Pages

Tuesday, March 18, 2014

රට පුරාම ඉස්ලාම් කල්ලි ගැටුම් - ප‍්‍රචණ්ඩ ලෙස හැසිරේ නම් නීතිය ක‍්‍රියාත්මක කරනවා - අජිත් රෝහණ (???)

ඉස්ලාම් ආගමේ විවිධ පාර්ශවයන් සහ ආගමික නිකායන් අතර ඉකුත් දින කිහිපයේදී ගැටුම් ඇති වුණා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ඉකුත් තුන් වනදා කුච්චවේලී ප‍්‍රදේශයේ ඉස්ලාම් බැතිමතුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම පහරදීමක් දක්වා වර්ධනය වූ බවයි. එමෙන්ම මාදම්පේ පැරණි නගරයේදීද ඉස්ලාම් ආගමික නිකායන් දෙකක දෙපිරිසක් අතර ගැටුම්කාරී තත්වයක් ඇති වුණා. 

එහිදී මාර්ගයේ ගමන්ගත් වෑන් රථයකටද අලාභ හානි සිදු වූ බවයි පොලීසිය පැවසුවේ. කිසියම් දේවස්ථානයක් පල්ලියක් හෝ වෙනත් ආගමික ස්ථානයක් පිහිටුවීමට අවසර ලබාදීමට බලය හිමිව ඇත්තේ බෞද්ධ හා ආගමික කටයුතු අමාතයංශයටයි. එවැනි ආගමික ස්ථාන පදනම් කරගනිමින් කිසියම් පාර්ශවයක් ප‍්‍රචණ්ඩ හා කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට එරෙහිව  නීතිය ක‍්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ. යම් ගැටළුවක් ඇත්නම් ප‍්‍රචණ්ඩ ක‍්‍රීයාවල නිරත නොවී සාකච්ඡුා මාර්ගයෙන් එය විසඳාගන්නා ලෙස ඉස්ලාම් භක්තිකයන්ගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Neth FM

Pic Source

1 comments:

Anonymous said...

Oya thiyenne thama patangaththa witharai. Me hamba janagahanaya palanaya nokoloth anith ewunta wenne balagena indala marenna. H ambayo wadiwenna wadiwenna ethane winashaya..