Pages

Saturday, March 22, 2014

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ජනප‍්‍රියත්වය 75% දක්වා ඉහළටම

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ජනප‍්‍රියත්වය 75% දක්වා ඉහළ නැග ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

VCIOM සමස්ත රුසියානු ජනතා අදහස් සමීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ  2014 ආරම්භයේ සිට මේ වන විට රුසියානු ජනාධිපතිවරයා වෙත ජනතා කැමැත්ත 15%කින් ඉහළ ගොස් ඇති බවයි.

ජනතාවගෙන් 75.7%ක් ඔහුගේ ක‍්‍රියාමාර්ග අනුමත කරන අතර එය වසර 5කින් වාර්තාවූ ඉහළම අගය ලෙස සැලකේ.  යුක්රේන අර්බුදය සමග එළඹි ආන්දෝලනාත්මක දේශපාලන තත්වයේදී හැසිරීම සහ රුසියාව හා එක්වීමට ක‍්‍රිමියාව විසින් තීරණය කිරීම ඔවුන්ගේ තීරණයට ප‍්‍රධාන හේතුව බව 63%ක් පවසා තිබේ.

32%ක් පවසා ඇත්තේ සෝචි පැරලිම්පික් තරගාවලියේදී රුසියානු කණ්ඩායම ලත් ජයග‍්‍රහණයද මෙයට හේතුවූ බවයි.  ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශවල පුටින්ගේ ජනප‍්‍රියත්වය 71.3%ක් වැනි මදක් අඩු අගයක් දැක්වුවද එයද වසර 5කින් වාර්තාවූ ඉහළම අගය බව පැවසේ.  මින් පෙර වාර්තාවූ ඉහළම අගය වන 68.8% 2012දී පුටින් ජනාධිපතිධුරයට පත්වූ විගස හිමිව තිබිණි.

VCIOM මධ්‍යස්ථානය විසින් සිදුකළ තවත් සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ක‍්‍රිමියාව රුසියාවට අන්තර්ග‍්‍රහණය වීම රුසියානු ජාතිකයන්ගෙන් 91.4%ක් විසින් අනුමත කරන බවයි.  එවැන්නකට එරෙහි බව පවසා ඇත්තේ 5%ක් පමණි.

රුසියානු වාර්ගික ප‍්‍රජාව බහුතරයක් ජීවත් වන ක‍්‍රිමියාව මේ වන විටත් රුසියාවේ කොටසක් වශයෙන් සලකන බව 86%ක් විසින් පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/112426/

Pic Source

0 comments: