු උත්සාහ කළේ දේශිය කරණය යළි මෙරටට ලබා දීමටයි. හරක්‌ මස්‌ කෑම දේශීය ලක්‍ෂණයක්‌ නොවේ. අරක්‌කු බීම දේශීය නොවේ. ධර්මපාලතුමා ඒවාට විරුද්ධ වූයේ දේශීය සිතුම් පැතුම් සහිත සමාජයක්‌ නිර්මාණය කරනු පිණිසය. හරක්‌ මස්‌ කෑමත් අරක්‌කු බීමත් දෙකම අපට පුරුදු කළේ සුද්දන් විසිනි.

නමුත් පසුගිය දිනවල පැවැත්වුණු කිසිම උත්සවයකදී ධර්මපාලතුමා ගත් මේ අධිරාජ්‍යය විරෝධී උත්සාහය ගැන කවුරුවත් කතා කළේ නැත.

ධර්මපාලතුමා යනු චින්තනය වෙනස්‌ කරන්නට උත්සාහ දැරූ මනුෂ්‍යයෙකි. ඔහු උත්සාහ දැරුවේ ඉංගී්‍රසීන්ට හෙවත් එංගලන්ත සුද්දන්ට පාක්‍ෂික චින්තනය වෙනස්‌ කිරීමටයි.

අර්නෝල්ඩ් වෙනුවට පියදාස යනුවෙන් නම් තියා ගන්නට යෑයි ඔහුගේ බල කිරීම තුළ තිබුණේ දේශීය චින්තනයයි.

එංගලන්ත පාලනයෙන් ලංකාව නිදහස්‌ කර ගැනීමට සටන් කළ අනෙකුත් වීරවරයන් අතරින් ධර්මපාල නමට විශාල ස්‌ථානයක්‌ හිමිව තිබෙන්නේ එබැවිනි.

එහෙත් ප්‍රශ්නය වි තිබෙන්නේ ඒ ධර්මපාල චින්තනය අද භාවිතා වෙන්නේ ද යන්නයි. ඔව් අද ඩේවිඩ්ලා, මාග්‍රට්‌ලා, ග්‍රෙගරිලා කැත්‍රිනා ආදී නම් නැත. අද තිබෙන්නේ අරිසෙන් අහුබුදුනුවන්ගේ ඉතා පිsරිසිදු සිංහල නම් ගම්ය. අද වැහැරෙන්නේ පැරකුම්ලා, ගාමිණීලා, මේනකලා, බිඟුවන්, මෙනුවන්ලා, වත්සලාලා, ලාලනීලා වැනි නම් ය. ධර්මපාලතුමා අදටත් ජීවත්ව සිටියා නම් අරිසෙන් අහුබුදු අනුව ගිය මේ වර්තමාන නම් ගැන මහත් සේ ප්‍රීතිවනු ඇත.

එහෙත් අද ඒ ගාමිණීලා, පැරකුම්ලා, අරක්‌කු බොන්නේ ගුදම් ගණනින්ය. එමතුදු නොව හෙරොයින් නම් ධර්මපාලතුමා ඇසූ නුදුටු නොඇසූ දේ ද බොත. ස්‌ත්‍රී දූෂණයේ බාල අපරාධයෙහි යෙදීම සාමාන්‍ය කාරණයකි. තංගල්ලේදී විදේශික තරුණයකු මරා දමා විදේශීය තරුණියක දූෂණය කළ දේශපාලක සභාපතිවරයාගේ නම සම්පත් චන්ද්‍රපුෂ්ප නම් හෙළ නමකි. කොතරම් ලස්‌සන සිංහල නමක්‌ ද?

අද අපි ධර්මපාලතුමා සමරන්නේ මෙවැනි වාතාවරණයකය. සැබවින්ම ධර්මපාල චින්තනය නාමමාත්‍රික මිස අද කිසිසේත්ම වලංගුව භාවිතා වන්නක්‌ නොවේ. එදා ධර්මපාල උතුමා හඬනැඟූ අධිරාජ්‍ය විරෝධී කාහලයේ කෙඳිරියකුදු අද ඇසෙනේනේ නැත.

එදා සුද්දා ලෙස හැදූ පඹයන්ට පහර දෙන්නයි උසි ගැන්වූ විට සුදු පඹයන්ට පොලු පහරවලින් පහර දෙන්නට ජාති හිතෛෂීන් සිටියහ 

ඒ එදාය.

අද.... මේ රටේ යුද්ධයකදී සිදු වුණා යෑයි කියා මරණ ගැන විභාග පවත්වන්නට උසාවියක්‌ නියම කොට ඒ උසාවියේ නඩු අසන්නට නියම කරන්නේ ද සුද්දන්මය.

ධර්මපාලතුමා සුද්දන් එළවන්නට තැත් කළ රට තවමත් සුද්දන්ගේම කොලණියක්‌ වී තිබේ.

ඉදින් අනගාරික ධර්මපාලතුමා ගැන අනුස්‌මරණ පැවැත්වීම මළගෙයක පවත්වන කතාවක්‌ හා සමාන විය යුතුය. වල ලෑමෙන් පසු මළගෙයි පැවැත්වූ දේශනය ද අමතක වීම සොබාවයයි.

ධර්මපාලතුමා මොනතරම් ශේ්‍රෂ්ඨ මිනිසෙකු දැයි කෙනකුට සිතෙන්නේ දඹදිව වන්දනාවක යෙදෙන්නට ගිය විට ය. බුදුන් වහන්සේ ප්‍රථම ධර්මසංඝායනාව පැවැත්වූ බරණැස මිගදාය. බුදුහු වන්නට පිට දුන් ශ්‍රී මහා බෝධිය, බොදු ඇසින් දැක නිදහසේ දා ඔබ වැඳ පුදා ගන්නට එම පූජණීය ස්‌ථාන නිදහස්‌ කර දුන්නේ එතුමාණෝය. අප බුදුහු පිට දුන් බෝධිය අයිතිකර ගෙන එහි ශිවලිංග තබාගෙන සිටියේ මුස්‌ලිම් ධනපතියෙකි. එම පූජනීය තැන මුසල්මාත්‍රවගෙන් නිදහස්‌ කර ගත්තේ ධර්මපාලතුමා වෙනත් රටවල ධනවත් මිනිසුන්ගෙන් මුදල් හිඟා කෑමෙනි. තම මවගේ අන්තිම සතය ද ඉල්ලා ගනිමිනි. දඹදිව සංචාරයේ යෙදෙන ඕනෑම අයෙක්‌ බුද්ධ ගයාවට වැඳ දෙවනුව ධර්මපාලතුමාගේ පිළිරුවට වඳින්නේ ඇසෙහි කඳුළක්‌ ඇතුවය. මේ ශේ්‍රෂ්ට මිනිසා නොවන්නට අප බුදුරදුන් වැඩ විසූ තැන් වඳින්නට පුදන්නට ඉඩක්‌ නොලැබෙන බව දඹදිව සංචාරය කරන ඕනෑම බෞද්ධයකුට සිතෙන කාරණාවකි.

ඒ අයුරින් ගතහොත් අදටත් ධර්මපාලතුමා වැඳිය යුතු උත්තමයෙකි.

එහෙත් ශ්‍රී ලංකාවේදි නම් එතුමා උත්තමයෙකු වන්නේ නාම මාත්‍රිකව පමණි.

ධර්මපාල 150 වන සමරුවේදී කථිකයෝ කීවේ ධර්මපාල චින්තනය අදටත් ගැලපෙන බවය. නමුත් එවැනි සමාජයක්‌ අද අප අසලකවත් නැත.

ධර්මපාල සමරන විට බොරු නොකියා ඇත්ත කීම වඩාත් ගෞරවාන්විතය.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
http://www.divaina.com/2015/10/04/feature05.html

Pic Source


සබැඳි ලිපි -
[
අනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - නොනිමි මෙහෙවරක සටහන් - 2http://denethharinna.blogspot.com/2015/09/2.htmlඅනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - නොනිමි මෙහෙවරක සටහන් 1http://denethharinna.blogspot.com/2015/09/blog-post_84.htmlදම්පල් තුමාණෝ සිදු කළ මෙහෙවර සදානුස්‌මරණීයයිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_33.htmlජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_59.htmlතම මව්බිමේ බොදුඋරුමය රැකගැනුමට බැරි නායකයන් ඇති රටක, ඉන්දියාව වැනි අබෞද්ධ විදෙස් රටක කළ දම්පල් මෙහෙය කෙසේ මිළ කරන්නද?http://denethharinna.blogspot.com/2014/09/blog-post_1.htmlඅනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතය හා මෙහෙවර මහා වීර කාව්‍යයකි. පර්යේෂණාත්මක ප්‍රස්‌තුතයකි.http://denethharinna.blogspot.com/2014/09/blog-post_75.htmlඋඹලා සුද්දන්ට බයද? - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_17.htmlඅනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්නhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_99.htmlරටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: