ලංකාවේ ගව ඝාතනය නතර කරන්නැයි ඉල්ලා සිංහල රාවය මගින් පා ගමනක් මහනුවර සිට කොළඹ කොටුව දක්‌වා පසුගියදා පැවැත්විණි. ගව ඝාතනය සම්පූර්ණයෙන් නතර කළ හැකිද යන්න ප්‍රශ්නයක් වුවත් ලංකාවේ මස් සඳහා ගවයන්, එළුවන් ආදී සතුන් සොරකම් කිරීම, හිංසාකාරී ප්‍රවාහනය හා කෲරතර සත්ව ඝාතනය අවම කිරීමේ අවශ්‍යතාව පැනනැඟී තිබේ.
ලෝකයේ සෑම සතියකම සතුන් බිලියනයකටත් වඩා මරා මිනිස් ආහාරයට ගන්නා බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර හා කෘෂි කර්මාන්ත සංවිධානය හෙළි කරයි. ගතවන සෑම මිනිත්තුවකදීම අවම වශයෙන් කුකුළන් 109339 ක්‌ද, ඌරන් 2630 ක්‌ද, බැටළුවන් 922 ක්‌ද, එළුවන් 781 ක්‌ද, තාරාවුන් අති විශාල සංඛ්‍යාවක්‌ද, අශ්වයන්, කළුකුන්, හාවුන්, ඔටුවන් තිදෙනෙක් හා බූරුවෙක්‌ද මෙලෙස ආහාරය සඳහා ඝාතනය කරන බව වාර්තා වේ. මේ දඩයම් කිරීමෙන් හා ගෘහස්‌ථව පෞද්ගලිකව කෙරෙන සත්ව ඝාතන ඇතුළත් නොවන සංඛ්‍යාවන්ය.
මේ අන්දමින් සතුන් මරා දැමීමෙන් ඇතිවන පාරිසරික හා සෞඛ්‍ය ගැටලු අපට නොසලකා හැරිය නොහැක. මේවා අතරට හරිතාගාර, ගෑස් පිටවීම, ජලය අපවිත්‍ර වීම, වනාන්තර විනාශ වීම හා ජෛව විවිධත්ව හානි ඇතුළත් වේ.
මිනිසුන් සත්ව මාංශ භක්‍ෂණය අත්හරින්නේ නම් මේ පෘථිවිය වඩාත් යහපත් ස්‌ථානයක් වනු ඇත. එහෙත් මානව සංහතියේ එවැන්නක් සිදුවූ බවක් වාර්තා වී නැත. මාංශ භක්‍ෂණයට හුරුපුරුදු වී ඇති ඇත්තන්ට මාංශවලට සමාන විකල්ප ආහාරයක් ගැනීමට හැකි වන්නේ නම් මෙලෙස සතුන් මැරීම අඩකින් හෝ අඩුකර ගත හැකිවනු ඇතැයි පෙනී යයි. සතුන් උදෙසා මේ පෘථිවියේ භූමියෙන් 26% ක පමණ ඉඩක්‌ද, පෘථිවියේ හටගැනෙන භව භෝගවලින් සෑහෙන කොටසක් සතුන් විසින් පරිභෝජනය කිරීමද අති විශාල ජල ප්‍රමාණයක් සතුන් පානයට ගන්නා නිසාද, හරිතාගාර මෙතේන් ගෑස් නිපදවීම නිසාද මෙම සතුන් ඇතිකිරීම අඩුකර ගත හැක. අද ලෝකයේ සත්ව මාංශ මිල අඩු වුවද ඉන්a පරිසරයට වන හානිය අති මහත්ය.
සත්ව මාංශවලට සමාන විවිධ ආහාර වර්ග පරිභෝජනය දැනට දශක ගණනාවක සිට භාවිතා කිරීම සිදුවී ඇත. එහෙත් එය සැලකිය යුතු ප්‍රමාණයක් නොවන්නේය. 2004 වසරේදී ඕලන්දයේ කරන ලද අධ්‍යයනයකට අනුව එරට මාංශ භක්‍ෂණයෙන් 1% ක් පමණ මේ ආදේශන මාංශ පරිභෝජනය වී ඇත. එයද මාංශවල අර්බුදකාරී තත්ත්වයක් පැවති සමයකය.
2010 වසරේ දී ඇමෙරිකාවේ මාංශ සඳහා ඩොලර් බිලියන 160 ක් වැයකර තිබේ. ඇමෙරිකාවේ පරිභෝජනය කරන හැම්බර්ගර් ආහාරය සඳහා ජලය ලීටර් 2500 ක් නැතහොත් නෑමට ගන්නා ජල බේසම 16 වතාවක් පුරවන ලද ජල ප්‍රමාණයට සරිලන ප්‍රමාණයක් වැයකොට ඇති වග අනාවරණය වේ. ආහාරයට ගන්නා සෑම හරක් මස් කිලෝග්‍රෑමයක් උදෙසා කාබන්ඩයොක්‌සයිඩ් වායුව කි.ග්‍රෑ. 35 ක් නැතහොත් ඉතා හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ රථයක් කි.මී. 275 ධාවනය කිරීමේදී පිටවෙන ප්‍රමාණයට සරිලන බව සොයාගෙන ඇත.
මසට ගන්නා සතුන් ඉක්‌මනින් වැඩීමට සත්ව ඇති කරන්නන් විසින් මෙම සතුන්ට වඩාත් පෝෂ්‍යදායී ශාක, ඇට හා ධාන්‍ය, සෝයා, ඉරිඟු, තිරිඟු ආදී මනුෂ්‍ය ආහාර දෙනු ලැබේ. මේ අන්දමට හරක් මස් රාත්තලක් ඇති කිරීමට සෝයා කි.ග්‍රෑ. 8 ක් පමණ සතෙකුට දිය යුතු වේ. මේ අනුව හරක් මස් රාත්තලකින් ලබන පෝෂ්‍ය ගුණය මෙන් අටගුණයක් සෝයාවලින් ලද හැකි වේ. වෙනත් අයුරකින් කියන්නේ නම් සෝයා කි.ග්‍රෑ. 8 ක් සතෙකුට දී මස් රාත්තලක් ලබා ගන්නා බවත්, එය මෙන් අටගුණයක පෝෂ්‍ය ගුණයක් සෝයාවලින් ලබාගත හැකිය. මාංශ සඳහා සතුන් ඇති කිරීමෙන් ජලය, හරිතාගාර ගෑස් එකතුව, කැලෑ වඳවීම, මිනිස් ආහාරයට ගන්නා කොළ ඇට ආදිය හිඟවීමට මුහුණපෑමට සිදු වේ.
සංවර්ධිත රටවල මාංශ භක්‍ෂණය විවිධ ප්‍රමාණයෙන් යුක්‌තය. මත්ස්‍ය මාංශවලට වැඩි ප්‍රිය බවක් දක්‌වන ජපන් ජනයාගෙන් කෙනෙක් වසරකට මස් කිලෝ 45 ක් පමණද, ඇමරිකාවේ අයෙක් මස් කිලෝ 125 ක් පමණද පරිභෝජනය කරයි. ඇමෙරිකාවේ මිනිසුන් තම අතිරේක ආදායමින් 9.8% ක් ආහාර සඳහා යොදවති. වැඩි මුදලක් යෙදවෙන්නේ විනෝදය සඳහා ය. ලෝකයේ 1975 වසරේදී මස් මෙටි්‍රක් ටොන් මිලියන 110 ක් නිපදවා තිබේ. 2012 වසරේ දී එය මෙ.ටො. මිලියන 302 දක්‌වා ඉහළ ගොස් ඇත. ජනගහනය වැඩිවීමත්, චීනය වැනි රටවල ජනයා අතේ වැඩිපුර මුදලක් ගැවසීමත්, මාංශ පරිභෝජනය වැඩිවීමට හේතුවී ඇත. ලෝක ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානය (FAධ) ගණන් බලන අන්දමට 2050 වන විට මෙටි්‍රක් ටොන් මිලියන 465 ක් වනු ඇත. දැන් බිලියන 7 ක් වන ලෝක ජනගහනය 2050 වන විට බිලියන 9 ක් වනු ඇත.
මාංශ වෙනුවට ආදේශන සැපයීමේදී මුහුණපාන ගැටලුවක් වන්නේ ආදේශන මාංශවලට වඩා මිලෙන් අඩු විය යුතු වීමය. සත්ව මාංශවලට දක්‌වන කැමැත්ත ආදේශන සඳහා යොමු කිරීමට සිදු වේ.
ලලිත් හීන්ගම
http://www.divaina.com/2014/03/01/feature04.html
Pic Source

0 comments:
Post a Comment