Pages

Sunday, June 24, 2012

පුරාවස්‌තු කොල්ලයේ අතීතකතාව

වර්තමාන ශ්‍රී ලංකාව තුළ පුරාවස්‌තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්‌තු සොරකම් කිරීමත් සීග්‍ර ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස්‌ පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්‍යසනය රටෙහි සංස්‌කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්‍යයේ බිඳ වැටීමක්‌ සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්‌කි තිබේ.

පුරාවස්‌තු සංහාරයේ ඉතිහාසය

මුලින්ම අප රට ආක්‍රමණය කළේ චෝල රජවරුන්ය. ශ්‍රී ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්‍රමණ කිහිපයක්‌ම සිදු වී ඇති නමුදු, අපගේ එවකට පැවැති රාජධානිත්, ශිෂ්ටාචාරයත් දැඩි ලෙස විනාශයට පත්කොට කොල්ල කෑ ප්‍රධාන චෝල ආක්‍රමණ දෙකකි. ඉන් පළමුවැන්න රාජ රාජ චෝලගේ ආක්‍රමණයයි. ක්‍රි.ව. 985 සිට ක්‍රි.ව. 1014 දක්‌වා තිබුණු රාජරාජ චෝලගේ පාලන සමය තුළදී ඔහු එවකට අනුරාධපුරය රාජධානිය කොටගත් පස්‌ වෙනි මිහිඳු රජ රුහුණට පලවා හැර, අනුරාධපුරය සහමුලින්ම විනාශ කොට වස්‌තුව කොල්ල කා එය තම පාලනයට නතු කර ගත්තේය. ඔහුගෙන් පසු රාෙ-න්ද්‍ර චෝල මිහිඳු රජ සිරභාරයට ගෙන රජරට පාලන බලය තහවුරු කර ගත්තේය. රාෙ-න්ද්‍ර චෝලගේ පාලන සමය ක්‍රි.ව. 1014 සිට ක්‍රි.ව. 1044 දක්‌වා පැවැති අතර, එය දෙවැනි චෝල ආක්‍රමණය වුණි. මෙලෙස චෝල පාලනය ක්‍රි.ව. 1070 වන තෙක්‌ පැවතුණු අතර, 1 වැනි විජයබාහු චෝලයන් පරාජය කොට පලවා හැර රට එක්‌සේසත් කළේය.

ඉන් පසුව කාලිංගයෙහි මාඝ යන ආක්‍රමණිකයා අති මහත් විනාශයක්‌ කොට වස්‌තුව ද කොල්ල කා රජරට අල්ලා ගත් අතර, ඔහුගේ පාලනය ක්‍රි.ව. 1215 සිට ක්‍රි.ව. 1236 දක්‌වා පැවතිණි.

ඉන් පසුව අප රටේ බෞද්ධ ශිෂ්ටාචාරය දැඩි ලෙස විනාශ කරමින් වස්‌තු කොල්ලය සිදු කළේ, ක්‍රි.ව. 1505 දී අහම්බෙන් මෙන් මෙරටට සේන්දු වූ පෘතුගීසීන් විසිනි. ක්‍රි.ව. 1575 දී පෘතුගීසි කපිතාන් දියෝ ගෝ ද මේලෝ කැලණි විහාරයට පහර දී එය දරුණු ලෙස විනාශ කළේය. කැලණි ස්‌තූපය විනාශ කොට එය පිහිටි ස්‌ථානයෙහි පසු කාලීනව ශාන්ත ආනා (Saint Anne) පල්ලිය ගොඩ නැංවූයේය. කැලණි ස්‌තූපයෙහි තිබුණු වටිනා පුරා වස්‌තු පෘතුගීසිහු කොල්ල කෑහ. කැලණි විහාරයෙහි තිබුණු පෞරාණික බුදු පිළිම, පුරා වස්‌තු සහමුලින්ම විනාශ කොට ගිනිබත් කළහ. පෘතුගීසින්ට විරුද්ධ වූ ගම්වැසියන්ව කැලණි විහාර පුද බිමේදීම වද හිංසනයට ලක්‌ කොට ඝාතනය කළහ.

ඒ වනවිට ශ්‍රී ලංකාවෙහි අගනුවර කෝට්‌ටේ වූ අතර දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවා තිබුණේ කෝට්‌ටේ නගරයෙහි තෙමහල් පන්සලකයි. පෘතුගීසිහු මුළු කෝට්‌ටේ නගරයත්, එම තෙමහල් පන්සලත් ගිනි තබා විනාශ කරමින් වස්‌තුව කොල්ල කෑහ. පෘතුගීසින්ගේ විනාශකාරී පිළිවෙත ගැන අවබෝධයෙන් සිටි භික්‍ෂුන් වහන්සේ ඊට පෙරාතුව දන්ත ධාතුන් වහන්සේ සියනෑ කෝරලයේ ආරක්‍ෂිත ස්‌ථානයකට වැඩම කරවූහ. පැපිලියානෙහි පිරිවෙන, තොටගමුවෙහි පිරිවෙන, රයිගම් කෝරලයෙහි වීදාගම පිරිවෙන, කෝට්‌ටේ සුනේත්‍රාදේවි පිරිවෙන ආදී පිරිවෙන් ගිනිතබා විනාශ කළහ. කළුතර, වැලිගම, මාතර, දෙවුන්දර සහ රත්නපුර ආදී නගර වල පිහිටි පන්සල්, දාගැබ්, බුදු පිළිම, පිරිවෙන් ආදී සියල්ල විනාශ කොට ගිනි තැබූ අතර ඒවා කොල්ල කෑහ. රත්නපුර සමන් දේවාලයට දැඩි ලෙස හානි කොට කොල්ල කෑහ. දෙවුන්දර විෂ්ණු දේවාලය විනාශ කොට එහි තිබුණු වටිනා වස්‌තූන් සියල්ල කොල්ල කෑහ. ගවයින් මරා දමමින් දේවාල පුදබිම හිතාමතාම අපවිත්‍ර කළහ. පෘතුගීසින් එසේ කළේ දෙවුන්දර විෂ්ණු දේවාලයෙහි හාස්‌කම් පිළිබඳව සිංහලයන් තුළ පැවැති දැඩි විශ්වාසය සමච්චලයට ලක්‌කිරීම සඳහාය. එහෙත් ඉහත කී ප්‍රදේශ වලින් කොල්ල කා ගත් අප රටට අයත් වස්‌තු සම්භාරය රැගත් පෘතුගීසි නැව් තුනක්‌, දෙවුන්දර වරායෙන් පිට වූ නමුදු ඒවායින් එකකටවත් පෘතුගාලය වෙත හෝ ස්‌පාඤ්ඤය වෙත ළඟා වීමට නොහැකිව විනාශ වූ බව පෘතුගීසි ලේඛන වල සඳහන් වෙයි.

අපට අයත් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගෝවට ගෙන ගොස්‌, එය පෘතුගීසීන්ගේ කතෝලික පූජක වරයෙකුගේ දේහයක්‌ බවට හුවා දක්‌වමින් වර්තමානයේ පවා ප්‍රදර්ශනය කරති. එදා පෘතුගීසි පාලන සමයේදී ඔවුනට නතු වූ ප්‍රදේශ වල කිසිම බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ ඉදි කිරීම හෝ බෞද්ධ ආගමික වතාවත් පවත්වාගෙන යැම සපුරා තහනම් විණි.

ක්‍රි.ව. 275 දී මහසෙන් රජු විසින් අද ත්‍රිකුණාමලය නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ගෝකණ්‌ණ විහාරය කරවූ බවත්, අග්බෝ රජු ක්‍රි.ව. 718 දී එකී විහාරයට ධර්ම ශාලාවක්‌ ඉදිකොට පූජා කළ බවත් ඉතිහාසය සාක්‍ෂි දරයි. පෘතුගීසීහු මෙම විහාරය කොල්ල කා බිමට සමතලා කොට එය මත ෆෙඩ්රික්‌ බලකොටුව ඉදි කළහ. මෙය වර්තමානයේදී ද ත්‍රිකුණාමලයේ දිස්‌ වෙයි.

පෘතුගීසින්ගෙන් පසු ඔවුනට අයත්ව තිබුණු ප්‍රදේශ වල පාලන බලය ලන්දේසීන්ට නතු විණි. ලන්දේසීහු පෘතුගීසින් තරම් අපගේ වෙහෙර, විහාර, පුරාවස්‌තු ආදියට හානි නොකළහ. ඩෙල්ෆට්‌ දූපතෙහි ඇති බෞද්ධ ස්‌තූපයන්ට ලන්දේසින්ගේ යම් හානියක්‌ සිදු වී ඇති බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මෙම ස්‌තූපයන්ට විශාල වශයෙන් හානි කොට කඩා බිඳ දැමුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සංවිධානය විසිනි. අදටත් ඩෙල්ෆට්‌ දූපතෙහි ඉතිරිව ඇති එම බෞද්ධ ස්‌තූප වල නටබුන් දැකිය හැක. තවද යාපනය ප්‍රදේශයෙහි තිබුණු ඉතාමත් මූර්තිමත් විෂ්ණු දෙවියන්ගේ සැතපෙන පිළිමයක්‌ නෙදර්ලන්තයට ගෙන යැමේ උත්සාහයක්‌ද ඔවුන් තුළ තිබුණු බව සඳහන් වෙයි. එහෙත් එකල සිටි හින්දු පූජකවරු එකී පිළිමය සඟවා තබා ගෙන ඉමහත් කැපවීමෙන්, එය ලන්දේසින්ගෙන් රැක ගත්හ. මාදගල් සිට පොන්නාලේ මංසන්ධිය දක්‌වා දිවෙන මාර්ගයෙහි, පොන්නාලේ මංසන්ධියට ආසන්නව විශාල මනරම් කෝවිලක, මෙම සැතපෙන විෂ්ණු දේව රූපය වර්තමානයෙහි වඩා හිඳුවා ඇත. මුළු ලොවෙහිම මෙවැනි සැතපෙන විෂ්ණු දේව රූප ඇත්තේ දෙකක්‌ පමණක්‌ බව තතු දන්නා හින්දු පූජකවරු පවසති. එයින් පළමුවැන්න ඉහත කී කෝවිලෙහිත්, දෙවැන්න දකුණු ඉන්දියාවෙහි පිහිටි කෝවිලකත් වඩා හිඳුවා ඇති බව ඔවුහු පවසති. කෙසේ වුවද ක්‍රි.ව. 1658 සිට 1796 දක්‌වා පැවැති ලන්දේසි පාලන සමය තුළදී අපගේ වෙහෙර විහාර, දේවාල, පුරා වස්‌තු ආදියට සිදු වූ හානිය සාපේක්‍ෂ වශයෙන් සුළු බව කිව යුතුමය.

ලන්දේසින්ගෙන් පසුව වර්ෂ 1796 දී බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ. එම වර්ෂයේදීම කොළඹ අත්පත් කරගත් බ්‍රිතාන්‍යයෝ, වර්ෂ 1815 පෙබරවාරි 14 වැනි දින මහනුවර ගිවිසුමට අත්සන් තබා අපගේ අවසාන රාජධානිය වූ මහනුවර රාජධානිය යුද්ධයකින් තොරවම තම පාලනයට නතු කරගෙන මුළු ශ්‍රී ලංකාවම යටත් කර ගත්හ. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් සහ උඩරට රදළවරු හත් දෙනකු අතර අත්සන් තැබුණු මෙම මහනුවර ගිවිසුමෙහි වගන්ති ප්‍රකාරව බ්‍රිතාන්‍යයෝ ශ්‍රී ලංකාවෙහි බුද්ධාගම ආරක්‍ෂා කිරීමට පොරොන්දු වී සිටියහ. එහෙත් එම පොරොන්දුව නොබෝ දිනකින්ම අමතක කළ බ්‍රිතාන්‍යයෝ අපගේ බෞද්ධ සිද්ධස්‌ථාන සංරක්‍ෂණය කරන මුවාවෙන් ඒවා තමන්ට නතු කර ගනිමින් මනා සැලසුම් සහගතව නීතිමය රාමුව තුළ සිටිමින් අපගේ පුරාවස්‌තු, සොරකම් කොට ඒවා බ්‍රිතාන්‍යයට යෑවූහ. අපගේ සමහර වෙහෙර විහාරද ඒවාට අයත් භූමි ප්‍රමාණය පිළිබඳව සිංහල රජුන් විසින් ප්‍රදානය කරන ලද සෙල්මුවා සන්නස්‌ද සූක්‍ෂම ලෙස විනාශ කෙරිණි.

වර්ෂ 1820 දී බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ලුතිනන් ෆෙගන් (Fagan) විසින් වල් බිහි වී තිබුණු පොළොන්නරු රාජධානිය සොයා ගන්නා ලදී. ඉන් පසුව බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරු පොළොන්නරු රාජධානියෙහි කැලෑව එළිකරන ලෙස පළාත භාර දිසාවේ වරුන්ට කිහිප විට අණ කළ නමුදු එය ඉටු නොවිණි. බ්‍රිතාන්‍යයන්ගේ උත්සාහය පොළොන්නරුවෙහි ඇති පුරා වස්‌තු ලබා ගැනීම උදෙසා බව අවබෝධ කරගත් දිසාවේවරු අණ නොපිළිපැද්දාහ. අවසානයේදී වර්ෂ 1870 දී බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාර ආතර් ගෝඩ්න් උදහසට පත්ව දැඩි ලෙස අණ කිරීමෙන් පසු, තමන්කඩුව දිසාවේට නොකැමැත්තෙන් වුවද පොළොන්නරුව රාජධානිය අවට කැලෑව එළි පෙහෙළි කරවීමට සිදු විය. ඉන් පසුව පොළොන්නරුවෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු එවකට පුරා විද්‍යා කොමසාරිස්‌ වූ එස්‌. එම්. බරෝස්‌ (S. M. Burous) ගේ අධීක්‍ෂණය යටතේ පටන් ගැනිණි. මොහු පුරා විද්‍යාඥයෙක්‌ නොවුණු අතර බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකි. මහනුවර ගිවිසුමට අනුව පොරොන්දු වූ පරිදි බෞද්ධ සිද්ධස්‌ථාන සුරැකීම සඳහා පොළොන්නරු කැනීම් කටයුතු කරන බව පෙන්වීමට බ්‍රිතාන්‍යයෝ උත්සාහ කළ අතර, ඒ හා සමගාමීව හමු වූ වටිනා පුරාවස්‌තු සහ නිධන් වස්‌තු බ්‍රිතාන්‍යය කරා යෑවීමද සිදු විණි.

වල් බිහි වී තිබුණු අනුරාධපුර රාජධානිය සොයා ගන්නා ලද්දේ වර්ෂ 1820 දී රැල්ෆ බැක්‌ස්‌ (Ralph Backhaus) නම් වූ බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරියෙකු විසිනි. එසේම ශ්‍රී ලංකාවෙහි පුරා වස්‌තු සුරැකීම සඳහා අවංකවම උත්සාහ කළ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කොමසාරිස්‌වරයෙකි, එච්. සී. පී. බෙල් මහතා. අනුරාධපුරයෙහි පුරාවිද්‍යා කැණීම් කටයුතු පටන් ගැනීම සඳහා, බෙල් මහතාට නිල වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවෙන් අවසරය ලැබුණේ වර්ෂ 1890 දීය. එහෙත් බ්‍රිතාන්‍යයෝ වර්ෂ 1885 වන විට අනුරාධපුර ෙ-තවනාරාමයෙහි අවිධිමත් කැණීම් කටයුතු පටන් ගෙන තිබුණු අතර, එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් හතරැස්‌ කොටුව සහ මුළු මුදුනම කඩාගෙන වැටිණි. එයින් ද පසුබට නොවුණු බ්‍රිතාන්‍යයෝ වර්ෂ 1887 දී අඩි 162 ක්‌ දිග උමගක්‌ ජේතවනාරමයෙහි ධාතු ගර්භය තුළට කණින ලදහ. ධාතු ගර්භයෙහි වූ අති පූජනීය ධාතු වලට සිදු වූ දෙය කිසිවෙකු නොදන්නා නමුත් උමගෙහි කොටසක්‌ කඩා වැටී බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ පිරිසක්‌ එයට යටවූහ. ඉහත කී කරුණු සැලකීමේදී, පුරාවිද්‍යා කොමසාරිස්‌වරයෙකු වූ බෙල් මහතා අතට අනුරාධපුර රාජධානියෙහි පුරා විද්‍යා කැණීම් කටයුතු සහ සංරක්‍ෂණ කටයුතු භාරදෙන විටත්, සෑහෙන පමණ විනාශයක්‌ අනුරාධපුර රාජධානියෙහි පුරා වස්‌තු වලට බ්‍රිතාන්‍යයෝ කර තිබුණහ.

වර්ෂ 1898 දී ආගමික වතාවත් සඳහා භාවිත නොකරන වෙහෙර විහාර වල පූර්ණ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සතුය යන නීතිය ගෙන ආ බ්‍රිතාන්‍ය පාලකයෝ බොහෝ බෞද්ධ වෙහෙර විහාර තමන්ට නතුකර ගත්හ. මුලින්ම අනුරාධපුරයෙහි ථූපාරාමයත්, පසුව ගෝනමැරියාව විහාරයත්, මහා පද්ම විහාරයත්, මැද පන්සලත්, ඔවුහු තමන් වෙත පවරා ගත්හ. අනුරාධපුරයේ බෞද්ධ සිද්ධස්‌ථාන ලෙස බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පිළිගන්නා ලද්දේ, ශ්‍රී මහා බෝධි උඩ මළුවත්, රුවන්වැලිසෑයත් පමණි. වල් බිහිවී අභාවයට ගොස්‌ තිබුණු වාරිමාර්ග පද්ධතිය නිසා නිසි ජල සැපයුමක්‌ නොමැතිකමින් වී ගොවිතැන කිරීමට නොහැකිව, නිසි වෙළෙ¹මක්‌ කිරීමට නොහැකිව, අධික බදුබරින් පීඩිතව, දරිද්‍රතාවයෙන් බැටකමින් සිටි සිංහල බෞද්ධයන්ට එම වෙහෙර විහාර නඩත්තු කිරීමේ හැකියාවක්‌ නොතිබිණි. එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් කල්යල් බලා ඉහත කී නීතිය ගෙන ආ බ්‍රිතාන්‍යයෝ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක්‌ තමන්ට නතු කර ගනිමින් ඒවායේ තිබුණු පුරා වස්‌තු සහ නිධන් වස්‌තු බ්‍රිතාන්‍යයට යෑවූහ. මැදපන්සල සහ ගෝනමැරියාව විහාරය, ඔවුහු සහමුලින්ම වනසන ලදහ. බෞද්ධයන්ගේ දැඩි විරෝධය නිසා මහ පද්ම විහාරය සහ ථූපාරාමය වැනසීම මඳක්‌ සෙමින් සිදු විණි. මෙම වෙහෙර විහාර වල ගඩොල්, ගල් කණු ආදිය පාරවල් සෑදීම සඳහා බ්‍රිතාන්‍යයෝ භාවිත කළහ. එච්. සී. පී. බෙල් නම් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා මෙම අවස්‌ථාවේදී නම් ඔහු බ්‍රිතාන්‍ය පාලකයන්ව නැවැත්වීමට කිසිදු උත්සාහයක්‌ නොකළ බව කිවයුතුමය.

වර්ෂ 1900 දී එවකට අටමස්‌ථානාධිපතිව වැඩ සිටි ස්‌වාමීන් වහන්සේ විසින් ඉපැරණි ආදාහන මළුව අසල විහාරයක්‌ ඉදි කිරීම සඳහා බ්‍රිතාන්‍ය බලධාරින්ගෙන් අවසර ඉල්ලුවද ඒ සඳහා ඔවුහු අනුමැතිය නුදුන්හ. එහෙත් වර්ෂ 1901 දී ඉපැරණි ආදාහන මළුව විනාශ කොට එහි බ්‍රිතාන්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා බංගලාවක්‌ ඉදි කරවීමට ඔවුහු තීරණය කළහ. බෞද්ධ සිද්ධස්‌ථාන වලට සිදු කරන හානිය පිළිබඳ වසර කීපයක්‌ම බ්‍රිතාන්‍යයන් සමඟ වාද විවාද කරමින් සිටි සිංහල බෞද්ධයෝ, ඉවසා නුහුනු තැන වර්ෂ 1903 දී ජුනි මස 09 වන දින බ්‍රිතාන්‍ය බලධාරීන්ට එරෙහිව අනුරාධපුරයේදී කැරැලි ගැසූහ. කැරැල්ල මැඩ පැවැත් වුවද එකී බෞද්ධ සිද්ධස්‌ථාන යම් ප්‍රමාණයකට හෝ බ්‍රිතාන්‍යයන්ගෙන් ආරක්‍ෂා විණි.

බ්‍රිතාන්‍යයෝ අපගේ නැගෙනහිර බෞද්ධ උරුමයටද හානි කළහ. සොලී ආක්‍රමණ සහ වසංගත රෝග නිසා ක්‍රමයෙන් ජනශුන්‍ය වී ඝන වනාන්තරයට නතු වුණු දීඝවාපි චෛත්‍යය නැවත ප්‍රතිසංස්‌කරණය කරන ලද්දේ ක්‍රි.ව. 1746 දී මෙරට රජකම ලැබූ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසිනි. රජු චෛත්‍යය ප්‍රතිසංස්‌කරණය කොට අතිවිශාල භූමි ප්‍රමාණයක්‌ද සමඟ එහි අයිතිය ගල් සන්නසකින් බිබිලේ පොතුබන්ධන රජමහා විහාරාධිපතිව සිටි බන්ඩිගොඩේ නිග්‍රෝධ නායක තෙරුන් වහන්සේට පැවරූ බව සඳහන් වේ. කරුණු මෙසේ වුවද බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගෙන එන ලද මුඩු බිම් පතන යටතේ දීඝවාපි චෛත්‍යද, දීඝවාපී විහාරස්‌ථානය සතු භූමි ප්‍රමාණයද, ගොඩනැඟිලි සියල්ලද, බ්‍රිතාන්‍යයෝ ඔවුනට නතු කර ගත්හ. 1887 වර්ෂයේදී මඩකලපුව දිසාපතිවරයාව සිටි බ්‍රිතාන්‍ය ජාතික ඇලන්සන් බේලිගේ නියෝගයට අනුව, ඇලවේලි අමුණු ආදිය ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහාත්, පාරවල් සෑදීම සඳහාත්, දීඝවාපි චෛත්‍යයට අයත් ගල්කණු, ගඩොල්, සෙල්ලිපි ආදිය යොදා ගැනිණි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රදානය කරන ලද ඉහත කී ගල් සන්නස තිබුණහොත් දීඝවාපී චෛත්‍යට අයත් අති විශාල භූමි ප්‍රමාණය නැවත ලබා දීමට සිදුවනු ඇති බව සැක කළ ඇලන්සන් බේලි එම ගල් සන්නස ඇනිකට්‌ එකක්‌ සෑදීම සඳහා යොදවා සඟවා තැබුවේය.

වර්ෂ 1916 දී වල් වැදී තිබුණු දීඝවාපි රජමහා විහාරය නැවත සොයා ගෙන එහි තනිව වැඩවාසය කරමින් බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙම චෛත්‍යයට කරගෙන ගිය මහා විනාශය නවතා ලීමට තනිව සටනක්‌ ගෙන ගිය ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි කොහුකුඹුරේ රේවත ස්‌වාමීන් වහන්සේ. බ්‍රිතාන්‍ය මහ රැජිණටත්, බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවටත් උන්වහන්සේ විසින් කරුණු දැක්‌වීමෙන් පසු අක්‌කර 585 ක්‌ දීඝවාපී රජ මහා විහාරස්‌ථානයට නැවත වෙන් කෙරිණි. අක්‌කර 585 ප්‍රමාණවත් නොවන බවත්, සිංහල රජවරුන් පූජා කොට තිබූ භූමි ප්‍රමාණය නැවත ලබා දෙන ලෙසත්, ඇනිකට්‌ එක සෑදීමට භාවිත කර තිබුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ප්‍රදානය කරන ලද ගල් සන්නස නැවත ලබා දෙන ලෙසත්, උන්වහන්සේ දිගින් දිගටම බ්‍රිතාන්‍ය රජයට කරුණු දැක්‌වූ නමුදු එය ඵල රහිත විණි. වර්ෂ 1950 ඔක්‌තෝබර් 13 වැනි දින මුස්‌ලිම් ජාතිකයෙකු තබන ලද වෙඩි පහරකින් මෙම ශ්‍රේෂ්ඨ වීර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අපවත් වූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ප්‍රදානය කරන ලද ගල් සන්නස ඇණිකට්‌ එකක සදහටම සැඟවූ, දීඝවාපිය විහාරයට විශාල හානියක්‌ සිදු කළ ඇලන්සන් බේලි දිසාපතිවරයා උණකින් සහ දැඩි හිසේ රුදාවකින් නිතරම වේදනා විඳි බවද සඳහන් වේ.

වර්ෂ 1818 දී බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ඇරඹුණු ඌව වෙල්ලස්‌ස කැරැල්ලෙහි නායකත්වය දැරුවේ මොණරවිල කැප්පෙටිපොළ නිළමෙතුමාය. කැරැල්ල මැඬ පැවැත්වීමෙන් පසු කැප්පෙටිපොළ නිළමෙව අල්ලා ගත් බ්‍රිතාන්‍යයෝ ඔහුගේ හිස ගසා දැමීමට අණ කළහ. ගහලයාගේ කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන් නොවුණු අතර, හිස වෙන්වීම සඳහා කඩු පහර ගැසිය යුතු නියම තැන කැප්පෙටිපොළ නිළමේ තුමාම විසින් ගහලයාට පෙන්වන ලදී. එම දෙවන කඩු පහරින් හිස සම්පූර්ණයෙන්ම කඳින් වෙන්වූ අතර චාරිත්‍රානුකූලව වෙන්වූ හිස දේහයෙහි පපුව මත තබන ලදී. මරණය සහතික කිරීම සඳහා පැමිණ සිටි වෛද්‍යවරයා වූ හෙන්රි මාර්ෂල්, කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නිර්භීත හැසිරීම් රටාව හො¹කාරව දුටුවේය. ස්‌කොට්‌ලන්ත ජාතිකයෙකු වූ ඔහු, ස්‌කොට්‌ලන්ත වීරයෙකු වූ සර් විලියම් වොලස්‌ (Sir William Wallace) ගේ හිස්‌ කබල සමඟ විද්‍යාත්මක පරීක්‍ෂණ මගින් සැසඳීම සඳහා, කැප්පෙටිපොළ නිළමෙ තුමාගේ හිස්‌කබල බ්‍රිතාන්‍යයට රැගෙන ගියේය. විලියම් වොලස්‌, පළමුවෙනි එඩ්වඩ් නමැති ඉංග්‍රීසි රජුගෙන් ස්‌කෝට්‌ලන්ත ජාතිකයන්ට වූ අසාධාරණකම් නිසා, ස්‌කොට්‌ලන්තය වෙනුවෙන් සටන් කළ වීරයෙකි. වර්ෂ 1948 පෙබරවාරි 04 වැනි දින බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස්‌ වූවාට පසු කැප්පෙටිපොළ නිළමෙතුමාගේ හිස්‌ කබල අප රටට නැවත ලබාදුන්නේය. එය දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේ තැන්පත් කෙරිණි.

මේ පෙළ ගැසුනේ මේ රටේ සිදු වූ මහා පුරාවස්‌තු සංහාරය පිළිබඳ ඉතිහාසයේ සංක්‍ෂිප්ත කතාවකි. විශේෂත්වය වන්නේ මෙවැනි මහා සංහාර රැළි සේ මතුව නැගී ආවේ රටෙහි යහ පාලනය අඩාල වූ අවස්‌ථා වලය. ඒ ඉතිහාසය අපට සාධනය කර දෙන යථාර්ථය ය.

වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්
පී. කේ. ඉශාන්ත ගුණතිලක

- උපුටා ගැනීම - http://www.divaina.com/2012/06/17/nimna04.html -

Wednesday, June 20, 2012

ලන්ඩනයේ කොටි සමග සටන් වදින ලාංකික ව්‍යාපාරිකයන්

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරිමට අදාලව ලන්ඩනයේ තේම්ස් නදිය අසබඩ කෙරුනු සැමරුම සදහා රාජකිය බෝට්ටුවේ සැරසිලි කටයුතු කිරිමට තෝරා ගනු ලැබුවේ එරට පවත්වාගෙනයන Make It Happen නම් උත්සව සංවිධාන කරන ආයතනයයි.

මෙම ආයාතනයේ පුර්ණ අයිතිය ඇත්තේ ශ්‍රි ලාංකිකයෙකුට වන අතර එහි සේවය කරන සේවකයින් 90% ක්ම ලාංකිකයන් වේ. කොතරම් හොද සේවයක් සැපයුවද එම ආයතනයට එම අවස්ථාව ලැබිම පිලිබදව ලන්ඩන් කොටි හිතවදින් සතුටු වුයේ නැත.

හුදෙක්ම ලාංකීය ආයතනයක් වු Make It Happen ආයතනයට හිමිවු අවස්ථාව කඩාකප්පල් කිරිම ඔවුන්ගෙ උවමනාව විය. උත්සවයට අවශ්‍යය මල් සපයන ආයතන Make It Happen ආයතනයට අවසන් පෙරහුරු දිනයට හා උත්සව දිනයට අවශ්‍යය මල් ලබා දිම ප්‍රතික්ශේප කලේ එම කොටි හිතවදින්ගේ උවමනවටයි.

මෙය බොහොම බැරැරුම් ප්‍රශ්නයක් වන්නේ එම මල් සපයන ආයතන රාජකිය උත්සවයට මල් සැපයිමට බලපත්‍ර ලබා තිබිමයි.

"මේ නිවුස් එක ඇහුවම අපි අපේ ඔක්කොම වැඩ කරන අය එකතු උනා. හැමොම කතා කලා දැන් මොකෝ කරන්නේ කියලා. අපිට අලුත් Florist license ගන්න පුලුවන් මල් දෙන අය හොයා ගන්න කාලයක් නැහැ.

අනික දැන් ලයිසන් දෙන එකකුත් නැහැ. සමහර අය කිව්වේ LTTE supporters ලට කතා කරලා ඔවුන්ගේ සංවිධානයට සල්ලි දෙමු කියලත්, ලන්ඩන් වල එහෙම සල්ලි දෙන ලංකාවේ අය කොතෙකුත් ඉන්නවා. අකමැත්තෙන් උනත් එහෙම කරන්නෙ වැඩේ කරගන්න පුලුවන් වෙන හින්දයි. අපිට කරන ඕනදෙකට තිබ්බේ පැය 27යි. කප්පම් දිම හැරෙන්න වෙන කරන්න දෙයක් නැති බව කිව්වම අපේ ලොකු සර් කිව්වේ හැමෝම ධෛර්මත් කරන කතාවක්.

"අපි කාටවත් කප්පම් දෙන්නේ නැහැ. අපි සිංහයෝ කියලා මැච් දින්නම ෆේස්බුක් එකේ දාන උඹලගේ ඒ සිංහකම කෝ? අපි මේහෙ හිටියට අපි ඕන තැනක ගියාම කියන්නෙ අපි ලංකාවේ කියලා, අද අපි කප්පම් දුන්නොත් හෙට අපි ගිහින් කියන්න ඕන අපි වැඩ කරන්නෙ ඊලමට කියලා. කොටි ඉස්සරහ දණින් වැටෙනවට වඩා හොදයි මැරෙන එක."

අපගේ අනික් ශාඛාව ඇත්තේ ඔස්ට්‍රෙලියාවේ, ලොකු සර් එහෙට කෝල් කලා, අවශ්‍යය සියලුම මල් ගැන විස්තර සහ ප්‍රමාණයන් ලබාදුන් ඔහු එම මල් විශේෂ ගුවන් යානයකින් ලන්ඩන් වෙත ගෙන එමට කටයුතු කලා.

උත්සව සංවිධායකයන් වශයෙන් අපිට අපේම මල් යොදා ගැනිමට නිතිමය අවස්ථාවද තිබුනා, එහෙත් වැයවන පිරිවැය ගැන සැලකිමේදි එය අති විශාල පාඩුවකි. අවසන් පෙරහුරුවට පැය 3 ක් වෙද්දි අපගේ ගුවන් යානය ලන්ඩනයට ආවා.

හැමොම එක පවුලක්වගේ වැඩ කලා, අවසාන පෙරහුරුවට අවශ්‍යය පරිදි සියල්ල කිරිමට අපට හැකි උනා. උත්සව දිනයද ඉතාමත් හොඳින් කිරිමට අපිට හැකි උනා. වැඩ කරපු හැමෝම අත්පොලොසන් දිදි කිව්වේ අන්තිමට අපි දින්නා කියලයි..

LTTE යට කප්පම් නොගෙවා, ලබාගත් කාර්යය අකුරටම ඉටු කිරිමට Make It Happen ආයතනයේ කාර්ය මණ්ඩලයට හැකි වුනා. ලාංකිකයන්ට මෙම සටනින් පසු ලැබු ජයග්‍රහණය සැමරිමට ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිටි හෝටලය ඉදිරියට පැමිනියා. කොටින් ඉදිරියේ දණින් නොවැටුනු ශ්‍රි ලාංකිකයන්ට ගෞරවයක් ලෙස ජනාධිපතිතුමා ඔවුන් සිටි ස්ථානයට ගියේ ආරක්ෂකයන්ගේද අවවාදයන් නොසලකා.

"සර් අපි ආවේ පොලිටිකල් සපෝට් එකකට නෙමෙයි, අපි ලාංකිකයෝ. අපේ කෙනෙක්ට අවැඩක් වෙන්න අපි දෙන්නෙ නැහැ. ලංකාව වෙනුවෙන් අපි ඕනම වෙලාවක ඉන්නවා."

සියලු දෙනා සතුටු සිතින් විසිර ගියේ ලාංකික ව්‍යාපාරිකයන්ගේ අභිත ශක්තිය ලොවට පෙන්වමින්.

- උපුටා ගැනීම - www.gossip9.com -
Read more: http://www.gossip9.com/2012/06/blog-post_9948.html#ixzz1yLDtkEBe

Friday, June 15, 2012

ලොව මවිත කල හෙළ සුරුකම් කාටත් නොදැනී වැනසුනිද?

ඉන්දියාව ඇතුලු මහා රජ්‍ය දහයක් පාලනය කල මහා රවණා රාජ්‍ය සමයක්, විශිෂ්ට ගුවන්, යුධ, වෙද, නක්ෂස්ත්‍ර, කෘෂි, පාලන, තාක්ෂණ මහා ඉතිහාසගත උරුමයන් ආදිය ගැන කියවෙන විවිධාකාර සාක්ෂි නිරන්තරයෙන්ම මා සවන වැකෙන කාලපරිච්චේදයක් මම ගෙවමින් සිටිමි. "කොග්ගල නිලමේ" නම් ඓතිහාසික ග්‍රන්ථය මා ගුප්ත ලොවක් වෙත කැන්දාගෙන ගිය අතර, ඒ හා බැඳුනු සිද්ධි දාමයක්ම, සාක්ෂි කිහිපයක්ම මා නිරන්තරයෙන්ම ඒ අතීතය වෙත කැඳවනු ලබයි.

සත්‍ය ලෙසම සීගිරි ආලකමන්දාව තැනවූයේ කසුප් රජුද? රාවණා නම් ඒ ශ්‍රේෂ්ඨ හෙළ මහා නරනිඳුන්ද? කසුප් සමයේ ශිල්ප ක්‍රම, ආලකමන්දාවේ සැලසුම් හා සබැඳිද? බැබිලෝනියානු පිලිස්සුනු මැටි පුවරු පවසන ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කව්ද? බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වන්නේ ඇයි? අතීතයේ සිංහ මිනිසුන් ගුවනෙන් ගමන් ගියද? රාවණා මහා නරනිඳුගේ දඬුමොණරය සථ්‍යක්ද? රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන ත්‍රිවිධ චෛත්‍යය හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම අතර ඇති සබැඳියාව කුමක්ද? එහෙව් විකුම් පෑ හෙළයන් අද අන්තවාදීන්ට තම දෙරණ දන්දී නිදිද?

ලොව මවිත කල හෙළ සුරුකම් කාටත් නොදැනී වැනසුනිද?

---------------------
සංවාදයට විවෘතයි !
---------------------

පසුව ලියමි - 

"කොග්ගල නිලමේ" නම් ඓතිහාසික ග්‍රන්ථය මා ගුප්ත ලොවක් වෙත කැන්දාගෙන ගිය අතර, ඒ හා බැඳුනු සිද්ධි දාමයක්ම, සාක්ෂි කිහිපයක්ම මා නිරන්තරයෙන්ම ඒ අතීතය වෙත කැඳවනු ලබයි.

"කොග්ගල නිලමේ" - පළමු කොටස,
http://www.scribd.com/doc/94686390/%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83

"කොග්ගල නිලමේ" - දෙවන කොටස,
http://zh.scribd.com/doc/94688876/%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83

ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයන්

1998 දී ඇමරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් බැබිලෝනියාවේ පුරාවිද්‍යා කැනීමක් කරන ලදී. එහිදී සොයාගත් දේ “History Channel” නැමති ඇමරිකානු රූපවාහිනී චැනලයෙන් ලොවපුරා ප්‍රචාරය කරනලදී. සොයාගන්නා ලද පිලිස්සුනු මැටි පුවරු ලේඛන මගින් කියවුනේ බැබිලෝනියානු ශිෂ්ටාචාරය ඔවුන් විසින් ගොඩනගන ලද්දේ ගුවන් මගින් ආ සිංහ මිනිසුන් කියාදුන් පරිදි බවයි. මෙම සිංහ මිනිසුන් හෙලයන් බව නිශ්චය කරගන්නේ ලොව පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙනෙ උයන් වතු සිංහ මිනිසුන්ගේ රටේ “සිහගිරි” නම් ස්ථානයේ ඇති ආකාරයට නිර්මාණය කරන ලද බව එම මැටි පුවරු වල සඳහන් වීමෙනි. “

“කාශ්මීර රාජාවලියේ වංශකතාව වන “රාජතරංගනිය” පවසන පරිදි මිසරයේ පිරමීඩ සෑදීමට තාක්ෂණික දැනුම සපයන ලද්දේ හෙල අසුරයින්ය.” (රුවන්වැලිසෑය, මිරිසවැටිය හා ජේතවනාරාමය යන චෛත්‍යය තුන හා ඊජිප්තුවේ පිරමීඩ තුනෙහි පිහිටීම ඔරායන් තරු රාශියේ බඳ පටිය ලෙස හඳුන්වන තරු තුනට එල්ලවන පරිදි නිමවා තිබීම මෙයට සාක්ශියකි.)

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බව මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“

------------------------------------
මුහුණු පොතෙන් උපුටා ගැනුමකි
------------------------------------

Sunday, June 10, 2012

ලංකා සීනිව්ස් වෙත අපගේ ප්‍රතිචාර - පොසොන් මාසය (ජූනි)

“දැන් ටිකක් පසුව හුඟක් ” : ඉක්මනින් බලය බෙදනු – මනෝ ගනේෂන්
June 29, 2012 at 8:03 am | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/66859/#comment-316658
දෙනෙත් හරින්න ! says:
June 29, 2012 at 9:14 am

මොවුන් හැමදාම කලේ ජාතිවාදය අවුස්සන එක. මම රැකියාව කරන තැන ගොඩක් දෙමළ සහෝදරවරු ඉන්නව. සමහරුන්ගෙ පියවරු කොටි විසින් මරා දමල. ඔවුන් ඉතා සතුටින් අපිත් එක්ක ඉන්නව. යාපනයෙ නැති රැකවරණයක් ඔවුන්ට අපි අතරෙ තිබෙනව. මේ ගනේෂන් වගේ අය, තමන්ගෙ පැවැත්මට ජතිවාදය පතුරුවනව. අදටත් උතුරින් නැගෙනහිරින් කොටි එලවල දාපු සිංහලයො ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. හෙළ බොදු උරුමයේ නටඹුන් අන්තවාදීන් විනාශ කරනව. මුහුදු මහා විහාරයේ බුදු පිළිම ශීර්ෂයක් ලිප් ගලක් විදියට පාවිච්චි කෙරිල තිබෙනව. වැදි විස්තර සඳහා http://denethharinna.blogspot.com/2012/06/blog-post.html යන යොමුව බලන්න.
_____________________________________________________________________________________

මැතිවුස් තරඟය දිනවා තරඟාවලියත් දිනවයි
June 19, 2012 at 12:19 am | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/65101/

දෙනෙත් හරින්න ! says:
June 20, 2012 at 8:29 am

සිංහලයා ජාතිවාදියෙක්ද?
කවදාවත් කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල. ඒ ඇයි?

1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.

2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).

3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.

5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.

6. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.)

7. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල’, පැරණි ‘ගෝකන්ණ රජ මහා විහාරය’. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්. නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?

තව ගොඩාක් විස්තර ලියන්න පුලුවන්. නමුත් දිග වෙන නිසා, අතීතයෙ සහ වර්තමානයෙ උදාහරණ ටිකක් සංපිණ්ඩනය කලා.

http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html

ඉතිං කොහොමද, සිංහල අපි ජාතිවාදීන් කියන්නේ.
_____________________________________________________________________________________

මෙරට භික්‍ෂුන් වහන්සේලාගෙන් 90% කට බෝ නොවන රෝග
June 9, 2012 at 5:51 pm | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/63438/#comment-306507

දෙනෙත් හරින්න ! says:
June 10, 2012 at 12:32 pm
කවදාවත් කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල. ඒ ඇයි?

1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.

2. මුස්ලිමුන්ට බටහිර ජාතීන් හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත. මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා).

3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.

5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.

6. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල’, පැරණි ‘ගෝකන්ණ රජ මහා විහාරය’. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්. නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?

තව ගොඩාක් විස්තර ලියන්න පුලුවන්. නමුත් දිග වෙන නිසා, අතීතයෙ සහ වර්තමානයෙ උදාහරණ ටිකක් සංපිණ්ඩනය කලා.

ඉතිං කොහොමද, සිංහල අපි ජාතිවාදීන් කියන්නේ.
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html

දෙනෙත් හරින්න ! says:
June 10, 2012 at 10:28 am
හරියට මෙතන සමහරු comment කරල තියෙන්නේ, හාමුදුරුවරු සිල් බිඳිනව කියල, කියල තියෙන්නෙ, ඒ ඇත්තො ගිහියන්ට උරුම පංචශීලය රකිනව වගේනෙ. තමන්ට නියමිත සිල් පද පහ රකින්නේ නැතුව, භික්ෂූන්ට නියමිත කෝටියක් සිල් රකින්නේ නැහැ කියල චෝදනා කරන අය, කැමතිද දන්නේ නැහැ එක මාසයක් භික්ෂු දිවියක් ගත කරන්න. එහෙම නැත්නම් තමන්ගෙ දරුවෙක් සාසනයට පූජ කරන්න. හාමුදුරුවරු කරන සමහර සුළු වැරදි අල්ලගෙන පණ්ඩිත කතා දෙසන අපේ ඇත්තො, උන්වහන්සෙලා කරන කැප කිරීම් ගැන පොඩ්ඩක්වත් හිතනවද?
අබෞද්ධ අයට හාමුදුරුවන්ගේ විනය ගැන කතා කරන්න කොහෙත්ම අයිතියක් නෑ. බෞද්ධ ඔබත් පොඩ්ඩක් හිතලා බලන්න comment කරනකොට.
අන්‍ය ආගමිකයො කවදාවත් ඒ අයගෙ පූජකයන්ව විවේචනය කරන්නෙ නැහැ, ඔවුන් බොහෝ වැරදි වැඩ කලත්. අනික සිහිතබා ගතයුතුයි, බෞද්ධ භික්ෂුවකට කොයිතරම් සීමා බැඳීම් තියන්වද, අන්‍ය ආගමික පූජකයන්ට වඩා.
_____________________________________________________________________________________

එල්ලාවල හිමියන් රජයට පුරාවස්තු ඔත්තු දෙනවා
June 5, 2012 at 3:20 pm | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/62778/

දෙනෙත් හරින්න ! says:
June 6, 2012 at 1:56 pm
මනමේන්ද්‍ර මහත්තයො, කට පියා ගෙන හිටියොත් හොඳා, තියෙන් ඡන්ද 5-10ත් නැතිකරගන්නේ නැතුව. ඒ හිමියන්ට අපහාස කරන්න, ඔබ කව්ද? තමන්ගේ පිස්තොලේ ගැන සිද්ධියෙදි ඔබේ කෙරුවාව තවත් පැහැදිලි උනා.
ඔබට ජාතියක්, ජන්මයක් නැතිඋනාට, විනාශ වෙමින් ගිය බෞද්ධ උරුමය වෙනුවෙන්, අසීමිත කැප කිරීම් කරපු හිමිනමකට නිකන් අපහාස කරන්න එපා. උන්වහන්සෙත් එක්ක තරහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන්ටත් තිබුනා. උන්, හාමුදුරුවන්ව මරන්න, මුල් පෙලේ ලැයිස්තු ගත කරලා තිබුනේ. උන්වහන්සේ සහ සෝම හාමුදුරුවො, කොටින්ගේ ඝාතන ලැයිස්තුවෙ මුල්පෙලේ හිටිය. උන්වහන්සේ නැගෙනහිර කරපු සෙල්ලිපි කියවීමත් අත්හරින්න උනා. දහස් ගණනක් සෙල්ලිපි කියවල, උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමයේ සාක්ෂි රාශියක් ලොවට හෙලිකලා. කොළඹට වෙලා සිටි, වාචාල චණ්ඩින්ට වඩා උන්වහන්සේ කරපු සේවයට, උන්වහන්සෙට මුළු ජාතියම ණයගැති වෙන්න ඕනෙ.

Reply
දෙනෙත් හරින්න ! says:
June 6, 2012 at 10:28 am
අනේ මනමේන්ද්‍ර මහත්තයො, කට පියා ගෙන හිටියොත් හොඳා, තියෙන් ඡන්ද 5-10ත් නැතිකරගන්නේ නැතුව. ඒ හිමියන්ට අපහාස කරන්න, ඔබ කව්ද? තමන්ගේ පිස්තොලේ ගැන සිද්ධියෙදි ඔබේ කෙරුවාව තවත් පැහැදිලි උනා.
ඔබට ජාතියක්, ජන්මයක් නැතිඋනාට, විනාශ වෙමින් ගිය බෞද්ධ උරුමය වෙනුවෙන්, අසීමිත කැප කිරීම් කරපු හිමිනමකට නිකන් අපහාස කරන්න එපා. උන්වහන්සෙත් එක්ක තරහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන්ටත් තිබුනා. උන්, හාමුදුරුවන්ව මරන්න, මුල් පෙලේ ලැයිස්තු ගත කරලා තිබුනේ. උන්වහන්සේ සහ සෝම හාමුදුරුවො, කොටින්ගේ ඝාතන ලැයිස්තුවෙ මුල්පෙලේ හිටිය. උන්වහන්සේ නැගෙනහිර කරපු සෙල්ලිපි කියවීමත් අත්හරින්න උනා. දහස් ගණනක් සෙල්ලිපි කියවල, උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමයේ සාක්ෂි රාශියක් ලොවට හෙලිකලා. කොළඹට වෙලා සිටි, වාචාල චණ්ඩින්ට වඩා උන්වහන්සේ කරපු සේවයට, උන්වහන්සෙට මුළු ජාතියම ණයගැති වෙන්න ඕනෙ.
___________________________________________________________________________________

පුරා විද්‍යා දෙපාර්තමේතුවට එරෙහිව හිමිනමක් උපවාසයක
June 5, 2012 at 1:46 pm | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/62767/

දෙනෙත් හරින්න ! says:
June 6, 2012 at 10:14 am
උතුරු නැගෙනහිර බොදු උරුමය වෙනුවෙන් මහා හඬක් නංවපු හිමිනමක් තමයි, එල්ලාවල මේධානන්ද හාමුදුරුවො. උන්වහන්සේ දහස් ගණනක් සෙල්ලිපි කියවල, උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමයේ සාක්ෂි රාශියක් ලොවට හෙලිකලා. උන්වහන්සේ , කොටින්ගේ ඝාතන ලැයිස්තුවෙත් හිටිය. උන්වහන්සේට නැගෙනහිර කරපු සෙල්ලිපි කියවීමත් අත්හරින්න උනා. උන්වහන්සේ දේශපාලනයට ඇවිත්, අර කරපු සමාජ මෙහෙවර නතර උනා පමණක් නොවෙයි, විවිධ ප්‍රකාශ කරල, අපහසුතාවටත් පත් උනා. කෙසේ නමුත්, උන් වහන්සේ ජාතික සම්පතක්. එවැනි හාමුදුරුවරුන්ට අපහාස කරන්න එපා යාළුවා.
_____________________________________________________________________________________

උතුරේ දෙමළ උරුමය පෙන්වන්න සූදානම්
June 3, 2012 at 12:20 pm | Lanka C News.
http://www.lankacnews.com/sinhala/news/62534/

දෙනෙත් හරින්න ! says:
June 4, 2012 at 7:32 pm
උතුරු නැගෙනහිර බොදු උරුමය වෙනුවෙන් මහා හඬක් නංවපු හිමිනමක් තමයි, එල්ලාවල මේධානන්ද හාමුදුරුවො. උන්වහන්සේ දහස් ගණනක් සෙල්ලිපි කියවල, උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමයේ සාක්ෂි රාශියක් ලොවට හෙලිකලා. ඒකෙ තරහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන්ටත් තිබුනා. උන්, හාමුදුරුවන්ව මරන්න, මුල් පෙලේ ලැයිස්තු ගත කරලා තිබුනේ. දැන් ත්‍රස්ත්යන්ට කරන්න බැරිඋන දේ, උන්ගේ දෙශපාලන පෙරමුණෙන් කරන්නයි හදන්නේ. උන්වහන්සේ දේශපාලනයට ඇවිත්, අර කරපු සමාජ මෙහෙවර නතර උනා පමණක් නොවෙයි, විවිධ ප්‍රකාශ කරල, අපහසුතාවටත් පත් උනා. කෙසේ නමුත්, උන් වහන්සේ ජාතික සම්පතක්. බලන්න, දැන් නැගෙනහිර අපේ උරුමයට වෙලා තිබෙන දේ !
denethharinna.blogspot.com

දෙනෙත් හරින්න ! says:
June 5, 2012 at 8:51 am
සද්දෙ වහලා වැඩේ කරන අය ත්‍රිවිධ හමුදාවෙ හැමදාම හිටියා. නමුත්, යුද්ධයද, නැත්නම් MOU එකද, කියලා තෝරගන්න බැරුව, පාලකයො වැනි වැනි ඉන්න වෙලාවෙ, ත්‍රත්තයො විනාශ කරල දාන්න ගත්තු ඒ තීරණ වලට, මාවිල් ආරු ගමන ලොකු බලපෑමක් කළා.

දෙනෙත් හරින්න ! says:
June 6, 2012 at 9:44 am
මගේ මේ ප්‍රතිචාරය, කලිං LCN වළක්වා තිබුන. එතකොට ඔබ කියන්නේ, අපේ උරුමය ගැන තියෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි මතුකරන එක ජාතිවාදය කියලද? වික්‍රමබාහුලා, සුනන්ද දේශප්‍රියල වගේ කොටියට කත් අදින්න කියලද? උන්වහන්සේ සහ සෝම හාමුදුරුවො, කොටින්ගේ ඝාතන ලැයිස්තුවෙ මුල්පෙලේ හිටිය. රාජ්‍ය බුද්ධි සේවය ඒ ගැන් වාර්ථාවක් දීල තිබුන. ඒක ඒ දවස්වල පුවත්පත්වලත් පලවූ තොරතුරක්. උන්වහන්සේ නැගෙනහිර කරපු සෙල්ලිපි කියවීමත් අත්හරින්න උනා. නිකං කරුණු නොදැන ප්‍රතිචාර දක්වන්න එපා හලෝ. http://denethharinna.blogspot.com/2012/06/blog-post.html ලිපියෙන් අපේ නැගෙනහිර උරුමයට වෙලා තියෙන දේ පෙනෙනව නේද?
_____________________________________________________________________________________

සිංහලයා ජාතිවාදියෙක්ද?

"බෞද්ධ සමාජයක තරම්, මුස්ලිම් වරුන්ටත්, අන්ජාතීන්ටත්, සමඟියෙන් ජීවත්වීමට, ලෝකය තුළ තවත් සමාජයක් නැති බව මම විශ්වාස කරමි!" - ඉමිතියාස් බාකීර් මාකර්

කවදාවත් කියන්න එපා, සිංහලයො ජාතිවාදියො කියල. ඒ ඇයි?

1.පෘතුගීසි පූජකයන්ට, ලන්දේසි පූජකයො හිරිහැර කරනකොට, ලන්දේසි පූජකයන්ට ඉංග්‍රීසි පූජකයො හිරිහැර කරනකොට, ඒ අයට රැකවරණය දුන්නේ බෞද්ධ භික්ෂූන්, තමන්ගේ පන්සල් වල.

2. පෘතුගීසීන් මූසළුවන් සමූල ඝාතනය කෙරුමට තීරණය කර, ඔවුන්ට හිරිහැර කරනකොට, ඔවුන්ට උඩරට රජ්‍යයෙ, නැගෙනහිර පළාතෙ, පදිංචි වෙන්න දුන්නේ සිංහලේ රජතුමා, සෙනරත් 1627 දි (පරම්පරා තුනකින් සිංහල ජාතියට බද්ධ වෙන්න ඕනෙ කියන පොරොන්දුව මත). මුස්ලිමුන් ඒ පොරොන්දුව කැඩුව විතරක් නෙවේ, දැන් අපෙ නැගෙනහිර උරුමයටත් තර්ජනයක් වෙලා. ලංකාව පුරාම තම අන්තවාදය ව්‍යාප්ත කරමින්, නැගෙනහිර බොදු උරුමය ඩෝසර් කරමින්, රටේම බොදු උරුමය වනසමින්, බලහත්කාරයෙන් අල්ලා ගනිමින්, උසාවි නියෝග කඩ කරමින්, එහෙව් උපකාර කළ සිහල බොදුනුවන්ට කෘතගුණ සලකන්න තරන් ඔවුන් ජාතිවාදී, ආගම්වාදී සහ අකෘතඥවාදී වෙලා.

3. සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර, මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල ආක්‍රමණය කරල. බෝධීන් වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල ඩෝසර් කරන්නත් ආව.http://denethharinna.blogspot.com/2012/06/blog-post.html

4. අදටත් ඕනෙම සිංහල බහුතරයක් වෙසෙන පෙදෙස්වල, ඕනෙම ජාතිකයෙකුට ඉන්න පුලුවන්. නමුත්, කල්මුණේ (කලිං ගල් අමුණ ), සමන්තුරේ, අක්කරේයිපත්තු, යාපනය වගේ තැන්වල නිරුපද්‍රිතව සිංහලයන්ට ඉන්න බෑ වගේම, වැල්ලවත්තෙ කුලවත් දෙමළ සමාජය තුළ, අඩුකුලේ දෙමළ වැසියන්ටත් ඉන්න බෑ.

5. ඊයෙ, පෙරේදා දවසක, යාපනයෙම කුළ දෙකක් අතරේ ලොකු ගැටුමක් ඇතිඋනා. නමුත් සිංහල බහුතර පරිසරයක් තුල, අඩුකුලේ දෙමළටත් රැකවරණයක් තියෙනව.

6. පසුගිය දිනෙක(2012 අගෝස්තු 26) මුස්ලිම් ආගමික නිකායන් දෙකක් අතර පවතින ආගමික ගැටළුවක් නිසා එම ප‍්‍රදේශයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවල. නමුත් මේ දෙගොල්ලම සුරැකිව ඉන්නව, සිංහල බෞද්ධ බහුතරය අතරෙදි. මොකද, ඔය කවුරුත් හෙළ බොදු මෙත් කරුණා සෙවණ යට සුරක්ෂිතයි.

7. කුරගල කියන්නේ මහරහතුන් වැඩහිටි, බෞද්ධයන්ගෙ ඉතිහාසගත උරුමයක්. අද ඒක මුස්ලිමුන් බලෙන් අයිති කරගෙන. ඒ කටයුත්තට විරුද්ධව උසාවි නියෝගයක් පවා දීල තිබෙනව, වහාම ඔවුන්ට ඉවත් වෙන්න කියල. (නමුත් එසේ ඉවත් වෙන පාටක් නම් පේන්න නැහැ.)

8. අද හින්දූන්ගෙ ප්‍රසිද්ධ ත්‍රිකුණාමලයේ, කෝනෙශ්වරන් කෝවිල', පැරණි 'ගෝකන්ණ රජ මහා විහාරය'. බොදු උරුමය මත විනාශ කරල තමයි ඒ කෝවිල හදල තියෙන්නෙ. මුන්නේශ්වරම් කියන්නෙත් පැරණි බෞද්ධ විහාරයක්. නමුත්, කාටහරි කියන්න පුළුවන්ද, අන්‍ය ආගමික සිද්ධස්ථානයක් බිඳ දමල ගොඩනැඟුව බොදු පුද බිමක්?

තව ගොඩාක් විස්තර ලියන්න පුලුවන්. නමුත් දිග වෙන නිසා, අතීතයෙ සහ වර්තමානයෙ උදාහරණ ටිකක් සංපිණ්ඩනය කලා.

ඉතිං කොහොමද, සිංහල අපි ජාතිවාදීන් කියන්නේ.

හෙළ බොදු සෙවණේ – සැම සත සැනහේ
අන්තවාදයෙන් – සැම පීඩිත වේ
උන්මත්තකයෝ – නාමෙන් දහමේ
අනුන්ද වනසා – තමන්ද වැනසේ !

Pic Source

සබැඳි ලිපි -
[
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post.html
දෙවනගල බොදු පින් බිම වටා මුසලු ව්‍යාපරිකයකු වැටක් ගහලා...http://yukthiyawenuwen.blogspot.com/2013/05/blog-post_9325.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://yukthiyawenuwen.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://yukthiyawenuwen.blogspot.com/2013/04/blog-post_5928.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2012/09/blog-post_11.html
http://yukthiyawenuwen.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://yukthiyawenuwen.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://yukthiyawenuwen.blogspot.com/2012/10/blog-post_23.html
]

Monday, June 4, 2012

දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...

සේයාරුව: 2005 ජූලි 11 සඳුදා ලක්බිම
රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ
සුවිශේෂී ස්‌ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත්
ඉතිහාසයක්‌, ලොවක්‌ වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක්‌ අපට හිමිය. බුදුදහම
සමඟ බැඳුනු සිංහල ජනතාවගේ ආධ්‍යාත්මයේ පෙළහර කියාපාන එවැනි නිර්මාණ අදත්
ලොවම මවිතයට පත්කරයි. එහෙත් එම දායාදයන් කෙළෙසන්නට මෙරට ක්‍රියාත්මක
අන්තවාදී මූලධර්මවාදී කණ්‌ඩායම් ක්‍රියා කරන්නේ නම් එය කෙසේ නම් ඉවසමුද? අප
ඔබට පවසන්නේ එවැනි අවසනාවන්ත වූ සිදුවීමකි.
ස්‌ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි.
දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය. පොතුවිල් මුහුදු මහා
විහාරයට අයත් භූමියට ඩෝසර් රථයක්‌ පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත්
කණ්‌ඩායමක්‌ සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්‌ඩායම පුදබිමට අයත්
භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ
ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්‌දැයි සිතාගත නොහැකිව
වික්‌ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය. පුරාවිද්‍යා
රක්‌ෂිතයක්‌ ලෙස නම් කර ඇති භූමිය මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින්
ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ
ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්‌ථානයේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ නිලධාරියා සමග එම
ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක්‌ නොගත් පැමිණි පිරිස
විහාරාධිපති හිමියන්ට සහ පොලිස්‌ නිලධාරියාට තර්ජනය කර ඔවුන්a ආ කාර්යය
දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව
පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ

විහාරස්‌ථානයට පොලිස්‌ ආරක්‌ෂාව යෙදීය.
සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල්
මුහුදු මහා විහාරය සහ එම විහාරස්‌ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්‌ෂුන්
වහන්සේලාට මෙවැනි අඩන්aතේට්‌ටම්වලට ලක්‌වීමට සිදුවිය.
පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි.
නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ
නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට
අයත් යෑයි සැලකෙන මෙම විහාරස්‌ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය
නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්‌ථානය
ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය
බවට පත්වී ඇති බව ජනප්‍රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ
ඓතිහාසිකත්වය වඩා තීව්‍ර කරනුයේ කාවන්තිස්‌ස රජ දවස මෙරට ඇතිවු මුහුද
ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්‌සේ
මෙම ස්‌ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්‌ස
රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්‌ථානය වන ලාහුගල මඟුල් මහ
විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්‌ස රජු විසමූ
“කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය. මෙම විහාර
භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ ද, කාවන්තිස්‌ස හා විහාරමහා දේවියගේ
යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්‌ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා
වස්‌තූන් සමූහයකින්ද යුක්‌තය. එම පුරාවස්‌තු මෙම ස්‌ථානයේ ඓතිහාසිකත්වයේ
සාධකය.
අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්‌කර දෙසිය හැටහතරක වපසරියක
විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වන
චාල්ස්‌ ගොඩකුඹුර මහතා ගැසට්‌ නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ
පිඹුරු පත මගින් අක්‌කර 30 රූට්‌ 3 යි පර්චස්‌ 2 ක භූමි ප්‍රමාණයක්‌
පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා
රක්‌ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්‌කර පහක පමණ ප්‍රමාණයකි. එසේ නම් ඉතිරි
පුරාවිද්‍යා බිම් ප්‍රමාණය ගිලගත් බහිරවයෝ කවරහුද? පසුගියදා මෙම
පුරාවිද්‍යා රක්‌ෂිතයේ පිහිටි පුදබිම ඩෝසර් කිරීමට අවසර දුන්නෝ කවරහුද?
මේ පිළිබඳව මුහුදු මහා විහාරයේa විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ අදහස්‌ දක්‌වමින්,“පසුගිය
8 වැනිදා වූ මෙම සිදුවීම මෙම ප්‍රදේශයේ ජීවත්වන අන්තවාදී මුස්‌ලිම්
කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලද ක්‍රියාවක්‌. අපි මේ ඓතිහාසික ස්‌ථානය
රැකගෙන ඉන්නේ බොහෝ දුෂ්කරතා මැද. අන්තවාදී මුස්‌ලිම්වරුන්ගේ නොයෙකුත්
අඩන්තේට්‌ටම් මැද. දානවේල් පවා නොලැබ ආරක්‌ෂක අංශයේ මහත්වරු දෙන දේ කාලා
බීලා තමයි මේ ස්‌ථානයේ ඉන්නේ. විහාර භූමියට එන්න හරි හැටි පාරක්‌ නෑ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව නිසි වැඩපිළිවෙළක්‌ නෑ. මුස්‌ලිම්
ජනතාව පුරාවිද්‍යා රක්‌ෂිතයේ බලෙන් පදිංචිවෙලා. ඒවට ඔප්පුත් හදාගෙන. මෙම
පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ දැනට අනවසර ඉදිකිරීම් 44 ක්‌ තිබෙනවා. ඒවා අතර
රජයේ ඉදිකිරීම් පවා තිබෙනවා. මුස්‌ලිම් ජනතාව සමග අපගේ කිසිදු තරහක්‌ නෑ.
ඒත් අපි ඉල්ලා සිටින්නේ ඓතිහාසික මෙම පූජා භූමියේ සිංහල බෞද්ධයාගේ උරුමය
ආරක්‌ෂා කරදෙන්න කියලා. මොනව වුණත් අපි මේවා දාලා යන්නේ නැහැ. දිවි පරදුවට
තියලා හරි මෙම පූජා භූමිය රැක ගන්නවා” යෑයි පැවැසූහ.
සැබැවින්ම තත්ත්වය ඉතා ෙ€දජනකය. බෞද්ධ රටක බෞද්ධ උරුමය රැක ගැනීමේ
දුෂ්කරතාවේ ශෝචනීය ඉරණමට අප මුහුණදෙමින් සිටිමු. ඉන්ද්‍රසිරි හිමි පැවැසූ
කතාවෙන් අපට පැහැදිලි වනුයේ එයයි. මීට පෙර මුහුදු මහ විහාරයේ වැඩ වාසය කළ
කතරගම සිරිරතන හිමියෝද මෙම විහාරස්‌ථානය රක්‌ෂා කර ගැනීමට කළ මෙහෙවර උදාරය.
උන්වහන්සේ වරක්‌ අප සමග පැවැසුයේ රාත්‍රී කාලයට අන්තවාදී මුස්‌ලිම්වරුන්
විහාරස්‌ථානයට ගල්වලින් පහරදෙන බවය. ඇතැම් අවස්‌ථාවල මුස්‌ලිම්වරුන්ගේ
දරුවන් විහාර භූමියේ අවට තම ශරීර කෘත්‍යයන් පවා සිදුකරන බව උන්වහන්සේ
පැවැසූහ. 2008 වසරේද මෙලෙස බලහත්කාරයෙන් විහාර භූමියේ ඉඩම් කොල්ලකෑමට
සූදානම් වූ මුස්‌ලිම්වරුන්ට විරුද්ධ වූ නිසා ඔවුන්ගේ පහරකෑමට ලක්‌වූ
සිරිරතන හිමියන්ට මොණරාගල, සිරිගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට
සිදුවිය. මේ සියලු පීඩාවන්, වේදනාවන් මැද අපවත්වූ සීලරතන හිමියන්ට
පින්සිදුවන්නට අද අපට මෙලෙස හෝ මුහුදු මහා විහාරයක්‌ ගැන කතා කිරීමේ
අවස්‌ථාව ලැබී ඇත. එසේ නොවුණා නම් මුහුදු මහා විහාරයත් මුස්‌ලිම්
මූලධර්මවාදයේ ඩෝසර් පහරින් පස්‌වී හමාරය.
මුස්‌ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ පස්‌
වතාවක්‌ විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්‌ෂිතව
ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම
ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති
ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක්‌ ලෙස තහනම් කර ඇත. බෞද්ධ
පූජාභූමියක ධර්ම ශාලාවක්‌ ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම්
කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්‌ථානයට
යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස්‌ රථයකින් කෙළින්ම විහරස්‌ථානයට
පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක්‌ තිබිණි.) එම නිසා විහාරස්‌ථානයට
වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක්‌ පයින්
ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම
පුවරුව මුස්‌ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි
සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්‌ථානයට
පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්‌ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක
අවසානයේ පුරාවිද්‍යා ස්‌ථානය යනුවෙන් පමණක්‌ සටහන් කර ඇත. එහි මුහුදු මහා
විහාරය යනුවෙන් කිසිදු සටහනක්‌ නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක
ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.
විහාර භූමියේ ඇති බුද්ධ ප්‍රතිමාවන්
සොයාගත් මුල් වකවානුවේ සුරක්‌ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්‌ලිම්
ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්‌ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය.
මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්‌තවාදී
ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට
ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ
ආරක්‌ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්‌ලිම්වරු
විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්‌ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්‌ලිම්
දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්‌ෂිතයක අන්තනෝමතික
ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින්
සිටිති.
දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස්‌ ගොඩකුඹුර මහතා නම් කළ අක්‌කර
30 ක පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය
හැකිද? පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළි
දැල්වෙමින් තිබිණි.
යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට
තෝතැන්නක්‌වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ
ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ
සිද්ධස්‌ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම්
සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක්‌ නම්
මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී
මුස්‌ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම
සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්‌මුල්ය. සිංහල
ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම්
අවදිවීමක්‌ තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්‌ෂක පදනම, කොළඹ
විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ
කිරීමට එරෙහිව විරෝධතා දැක්‌වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය. උදේ
හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන
ජනාධිපතිවරයකු සිටින රටක්‌, බුදුදහම ව්‍යවස්‌ථාවෙන් සුරැකීමට කැපවී ඇති
රජයක්‌ බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය.
පුරාවිද්‍යා කොමසාරිස්‌තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය
තහවුරුකරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත පිළිබඳ ඔබ දැනුවත් යෑයි අප
විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වනු ඇතැයි අප සිතමු. ඒ
අනුව විහාර භූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව
පැහැදිලිය. ඔබ ඒ පිළිබඳවද ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුමිය දැනුවත් කරනු
ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන්
උරුමකර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහ
විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවදියෙන් සිටින බව සටහන්
කරන්නෙමු.
-------------------------------------------------------------------
පුවත් පතක පලවූ සටහනක් විද්‍යුත් ලිපියකින් උපුටා ගැනීමකි.
-------------------------------------------------------------------



Friday, June 1, 2012

දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?

නොදැන ඒ උරුමය ලියන දේ වැරදිමය

දඹුල්ලේ පංසල් පල්ලි අකලංචියේ ඇත්ත කථාව “දිවයින ඉරිදා සංග්‍රහයේ” පළවූ ලිපියට පිළිතුරක්‌ ලෙස මෙය ලියමි.

බුලිත ප්‍රදීප් කුමාරගේ ලිපියේ සියලු තැන “දඹුලු විහාරාධිකාරි” යනුවෙන් සඳහන් කරන්නේ වෙන කවරෙක්‌වත් නොව මමය. ඔහුට මගේ නම කෙලින්ම සඳහන් කිරීමට තරම් කශේරුකාවක්‌ නොමැති වීම ගැන මම කනගාටුවෙමි. ලිපිකරු එදා කණ්‌ඩලම හෝටල් ප්‍රශ්නයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සහභාගි වූ බවත් ඔහුගේ වචන වලින්ම සඳහන් කරන්නේනම් කණ්‌ඩලම ප්‍රශ්නය සඳහා ඔහු එදා “කඩේ ගිය” බවත් කියා ඇත. එයින් පැහැදිලිවන්නේ ඔහු කලක සිටම යම් අයට කඩේ ගොස්‌ ඉතිහාසයක්‌ ඇති අයෙකු බවද? එහෙත් එම ලිපියේ හිතාමතා නිර්මාණය කර ඇති අමූලික බොරු රාශියකි. එකිනෙක මෙහිලා සඳහන් කරමි.

විරෝධය නොතකා කණ්‌ඩලම හෝටලය ඉදිකොට පළමු සංචාරකයා එයට ඇතුළු කරන දිනයේ මා හෝටලය ඉදිරිපිට ගිනි තබාගන්නා බව ප්‍රකාශ කළ බවක්‌ ලිපියේ සඳහන් කර ඇත. මෙතෙක්‌ ප්‍රචාරය කොට තිබුණේ හෝටලය හැදුවොත් ගිනි තබාගන්නා බව මා ප්‍රකාශ කළ බවක්‌ පමණි. එයට බුලිත නව සංස්‌කරණයක්‌ එක්‌කොට ඇති බව පෙනේ. එවැනි කථාවක්‌ මා කිසිවිටක පවසා නැත. එය එක්‌තරා විකල්ප පුවත් පතක්‌ නිර්මාණය කළ කථාවකි. එය පළවූ විගසම එවැන්නක්‌ මා ප්‍රකාශ නොකළ බව මාධ්‍යයට ප්‍රකාශ කළ අතර එය මාධ්‍යවලද පළ විය. සිය දිවි හානිකර ගැනීම බුදු දහමට අනුව ප්‍රාණඝාත අකුසලයකි. බුදුදහම මැනවින් දන්නා මම එවැනි මුග්ධ කථාවක්‌ කෙසේනම් පවසන්නේද? එහෙත් මා දිවි නසා නොගැනීම ගැන බුලිත නොසතුටට හේතුවී ඇති බව නම් පෙනේ. අනේ අහෝමැයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය සම්බන්ධ විරෝධතා ව්‍යාපාරයට මා වෙනුවෙන් පැමිණි බවත් එයත් පළක්‌ නොවූ බවත් ඔහු සඳහන් කර ඇත. ඇත්ත වශයෙන්ම එවැනි කිසිදු විරෝධතාවයක්‌ නොතිබුණි දඹුල්ල ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය ඉදිකිරීම සම්බන්ධයෙන් මගේ සම්පූර්ණ ආශිර්වාදයක්‌ මිස විරෝධයක්‌ නොවීය. මගේ ආශිර්වාදය නොතිබෙන්නට අද දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයක්‌ නැත. එය මුළු රටම දනියි. එම කතාවද බුලිත විසින් අපහාසය පසුබිම් කර නිර්මාණය කළ අමූලික බොරුවකි.

දඹුල්ල පූජා ප්‍රදේශය සැළැසුම්කර තිබුණේ මාතලේ පාරේ ඉදිගොල්ලෑව බෝක්‌කුව ළඟ සිට කණ්‌ඩලම හන්දිය දක්‌වා පමණක්‌ බවත් විහාර පාලන අධිකාරිය සටන් වදින්නේ එය දඹුල්ල තානායම දක්‌වා දිගුකර ගැනීමට ගන්නා උත්සාහයක්‌ බවත් ලියුම්කරු කියයි. එය ඔහුගේ තවත් අමූලික බොරුවකි. එම පූජාභූමි සැළැස්‌ම තානායම දක්‌වාම සැළසුම් කළ සැළැස්‌මකි. මෙහි සිදුවෙමින් ඇත්තේ කණ්‌ඩලම හන්දියෙන් නවතා දැමීමට කර ඇති කප්පාදුවකි. එහි අරමුණ ඊනියා මුස්‌ලිම් පල්ලියක්‌ සාදා ගැනීමට මුදලට යටවූ ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ හා අන්තවාදී මුස්‌ලිම් දේශපාලකයෙකුගේ අවශ්‍යතාවයකි. ඔවුන් කවුරුන්ද යන්නද මා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

මම දඹුල්ල පූජාභූමි සංවර්ධන සැළසුම් කමිටුවේ නිත්‍ය නියෝජිතයෙකු ලෙස 1980 වර්ෂයේ සිටම කටයුතු කරමි. සියලුම රැස්‌වීම් සඳහා සහභාගි වී ඇති අතර සියලු රැස්‌වීම් වාර්තා හා සැළසුම් ඇතුළත් ලිපිගොනු මා ළඟ ඇත. පූජ භූමි සංවර්ධන යෝජනා ක්‍රමය පිළිබඳව මා තරම් එහි නිවැරදි හා නිරවුල් ඉතිහාසය දන්නා කිසිවෙකුත් නැති බව මෙහිලා සඳහන් කරමි. මක්‌නිසාද යත් වසර 30 වැනි දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඇදී පවතින මෙම සංවර්ධන යෝජනා ක්‍රමයට අදාළ අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් ස්‌ථාන මාරු ලැබ නව නිලධාරීන් පැමිණෙමින් සිටින බැවිනි.

1955 වර්ෂයේ සිට එනම් සත්හැවිරිදි වියේ සිට මම දඹුලු විහාරයේ ජීවත්වෙමි. ප්‍රශ්නගත අදාළ ස්‌ථානය පිහිටා ඇත්තේ විහාරස්‌ථානයට යාර 200 ක්‌ පමණ දුරිනි. එහි 50 දශකයේ සිට 70 දශකයේ මුල්භාගය දක්‌වා මඩකලපුවෙන් පැමිණි උදුමාන් ලෙබ්බේ නමැති අයෙක්‌ වෙළෙඳසළක්‌ පවත්වාගෙන ගිය අතර කිසි දිනක
පල්ලියක්‌ හෝ යාඥ කුටියක්‌ එහි නොතිබිණි. උදුමාන් ලෙබ්බේ පල්ලි ගියේ ගලේවෙලට හෝ මඩාටුගමටය. 70 දශකයේ ඔහුගේ අභාවයෙන් පසු එම වෙළෙඳ ව්‍යාපාරයද අභාවයට ගියේය. 1981.04.16 වැනි දින අංක 137 දරන ගැසට්‌ පත්‍රයෙන් දඹුල්ල රජමහා විහාරය සංවර්ධන ප්‍රදේශය එහි උපලේඛණයක්‌ සහිතව ප්‍රකාශයට පත්කරන ලදී. අනතුරුව අදාළ ප්‍රදේශය මැනුම් කටයුතු කොට 1992.05.28 වැනි දින නිකුත් කළ අංක 716/13 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයෙන් පූජා ප්‍රදේශයට අදාල ඉඩම් රජයට අත්පත් කර ගන්නා ලදී. එකී ගැසට්‌ පත්‍රයේ කැබලි අංක 51 යනුවෙන් දක්‌වා ඇත්තේ ප්‍රශ්නගත ඉඩමයි. එම ඉඩමේ විස්‌තරය ගැසට්‌ පත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

කැබලි අංක 51 – ඉඩමේ නම ( ගන්සූරියා වත්ත. වරිපනම් අංක 44, නුවර පාර. විස්‌තරය ( වත්ත – අවුරුදු 10 – 15 ක්‌ පමණ වයෑසැති පොල්ගස්‌ 10 ක්‌, අඹ ගස්‌ 01 ක්‌, කොස්‌ගස්‌ 01 ක්‌ හා උළු හා සීට්‌ සෙවිලි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඇත. හිමිකම් කියන අය – රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල නුවර පාර අංක 44 හි පදිංචි කේ. මොහොමඩ් ආදම් අබ්දුල් හා අහමදු ලෙබ්බේ මොහමදු සිද්දික්‌ සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ( ප්‍රමාණය – හෙක්‌ටයාර් 0.024 එම ගැසට්‌ පත්‍රයේම එයට යාබද ඉඩමක්‌ ගැන මෙසේ විස්‌තර කර ඇත.
කැබැලි අංක 60 - ඉඩමේ නම ( මිල්ලගහ වත්ත, වරිපනම් අංක 1-3-5- හා 7 කිත්සිරි මාවත, විස්‌තරය ( වත්ත අවුරුදු 10 – 15 ක්‌ වයසැති අඹගස්‌ 04 ක්‌, පොල් ගස්‌ 01 ක්‌, ඇස්‌බැස්‌ටස්‌ සෙවිළි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌, ස්‌ථිර වැසිකිළියක්‌ සහ ස්‌ථිර බුදුමැඳුරක්‌ ඇත. හිමිකම් කියන අය ( රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල කණ්‌ඩලම පාර, ප්‍රේමදාස ස්‌ටෝර්ස්‌හි පදිංචි ජී. ලියනගේ ප්‍රේමදාස හා දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ප්‍රමාණය ( හෙක්‌. 0.103

1992 වර්ෂයේ නිකුත්කළ එකී ගැසට්‌ නිවේදනයේ අංක 51 ට අයත් එම ස්‌ථානයේ පල්ලියක්‌ හෝ යාඥ මඬුවක්‌ තිබුනේ නම් එය එහි සඳහන් නොවීමටත්, කැබලි අංක 60 හි බුදුමැදුරක්‌ තිබුණු බවට සඳහන් වීමටත් හේතුව කුමක්‌දැයි පැහැදිලිය. ඇත්ත වශයෙන්ම එවැනි පල්ලියක්‌ හෝ මඩුවක්‌ හෝ අදාළ එකී ස්‌ථානයේ නොතිබූ බවයි. එය අප සතුව ඇති ප්‍රබල ලිඛිත සාක්‍ෂියකි. 1960 ගණන්වල සිට අදාළ ස්‌ථානයේ පල්ලියක්‌ තිබූ බවට කරන ප්‍රකාශ අමූලික බොරුය. එසේම දඹුල්ල රජමහා විහාරයේ හිමිකම්ද එහි සඳහන්ව ඇති බව සිහිබුද්ධියෙන් යුතුව සැලකිය යුත්තකි.

ලියුම්කරු දඹුල්ලට අප්‍රසිද්ධියේ ගිය බවත් දුප්පත් පල්ලිය දුටු බවත් සඳහන් කර ඇත. තැනක තමන් බෞද්ධයයි කියා ගන්නා ඔහු දුප්පත් පල්ලිය යනුවෙන් සඳහන් කරමින් මුස්‌ලිම් බැතිමතුන් කෙරෙහි දක්‌වා ඇත්තේ පුදුම අනුකම්පාවකි. ඒ අතර දඹුලු විහාරයට සම්බන්ධකම් ඇති හිමිනමක්‌ද එක්‌කර ගනිමින් නොදන්නා දඹුලු විහාර සංඝ පරම්පරාවන් ගැන කථා කර ඇත. යමෙක්‌ නොදන්නේද නොදන්නා බව නොදන්නේද ඔහු මුග්ධයෙකි. දඹුලු විහාරයේ සංඝ පරම්පරා ගැන දැනගැනීමට අවශ්‍ය නම් මහාචාර්ය මංගල ඉලංගසිංහ ශූරීන් විසින් ලියා පළකොට ඇති “දඹුලු විහාරය” නමැති පොත කියවා දඹුල්ල රජමහා විහාරයත් එහි සංඝ පරම්පරා ගැනත් නිවැරදි අවබෝධයක්‌ ලබාගෙන අවශ්‍යනම් එම මුග්ධ භාවයෙන් මිදිය හැකි බවද කරුණාවෙන් සිහිපත් කරමි. එසේම තමන් බෞද්ධයෙක්‌ යෑයි කියාගන්නා බුලිත සංඝ භේදයකටද එමගින් සියුම් උත්සාහයක්‌ දරා ඇත. එහෙත් එම ගරු ස්‌වාමින් වහන්සේ ඔහුගේ උගුලට හසුවී නොමැතිවීම ගැන අපි සතුටුවෙමු.

අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ 1982 වර්ෂයේදී නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව විසින් සැළසුම් කොට සිතියම් ගතකොට ඇති දඹුල්ල විහාර පූජා භූමි සංවර්ධන සැළැස්‌ම වසර 30 ක්‌ තිස්‌සේ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පූජා ප්‍රදේශය තුළ පැන නැඟී තිබෙන ප්‍රශ්නාවලිය අතර පල්ලි-කෝවිල් ප්‍රශ්නය එහි මෑතක ඇති වූ අතිරේක ප්‍රශ්න දෙකක්‌ පමණක්‌ බවය. එය පූජා ප්‍රදේශයේ ඇති එකම ප්‍රශ්නය නොවන බවත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ සමස්‌ත ප්‍රශ්නාවලියටම කඩිනමින් විසඳුමක්‌දී පූජා භූමියේ වැඩ අවසන් කරන ලෙසටය.

ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහානාහිමි
රංගිරි දඹුලු රජමහා විහාර සංඝ සභාව