Pages

Monday, March 31, 2014

ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ රහස්‍ය තොරතුරු ගබඩා කිරීම භයානකයි

කෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු හා ඡායාරූප  තවත් අයකු වෙත යෑම තුළින් සිදුවිය හැකි බරපතළ  අනර්ථකාරී සිදුවීම් පිළිබඳ  සිද්ධීන් පසුගිය කාලය පුරාවට අපට බහුලව   අසන්නට ලැබිණි. මෙවැනි සිද්ධීන්වලදී කාන්තාවන්ට සිදුවිය   හැකි හානිකර තත්ත්වය අතිශයින් බරපතළ  අතර එවැනි තොරතුරු හෝ ඡායාරූප සමාජය හමුවේ නිරාවරණය වීම තුළින් තමන් විසින් කාලයක් තිස්සේ ගොඩනඟාගෙන තිබුණු  ප්‍රතිරූපය සමාජය ඉදිරියේ  සුණු විසුණු විය හැක. මේ නිසා විශේෂයෙන්  කාන්තාවන් මේ කාලයේ තමන්ගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප (තවත් කෙනෙක් දැකීමෙන් අපහසුතාවයට පත් විය හැක)  ආරක්ෂාකාරී අන්දමින් තබා ගැනීමට කටයුතු කිරීම බෙහෙවින් වැදගත් වේ.

අද කාලයේ ජංගම දුරකතන භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී. එසේම නවීන තාක්ෂණයෙන් යුතු බහුතරයක් ජංගම දුරකථනවල ඡායා රූප ලබා ගැනීමට හා වීඩියෝ ගත කිරීමේ පහසුකම් ද ඇත. වඳුරන්ට දැලිපිහි අහු වුණාසේ මේ සමාජයේ  ඇති වැඩිදෙනකු  තැනක් නොතැනක්  ඉවක් බවක් නැතිව තම ජංගම දුරකථනවලින් ඡායාරූප ලබා ගැනීම හෝ වීඩියෝ ගත කිරීම් කරනු දැකිය හැක.

බොහෝ දෙනකු සිතන්නේ   ජංගම දුරකථන තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා ඇති භාණ්ඩයක් වන හෙයින් ඒ තුළ තමන්ගේ තොරතුරු හෝ ඡායාරූප ගබඩා කර තබා ගැනීම  අතිශය සුරක්ෂිත බවය. මේ නිසා ඇතැම් විට තවත් කෙනෙක් නොබැලිය යුතු තමන්ගේ හෝ තම පෙම්වතියගේ ඡායාරූප හෝ වීඩියෝ ගත කිරීම් තම ජංගම දුරකථනයේ තබා ගැනීම වර්තමානයේ බහුලවම සිදු වන්නකි. විශේෂයෙන් තම පෙම්වතුන්  පෙම්වතියන් තම තමන්ගේ අතිශය පෞද්ගලික ඡායාරූප තම ජංගම දුරකථන තුළ ගබඩා කර තබා ගන්නේ නැවත නැවත නරඹමින් රසාස්වාදයක් ලැබිමේ අපේක්ෂාව  විය හැක. එකි’නෙකාගේ විශ්වාස  මත එවැනි දෑ ඡායාරූප ගත කර ගැනීම හෝ වීඩියෝ ගත කර තබා ගැනීමේ වරදක් ඔවුනට නොතේරේ. නමුත් පෙම්වතා කිසියම් හේතුවක් මත විරසක වී ඈත් වුවහොත්   ඉන්පසුව ඇතිවිය  හැකි තත්ත්වය  ඉතා ශෝචනීය විය හැක.

ඒ එක් පැත්තකි. ඊට අමතරව ජංගම දුරකථන පහසුවෙන් අස්ථානගත විය හැක. ඇතැම් විට සොරා ගැනීමට ලක්වීමටද පුළුවන. එවිටද එහි ඇති තොරතුරු හා ඡායාරූප  පහසුවෙන් පිටස්තරයන් වෙතට යා හැක. ඊට අමතරව ජංගම දුරකථන පහසුවෙන්  ක්‍රියා විරහිත වීමට ද පුළුවන.  එවිට එය  යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා තාක්ෂණික ශිල්පියෙකුගේ සේවය ලබා ගත යුතුවේ. විශ්වාසදායි නොවන  ස්ථානයකට ඔබේ ජංගම දුරකථනය ලබා දුනහොත් ඉතා පහසුවෙන් එහි ඇති පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ දර්ශන තවකෙක් වෙත යා හැක. මේ නිසා තමන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු හෝ  ඡායාරූප ජංගම දුරකථනයේ තබා ගැනීම  සුදුසු  නොවන බව මතක තබා ගත යුතු ය.

කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු තවත් කෙනෙක් වෙත යෑමේ අනික් ප්‍රධානතම මෙවලම වන්නේ පරිගණකයයි. බොහෝ දෙනෙක් පරිගණකය තුළ විශාල  මතක ගබඩාවක් ඇති නිසා  තමන්ගේ සියලු තොරතුරු ඡායාරූප වීඩියෝ පට ගබඩා කරන්නේ පරිගණකය තුළය. විශේෂයෙන්ම මිතුරු  සමාජ වබේ අඩවි (FaceBook) විද්‍යුත් තැපෑල (Email) වැනි තොරතුරු  හා ඡායාරූප හුවමාරු කර ගන්නා අංගයන් භාවිතයේදී එය පහසුවක් වේ. නමුත් අන්තර් ජාලය භාවිත කිරීමේදී අප නොදැනුවත්ම පරිගණකය තුළට ඇතුළු වී පරිගණකය තුළ ඇති සියලු රහසිගත තොරතුරු හා ඡායාරූප ලබා ගන්නා මෘදුකාංග වර්ගද පරිගණක ලෝකය තුළ තිබේ. විශේෂයෙන්  අන්තර්ජාලයේ  යම් යම් වබේ අඩවිවලට පිවිසීමට උත්සහ කිරීමට  යාමේදී විවිධ  බාගත කිරීම්  ලබා දෙයි. මෙවැනි  මෘදුකාංග  කෙනෙකුගේ පරිගණකය තුළට ඇතුල් වී එහි ඇති දත්ත හා තොරතුරු  පිට කර   ගැනීමට පිටුපස දොරක්  විවර කර ගනී. මේ නිසා  අන්තර්ජාලය භාවිතයේදී  ස්ථාපනය කිරීමට (Install) භාවිතා කරන සීරියල් නොම්මර ලබා ගැනීමට පාවිච්චි කරන විවිධ මෘදුකාංග (Key Genarater, Crak)  හොඳින්  කියවා ඒවා තමන්ට අවශ්‍යනම් පමණක් ලබාගත යුතුය.

ඊට අමතරව අප යම් යම් මාදුකාංග පරිගණකය තුළට ඇතුළත්  කිරීමේදී ව්‍යාජ පිටපත් යොදා ගැනීම තුළින් ද සයිබර් හොරුන්ගේ ගැටවලට පහසුවෙන් හසුවීමේ අවදානමක් පවතී. බොහෝ විට ඒ තුළින් ඔවුන් අපගේ  විද්‍යුත් තැපෑල  හෝ මිතුරු සමාජ  වබේ අඩවිවල රහස්‍ය  අංක හා ලිපින  සොරකම් කර එම ලිපින යොදා  ගනිමින්   විවිධ අපරාධ සිදුකළ හැක. මේ නිසා කිසියම් මෘදුකාංගයක් තමන්ට අවශ්‍ය නම් එහි නියමිත  පිටපතකට ලබා ගැනීම වඩා ආරක්ෂාකාරී පිළිවෙතය. ඊට අමතරව නියමිත කාලයේදී පරිගණක වෛරස්  හා ආරක්ෂක මෘදුකාංග යාවත්කාලීන (Update) කර  ගැනීම ඉතා වැදගත් වේ.

Skype මෘදුකාංග  බහුතරය භාවිත කරන මෘදුකාංගයකි. විශේෂයෙන් තමන්ගෙන්  දුරස්ව  හිඳින  සැමියා, බිරිඳ හෝ පවු‍ලේ  වෙනත් යහළු මිත්‍රයන් සමග අදහස් හුවමාරු කර ග‘ැනීම සඳහා මෙම මෘදුකාංගය භාවිතයට ගැනේ. නමුත් මෙම මෘදුකාංගය  පරිගණකය තුළ ක්‍රියාත්මක කරවා ගැනීම කළ හැක්කේ පරිගණක දැනුමක්  ඇති අයෙකුට පමණි. නමුත් සාමාන්‍ය කෙනෙක් මෙය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා පරිගණකය පිළිබඳ දැනුමක් ඇති අයෙකුගේ  සහය පතයි. එවැනි අයෙකු අවංක  කෙනෙකු නොවන අවස්ථාවලදී Skype ක්‍රියාත්මක   කරන විට මතක ගබඩාව   තුළ තැන්පත් වීමට ක්‍රමවේද  සකසා තමන් පැවැත්වූ සංවාද පටිගත කොට සොරා ගැනීමට කටයුතු කළ හැක. විශේෂයෙන් Skype වබේ අඩවිවල අතිශය  පෞද්ගලික තොරතුරු  කතාබහ කෙරෙන බැවින් ඒවා තවත් කෙනෙක් වෙත ගියහොත්  සිදුවිය හැකි අනර්ථකාරි තත්ත්වය භයානකය. මේ නිසා එවැනි  මෘදුකාංග තමන්ට හෝ තමන්ට විශ්වාසවන්ත  අයෙකු මගින් සකසා ගත නොහැකි නම් වගකීමක් සහිත ආයතනයකින් සේවාව ලබා ගැනීම වඩා උචිත ය.

ඊමේල් ෆේස් බුක් භාවිත කිරීමේදී ශක්තිමත් මුර පදයක්  (Password) භාවිත කිරීම  ඉතා වැදගත් ය. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකි මුරපද භාවිත  කිරීම තුළින් කෙනෙකුට පහසුවෙන් තමන්ගේ ගිණුමට ඇතුල්වී එහි ඇති පෞද්ගලික තොරතුරු සොරා ගත හැක. (නම, ගම, මාවත, වැනි) එනිසා ශක්තිමත් (සිම්පල් කැපිටල් අකුරු ඉලක්කම් හා සලකුණ භාවිත කොට) මුර පදයක් නිර්මාණය කර ගැනීම ඉතා වැදගත්වේ.

ඊට අමතරව කාර්යාලයක වැනි ස්ථානයක හෝ ඉන්ටර්නෙට් කැෆේ වැනි ‍පොදුවේ ඊමේල්  හෝ ෆේස් බුක් භාවිත   කරන ස්ථානවල දී  තමන් අවශ්‍ය කටයුතු සිදු කරගත් පසු ගිණුමෙන් ඉවත් වීම (Sing out, Log out) වීම අනිවාර්යෙන්ම කළ යුතුය. එසේ කළත් හැකි ඉක්මනින් ඔබගේ, සුරක්ෂිත, විශ්වාසදායි පරිගණකයක් මගින් අන්තර්ජාලයට පිවිස මුරපදය (Password)  නැවත මාරු කිරීම වඩාත් සුදුසුය.  එසේ නොවුණහොත් කෙනෙකුට  ඔබේ ගිණුම්වලට පහසුවෙන් ඇතුළු වී  අකටයුතුකමක් සිදු කළ  හැක.

අවසන් වශයෙන් සඳහන් කළ යුතු විශේෂම කාරණය වන්නේ පරිගණකද ඔබේ රහස්‍ය  තොරතුරු ඡායාරූප ගබඩා කර තැබිමට සුදුසු ස්ථානයක්  නොවන බවය. එයට හේතුව එයද අස්ථාන ගත වුවහොත් හෝ අලුත්වැඩියාවේ කටයුත්තක් සඳහා වෙනත් කෙනෙකුට භාර දෙන්නට  සිදු වුවහොත් එහිදීද ඔබගේ අතිශය පෞද්ගලික දේ තවත් කෙනෙක්  වෙත යැවීමේ අවදානමක් පැවතීමය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ‍‍‍ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත අවධාරණය කරයි

සටහන සුරංජිත් ගුණසේකර
ලක්බිම

Pic Source

Sunday, March 30, 2014

පුරාවිද්‍යා මෝල්ලු ගිලින ගාල්ලේ ලෝක උරුමය

ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති ස්‌ථාන විනාශ කරමින් නිධන් හෑරීම, නිධන් කැඩීම, පුරාවස්‌තු මංකොල්ල කෑම අද අපේ රටේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ. අපේ රටේ ලෝක උරුමයක්‌ ලෙස නම්කර ඇති ගාලු කොටුවත් ඒ දුක්‌ඛිත ඉරණමට ලක්‌වීමේ ශෝකජනක කතාවයි මේ.

ගාලු කොටුව, කොළඹ කොටුව, යාපනේ කොටුව ඇතුළු කොටු ඉදිකරනු ලැබුවේ මේ රටේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීම සඳහා නොවේ. අපේ රට යටත්කර ගැනීම සඳහා පැමිණ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ගේ පටු දේශපාලන අරමුණ ඉටුකර ගැනීම සඳහායි.

නමුත් අද ගාලු කොටුව අපේ රටේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක උරුමයක්‌ බවට පත්ව තිබේ. ලන්දේසි පාලන සමයේදී බෙන්තර ගඟේ සිට වලවේ ගඟ දක්‌වා මුහුදුකරයද පිටිගල, මාපලගම, කටුවන ආදී රටේ අභ්‍යන්තර ප්‍රදේශද පාලනය කරනු ලැබුවේ ගාලු කොටුවේ සිටි උප ආණ්‌ඩුකාරවරයා විසිනි.

අක්‌කර අනූවක්‌ පුරා විසිරී තිබෙන ගාලු කොටුව අද සම්පූර්ණයෙන්ම පාලනය කෙරෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු යටතේය. දකුණේ ප්‍රධාන අග නගරය වන ගාල්ල නගරය තුළ මුහුදට ආසන්නව පිහිටි ගාලු කොටු පවුරේ එක්‌ බිත්තියක පළල අඩි 4 - 5 අතර ප්‍රමාණයකි. ගාලු කොටු පවුර ඉදිකර තිබෙන්නේ මැටි, හුණු, වැලි සහ ගල් යොදාගෙනය. මෙම ගාලු කොටුව අද පෙම්වතුන්ගේ පාරාදීසයක්‌ බවටත් සල්ලාලයන්ගේ මනදොළ සපුරන කෙළිබිමක්‌ බවටත් පත්ව ඇති සැටි එහි යන එන්නෙකුට පැහැදිලිවම දැකබලාගත හැකිය.

නමුත් අපේ මෙම අනාවරණය වෙන්වන්නේ ගාලු කොටුවේ දවසින් දවස ඉහළයන අනවසර ඉදිකිරීම් පිළිබඳවයි. මේ සඳහා දිය හැකි හොඳම නිදසුන ගාලු කොටුව තුළ නීති විරෝධී ලෙස පිහිනුම් තටාක ඉදිකිරීමයි.

ගාල්ල - කොටුව තුළ පිහිටි රුම්පාත් වීදියේ සහ පරව වීදියේ ස්‌ථාන දෙකක අලුතින් පිහිනුම් තටාක දෙකක්‌ ඉදිකිරීමට ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වැඩ ආරම්භකර තිබේ.

මෙම පිහිනුම් තටාක දෙක ඉදිකරනු ලබන්නේ රුම්පාත් වීදියේ අංක 25 දරණ ස්‌ථානයේ සහ පරව වීදියේ අංක 2 දරණ ස්‌ථානයේය. ගාලු කොටුව තුළ යම් ඉදිකිරීමක්‌ සිදුකරන්නේ නම් ඒ සඳහා අනිවාර්යෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතුවේ.

නමුත් නීති විරෝධි ලෙස ඉදිකෙරෙන මෙම පිහිනුම් තටාක දෙක සඳහා මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක්‌ අයෙකුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරයක්‌ ලබාගෙන නැත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතියට අනුව ගාලු කොටුව තුළ පිහිනුම් තටාකයක්‌ ඉදිකළ හැක්‌කේ පර්චස්‌ 30 ක ඉඩමක්‌ සහ එම ඉඩම තුළ අවම වශයෙන් කාමර අටක ගොඩනැඟිල්ලක්‌ ඉදිකර ඇති නිවසකට පමණි.

ඒ සඳහාද අනිවාර්යෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබා ගතයුතු වේ. නමුත් මෙම නීති රීති තුට්‌ටුවකටවත් මායිම් නොකර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා මේ වනවිටත් පිහිනුම් තටාක ඉදිකිරීම ආරම්භකර තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහ රැකවලුන්ගේ ඇස්‌ වසා මේවැනි දෙයක්‌ කළ හැකිද යන්න බරපතළ ප්‍රශ්නයකි. උත්තරය ලෙහෙසියෙන් පහසුවෙන් එය කළ නොහැකි බවයි. එමගින් පැහැදිලිවෙන එක දෙයක්‌ තිබේ. එනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහ රැකවලුන්ගේ සහයෝගය නොනිල මට්‌ටමින් සහ සෘජු හා වක්‍ර ආකාරයෙන් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාට ලැබී ඇති බවයි.

මේ වන විටත් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා රැම්පාත් වීදියේ සහ පරව වීදියේ පොළව හාරා පස්‌ ඉවත්කර පිහිනුම් තටාක දෙක ඉදිකිරීම ආරම්භ කර ඇත. එපමණක්‌ නොවේ මෙම පිහිනුම් තටාකවල ඉදිකිරීම් කටයුතු ජනතාවගෙන් වසන්කොට රහසක්‌ ලෙස තබා ගැනීම සඳහා පොළව හාරා පස්‌ ඉවත්කරන ලද වළවල් මත එම වළවල් වැසෙන පරිදි ලෑලි දමා ඒ මත පිඩලිද අල්ලා තිබේ.

මෙමගින් මෙම ව්‍යාපාරිකයන් උත්සහ දරන්නේ අලුතින් ඉදිකරන පිහිනුම් තටාක අද ඊයේ ඉදිකළ ඒවා නොව වසර ගණනාවකට පෙර තමන් විසින් ඉදිකරන ලද ඒවා බව පෙන්වීමටය.

මහ මුහුද තරම් වටිනා පිහිනුම් තටාකයක්‌ සම්පතක්‌ වෙන කොතැනකවත් නැත. ගාලු කොටුව අසලම තිබෙන්නේ මහ මුහුදයි. එමනිසා ගාලු කොටුව තුළ නීති විරෝධි ලෙස කිසිවෙකුටවත් පිහිනුම් තටාක අලුතින් ඉදිකිරීමට ඉඩ ලබාදිය යුතු නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රුපියල් ශත වලින් යටකරගෙන මෙම ව්‍යාපාරිකයන් උත්සහකරන්නේ තමන්ගේ ව්‍යාපාරික අරමුණ ඉටුකර ගැනීමටයි.

රටක්‌ හැටියටත් ජාතියක්‌ හැටියටත් අපේ අභිමානය සමස්‌ත ලෝකයටම හඬ නගා කිව හැක්‌කේ අපේ මුතුන්මිත්තන් අතීත රජදරුවන් දහඩිය කඳුළු වගුරුවමින් සහ නිර්මාණ ශීලීත්වය ප්‍රදර්ශනය කරමින් ගොඩනැගූ මහ වැව් දාගැබ් වෙහෙර විහාර කලා නිර්මාණ පරසතුරු ආක්‍රමණ හේතුවෙන් විනාශ වී අද නටබුන් වී ඇති සම්පත් අපි රැක ගතහොත් පමණි.

එසේ නැතුව කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලි ඉදිකිරීම තුළින් රටක්‌ හැටියටවත් ජාතියක්‌ හැටියටවත් අපේ අභිමානය ප්‍රදර්ශනය කළ නොහැක. විදේශීය රටවල සිට සංචාරකයන් අපේ රටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව තුළ ඇති ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක ස්‌ථාන නැරඹීම සඳහා මිස කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලිවල උස පළල මැනීමට නොවේ. නමුත් ඉතිහාසය ගැන සංස්‌කෘතිය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක්‌ නැති ඒවායේ වටිනාකම් ගැන අවබෝධයක්‌ නැති මෝඩ දේශපාලනඥයන් සහ ඔවුන්ට උපදෙස්‌ ලබාදෙන කේවට්‌ට උපදේශකයන් සිතා සිටින්නේ බටහිර රටවල සිට විදේශිකයන් අපේ රටට පැමිණෙන්නේ කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලිවල දිග පළල මැනීමට බවයි. නැත්නම් කාපට්‌ පාරවල් අධිවේගී මාර්ග නැරඹීමට බවයි.

ගාලු කොටුව තුළ පිහිටි ලයිට්‌ හවුස්‌ වීදිය තුළත් මේ වනවිට අනවසර ඉදිකිරීම් විශාල වශයෙන් සිදුවෙමින් පවතී. මෙම අනවසර ඉදිකිරීම් අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ ගාලු කොටුව තුළ පිහිටි පැරණි ගොඩනැඟිලි ඒවායේ ඓතිහාසික වටිනාකම විනාශවන පරිදි ප්‍රතිසංස්‌කරණය කිරීමයි.

භාණ්‌ඩයක වේවා ගොඩනැඟිල්ලක වේවා වටිනාකම වැඩි වන්නේ එහි ඇති පැරණි බව ආරක්‍ෂා වුවහොත් පමණි. නමුත් අද පැරණි ගොඩනැඟිලි ප්‍රතිසංස්‌කරණය කිරීමේදී වැඩි වශයෙන් සිදු වන්නේ ලෙහෙසියටත් පහසුවටත් පැරණි දේ වටිනාදේ ඉවත දමා අලුත් දේවල් එකතු කිරීමයි.

රටපුරා පිහිටි ඓතිහාසික ස්‌ථාන හා පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්‌ථාන අනාගත පරපුර වෙත සුරක්‍ෂිතකොට රැක බලා ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්‌ වේ. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රට පුරා පිහිටි ඓතිහාසික ස්‌ථාන තියා ප්‍රධාන ස්‌ථාන ටිකවත් ආරක්‍ෂා කරගැනීමට නොහැකි වීම ශෝකජනකය.

නිධන් හෑරීම, නිධන් කැඩීම, පුරාවස්‌තු කොල්ලකෑම අද රට වනසන මහා පරිමාණ ජාවාරමක්‌ බවට පත්වී තිබේ. මේවා කරන්නේ දේශපාලන බලය හිමි වරප්‍රසාදලත් සුපිරි හොරු විසිනි. මේ හොරු ඉදිරියේ ශ්‍රී ලංකා පොලිසියත් අසරණය. ජාතික උරුමයක්‌ බවට පත්වී ඇති ගාලු කොටුව රැක ගැනීම අද යුගයේ අවශ්‍යතාවක්‌ බවට පත්වී තිබේ. ඒ සඳහා ජනතාව පෙරමුණ ගතයුතුවේ. නිලධාරීන්ට එහි වගකීම බාරදී පැත්තකට වී බලා සිටියහොත් ගාලු කොටුව ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් පිස්‌සු නටන ස්‌ථානයක්‌ බවට පත්වීම වැළැක්‌විය නොහැක.

ගාල්ල කොටුව ප්‍රදේශය තුළ පිහිටි ගාල්ලේ ජනප්‍රිය විදුහලක්‌ සඳහා තාප්පයක්‌ ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබාදී තිබුණේ තාප්පය අඩි තුනක්‌ පමණක්‌ උසට ඉදිකරන ලෙසයි. නමුත් තාප්පය අඩි හතක්‌ උසට ඉදිකර තිබේ. මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී හෙළිදරව් වූවේ තමන්ගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරියකු විසින් ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සිටින දූෂිත නිලධාරීන් ගැන කියන්නට මෙවැනි උදාහරණ ඕනෑතරම් තිබේ. ජාතික පුවත්පතක්‌ ලෙස අපේ අරමුණ කාටවත් මඩ ගැසීම නොවේ අපට තිබෙන්නේ පොදු අරමුණක්‌ පමණි. එමනිසා ඓතිහාසික ගාලු කොටුව අනාගත පරම්පරාව වෙනුවෙන් රැකදීම සඳහා දකුණේ දේශපාලනඥයන් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සිටින රටට ආදරය ඇති නිලධාරින් කැපවී වැඩකළ යුතුවේ.

කොන්ක්‍රීට්‌ වනාන්තරයකින් පිරුණු හිස්‌ රටක්‌ වෙනුවට ගහකොළ සතා සිවුපාවාගෙන් පිරුණු ඓතිහාසික වටිනාකමක්‌ ඇති රටක්‌ අනාගත පරපුර වෙනුවෙන් අපට දායාද කළ හැක්‌කේ එවිටය.

ප්‍රියදර්ශන ලියනගේ

ගෝපි අප්පන් සමග ආයෙත් කොටි???

ත්‍රස්‌ත විමර්ශන කොට්‌ඨාශය මේ මොහොත වනවිට කොටි සැකකරුවන් දෙදෙනෙක්‌ ගැන සොයමින් සිටිති. මේ සැකකරුවන් දෙදෙනාගෙන් එකෙක්‌ ගැන හෝ තොරතුරු ලබා දෙන අයෙකුට ලැබෙන මුදලේ ලංසුව රුපියල් ලක්‌ෂ දහයකි. ත්‍රස්‌ත විමර්ශන ඒකකය සොයමින් සිටින්නේ කපීපන් පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි හෙතත් කාසියන් නැමැත්තෙක්‌ හා ඔහුගේ සගයා බව කියන නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් නැමැත්තෙකි. ගෝපි තිස්‌ එක්‌ හැවිරිදිය. උස අඩි හයකි. සිරුර තළෙළුය. මහුණේ වම්පස තොලට උඩින් කැපුමක කැළලක්‌ ඇත. ඔහුගේ සගයා අප්පන් තිස්‌හය හැවිරිදිය. උස අඩි පහයි අ`ගල් දෙකකි. සිරුර තළෙළුය. 

ත්‍රස්‌ත විමර්ශන ඒකකය මොවුන් හොයන්නේ මේ දෙදෙනා පුනරුත්ථාපනය නොවු එල්.ටී.ටී.ඊ කාඩරයන් නිසා බව කියන්නේය. පසුගිය මාර්තු 11 වැනිදා කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරියෙකුට වෙඩි තබා පලා ගියේ මොවුන් දෙපළ බව හඳුනාගෙන තිබෙන බව පොලිසිය පවසන්නේය. මේ සැකකරුවන් ගැන පොලිසිය කියනා කතාව මෙසේය.

ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් ඇසෙන ගෝපිගේ වගතුග පොට්‌ටුඅම්මාන් ගේ බුද්ධි අංශයේ ඔහු සමගම කටයුතු කළ කීර්ති නම් කාඩරයෙක්‌ වූයේය. ගෝපි නැමැත්තා කීර්තිගේ මෙහෙයුම් éයත් කළ ප්‍රධාන සාමාජිකයෙක්‌ වුයේය. ගෝපිගේ පවුලේ සහෝදරයින් පස්‌ දෙනෙකි. මේ අයගෙන් දෙදෙනෙක්‌ එල්.ටී.ටී.ඊ. කාඩරයන්ය. ඔවුන් දෙදෙනා යුද්ධයේ දී හමුදා ප්‍රහාර වලටලක්‌ව මිය ගියහ. ගෝපිගේ පවුල මහ විරු පවුලක්‌ ලෙස කිලිනොච්චියේදී සම්භාවනාවට ලක්‌ වු පවුලක්‌ විය. එල්.ටී.ටී.ඊ බුද්ධි මෙහෙයුම්වල නිරතවෙමින් සිට ගෝපි විවාහ වන්නේ ත්‍රී කුණාමලයේ පාලඋත්තු ප්‍රදේශයේ තරුණියක්‌ සමගය. 

යුද්ධය ඇවිලෙමින් යන අවසාන වකවානුවේ ගෝපි රටින් පැනගත්තේය. 2010 වනවිට හේ සවුදි රාජ්‍යයේ ට්‍රක්‌රථ රියදුරෙක්‌ ලෙස රැකියාව කරමින් සිටියේය. ඒ වකවානුවේ හෙතෙම විදේශගත කොටි හිතවාදීන් සමග සම්බන්ධකම් පවත්වා තිබිණි. එහිදී ගෝපි සමග යුරෝපයේ සිටි කොටි හිතවාදී කණ්‌ඩායම් හා කොටි නායකයින් සෘජු සම්බන්ධතා පැවැත්වු බව කියෑවිණි. ඔහුට විශාල වශයෙන් මුදල් ලැබුණ බව කියෑවිණි. අවසානයේදී උතුරේ කොටි සංවිධානය යළි බලගැන්වීම සඳහා වන දෙමළ ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුව සහිතව ගෝපි ලංකාවට පැමිණි බව කියෑවිණි. ඒ පසුගිය වසරේදීය. 

ගෝපි එතැන් සිට උතුරේ ක්‍රියාත්මක වෙමින් සිටියේය. හේ විසිරී ගිය එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සොයා ගියේය. ඔවුන් සංවිධානය කරන්නට පටන් ගත්තේය. 2014 මහවිරු සමරුව වෙනුවෙන් පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ ඔහු විසින් සැලසුම් කොට තිබුණේය. දෙමළ ජාතිකයින්ගේ නිජබිමේ අයිතිය දිනාගන්න එකතුවෙමු යන පණිවුඩය සහිතව උතුරේ අලවා තිබු එම පෝස්‌ටර්, රට යළිත් යම් සසල කිරීමකට ලක්‌ කළේය. 

මේ ගැන සෙවිල්ලෙන් සිටි බුද්ධි අංශ පලෙයිවලදී එල්.ටී.ටී.ඊ දැන්වීම් අලවමින් සිටි දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ගෙන් ප්‍රශ්න කරන විට ගෝපි නැමැති මේ අප්‍රකට කොටි නායකයා ගැන තොරතුරු හෙළිදරව් වුණේය. ඔහු ඒ වනවිට කිළිනොච්චිය ධර්මපුරම්වල ජීවත්වන බවට ලද ඒ තොතුරු මත ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ ධර්මපුරම් ගියේය. එසේ ගොස්‌ ඔහු ජීවත්ව සිටි බවට හඳුනාගත් නිවස වටකළ එහි සැඟවී සිට පොලිසියට වෙඩිතැබු ගෝපි පලා ගිය බව පොලිසිය කියන්නේය. මේ වෙඩි තැබීමෙන් එක්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ තුවාල ලැබුවේය. 

දැන් ගෝපි නැත. ගෝපි සොයා පසුගිය කාලයේ ත්‍රස්‌ත විමර්ශන ඒකකය කිළිනොච්චිය පීරුවේය. පුද්ගලයින් අත්අඩංගුවට ගත්තේය. ඒත් ගෝපි තවමත් හොයාගන්නට නොහැකිවුණු බව පොලිසිය කියන්නේය.

කිලිනොච්චියෙන් ඇසුණු කතාව,

කිළිනොච්චියේ සාමකාමී පරිසරය බිඳවැටෙමින් යළිත් වෙඩි හුවමාරු වන්නේ මාර්තු මස එකොළොස්‌ වෙනිදාය. පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යැමේදී පොලිසිය කියන අන්දමට ඔහු නිවසකට කඩා වැදී එහි පිටුපසින් පලා යන්නේය. පොලිසිය ඔහුට වෙඩි තබයි. පොලිසිය යළිත් ප්‍රකාශ කරන අන්දමට පලා යන සැකකරුද පොලිසියට වෙඩි තබයි. එම වෙඩි පහරින් පොලිස්‌ පරීක්‍ෂකවරයකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කරයි.

පලාගිය හොරාට රැකවරණය දීමේ චෝදනාව මත කිළිනොච්චියේ ධර්මපුරම් ගම්මානයේ පදිංචි බාලේන්ද්‍රන් ජෙයකුමාරි සහ ඇගේ දියණිය වන දාහතර හැවිරිදි බාලේන්ද්‍රන් විභූෂිකා පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ මාර්තු එකොළොස්‌ වැනිදා රාත්‍රියේදීය. මේ අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලබන්නේ සාමාන්‍ය පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ නොව ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකි.

පොලිසිය අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරුවා ගැන රට දන්නේ දැන්ය. නමුත් බාලේන්ද්‍රන් ජෙයකුමාරි ගැන කලක සිට මුළු රටම දන්නේය. ඇයගේ ස්‌වාමි පුරුෂයා වූ බාලේන්ද්‍රන් යුද හමුදාවට භාරදීමෙන් පසුව අතුරුදන් වූ පුද්ගලයෙකි. ජෙයකුමාරිගේ පුතුන් දෙදෙනා සිටින්නේද මේ රටේ යුද්ධයෙන් පුද්ගලයින් අතුරුදන් වූවන්ගේ නාම ලේඛනයේය.

මේ පිරිස අතුරුදන් වූදා සිට ජෙයකුමාරී පුද්ගලයින් අතුරුදන් වූවන් පිළිබඳව හඬ නඟන සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකාවක්‌ වූවාය. ඩේවිඩ් කැමරන් යාපනයට පැමිණි අවස්‌ථාවේදී මහ හයියෙන් කෑ ගසමින් ඩේවිඩ් කැමරන්ට අතුරුදන් වූවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළ පිරිස අතර ජෙයකුමාරි ද ඉදිරියෙන්ම වූවාය.

පලාගිය සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනාව මත පොලිස්‌ ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන කිළිනොච්චිය දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලද ජෙයකුමාරි මාස තුනක කාලයකට බූස්‌ස රැඳවුම් මධ්‍යස්‌ථානය වෙත යවා තිබේ. ඒ ඇයට පුනරුත්ථාපනය කිරීම පිණිසය. අවසන් යුද සමයේදී ආරක්‍ෂක අංශ වෙත භාර වූ දොළොස්‌ දහසකට වැඩි එල්. ටී. ටී. ඊ. සැකකරුවන්ට මෙන් දැන් ජෙයකුමාරිට ද පුනරුත්ථාපනය වීමට සිදුව තිබේ.

ජෙයකුමාරිගේ දියණිය වූ විභූෂිකාට යන එන මං නොමැති වූයේ ඇගේ මව පොලිස්‌ අත්අඩංගුවට පත්වීමෙන් පසුවය. මේ නිසා පුංචි විභූෂිකාද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. මව යම් දිනක නිදහස ලබන තුරු පුංචි විභූෂිකා ළමා නිවාසයක තබන ලෙස කිළිනොච්චිය දිසාවිනිසුරුවරයා නියෝග කොට තිබේ. පුංචි විභූෂිකා කිසිදු වරදක්‌ නොකළ ද ඇයට සිය පාසල් ගමන ද නතර කොට ළමා නිවාසයක කල් ගෙවීමට සිදුව ඇත. ළමා නිවාසයක සිටින ඇයට පාසල් යාමට කිසිදු බාධාවක්‌ නොමැති බව යම් අයෙකුට සිතිය හැකි නමුත් පුංචි විභූෂිකා ඉගෙන ගන්නා පාසලත් ඇයට භාරකොට ඇති ළමා නිවාසයත් අතර දුර නිසා ඇගේ පාසල් ගමනට බාධාවක්‌ එල්ල වී තිබේ.

පුංචි විභූෂිකාගේ පවුලේ කතාව එතැනින් හමාර වන්නේ නැත. ධර්මපුරම් ගම්මාන යේදී සිදුවූ මේ සිද්ධිය ගැන තොරතුරු සෙවීමට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින හා ක්‍රියාකරන බ්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු මාර්තු මස දාසය වැනිදා සවස කිළිනොච්චියේ ධර්මපුරම් ගම්මානයට යන්නේ කොළඹ සිටය. නමුත් ඔවුන්ට ආපසු කොළඹට පැමිණීමට සිදුවන්නේ ඔවුන් ගමන් කළ වාහනයෙන් නොව පොලිස්‌ වාහනයකිනි. ඊට හේතුව ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට පත්වීමයි.

කිළිනොච්චියේ ධර්මපුරම් ගම්මානයේ සිදු වූ දේ සොයා බැලීමට ගිය මානව හිමිකම් සංවිධානයක ක්‍රියාකාරීන් දෙදෙනා අත්අඩංගුවට පත් වූයේ මන්ද? මේ තත්ත්වය ගැන තොරතුරු විමසූ අවස්‌ථාවේදී පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ ඊට මෙසේ පිළිතුරු දුන්නේය.

"මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ත්‍රස්‌තවාදී මර්දන පනතේ සඳහන් වැරදි සම්බන්ධයෙනුයි. ජාතීන් අතර අසමගිය ඇතිකිරීමට යම් යම් තොරතුරු ලබාදීම සහ මහජනයා අතර අසමගියක්‌ ඇතිකිරීම යන කාරණා මොවුන්ට එරෙහි චෝදනා වෙනවා. මේ අත්අඩංගුවට ගත් දෙදෙනා සම්බන්ධයෙන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා කොළඹ පිහිටි ත්‍රස්‌ත මර්දන ඒකක මූලස්‌ථානය වෙත ගෙන ගොස්‌ ප්‍රශ්න කළේය.

කිළිනොච්චියේදී මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පැය විසිහතරක්‌ ඉකුත් වීමටත් පෙර ඇමරිකානු රජය ශ්‍රී ලංකා රජයට යම් තර්ජනයක්‌ සහිත ලිපියක්‌ ඉදිරිපත් කළේය. එම ලිපිය මගින් මේ සිද්ධිය ඔවුන් හෙළාදැකීමෙන් සෑහීමකට පත් නොවි ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කරන ලෙසත් ඔවුන්ට ආරක්‍ෂාව සපයන ලෙසත් ඉල්ලීමක්‌ කොට තිබිණි.

අපරාධ කීපයකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා යුද හමුදාව කිළිනොච්චියේදී මෙසේ ඩෙඟා නැටුවත් යාපනයේ වඩුක්‌ කොඩෙයිහි දෙමළ මහා විද්‍යාලයේදී පිරිසක්‌ අමිලන්ට මැරෙන තුරු පහර එල්ල කරද්දී පොලිසියට ඔහුව බේරාගැනීමට නොහැකි විය. ඒ පොලිසියේ තත්ත්වයයි. නමුත් සෑම සිදුවීමක්‌ අවසානයේම පොලිසිය පැත්තෙන් නිකුත් කරනු ලබන නිවේදනයන් හා ප්‍රකාශනයන් දෙස බලන විට පොලිසිය කිසිදු වරදක්‌ කොට නොමැත. වරදකරුවන් වී ඇත්තේ එම සිද්ධියට දායක වූ ගම්වැසියෝය.

මේ හැසිරීම්වල සමස්‌ථය අප තුළ කුකුසක්‌ උපදවන්නේය. ගෝපි ගේ ආගමනය, ධර්මපුරම් ප්‍රදේශයේ නිවස වට කළ විට පොලිසියට වෙඩි තබා ගෝපි අතුරුදන් වීම, කිළිනොච්චියම දන්නා ජෙයකුමාරි වැනි කාන්තාවන් මෙන්ම මොනම හෝ අරමුණක්‌ වෙනුවෙන් පෙනී සිටිනා මානව හිමිකම් ක්‍රියාකාරීන් මේ අත්අඩංගුවට පත්වන අතාර්කික ආකාරය දෙස ලෝකය බලා සිටින්නේය. ජිනීවා නුවර ඇසෙන මානව හිමිකම් සංවාදයේ තවත් අදියරක්‌ නිමා වන්නේ රටට යහපත් ආකාරයෙන් නොවේ. මේ අයහපත අපට බටහිරින් ගෙනා එකක්‌ නොව, අප විසින්ම නිර්මාණය කරගත් කාලකණ්‌ණිකමක්‌ බව පෙනෙන්නේ අපේ තර්ක බුද්ධියත් ප්‍රශ්න කරන මෙවැනි සිදුවීම් පෙළගැසෙන විටය.

අප ප්‍රශ්නයකට මුහුණ දෙන්නට හදන්නේ ප්‍රශ්න පත්‍රයක්‌ හදාගෙනය. අවියට අවියෙන්, වෛරයට වෛරයෙන් උත්තර දෙන්නට යැමේ ආදීනව මෑත ඉතිහාසය පුරාම අප අත්වින්දේය. ලෝකය ඉදිරියේ අනුවණ විකටයන් වීමේ විලිලැඡ්ජාව දැන් අපට දැනෙන්නේ නැත. එහෙත් අප නිරුවත් වන්නේ වීදුරු ගෙවල් තුළ හිඳගෙන බව අප තේරුම් ගත යුතුය.

හේමන්ත රන්දුණු, දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/03/30/feature11.html

වස විස නැති, ජාන වෙනස්‌ නොකළ, දුප්පතාගේ බත් පතේ ආශ්චර්යය" -චව් චව්-


ලතින් ඇමරිකානු රටක්‌ වන කොලොම්බියාවේ "සැන් බර්නාඩෝ" "San Bernardo, Cundinamarca"San Bernardo) නමින් කුඩා කඳුකර නගරයක්‌ වෙයි. මෙම නගරයේ දැනට වසර 50 කට පමණ පෙර මිය ගිය උදවියගේ මෘතදේහ පවා ස්‌වාභාවිකවම (කිසිදු රසායනික ද්‍රව්‍යයක්‌ භාවිත නොකර) නරක්‌ නොවී සොහොන් තුළ තිබී හමු වී ඇති අතර, මෙම මමිවල අභිරහසට හේතුව තවමත් අනාවරණය වී නැත. මෙම ප්‍රදේශයේ ජනතාව එක්‌තරා එළවළු වර්ගයක්‌ සුලභව අනුභව කරයි. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ අතිශය දුෂ්කර භූගෝලීය සහ දේශගුණික තත්ත්වයන් හමුවේ පවා මෙම ජනතාවගේ දිවි රැක ගැනීමටත්, මෘත දේහ නරක්‌ නොවී පවතින්නටත් හේතුව මෙම ආහාරය තුළ පවතින බවය. මෙම එළවළු වර්ගය නම් චොචෝ නොහොත් චව් ය.

වට්‌ටක්‌කා, පුහුල්, කරවිල අයත් වන කුකබිටේසි (Cucurbitaceae) කුලයට අයත් වන චව් වැල, ඉංග්‍රීසියෙන්“Chayote”, “chocho”, “choko”, “christophene”, “vegetable pear”, යන නම් වලින් හඳුන්වයි. විද්‍යාත්මක නාමය Seජයසමප edමකැ වෙයි. චව්වල තිඹිරි ගෙය වන්නේ මායා ඉන්කා ශිෂ්ටාචාරය බිහි වූ මධ්‍යම ඇමරිකානු කලාපයයි. මෙම රටවල් ආක්‍රමණය කළ ස්‌පාඤ්ඤ යටත් විජිතවාදීන් විසින් යුරෝපයටත්, යුරෝපා අධිරාජ්‍යවාදීන් අතින් ලෝකය පුරාමත් චව් ව්‍යාප්ත වී ඇත. අද වන විට චව් වැලේ දලු, ගෙඩි සහ අල ලොව පුරා බොහෝ රටවල ජනප්‍රිය ආහාරයන් වෙයි.

මධ්‍යම ඇමරිකානු ශිෂ්ටාචාරයන් ආක්‍රමණය කළ කොලොම්බස්‌ ප්‍රමුඛ බටහිර ජාතීන්ගේ දිවි රැක ගැනීමට ද එදා චව් පිහිට වී තිබෙන බව සැලකේ. දෙවැනි ලෝක යුද සමයේ ඇති වූ ආහාර අහේනියේදී ඇතැම් යුරෝපා රටවල පවා ජනතාවගේ දිවි රැක ගැනිමට ඉවහල් වී ඇත්තේ චව් ය. 

අපේ රටේ උඩරට තේ වතු ආශ්‍රිතව වැටවල් දිගේ, ගල් කුළු මත මෙන්ම විශාල ගස්‌ මතද සරුවට වැඩෙන, එහෙත් කිසිවෙකුගේ අවධානය යොමු නොවන, චව් ආහාරයට ගන්නේ තේ වතු වල සේවය කරන ද්‍රවිඩ ජනයාය. බොහෝ දෙනෙක්‌ චව් කෑම මදි පුංචි කමක්‌ ලෙස සලකති. ආහාරයට ගන්නට වෙනත් එළවළුවක්‌ නොමැතිම අවස්‌ථාවක හෝ එළවළු මිල අධික කාල වල දී, "අද නම් ඉතින් චව් චව් තමයි.." කියමින් ඇතැමුන් චච් ආහාරයට ගනී. මෙහි ගුණය හා රසය පිළිබඳ දන්නා ස්‌වල්ප දෙනෙකු පමණක්‌ චව් ආහාරයට ගන්නා අතර, බොහෝ දෙනෙකු නිකන් දුන්නත් නොගන්නා නිසාවෙන්, විකුණා ගන්න බැරිව කඩ බක්‌කි වල වේළි වේළී තිබෙනු දැක ගන්නට පිළිවන.

දකුණු ඉන්දියානු ද්‍රවිඩ ජනයා අතර චව් ආහාරයට ගැනීම බෙහෙවින්ම ප්‍රචලිතව පවතී. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් වහල් මෙහෙය සඳහා මෙරටට රැගෙන ආ දකුණු ඉන්දි යානුවන් සමග චව් ද මෙරටට ගෙන එන්නට ඇතැයි සිතිය හැකිය. අදටත් චව් වැලක්‌ නැති වතු නිවාස පේළියක්‌ නොමැත්තේ ඒ නිසා විය හැකිය. තමිල්නාඩුවේ "චුව් චුව්" ("Chuw Chuw") නමින් හැඳින්වෙන, සුද්දගේ "චො චෝ" ලංකාවේ දී "චව් චව්" විය.

චව් පිළිබඳ අප්‍රකට තතු විත්ති විමසා බැලූ කල, දැඩි අන්ධකාරයක ගිලී තිබෙන මෙරට ජනයාගේ පෝෂණය හා රෝග නිවාරණය දෙසට ආලෝකවත් සහන් එළියක්‌ චව් වැලේ දැල්වී තිබෙන බව අපට පෙනී යයි. 

අතිවිශිෂ්ට පෝෂණ ගුණය.

චව් ගෙඩිය මෙන්ම එහි ඇටයද ආහාරයට ගත හැකි වන අතර, විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක්‌ වන්නේ චව් ඇටය තුළ සාමාන්‍යයෙන් ශාක ආහාර තුළ සුලබව හමු නොවන, (මෑ, කව්පි වැනි පියලි ඇට වර්ග හැරුණු කොට) අපගේ ශරීර තුළ සංස්‌ලේෂණය කර ගැනීමට නොහැකි, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයන් වන valine, isoleucine, leucine වැනි ඇමයිනෝ අම්ලයන් ද සැලකිය යුතු ප්‍රමාණයන්ගෙන් තිබීමය. මෙය විශේෂයෙන් නිර්මාංශ ආහාර වේලක්‌ ලබා ගන්නා උදවියගේ නොමඳ අවධානය ලැබිය යුතු කාරණාවක්‌ වන්නේය.


බුද්ධිමත් නිරෝගී දරුවෙක්‌ පතන මවකට මාහැඟි ආහාරයකි.

දරු උපතක්‌ අපේක්‌ෂා කරන මවකට ලැබෙන වටිනාම උපදෙසක්‌ වන්නේ පිළිසිඳ ගැනීමට මාස 6 කට පෙර පටන්ම ෆෝලික්‌ අම්ලය ලබා ගන්නා ලෙසයි. මොළයේ සහ ස්‌නා යූ පද්ධතියේ නිරෝගී පැවැත්ම, රුධිර සෛල නිෂ්පාදනය, පියයුරු සහ අන්ත්‍ර පිළිකා වැළැක්‌වීම, හෘද රෝග අවදානම අඩු කිරීම, උපත් සංකූලතා අවම කිරීම වැනි බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා, ආහාරයේ විටමින් ඊ9 නොහොත් ෆෝලික්‌ අම්ලය යහමින් අඩංගු වීම වැදගත් වෙයි.

චව් ග්රෑම් සියයකින් දෛනික ෆෝලික්‌ අම්ල අවශ්‍යතාවයෙන් හතරෙන් එක්‌ පංගුවක්‌ම ලැබෙනු ඇත. (93) මේ අනුව සතියකට රුපියල් 1000 ක්‌ පමණ වැය කර, බුද්ධිමත් දරුවෙකු ලබා ගන්නටනම් ෆෝලේට්‌ වලින් සරු කොට (මෙලමයින්, ඩීසීඩී, හෝමෝන වර්ග, වැනි එකී නොකී රසායනික ද්‍රව්‍යයන්ගෙන් තවද සරු කොට තිබිය හැකි) නිෂ්පාදනය කර ඇති මහානුභාවසම්පන්න සුපිරි ගොන් කිරි පිටි බොන්නැයි අපට කියන බහු ජාතික කොම්පැණිකාරයන්ගේ ගොන් කතා වලට නොරැවටෙන බුද්ධිමත් ජනතාවට නොමිලේ ෆෝලේට්‌ ලබා ගන්නට පිළිවන් ක්‍රමයක්‌ ලෙස ද චව් හැඳින්විය හැකිය. 

චව් වනාහි, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, සෙලෙනියම්, මැංගනීස්‌, පොස්‌පරස්‌, පොටෑසියම් සහ සින්ක්‌ වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවණ සිරුරට ලැබෙන ලාභදායකම මඟක්‌ද වෙයි. එමෙන්ම තයමින් (vit. B1)  රයිබොෆ්ලෙවින්, "Riboflavin" (vit. B2) නියෑසින් "Niacin" (vit. B3) පැන්ටොතෙනික්‌ අම්ලය, (B5) පිරිඩොක්‌සීන් (B6) ආදි, බී කාණ්‌ඩයේ විටමින් වර්ග වලින් සහ විටමින් සී, ඊ, සහ කේ යන විටමින් වර්ගවලින් ද පොහොසත් එළවළුවක්‌ වෙයි. 

ආශ්චර්යමත් ඔසු ගුණය.

චව් ගෙඩි සහ එහි පත්‍ර වලින් සාදන තේ හෝ කෂාය සතුව (herbal tea made with chayote squash leaves) අධික රුධිර පීඩනය පාලනය කිරීමේ, වකුගඩු ගල් දිය කිරීමේ සහ කොලෙස්‌ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් සහ කැල්සියම් බැඳීම නිසාවෙන් සිදු වන රුධිර නාල ඝණ වීමේ රෝග තත්ත්වයන් (Atherosclerosis) (මෙය අධික රුධිර පීඩනයට සහ හෘදයාබාධ වලට හේතු වේ) පාලනය කිරීම සහ සුව කිරීමේ ඖෂධීය ගුණ පවතින බවත්, මුත්‍රකාරක (diuretic) ගුණ සහිත බවත් ඇමරිකාවේ පුර්ඩි සරසවියේ (Purdue University) කළ පර්යේෂණ වලට අනුව හෙළි වී තිබේ. (http://www.livestrong.com/article/481323-nutritional-value-and-health-benefits-ofchayote-squash/)

හැඩැති, සිහින් සිරුරකට චව් කන්න.

චව් වනාහි මේ ලොව තිබෙන ශක්‌තිය අඩුම එළවළු වර්ගයක්‌ වෙයි. චව් ග්රෑම් 100 ක ශක්‌තිය ඇත්තේ කැලරි 16 කි. අනෙක්‌ අතට මෙහි සංතෘප්ත මේදය හෝ කොලෙස්‌ටරෝල් නොමැත. ආහාරයේ තිබෙන කොලෙස්‌ටරෝල් සහ සීනී අවශෝෂණය පාලනය කිරීමට ඉවහල් වන ආහාරමය තන්තු අතින් ද චව් පරිපූර්ණ ආහාරයක්‌ වෙයි. මෙහි සියයට 94 ක්‌ම ඇත්තේ ජලයයි. මෙම සියලු කාරණා නිසාවෙන් පෝෂණවේදීන් චව් හඳුන්වන්නේ, බර වැඩි වීම සහ කොලෙස්‌ටරෝල් පාලනය කර ගැනීමට වැදගත් වන ආහාරයක්‌ ලෙසය.

අධික රුධිර පීඩනය පාලනය කරයි. හදවත සුරකියි.

චව් වල සෝඩියම් ඇත්තේ ඉතාම අල්ප වශයෙනි. නමුත්, චව් ග්රෑම් සියයක පොටෑසියම් මිලි ග්රෑම් 154 ක්‌ පමණ තිබෙනවා. පොටෑසියම් වලින් සරු ආහාර සුලභව අනුභව කිරීම හදවත ආරක්‌ෂා කර ගැනීමටත්, රුධිර පීඩනය යහපත් මට්‌ටමක පවත්වා ගැනීමටත් වෙසෙසින්ම ඉවහල් වෙයි. 

දෙහි යුෂ දැමූ, චව් යුෂ කෝප්ප 2 බැගින් (උදේ, සවස) සතියක්‌ බොන්නට දීම, අධි රුධිර පීඩනය සමනය කිරීම සඳහා ලබා දෙන ඉන්දුනීසියානු සාම්ප්‍රදායික වෙදකමකි.

බණ්‌ඩියා සුරකින චව් චව්.

සාමාන්‍ය චව් ගෙඩියක ආහාරමය තන්තු ග්රෑම් 3.4 ක්‌ පමණ තිබෙන අතර, එය අපගේ දෛනික ආහාරමය තන්තු අවශ්‍යතාවයෙන් සියයට 14 ක්‌ පමණ වෙයි. මේ අනුව ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට මෙන්ම මහ බඩවැලේ පිළිකා තත්ත්වයන් හට ගැනීම අවම කිරීමටත්, මළ බද්ධය සහ අර්ශස්‌ රෝගය වැළැක්‌වීමට සහ පාලනය කිරීමටත් චව් අනුභවය ඉවහල් වනු ඇත.

පිළිකා අවදානමින් වැළකීමට.

චව් ගෙඩි හා පත්‍ර Asapigenin, Luteolin වැනි ෆ්ලෙවනොයිඩ සහ පොලි ෆිනෝලික ප්‍රතිඔක්‌සිකාරකයන්ගෙන්ද සමන්විත වන බව සොයා ගෙන තිබේ. මේවා අප වයසට යැම පාලනය කිරීමටත්, පිළිකා අර්බුද හට ගැනීම වැළැක්‌වීමටත් හේතු වන ශාක රසායනිකයන් වෙයි. තවද, චව් තවත් ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරකයක්‌ වන, විටමින් සී වලින් ද අනූනය. (ග්රෑම් 100 ක විටමින් සී මිලි ග්රෑම් 7.7 ක්‌ ඇත.)

චව් කෑමෙන් ප්‍රවේශම් විය යුතු උදවිය.

නිදන්ගත වකුගඩු රෝගීන් හට (Chronic kidney disease) පොටෑසියම් අධික ආහාර ලබා ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි බැවින්, එවැනි රෝගීන් සහ හන්දිගත රූමැටික්‌ (Rheumatoid arthritis) රෝගීන්ගේ වේදනාව චව් අනුභවයෙන් වැඩි විය හැකි බැවින්, එවැනි රෝගීන් ද චව් අනුභවය සීමා කිරීම මැනවි.

ඉබේ වැවෙන ආහාර යනු, මේ ලොව ඇති විශිෂ්ටතම ආහාරයන් වන්නේය.

අප පරිභෝජනය කරනු ලබන ජාන වෙනස්‌ කළ, වස විස වලින් අනූන, වගා කළ ආහාර වලින් සහ රසායනික ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් ක්‌ෂණික කෘත්‍රිම ආහාර වලින් පිළිකා, දියවැඩියාව, හෘද රෝග වැනි රෝග වැළඳීමට හේතු වෙනවා සේම, එහි ප්‍රතිලෝමය මනුෂ්‍ය වර්ගයාගේ නීරෝගීභාවයට රෝග සුව කිරීමටද හේතු වන්නේය. සොබා දහමට අනුකූලව වැවෙන, වගා කළ ආහාර ද්‍රව්‍යයන් මනුෂ්‍යයාගේ පැවැත්මට හේතු වන මෙතෙකැයි කිව නොහැකි තරමේ ආනිශංස සහිත ශාක රසායනිකයන්ගෙන් පොහොසත්ය. ඒවා තුළ අගනා ප්‍රතිපිළිකා අණුක වර්ගයෝද වෙති. ඒවා විටමින් වර්ග, ඛනිජ ලවණ සහ කෘත්‍රිම මිල අධික බටහිර ඖෂධ ද ඉක්‌මවා සාර්ථක ලෙස ක්‍රියා කරන බව මෑතක දී සොයාගෙන තිබෙනවා.

සොබා දහම අනුව, ශාක වලට ආක්‍රමණයන්ට මුහුණ දීමට සිදු වූ විට, සටන් කිරීමට වත්, පලා යැමට වත් ඒවාට නොහැක. සිය පැවැත්ම සඳහා බැක්‌ටීරියා, කෘමීන් සහ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්‌ෂා වීමට සමත් ප්‍රබල ශාක රසායනික අණුකවලින් එළවළු සන්නද්ධ විය යුතුය. මෙම අනුක ශාකයේ සෛල තෙතමනයෙන් සහ දැඩි හිරු රැසින් ආරක්‌ෂා කරන ප්‍රතිඔක්‌සිකාරක ලක්‌ෂණවලින් ද අනූනය. 

කෙසේ වෙතත් නවීන කෘෂි-කරුමයේ ආනුභාවයෙන්, අතිශයින්ම රසායනික ද්‍රව්‍ය භාවිත කොට, පාංශු ක්‌ෂුද්‍ර ජීවීන් මෙන්ම ක්‌ෂුද්‍ර පෝෂක කොටස්‌ ද අතු ගා දැමුණු, සජීවී නොවන පසක වගා කෙරෙන, වැඩි අස්‌වැන්නක්‌ ලැබීම සහ වෙනත් වාණිජ උවමනාවන් සඳහා ජාන පවා වෙනස්‌ කිරීම් වලට ලක්‌ කළ ආහාර බෝග වලින් මහත් පල (අස්‌වැන්නක්‌) ලැබිය හැකි මුත්, පෙර කී මහත් ආනිශංස නම් නොලැබෙන බව ඉඳුරාම පැවසිය හැකිය.

ඇට බුරුල් වේ යෑයි බියෙන් ඇතැම්හු චව් නොකති.

ඉබේ වැවෙන පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් අනූන ආහාර වර්ග රාශියක්‌ම පොදු ජනතාවගෙන් ඈත් කරවීමට හේතු වන වැරදි කට කතා රැල්ලක්‌ මේ දිනවල රට පුරා ප්‍රචාරය වෙමින් තිබේ. චව් සම්බන්ධයෙනුත් මෙවැනි කට කතාවක්‌ ප්‍රචාරය වෙමින් ඇත. කැඩුම් බිඳුම් වෙදකමෙහිලා ඇතැම් දේශීය වෛද්‍යවරුන් චව් ගෙඩි භාවිතයට ගන්නා නිසාවෙන්, මෙම කට කතාවට තටු ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. කෙසේ වෙතත් මෙය සාවද්‍ය මතයක්‌ බව දේශීය කැඩුම් බිඳුම් වෛද්‍යවරු පවසති. ඇට බුරුල් වීම කෙසේ වෙතත් චව්, අස්‌ථි වල නිරෝගි භාවයට හේතු වන කැල්සියම්, මැග්නීසියම් සහ විටමින් කේ වලින් පොහොසත් බව නම් අවධාරණය කළ යුතුව ඇත. 

කෙසේ වෙතත්, මේ මහ පොළොව අප කෙරේ පතළ වූ කරුණාවෙන් පහළ කළ, චව් ආදී වසක්‌ විසක්‌ නොමැති, ඉබේ වැවෙන කාබනික ආහාර බෝග යහමින් අනුභව නොකරන උදවියට අකාලයේ හතර රියනක සැතපෙන්නට සිදු වන බවනම්, මෙහි අවසන ලියා තබමි.

(විශේෂ ස්‌තුතිය - කැඩුම් බිඳුම් හා සර්වාංග විශේෂඥ, ආයුර්වේද වෛද්‍ය කරඳගොල්ලේ ඒ. බී. එම්. ජයවර්ධන මහතාට)

ගැමුණු සාලිය පෙරේරා, මහජන සෞඛ්‍ය පරීක්‌ෂක, ඇල්ල (බණ්‌ඩාරවෙල)
http://www.divaina.com/2014/03/30/feature09.html

විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරු

නීති විරෝධී අයුරින් පැමිණි මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ විල්පත්තුව ජාතික අභය භූමියට අයත් උතුර විල්පත්තුව මොල්ලිකුලම ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචි වී ඇත. මෙසේ පදිංචි වී ඇත්තේ මුස්‌ලිම් ජාතික ඇමැතිවරයකු වන රිෂාඩ් බදියුදීන්ගේ ආධාරකරුවන් පිරිසකි. මෙය පිටුපස සිටිනුයේ ඇමැති රිෂාඩ් බදියුදීන් බව විවිධ පාර්ශ්ව චෝදනා කරති.

මුස්‌ලිම් පවුල් එකසිය පනහකට අයිති සාමාජිකයන් තුන්සියයකට අධික පිරිසක්‌ දැනට මෙහි අනවසරයෙන් පදිංචි වී සිටිති. ඔවුන් උතුරු විල්පත්තුව රක්‍ෂිතයේ ප්‍රේරණ කලාපය තුළ තාවකාලික පොල් අතු නිවාස, කූඩාරම් ආදිය තනාගෙන දැනට පදිංචි වී සිටිති. මෙලෙස පදිංචි වී සිටින මුස්‌ලිම් ජාතිකයන් පිරිසට අවශ්‍ය ආහාර හා ජලය රජයේ වාහන යොදාගෙන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සපයන බවට වනජීවී අංශ සහ විවිධ පිරිස්‌ පෙන්වා දෙති.

දැනටමත් මෙම පිරිස විල්පත්තු අභය භූමියේ ප්‍රේරණ කලාපයත් පසු කරමින් අභය භූමිය දක්‌වාම කැලෑ එළිපෙහෙළි කරමින් දැවැන්ත විනාශයක්‌ සිදුකර තිබේ. එම ප්‍රදේශ තුළ ඩෝසර් ආදිය දමා මාර්ගද කපා තිබේ. ඉඩම් කට්‌ටි කර බෙදා වෙන්කර ගෙන තිබේ. මේ අතර ස්‌ථිර ගොඩනැඟිලි රැසක්‌ ඉදිකර අවසන් අතර තවත් ගොඩනැඟිලි කිහිපයක්‌ සෑදීමටද ලක ලැහැස්‌ති වී තිබේ. මෙම යන ආකාරයට ගියෝතින් තව මාස දෙක තුනකින් විල්පත්තු අභය භූමියෙන් භාගයකට වඩා ඩෝසර් කරනු නියතය.

මෙලෙස රැඳී සිටින පිරිස්‌ පවසනුයේ යුද්ධය පැවති කාල සීමාවටත් පෙර තමන් මෙහි පදිංචි වී සිටි බවත් යුද්ධය හේතුවෙන් මෙම ගම් බිම් අතහැර ගිය බවත්ය. දැන් යුද්ධය අවසන් වී සාමකාමී වාතාවරණයක්‌ පවතින හෙයින් නැවතත් මෙම ප්‍රදේශයේ පදිංචියට ආ බවත් කඩිනමින් නැවත ඒ ඉඩම් තමන්ට ලබාදිය යුතු බවය. දැනට එහි පදිංචිව සිටින මුස්‌ලිම් ජනතාවගේ ඉල්ලීමයි.

මෙලෙස පදිංචි වී සිටින ජනතාවට වෙනත් ප්‍රදේශවල ස්‌ථිර ඉඩම් හා නිවාස තිබෙන බවත් ඔවුන් මෙලෙස කුඩා පැල්පත්වල පදිංචි වී සිටින්නේ විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් ආධාර ලබාගන්නට බවද සමහරු සඳහන් කරති. 

විල්පත්තුව අභය භූමිය 1938 දී ජාතික වනෝද්‍යානයක්‌ බවට පත් කිරීමෙන් පසු එහි වනජීවී නීතිය ක්‍රියාත්මක විය. ඒ අනුව එහි කිසිදු ඉදිකිරීමක්‌, පදිංචිවීමක්‌ කළ නොහැකිය. අවම වශයෙන් දර කැබැල්ලක්‌ අහුලා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදකි. උතුරු විල්පත්තුව ප්‍රදේශයද 1947 දී විල්පත්තු අභය භූමියට පවරා ගන්නා ලදී. ඉන්පසු එම ප්‍රදේශයේද වනජීවී නීතිය ක්‍රියාත්මක විය. යුද්ධය පැවති සමයේදී එම ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිටි බැවින් වනජීවී නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවුණි.

එම යුද්ධය පැවති සමයේදී ද මෙම රක්‍ෂිතය අවට තිබූ පුකුලම, අරිප්පු, ශිලාවතුර, බොල්ලකුලම යන ගම්මානවල මුස්‌ලිම් හා දෙමළ ජනතාව පදිංචි වී සිටියේය. එකල එම ජනතාවගේ සහ ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු අයගේ ආරක්‍ෂාව සඳහා එළුවන්කුලමේ සිට පුකුලම දක්‌වා විශාල පළලකින් යුතු මාර්ගයක්‌ කපන ලදී. එම නිසා විල්පත්තුව අභය භූමියට හා ප්‍රේරණ කලාපයට දැඩි හානි සිදුවිය. එම නිසා ප්‍රේරණ කලාපය දෙකට වෙන්වුණි.

යුද්ධය නිමවීමත් සමග මෙම ප්‍රදේශ තුළ විවිධ ව්‍යාපෘති ආරම්භ කරමින් ඒ හරහා ජනතාව පදිංචි කරවීමට විවිධ පිරිස්‌ උත්සාහ දැරූ අතර විවිධ හේතූන් නිසා ඉන් සමහර ක්‍රියා අසාර්ථක විය. දැනට මෙහි අනවසරයෙන් පදිංචි වී සිටින පිරිස්‌ යුද කාලයේ කැපූ මාර්ගයේ සිට අභය භූමිය ඇතුළටද ඩෝසර උපයෝගී කරගෙන මාර්ග පවා කපා තිබේ. මෙතරම් විනාශයක්‌ විල්පත්තුව අභය භූමිය තුළ කරද්දී වගකිව යුතු පිරිස්‌ මුනිවත රකිනුයේ කුමන හේතුවක්‌ මතද යන්න ජනතාව නොදනිති.

මේ පිළිබඳව කරුණු අනාවරණය කළ වනජීවී අංශ පැවසුවේ මෙවන් කතාවකි. ඉපැරැණි ශිෂ්ටාචාරයට අයත් නෂ්ඨාවශේෂ විල්පත්තුව අභය භූමිය තුළ තැන්පත්ව ඇති අතර එවන් තත්ත්වයක්‌ තුළ ජන කණ්‌ඩායම් පැමිණ අයිතිවාසිකම් කීවොත් එම ශිෂ්ටාචාරය විනාශ වන බවත්ය.

මේ වටිනාකම තේරුම්ගත් ඉංග්‍රීසි ජාතිකයන් විල්පත්තුව වනෝද්‍යානය ජාතික වනෝද්‍යානයක්‌ බවට පත්කළ බවද පෙන්වා දුන් වනජීවී අංශ වැඩිදුරටත් පවසා සිටියේ මේ නිසා මෙම ජාතික උරුමය ජන කණ්‌ඩායමකට හෝ ජන කණ්‌ඩායම් කිහිපයකට පමණක්‌ අයිති එකක්‌ නොව සමස්‌ත රටේ අනාගත පුරවැසියා සතු මිල කළ නොහැකි සම්පතක්‌ බවයි.

බොදුබල සේනා සංවිධානයද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ ඇමැති රිෂාඩ් බදියුදීන්ටය. එහි ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් පවසනුයේ ඇමැති රිෂාඩ් බදියුදීන් විල්පත්තුව අභය භූමිය එළිපෙහෙළි කරමින් එහි මුස්‌ලිම් ජනපදයක්‌ පිහිටුවීමට කටයුතු කරන බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාම කොළඹ තම නිල නිවසේ මාධ්‍ය හමුවක්‌ පවත්වා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. තමන් ජාතිවාදියකු නොවන බවත් සිංහල, දෙමළ, මුස්‌ලිම් යන සියලු ජාතීන්ගේ සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන බවත්ය. බොදුබල සේනා සංවිධානය සිදු කරන්නේ පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදය ඇවිස්‌සීම බවද කියා සිටියේය.

කිසියම් පිරිසක්‌ විල්පත්තුව අභය භූමිය තුළ අනවසරයෙන් පදිංචිව සිටින්නේ නම් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගත හැකි බවද ඇමැතිවරයා පැවසීය.

බොදුබල සේනා සංවිධානය තමන් වෙත නගන චෝදනාව තරයේ ප්‍රතික්‌ෂේප කරන බවත් එම චෝදනාව ඔවුන් ඉල්ලා අස්‌කර නොගතහොත් එම සංවිධානයට එරෙහිව මිලියන පන්සියයක වන්දියක්‌ ඉල්ලා නඩුවක්‌ පවරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අනවසරයෙන් මෙලෙස පදිංචි වී සිටින ජනතාව සම්බන්ධයෙන් වනජීවී ඇමැති විජිත් විජිතමුණි සොයිසාගෙන් විමසූ විට ඔහු දැක්‌වූයේ මෙවන් අදහසකි.

මෙම සිද්ධිය ආරංචිවීමත් සමග මම එම ස්‌ථානයට ගොස්‌ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූවා. එවිට මට දැකගන්නට ලැබුණා ඔවුන් පදිංචිවෙලා ඉන්නේ අපිට අයිති භූමියක නොවෙයි. ඒ භූමිය අයිති සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාගේ අමාත්‍යාංශයට. ඒ නිසා මේ ප්‍රශ්නය මට විසඳන්න පුළුවන් එකක්‌ නොවෙයි.

මේ පිළිබඳව විමසීමට ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාව කිහිපවරක්‌ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ මුත් ඇමැතිවරයා ප්‍රතිචාර දැක්‌වූයේ නැත.

කවුරු කෙසේ කුමක්‌ හෝ කියා ඇඟ බේරාගත්තත් යම් සිදුවීමක්‌ සිදුවී තිබේ. උතුරු විල්පත්තුව අභය භූමියට හානි වන අයුරින් පිරිසක්‌ පදිංචි වී සිටිති. මෙලෙස කණ්‌ඩායමක්‌ පදිංචි වීම එම අභය භූමියට මෙන්ම එහි සිටින සතුන්ටද විශාල තර්ජනයකි. එම නිසා මේ පිළිබඳව කඩිනමින් සොයා බලා ඉක්‌මන් විසඳුමක්‌ ලබාදීම වගකිව යුතු නිලධාරීන්ගේ යුතුකමකි. එසේ නොවුණහොත් ජාතික උරුමයක්‌ බඳු විල්පත්තු අභය භූමිය අපට අහිමිවීම වැඩි ඈතක නොවේ.

ගයාන් සමරසිංහ, පිංතූර - පුත්තලම නලින් හෙන්දුරුගොඩ 
http://www.divaina.com/2014/03/30/feature14.html

සබැඳි ලිපි - [අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.html
වසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

දේශපාලකයන් රැසක්‌ නැගෙනහිර ඉඩම් කොල්ලකාලා

නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ඇමැතිවරු කිහිප දෙනෙක්‌ එම පළාතේ ඉඩම් අක්‌කර දහස්‌ ගණනක්‌ දේශපාලන හිතවතුන් අතර බෙදා දෙමින් මහා පරිමාණ ඉඩම් කොල්ලයක්‌ සිදු කළත් ඊට එරෙහිව පියවර නොගෙන ප්‍රාදේශීය ලේකම්වරු මුණිවත රකිමින් සිටින බවට ඉඩම් අමාත්‍යාංශය චෝදනා කරයි.

දේශපාලනඥයන් සිදුකරන මෙම ඉඩම් කොල්ලය නැවැත්වීමට ප්‍රාදේශීය ලේකම්වරු පියවර නොගන්නේ ඔවුන් ඉහත දේශපාලනඥයන්ගේ හිතවතුන් නිසා බවත් මේ තත්ත්වය මත අමාත්‍යාංශය ගැටලු රැසකට මුහුණ පා සිටින බවත් ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ඉරිදා සංග්‍රහය"ට පැවැසීය.

අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌කවල සිදුකරන මෙම ඉඩම් කොල්ලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට නැවැත්වීමට නොහැකි නම් ඒ පිළිබඳව ඔවුන් ඉඩම් අමාත්‍යාංශයට හෝ අනෙකුත් ආයතනවලට වාර්තා කළ යුතු වුවත් මෙතෙක්‌ එවැනි කිසිදු වාර්තාවක්‌ හෝ පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර නැති බව එම ප්‍රකාශකයා කීය.

යුද්ධය පැවැති සමයේ ඉඩම් අතහැර වෙනත් ප්‍රදේශවලට ගොස්‌ සිටින ජනතාවගේ ඉඩම් හා රක්‍ෂිත ඉඩම් මෙලෙස ඇමැතිවරු තම බූදලයක්‌ ලෙස සලකා හිතුවතුන් අතර බෙදාදීම ආරම්භ කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් අනාවරණය කළේය.

ප්‍රියදර්ශන ලියනගේ 
http://www.divaina.com/2014/03/30/news08.html

Pic Source

Saturday, March 29, 2014

උතුරු පළාත් සභාවෙන් අපේක්‍ෂිත අරමුණු ඉටුවෙයිද?

ශ්‍රී ලංකාව මේ මොහොත වන විට මුහුණ දී තිබෙන්නේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකටය. කව්රු කෙසේ අර්ථ නිරූපණය කළත් අප හමුවේ ඇති ජාත්‍යන්තර බලපෑම සුළුපටු නොවේ. මේ සියල්ල අමතක කර දමා අපි සුරංගනා ලෝකයක ජීවත් වෙමු. දෙවැන්න බෙදී ආණ්‌ඩු පෙරළන්නට නැත්නම් බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගනිමු. දේශපාලනයක්‌ කරන්නට රටක්‌ තියෙන්නට ඕනෑ. රට බේරා ගැනීම මුලින්ම කළ යුතුයි.

ත්‍රස්‌තවාදයට එරෙහි වූ අවසන් භාගයේදී සිදු වූවායෑයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නියමිත කාල වකවානුවක මේ වන විට රටේ ඇත්තේ අවිනිශ්චිත කාල පරිච්ඡේදයකි. ඇමැතිවරු නිලධාරින් සමඟ ලෝකෙ වටේ යමින් කරුණු කියති. මේ අතර බස්‌නාහිර හා දකුණු පළාත් සභාව විසුරුවා හැර ඉක්‌මන් මැතිවරණයකට රජය කටයුතු සලසා ඇත. ජන බලය ආණ්‌ඩුවට ඇති බව කියන්නට මේ මැතිවරණය පවත්වන බවට ද මතයකි.

උතුරට නැඟෙනහිරට ද පළාත් සභා පිහිටුවා ඇත. උතුර පළාත් සභාව කටයුතු කරන්නේ අපි කිසිසේත් ම අපේක්‍ෂා නොකළ අන්දමටය. විග්නේෂ්වරම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌ වූ උතුරු පළාත් සභාව පසුගියදා මේ රටේ ඒකීයභාවය පළුදුවන යෝජනා කීපයක්‌ සම්මත කර ගෙන ඇත.

යාපනේ පලාලි සහ ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන් තොටුපළවල සිට ඉන්දියාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, උතුරු දුම්රිය මාර්ගය තලෙයිමන්නාරම දක්‌වා දීර්ඝ කොට ඇති බැවින් තලෙයිමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් අතර නැව් සේවයක්‌ ආරම්භ කිරීම, කන්කසන්තුරේ වරාය පුළුල් කර වාණිජ වරායක්‌ ලෙස පුළුල් කිරිම ඒ යෝජනා අතර කීපයකි.

ඉන්දියාවේ සිට නැව් කෙළින්ම කන්කසන්තුරේ වරායට ගෙන්වා ගත යුතු බවට ද සාකච්ඡා වී තිබේ.

උතුරු පළාත් සභාව කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනයක්‌ ලෙසට නොවේ. වෙනම ප්‍රාන්ත රාජ්‍යයක්‌ ලෙසටය. ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන් ද උත්සාහ කළේ මේ ප්‍රාන්ත රාජ්‍යය බිහිකර ගන්නටය. උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් අනතුරුව අද අප මුහුණ දී තිබෙන්නේ ද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිතුම් පැතුම් තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නට ද යන්න විමසා බැලිය යුතුව ඇත. අන්තර් ජාතික ගුවන් සේවා ආරම්භ කිරීමට නැව් සේවා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ පළාත් සභාවකට නැත. තමන්ගේ පළාත් සභා බල ප්‍රදේශයේ කටයුතු සඳහා පිහිටුවාගත් ආයතනයන් අන්තර් ජාතික වශයෙන් ක්‍රියා කරන්නට යැම විහිළුවකි. අන්තර් ජාතික ගුවන් සඳහා ශ්‍රී ලංකාවේ දැනට අනුමැතිය ලැබී ඇත්තේ කටුනායක සහ මත්තල ගුවන් තොටට පමණි.

මධ්‍යම රජයට අයත් විෂය පථය කුමක්‌ද, පළාත් සභාවට ඇති බලය කුමක්‌ ද පිළිබඳව පළාත් සභාවේ මහ ඇමැති නීති විශාරදයකු වීත් නොදැන සිටීම ඔහුගේ නීති දැනුමට ද තරම් නොවේ. පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඕනෑම යෝජනාවක්‌ ඉදිරිපත් කළ හැකිය. නමුත් එම යොජනා පළාත් සභා ව්‍යවස්‌ථා යටතේ කළ හැකිද, නොහැකිද යන්න පිළිබඳව විමසා බලා දුහුනන්ට දැනුම් තේරුම් කර නොදී මහඇමැති ද පිස්‌සු කෙළින්නට යැම හාස්‍යයට කරුණකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය නොකර තමන්ගේ තරම දැනගෙන කතා කිරීම හොඳය. මීට පෙර ද මේ රට සිංහල බෞද්ධ රටක්‌ නොවේ. ජාතික කොඩියට ගරු නොකරන හැටි ඔහු කී විට ඒ වරද ගැන ද අපි කතා කළෙමු. අධිරාජ්‍යවාදීන්ගෙන් ත්‍රිකුණාමලය පවරා ගත් අන්දම අපට මෙහිදී සිහිපත් වේ. යටත්විජිත පාලනය පැවැති අවධිය ගැන සිතා බලන්න. දැන් අපි නිදහස්‌ ශ්‍රී ලංකාවක්‌ ය. විදේශීය බලපෑම්වලට නතු විය යුතු නැත. නිදහස්‌ රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම වරදකි. නවි පිල්ලේ ගේ යෝජනා ගැන ද විමසා බැලිය යුතුව ඇත. ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්න උතුරින් හමුදාව ඉවත් කරන්න මියගිය කොටින් සැමරීමට ඉඩ දෙන්න ආදී යෝජනා ඇය ඉදිරිපත් කරන්නේ කාගේ වුවමනාවකට ද? ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා සංගමයට ඕනෑ විදියට කටයුතු කරන්නට ඉඩ දිය නොහැකිය. පිල්ලේ නෝනා මේ රටේ ඇවිදිමින් කළේ ශ්‍රී ලංකාවට විනයක්‌ය. අපෙන් මානව හිමිකම් කඩ වීම් ගැන අහන අයට අපේ මානව හිමිකම් කඩවීම් ගැන නොපෙනුනේ මන්ද? දෙමළ බෙදුම්වාදීන් අවුරුදු තිහක්‌ තිස්‌සේ කළ විනාශයන් ගැන කියන්නේ නැත. ශ්‍රී මහා බෝධීන් වහන්සේට දළදා මාළිගාවට පමණක්‌ නොවේ. මුස්‌ලිම් පල්ලි ද, හින්දු කෝවිල් ද විනාශ කරමින් බෞද්ධාගමික නායකයන්, මුස්‌ලිම් හා හින්දු පූජකයන් මරා දැම්ම අයුරු අමතකද? බටහිර ජාතීන් ප්‍රභාකරන් බේරා ගන්නට නොකළ වෑයමක්‌ නැත. අපේ වීරෝදාර හමුදා භටයන් රාජ්‍ය නායකයන්ගේ මේ අමනෝඥ අධිරාජ්‍යවාදී මාර දූතයා මරා නොදැම්මා නම් අද වන විට අපට කතා කරන්නට රටක්‌ නැත. ප්‍රාන්ත රාජ්‍යයන් අටවා ගන්නට මානබලන උන්ට රටේ පෞරාණික ඉතිහාසය ගැන යමක්‌ කියා දිය යුතුව ඇත. ශ්‍රී ලංකා කියන්නේ සිංහල ද්විපයයි. අපගේ ධර්ම ද්වීපයයි. අප මහා සම්බුදුරජාණන් වහන්සේ තෙවරක්‌ වැඩිය දේශයයි. නිර්මල බුදු දහම නොනැසී පවතින ලෝකයේ එකම රාජ්‍යයයි. මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි. මේ රට රැක ගැනීම අපගේ යුතුකමයි.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි සැසිවාරය ආරම්භ කරන්නට නියමිත මේ කාලයේදීම උතුරු පළාත් සභාව තම අදහස්‌ හා යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අපි පිළිගන්නේ නැහැ, අපි වෙනම රටක්‌, ජාතියක්‌ යෑයි ලොවට හඬගා කියන්නද? ලෝක සාමය ගැන කතා කරන්නට සැදී පැහැදී ඉන්නා බලවතුන් එම සංවිධානයේ සාමාජික රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ මේ අන්දමටද? යුද අපරාධ චෝදනාවක්‌ එල්ල කරන්නේ කරුණු පිරිසිදුවටම සොයා බලා ද? ශ්‍රී ලංකාවේ විශේෂයෙන් යුද්ධයෙන් විනාශවී තිබුණු දේශයේ කරන ලද සංවර්ධනය ගැන සොයා නොබලන්නේ ඇයි.

උතුරු පළාත් සභාව කොටින් විසින් බිමේ වළලා තිබුණ එක බෝම්බයක්‌වත් ඉවත් කළේද? පාලමක්‌ බොක්‌කුවක්‌ සෑදුවේද. ආණ්‌ඩුව දුම්රිය මාර්ග සාදා වාරය ද සාදා ගුවන් තොටුපළවල් ද විවෘත කළාට පසු ඒවා උදව් කරගෙන ජාත්‍යන්තරය සමඟ එක්‌ වී අපටම අරියාදු කිරීමට ලක ලෑස්‌ති වේ.

උතුරු පළාත් සභාව පිහිටුවීමට රජය කටයුතු කිරීම ඉදිරි පියවරකි. රටේ නීතිය හා සාමය ආරක්‍ෂා වන අන්දමට ද ඒකීය රාජ්‍යයක්‌ ලෙස රට සංවර්ධනය කිරීමට ද පළාත් සභාවේ මහ ඇමැති ඇතුළු අමාත්‍ය මණ්‌ඩලය පියවර ගත යුතුව ඇත. නමුත් සිදුවන්නේ අප නොසිතූ නොපැතූ දෙයකි.

මෙවැනි අවස්‌ථාවකදී පළාත් සභා වෙන් වෙන් වශයෙන් බෙදී නොව, එකම රටක්‌ සේ පෙනී සිටිය යුතුව ඇත. දේශපාලන පක්‍ෂ භේද අමතක කර එක්‌ වී රට රැක ගත යුතුව ඇත. බටහිර ක්‍රිස්‌තියානි බලවේගවලට අප යටත් වියයුතු නොවේ. අප ජාතිකත්වය මත පදනම්ව මානව හිමිකම් කුමන්ත්‍රණකරුවන්ට සිහිබුද්ධියෙන් යුක්‌තව මුහුණ දෙමු.

කේ. මතිලාල්
http://www.divaina.com/2014/03/29/feature03.html

Pic Source

දෙවැනි නව කැලණි පාලමට ජපන් රජයෙන් කෝටි 4500 ක්‌

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ වන දෙවැනි නව කැලණි පාලම ඉදිකිරීම සඳහා ජපාන රජය රුපියල් කෝටි 4500 (යෙන් මිලියන 35,020) ණය මුදලක්‌ ශ්‍රී ලංකා රජයට ලබාදෙනු ලැබීය.

ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (28 වැනිදා) මුදල් අමාත්‍යාංශයේදී සිදු විය. සහනදායී පොලී අනුපාත මත ජපාන රජය ශ්‍රී ලංකා රජයට ලබාදෙන යෙන් ණය ආධාර යටතේ ලබා දුන් 44 වැනි ණය මුදල මෙය වේ.

මෙම නව කැලණි පාලම මංතීරු හයකින් සමන්විතය.

ගිවිසුමට අදාළ ලියකියවිලිවලට අත්සන් තැබීම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නබුහිතෝ හොබු යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.

http://www.divaina.com/2014/03/29/news20.html

Pic Source

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැමත් සමග රෝග වාහකයින්ගේ බෝවීමේ වැඩිවීමක්

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැමත් සමග රෝග බෝ කරන වාහකයින්ගේ බෝවීමේ ප්‍රවණතාවය ඉදිරි කාලයේදී වැඩිවීමේ අවදානමක්‌ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය එෆ්. ආර්. මෙහෙතා මහතා ඇතුළු එම සංවිධානයේ පිරිසක්‌ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී වාහක රෝග සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. වාහකයින් යනු කුඩා ජීවීන් කොටසක්‌ වුවත්, රෝග බෝ කිරීමේ දී ඔවුන් විශාල අභියෝගයක්‌ මිනිසාට එල්ලකර ඇත. වාර්ෂිකව ලෝක ජනගහනයෙන් මිලියනයක්‌ වාහකයින් විසින් ව්‍යාප්ත කරන රෝගවලින් මරණයට පත්වන අතර, ලෝක ජනගහනයෙන් හරි අඩක්‌ වාහකයින් නිසා අවදානමට ලක්‌ව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පොදු වාහකයින් ලෙස මදුරුවන්, වැලි මැස්‌සන් සහ මැක්‌කන් වර්ග හඳුනාගෙන ඇති අතර, ඔවුන් මගින් මැලේරියාව, ඩෙංගු, ලිෂ්මේනියාසිස්‌ Leish maniasis, ලයිම් ඩිසීස්‌ lyme disease (කිණිතුල්ලන් සහ මැක්‌කන් සපාකෑම නිසා ඇතිවිය හැකි රෝග තත්ත්වයක්‌) කහ උණ Yellow Fever සහ ජැපනීස්‌ එන්සෙපලයිටිස්‌ වැනි රෝග ව්‍යාප්ත වේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ බහුලව වාර්තාවන ඩෙංගු රෝගය සහ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන ලිෂ්මේනියාසිස්‌ රෝගය ජනතාවට විශාල තර්ජනයක්‌ එල්ලකර ඇත. වාහකයන් ජීවත්වන්නේ බොහෝ විට මිනිසා ආශ්‍රිතවම පරිසරයේය. එම නිසා වාහක රෝග අවම කර ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළක්‌ ආරම්භ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත පිරිස පැවැසූහ.

http://www.divaina.com/2014/03/29/news09.html

Friday, March 28, 2014

'අපට ඕන උඹලයි කෙල්ලෝ' - සිංහල ජාතිය වඳකර මුසලු ජනගණත්වය වැඩිකිරීමේ උපායශීලී කුමන්ත්‍රණය!

කුරුණෑගල, අනුරාධපුර වැනි නගරවල වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යන එක්‌ ජාතියක්‌ රැකියා අහේනියෙන් පෙළෙන සිංහල තරුණියන් ඔවුන්ගේ වෙළෙඳ ව්‍යාපාරවල වෙළෙඳ සේවිකාවන් ලෙස හොඳ වැටුප් තල මත රැකියාවන්ට බඳවා ගනී. කලක්‌ යන විට ඔවුන් සමග සබඳතා ඇති කර ගන්නා එම ජාතියේ තරුණයන් මෙම සිංහල තරුණියන් තුන් හතරදෙනා විවාහකර ගනී. උපදින හැම දරුවකුම ඔවුන්ගේ ජාතියේ අය මිස සිංහල දරුවන් නොවේ. භාෂාව, සංස්‌කෘතිය, ආගම යන සියල්ලම මේ දරුවන්ට ප්‍රගුණ කළ විට මොවුන්ද එම ජාතියේ දරුවන් බවට පත්වේ.

මෙය සැලැස්‌මක්‌ ඇතිව රට පුරා ක්‍රියාත්මක වන ජාතිද්‍රෝහී ක්‍රියාවකි.

දෙවැනි රාජසිංහ සමයේ දී සංචාරක වෙළෙන්ඳන් ලෙස මෙරටට ගොඩබැස පසුව සිංහල කාන්තාවන් විවාහ කරගෙන අලුත් ජාතියක්‌ ගොඩනැඟූ පරිද්දෙන්ම දැනුදු සිංහල තරුණියන්ට රැකියාවල් සපයා ඔවුන් විවාහ කරගෙන ඔවුන්ගේ ජාතිය තර කර ගනී.

පරම්පරාව ඇති කරන්නේත් කාන්තාවෝය. පරම්පරාව නැති කරන්නේත් කාන්තාවෝය. සිංහල ජාතියට ආදරය කරන මව්පියන් සහ කාන්තාවන් මේ ගැන වුවමනාවෙන්ම සිතා බැලිය යුතු කාලය උදාවී ඇත.

තලාව, එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2014/03/28/provin04.html

සබැඳි ලිපි -
[
මුසලු පෙම්වතා දරු ගැබ වනසා සිහින් හඬ්න් හැඬූ කලලය ගෙන, පිහියෙන් ඇන, පෙට‍්‍රල් දමා පුච්චලාhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_21.html
නැගණියනි, නොරැවටෙන්න...! ජාතිය පාවා නොදෙන්න...!
http://denethharinna.blogspot.com/2012/12/blog-post_2548.html
ක්‍රමානුකූලව ක්‍රියාත්මක වන මුස්‌ලිම් ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
ආලයේ නාමයෙන් සැලසුන්සහගතව කරනා ඉස්ලාම් ආගමිකකරණයhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_7531.html
මුස්ලිම් තරුණයෙකුට ආදරය කරන්න කලින් මේ කතාව කියවලා බලන්න...http://denethharinna.blogspot.com/2013/07/blog-post_4927.html
ආදරණිය නංගී,
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9212.html
රිZවාන්ල ගාව තිබ්බ මන්න දෙක කැලේට විසිකරල, දරුවො දෙන්නත් එක්ක මම පොලිසියට ගියා... - බීමත් මුස්ලිම් සැමියාගෙන් මරණයෙන් ගැලවුණු චාමලී
http://denethharinna.blogspot.com/2013/03/z.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]

Thursday, March 27, 2014

අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලය

සුප්‍රකට අභයභූමියක්‌ වූ විල්පත්තුවේ වනෝද්‍යානයෙන් කොටසක්‌ බලෙන් අත්පත් කරගත් පිරිසක්‌ එහි පදිංචි වී ඇතැයි දැනගන්නට ලැබී තිබේ. මේ පිරිස ආණ්‌ඩුවේ ඇමැතිවරයකු වන මුස්‌ලිම් ජාතිකයකුගේ ආධාරකරුවන් බව දැනගන්නට ඇත. බුල්ඩෝසර් යොදා වන උයන හෙළි පෙහෙළි කර ගත් 300 ක්‌ දෙනා එහි පදිංචිව සිටිති. ඒ පිරිසට ආහාර, ජලය සපයන්නේ ඇමැතිතුමා ය. ඒ ද රජයේ වාහන යොදාගෙන ය. ඇමැතිතුමා ආහාර සහ ජලය සම්බන්ධයෙන් අනුගමනය කරන ත්‍යාගශීලී ප්‍රතිපත්තියට විරුද්ධ වීමට අපට බැරි ය. එහෙත් එතුමා පින් කිරීම සඳහා ආණ්‌ඩුවේ ඉඩම් සහ ආණ්‌ඩුවේ වාහන යොදාගෙන තිබීම ගැන නම් අපට එතරම් පැහැදීමක්‌ නැත. මන්ද, එවිට එම පින අනුමෝදන් වන්නේ කෙසේද යන ප්‍රශ්නය හට ගන්නා නිසා ය. එම පිනෙන් රජයට අයිති කොටස කොපමණද යන්න සහ ඇමැතිතුමාට අයිති කොටස කොපමණ ද යනාදී වශයෙන් ගැටලුවක්‌ හටගනී. මතු යම් දිනයකදී පරලොවදී මුහුණට මුහුණ හමුවන ඇමැතිතුමා සහ ආණ්‌ඩුව යන පාර්ශ්ව දෙක පින බෙදා ගැනීම සඳහා අරගලයකට මැදිවනවා ඇත. අප ඇමැතිතුමා මුස්‌ලිම් ය යනුවෙන් යොදා ඇත්තේ ජාතිවාදය ඇවිස්‌සීමට නොව එතුමා හඳුනා ගැනීමේ පහසුව තකා ය. මෙවැනි කුණු වැඩ කරන මුස්‌ලිම් දේශපාලනඥයන් ආණ්‌ඩුව තුළ සිටිත් නම් ඒ එකම එක අයකු පමණි. මේ ඇමැතිතුමා එතුමා ය.

රජයේ වියදමින් පින් කිරීම මේ රටේ දේශපාලනඥයන් බහුතරයකගේ සිරිත ය . මෙය මේ රටට නිදහස ලැබුණු දා පටන් කෙරෙන කෙළියකි. සුද්දන් ලංකාව අත්හැර යන විට කොළඹ නගරය තුළ අලංකාර උද්‍යාන 30 කට ආසන්න ගණනක්‌ විය. එහෙත් අද වන විට එම ප්‍රමාණය දෙකකට හෝ තුනකට සීමා වී ඇත. සෙසු උද්‍යාන සියල්ල සෑම ඡන්දයකටම පෙර කට්‌ටි කර ආධාරකරුවන් අතර බෙදීමේ පුරුද්දක්‌ දේශපාලනඥයන්ට විය. කොළඹ විහාරමහා දේවි උයන, බොරැල්ලේ කැම්බල් පිටිය සහ ඩාර්ලි පාරේ හයිඩ් පිටිය නිදහසට පෙර තිබුණේ මීට වඩා ලොකුවට ය.

මුළු රටම තමන්ගේ යෑයි සිතන පොදු ප්‍රායෝගික සිතුවිල්ල නොව උතුර අපේ යෑයි සිතන දෙමළ දේශපාලනඥයන් ද නැගෙනහිර අපේ යෑයි සිතන මුස්‌ලිම් දේශපාලනඥයන් ද බිහිවීම අවාසනාවකි. කෙසේ වුවද මේ දෙගොල්ලම ජීවත් වන්නේ කොළඹ ය. උතුරු පළාතට තරග කර පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවලට ඇතුළු වූ දෙමළ දේශපාලනඥයන්ගෙන් කී දෙනකු උතුරේ පදිංචිව සිටිත්දැයි අපි ප්‍රශ්න කරමු. ඔවුන් උතුරේ සහ නැගෙනහිර පළාත් තුළ තම ජාතීන්ගේ ජන ඝනත්වය වැඩි කිරීමට මෙහෙයුම් කරන්නේ කොළඹ සිට ය. උතුරේ සහ නැගෙනහිර අව්ව වැඩි ය. එම ප්‍රදේශ කර්කශ වැඩි ය. එහි වතුර කිවුල් ය. ඒ ජීවිතයට ඔරොත්තු දීමට මේ සුකුමාර දේශපාලනඥයන් මෘදු වැඩි ය.

තමන් විසින් ඡන්දය දෙනු ලැබ පාර්ලිමේන්තුවට හෝ පළාත් සභාවට පත් කර යෑවූ දේශපාලනඥයන්ගෙන් වැඩි දෙනා කරන ආත්ම වංචාව පිළිබඳව දැනුවත් වන ලෙස අපගේ දෙමළ සහ මුස්‌ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලමු. ඒ අතර ම, සිංහලයන්ට සිදු වී ඇත්තේත් එම කෙළියම බව මතක්‌ කර දෙමු.

http://www.divaina.com/2014/03/27/editor.html

Pic Source

සබැඳි ලිපි - [වසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

මුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේ

බේරුවල දියලගොඩ ප්‍රදේශයේදී ඊයේ (26 දා) අලුයම පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ (එස්‌ටීඑෆ්) දෙදෙනකුට නාඳුනන පිරිසක්‌ විසින් අමානුෂික ලෙස පහරදී බේරුවල දුම්රිය ස්‌ථානය අසල දමාගොස්‌ තිබියදී බේරුවල පොලිසිය විසින් ඔවුන් රෝහල්ගත කර තිබේ.

ගෝනහේන පොලිස්‌ විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කරන මේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනා අඹේපිටිය නිවසක පැවති මළගෙදරකට සහභාගිවයමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්‌වී ඇතැයිද බේරුවල පොලිසිය පවසයි.

පොලිස්‌ ජංගම මුරසේවයේ නිලධාරීන් විසින් ඊයේ අලුයම බේරුවල රෝහලට ඇතුළත් කරන ලද මෙම පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට මාරුකර යවා ඇත.

ද්‍රවිඩ භාෂාවෙන් කතා කරන ලද කණ්‌ඩායමක්‌ තමන්ට පහරදුන් බව තුවාලකරුවන් පොලිසිය ප්‍රකාශ කර ඇත.

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා මහතාගේ උපදෙස්‌ පිට බේරුවල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක දුමින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක්‌a සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
http://www.divaina.com/2014/03/27/news05.html

Pic Source

සබැඳි ලිපි -
[ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
අනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.html
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.html
රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.html
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසා
http://denethharinna.blogspot.com/2013/10/100.html
උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙති
http://denethharinna.blogspot.com/2013/11/blog-post_7788.html
සිංහල වීම නිසා මුසලුවන් විසින් පහරදී අනියමින් මරාදැමුනු සිහළ තරුණයා සහ නෝම්බි නිසා මුසලුවා අත් අඩංගුවට ගන්න බැරිව දඟලන පොලිසියhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8523.html
සිහල තරුණිය ලබාගැනුමට මුසලුවන් මරා දැමූ පස්සර තරුණයා
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5610.html
කින්නියා මුසලු දැව හොරු නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී STF සමඟ ගැටෙති
http://denethharinna.blogspot.com/2013/06/stf.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html
මුස්ලිම් ජිහාඩ් අන්තවාදීහු සමන්තුරේදී යකා නටති!
http://denethharinna.blogspot.com/2012/09/blog-post_19.html
කුරගලින් ඉවත්වන ලෙස අන්තවාදීන්ට උසාවි නියෝග
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
]

අහෝ අවාසනාවන්! ජාත්‍යන්තර පාසල් කුඩු තිප්පොලවල්ද?

කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක සිසු සිසුවියන් පාසල තුළදීම මත්කුඩු මිලට ගෙන පරිහරණය කරන බව දැනගන්නට තිබේ. මෙය හෙළි වී ඇත්තේ සිසු දරුවන් අතර රුපියල් පන්දහසේ කොල ළෙල දෙනු දැක ගුරු භවතුන් විසින් විමසා බලන ලද කල්හි එම මුදල් කුඩු වෙනුවෙන් වැය කරන බව හෙළි ව ඇත. සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල කොළඹ පාසල් බොහොමයක මත්කුඩු ප්‍රශ්නය තිබේ. කොළඹින් පිටත ගැමි පාසල්වල අරක්‌කු ප්‍රශ්නයක්‌ තිබේ. නගරයෙනුත් එහා පිටිසරබද පාසල්වල බීඩි/ සිගරට්‌ ප්‍රශ්නයක්‌ තිබේ. ග්‍රෑම් 2 ක්‌ බර බීඩියක්‌ රුපියල් 2 ක්‌ වන අතර ග්‍රෑම් 5 ක්‌ බර මත් කුඩු මුලක්‌ රුපියල් 5000 කි. කොලිටිය බාල කුඩු ග්‍රෑම් 5 ක්‌ රුපියල් 2000 කට ගත හැකි ය. ඒවා මිශ්‍ර කරන ලද කුඩු ය. නිද්‍රජනක ඖෂධ වන ක්‌ලෝනෙසිපැට්‌ සහ ඩයිසිපැට්‌ පෙති කුඩු කර මිශ්‍ර කර එම කුඩුවල තත්ත්වය බාල කරනු ලැබේ. එම බාල කුඩු ඉරූ විට වදින්නේ බාගෙට ය. එහෙත් ජාත්‍යන්තර පාසල්වල සිටින ළමයින් අත යහමින් මුදල් ගැවසෙන නිසා බාල බඩු නොව උසස්‌ ම තත්ත්වයේ බඩු ඒවාට සැපයිය හැකි ය.

මෙයට වසර සිය ගණනකට පෙර ගංජා (මරිජුවානා) අබිං සහ අරක්‌කු වලින් පටන් ගත් මෙරට මත්ද්‍රව්‍ය පිළිබඳ ඉතිහාසය ගත වූ වසර 20 තුළ ඉතා වේගයෙන් හෙරොයින්වලට මාරු විය. හෙරොයින්වලින් සිදු කෙරෙන ප්‍රමුඛතම කාර්යය වන්නේ අනෙක්‌ මත්ද්‍රව්‍ය පරිදිම මොළය නිර්වින්දනය කිරීම ය. තම දරුවා නයිට්‌ ක්‌ලබ් යන සමාජ මට්‌ටමට අවශෝෂණය වී ඇත්නම් ඔහු හෝ ඇය කුඩ්ඩකු හෝ කුඩ්ඩියක වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව මාපියන් තේරුම් ගත යුතු ය. ඔහු හෝ ඇයගේ තොල කට නිතර වියෑළෙන්නේ නම් ඔහු හෝ ඇය වේගයෙන් හුස්‌ම ගන්නේ නම්, ඇසේ කළු ඉංගිරියාව කුඩා වී තිබේ නම්, හැසිරීම වහ වහා වෙනස්‌ වන්නේ නම්, මඳ සිහියෙන් පසුවන්නේ නම්, ඒවා කුඩු ගැසීමේ මූලික සලකුණු ය. කුඩුවලට පුරුදු වූ අය වැඩිපුර නිදති. අන් අයගේ ඇස්‌ දෙස කෙළින් නො බලති. අපේක්‍ෂා භංගත්වයෙන් පසුවෙති. පවුලෙන් වෙන් වී හුදෙකලාව සිටීමට තැත් කරයි. ණය වෙති. සොරකම් කරති. ඔවුන්ගේ සිරුරු කෘෂ වන්නේ ය. ඇඟ සීතල කරන බවට නිතර පැමිණිලි කරති. සිරුරේ බර අඩු වන අතර නාසයෙන් සොටු දියර ගැලීම නිසා නිතර පීඩාවට ලක්‌වෙති. කුඩුවලට පුරුදුව සිටින්නේ වියපත් දැරියක නම් ඇගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වන්නේ ය. සිය දරුවන්ගේ ශාරීරික සහ චර්යාත්මක වෙනස්‌කම් ගැන සැලකිලිමත් වීම මවුපියන්ගේ වගකීමකි. ජාත්‍යන්තර පාසලට, කොළඹ උසස්‌ පාසලකට හෝ නයිට්‌ ක්‌ලබ්වලට යන සිය දරුවා ගැන සොයා බැලීම මවුපියන් විසින් අනිවාර්යයෙන් ම කරනු ලැබිය යුතු ය. එහෙත් පින්වතුනි, ලොකුම කරුමය වන්නේ මේ කතුවැකිය එම මවුපියන්ට දැක ගැනීමට නො ලැබීම ය. පළමු කොට ඔවුහු සිංහල නොකියවති. දෙවනුව ඔවුහු පත්තර නො කියවති. ඔවුන් වැඩි දෙනාගේ ලෝකය ද දරුවන්ගේ ලෝකයට නො වෙනස්‌ ය. ඔවුන් බොහෝ විට සිය දරුවන් හමුවන්නේ රාත්‍රි නයිට්‌ක්‌ලබ් එකේදී ය.

දැනට මත්කුඩු ජාවාරම සිදු වන ජාත්‍යන්තර පාසලේ නම සහ සියලු විස්‌තර අපි දනිමු. එහෙත් එම පාසලේ ගෞරවය සහ ශිල්ප ශාස්‌ත්‍රවල අගය වෙනුවෙන් එය හෙළි කිරීමෙන් වළකිමු. අප මේ සියල්ල ලියන්නේ සියලු තොරතුරු අත තබාගෙන බව සියලු දෙනා විසින් දත මනා ය.

http://www.divaina.com/2014/03/26/editor.html

Pic Source