Pages

Saturday, March 22, 2014

බටහිර උගුල යුක්රේනයේදීත් පැරදු ජනපති පුටින් ඔල්වරසන් මැද ලෝකය අමතයි


ක‍්‍රිමියාව රුසියාව හා එක්වීමට සිදුකළ යෝජනාව පිළිගනිමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ෆෙඩරේෂණ සභාව ඉදිරියේ සිදුකළ කථාව සෝවියට් යුගයෙන් පසු රුසියානු රාජ්‍ය නායකයකු සිදුකළ සුවිශේෂිතම කථාව ලෙස විචාරකයන්ගේ අවධානය යොමුව තිබේ.

ඒ සඳහා රාජ්‍ය ඩූමා නියෝජිතයන්, ෆෙඩරේෂණ කවුන්සිලයේ නියෝජිතයන්, ප‍්‍රාදේශීය ආණ්ඩුකාරවරුන් සහ සිවිල් සමාජ නියෝජිතයින් සම්බන්ධ වී තිබේ.


මාර්තු 18 දින ඔහු ක්‍රෙම්ලිනයේ රැස්ව සිටි පිරිස අමතමින් පවසා ඇත්තේ ජාත්‍යන්තර නීතිය කියා යමක් පවතීද යන්න බටහිරට සිහිපත්වී ඇත්තේ ක‍්‍රිමියානු සිදුවීම සමග බවයි.


රුසියාව ස්වාධීන රාජ්‍යයක් බවත් ඒ වෙත බලපෑම් එල්ල වෙද්දී ඉවසීමේ සීමාවක්ද ඇති බවත් එම සීමාව යුක්රේන අර්බුදයේදී ඉක්මවා ගිය බවත් ඔහු පවසා තිබේ.

ඇමරිකාව විසින් තමන්ට මිතුරු සහ සතුරු ආදී ලෙසින් ලෝකය බෙදා වෙන්කරන බවත් ස්වාධීන රාජ්‍යයන් වෙත බලය යෙදීම නීත්‍යානුකූල යයි පෙනෙන්නට ඔවුන් ජාත්‍යන්තර සංවිධාන වලට පවා බලපෑම් කරන බවත් පුටින්ගේ අදහසයි.

ඔහු පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සහ ආරක්ෂක කවුන්සිලය නොතකා හරිමින් එසේ සිදුකරන රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රතිපත්තිය ශිෂ්ඨ ලෝකයකට නොගැලපෙන බවයි.

බටහිර විශ්වාස කරන්නේ ජාත්‍යන්තර නීතිය නොව තුවක්කුවේ නීතිය බවද ඔහු පවසා තිබේ.

මේ අතර නැගෙනහිර සහ බටහිර ජර්මනිය එක්වන අවස්ථාවේදී ඒ සඳහා රුසියාව සහයෝගය දුන් බව ජර්මනිය මතක තබාගත යුතු බවත් කොසෝවෝ සිදුවීම විශේෂ යයි කියන කථා සම්පූර්ණ ප්‍රෝඩාවක් බවද පුටින් සඳහන් කර ඇත.

http://lankacnews.com/sinhala/foreign-news/112408/

6 comments:

Anonymous said...

if u think this what Russia did in Crimea is good and fair,because majority of the peoples Russian?. if so India can invade Jaffna claim it because most of the Tamils there have strong connections to the Tamilnadu
you think you are very smart person right but you are a piece of crap!
your ideas are nonsesnse

Anonymous said...

buffallo, read the history of russia. he did not mention the plan will apply to sri lanka or any other .

දෙනෙත් හරින්න ! said...

Think about the intention of USA & Europe at the Ukraine crisis, then u wont comment like this. Then Ur self understand who is smart & who is in the crap.

Anonymous said...

donky ,if its fair to Russia its fair to Taminadu

Anonymous said...

Crimea belongs to Ukraine not to Russia, go and read the history!

දෙනෙත් හරින්න ! said...

If U go & read the history, U can get true infor. Actually this was belongs to Soviet Federation earlier.

--- Start of Copying form Wikipedia ---
"Since c. 700 BC, the peninsula has changed hands several times, with all or part having been controlled by Cimmerians, Bulgars, Greeks, Scythians, Romans, Goths, Huns, Khazars, Kievan Rus' (the historical precursor to the modern states of Belarus, Ukraine, and Russia), the Byzantine Empire, Venice, Genoa, Kipchaks, the Golden Horde, the Ottoman Empire, the Russian Empire, the Soviet Union, Germany, Ukraine, and now, perhaps, the Russian Federation.
Crimea is an autonomous parliamentary republic within Ukraine and is governed by the Constitution of Crimea in accordance with the laws of Ukraine. The capital and administrative seat of the republic's government is the city of Simferopol, located in the center of the peninsula. Crimea's area is 26,200 square kilometers (10,100 sq mi) and its population was 1,973,185 as of 2007. These figures do not include the area and population of the City of Sevastopol (2007 population: 379,200), which is administratively separate from the autonomous republic. The peninsula thus has 2,352,385 people (2007 estimate)."
--- End of copying ---

U can't say that the process that Crimians done is wrong. Similar kind of process was followed by Ceylon at 1972 to enforce autochthonous constitution by converting the National State Assembly as as Constitutional Body & then going for a referendum. Read the Constitutional History of Ceylon & that is the time that Sri Lanka obtained the full independence form the British Queen.

And U can't compare it with Northern Province as the constitutional back ground is entirely different.