Pages

Saturday, March 22, 2014

ඉරානයට එරෙහි ඊශ‍්‍රායල ප‍්‍රහාරයක් ??? අයවැය වෙන්වේ...

ඉරානයට එරෙහි යුද්ධයක් සඳහා අවශ්‍ය ශෙකෙල් බිලියන 10ක් පමණ ඊශ‍්‍රායල ආරක්ෂක අයවැය මගින් වෙන්කර ඇතැයි හාර්ටෙස් පුවත්පත වාර්තා කරයි.

මේ වසර ආරම්භයේදීම ඊශ‍්‍රායල පාර්ලිමේන්තු නියෝජිතයන් තිදෙනෙකු නෙසෙට්හි පැවති ඒකාබද්ධ කමිටු වාර කිහිපයක් සඳහා සහභාගිවී ඇති අතර ඉරානයට එරෙහි ගුවන් ප‍්‍රහාරයක් සඳහා ශෙකෙල් බිලියන 10-12 අතර ප‍්‍රමාණයක් වෙන් කරන ලද බවත් පැවසේ.

එය ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ මුදලකි.  මෙය ඊශ‍්‍රායලයේ සමස්ත ආරක්ෂක අයවැයෙන් 1/5කි.

ජෙරුසලමේ ආරංචි මාර්ග පවසන්නේ ඇමරිකාවේ සහයෝගයකින් තොරව වුවද මෙම ප‍්‍රහාරය දියත් කිරීම ඊශ‍්‍රායලයේ අපේක්ෂාව බවයි.

ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ එකගතාවයකට එළඹීම සඳහා ලෝක බලවතුන් විසින් සාකච්ඡ පැවැත්වීමත් ඉරානයට එරෙහිව පණවා තිබූ සම්බාධක ලිහිල් කිරීමත් ඊශ‍්‍රායලයේ දැඩි විවේචනයට පාත‍්‍රවී තිබේ.

ඔවුන් පවසන්නේ ඉරානය නිශ්චිතවම තමන්ගේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කාලය සහ ආර්ථික දායකත්වය මේ කාලයෙන් ලබාගන්නා බවයි.

දුර්වල බවට ලෝකයේ කිසිදු ඉඩක් නැතැයි ඊශ‍්‍රායල ආරක්ෂක අමාත්‍ය මොෂේ යාලොන් පසුගියදා මාධ්‍ය වෙත පවසා තිබේ.

අගමැති නෙතන්යාහුගේ මධ්‍ය දක්ෂිණාංශික ලිකුඞ් පක්ෂය නියෝජනය කරන ඔහු පවසා ඇත්තේ අප වෙනුවෙන් වෙනෙකෙකු ඉදිරිපත් නොවන හෙයින් අප වෙනුවෙන් අපම පියවර ගැනීමට සිදුවන බවයි.

http://lankacnews.com/sinhala/foreign-news/112428/

0 comments: