51 වියෑති මාරසිංහගේ සිරිල් ආනන්ද හෙවත් පාදුක්‌කේ සිරිල් යනු ලංකාව පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත ඔරලෝසු කාර්මිකයන්ගේ නිබඳ කතා බහට ලක්‌වන චරිතයකි. ස්‌විට්‌සර්ලන්තයේ වේවා ජපානයේ වේවා ලොව අධිකම මිලෙන් යුත් ඔරලෝසුවේ සිට චීනයෙන් කොටස් ගෙන්වා කොළඹදී ඔරලෝසු බවට පත් කරන බාලම වර්ගයේ ඔරලෝසුව දක්‌වා ලෝකයේ මෙතෙක් නිෂ්පාදිත ඕනෑම ඔරලෝසුවක් පිළිබඳ ඔහු සතුව ඇත්තේ අදහාගත නොහැකි දැනුමකි.
පිටකොටුවේ කේසර් වීදියේ ඉහළ මාලයක ඇති සාප්පු සංකීර්ණයක ඔහුගේ ව්‍යාපාරික ස්‌ථානය පිහිටා ඇත. බැලූ බැල්මට එය ඔරලෝසු අලුත්වැඩියා කරන ස්‌ථානයක් ලෙස පෙනුනද එහි කරන ඔරලෝසු අලුත්වැඩියාවක් නැත. අලෙවිය පිණිස වෙනත් කඩ සාප්පුවල මෙන් විවිධ මාදිලියෙන් යුත් ඔරලෝසු වර්ග ද එහි පෙනෙන්නට නොමැත. පෙනෙන්නට තිබුණේ ඔහුට පිටුපසින් ඇති බිත්තියේ එල්ලන ලද පෞරාණික බවින් යුත් ඔරලෝසු කීපයකි. ඒවාද වේලාව දක්‌වන බවක් පෙනෙන්නට නොවීය.ඒ මොහොතේ ද ගනුදෙනුකරුවන් කීපදෙනෙක් ඔහු ඉදිරියේ වූහ.
"මල්ලි........ කියන්න මොකක්‌ද වෙන්න ඕන." ඒ හඬ ගනුදෙනුවකට කරන ඇරයුමක් පරිදිය. එක් ඇසක රඳවාගෙන සිටි උත්තල කාචය ඉවත් නොකොට මවෙත බැල්මක් හෙළු ඔහු ප්‍රශ්න කරන්නේය.
මම මගේ වුවමනාව නොසඟවා පැවසුවෙමි. මා තේරුම් ගත් ඔහු වැඩ රාජකාරි මැද ම කථා බහට එක්‌විය.
"හරි...... අපි කථා කරමු. මං මේ බිස්‌නස් එකට බැහැල දැනට අවුරුදු 32 ක් වෙනවා. එදා ඉඳල අද වෙනකම් මගේ රස්‌සාව වෙලා තියෙන්නේ මේක."
"මොකක්‌ද?" නැවත මා විසින් ඔහුව ප්‍රශ්න කෙරිණි.
"මේකයි. මම කරන්නේ පාවිච්චි කරන ලද අත් ඔරලෝසු බිත්ති ඔරලෝසු ඇතුළු ඕනෑම වර්ගයක ඔරලෝසු මිලට ගැනීම සහ අලෙවිය. මේ රස්‌සාවෙන් සල්ලි හොයනව වගේ මම තවත් දෙයක් හෙව්ව. ඒ තමයි මිනිස්‌සු. ලංකාව පුරා ඉන්න ඔරලෝසු කාර්මිකයෝ. ඔරලෝසු පිළිබඳ ඇල්මක් දක්‌වන්නො මගේ හිතවත්තු. නම කිව්ව හැටියෙ මාව හඳුනන මිනිස්‌සු.
මේ වීදියේ මං වගේම මේ බිස්‌නස් එක කරන තව තුන් හතරදෙනෙක් ඉන්නව. පාවිච්චි කරපු වාහන අමතර කොටස් ගන්න පංචිකාවත්තට යන්න ඕන වගේ සෙකන් හෑන්ඩ් ඔරලෝසු කොටස් ගන්න අපි ළඟට එන්න ඕන.
බිස්‌නස් එක වෙන්නෙ මෙහෙමයි. මේ බලන්න මේ බිත්ති ඔරලෝසුව දිහා. මේකෙ නම "චයිමින්" නිෂ්පාදනය ජර්මනියේ. දැන් තියෙන්නේ මගේ ළඟ. මේක අතින් වයින් කරන පැය කාලෙන් කාලට සීනුව වදින ඔරලෝසුවක්. අද වෙළෙඳ පොළේ බෙහෙතකට හොයාගන්න නැති භාණ්‌ඩයක්. මේක අපේ රටේ අලෙවි කරල තියෙන්නේ 1950 වර්ෂයේ විතර. ඒ කාලෙ මේව මිලට ගත් අය අතර තවම මේ වර්ගයේ ඔරලෝසු ඇති. අපි හිතමු එහෙම එකක් මේ වෙද්දී වැඩ කරන්නේ නෑ කැඩිලා කියලා. අන්න ඒකට උවමනා "කෑල්ල" ගන්න එන්නෙ මගෙ ළඟට. කවුරුවත් අද කාලේ මේ වගේ ඔරලෝසුවක් අහක දාන්නෙ නෑ. මිලයි පෞරාණික බවයි ඉහළයි. ඒ කාලේ "චයිමින්" ඔරලෝසුවක් විකුණල තියෙන්නේ. 112.50 ට. ඒ අරන් තියෙන්නෙත් යමක් කමක් ඇති අය. ඇමරිකාවෙ නිෂ්පාදිත සෙන් තෝමස් බිත්ති ඔරලෝසුවත් ඒ කාලේ විකුණල තියෙන්නේ රු 175 ට. අද ඇත්තෙවත් නෑ. වටිනා ඔරලෝසු වර්ගයක්. මොකක් හරි අමතර කොටසක් ඕන නම් මගේ ළඟ තියෙනවා.
මේව අපිටත් එන්නේ පරණ බඩු එකතු කරන (පරණ කෝට්) මිනිස්‌සු හරහා. ලංකාව පුරා ඇවිදල ඒ අය එකතු කරගෙන එන බඩු වලින් ඔරලෝසු එන්නේ අපේ ළඟට. මොකද හොඳම මිලක් දෙන්නේ අපි. අපි කරන්නේ පුංචි ලාභයක් තියාගෙන අවශ්‍ය අයට ආපහු විකුණන එක.
ඒ වගේ තමයි අත්ඔරලෝසු වර්ග නම් විස්‌සක් තිහක් වුණත් නම් කියන්න පුළුවනි. වටිනාම ඒව ගත්තොත් රොලැක්‌ස් , ඔමේගා පතෙක් පිලිප්ස් , කාටියෙල්. ඩාමාස් ටිටෝනි, හයිලුබා වගේ පළමු පංතියේ බඩු. සීකෝ, සිටිසන්, ඔරියන්ට් වගේ ජපානයේ නිෂ්පාදිත බඩු. මේ සෑම එකකම වගේ කොටස්, ඊට අමතරව ඒ නම් සඳහන් ඔරලෝසු වර්ගත් අපි ගාව තියෙනවා.
දැනට අවු. 50 කට 60 කට එපිට වයින් කරන රොලැක්‌ස් අත් ඔරලෝසුවක මිල වෙලා තියෙන්නේ. රු. 600 යි. ඔටෝමැටික් රොලැක්‌ස් එකක් රු. 1200 ක් වගේ මිලකට තමයි අලෙවි වෙලා තියෙන්නේ.
ඒ කාලෙ ඒව ලංකාවට ගෙන්වල තියෙන්නේ කොළඹ කොටුවෙ තියෙන කාගීල්ස් සමාගමෙන්. එතකොට රොලැක්‌ස්, ඔමේගා වගේ අත් ඔරලෝසු බැඳල තියෙන්නේ සමාජයේ ඉහළම පංතියේ මිනිස්‌සු. අදත් එහෙමයි. අද රොලැක්‌ස් එකක් ලක්‍ෂ හත අටක් වෙනවා. ඒ වගේ ඔරලෝසුවක් සර්විස් කරන්න රුපියල් විසිදාහත් තිස්‌දහසත් අතර මිලක් ගන්නවා. මේ වෙද්දී ඒවට අමතර කොටස් වෙළෙඳපොළට එනව අඩුයි. පිටරටින්ම ගෙන්වන්න ඕන.
තවත් දෙයක් කියන්න ඕනෙ. අපේ රටේ ඉන්න වැදගත් සල්ලිකාර මහත්වරු මේ වගේ පරණ ඔරලෝසු එකතු කරනවා. එහෙම අය අතරින් වැඩි හරියක් අපේ ළඟට එන්නේ නීතිඥ මහත්වරු සහ දොස්‌තර මහත්වරු. එහෙම ඔරලෝසු සීය දෙසීය එකතු කරපු අය අපේ රටේ ඉන්නවා. ඇත්තටම ඔරලෝසුව කියන්නෙත් කෙනෙකුගේ වැදගත්කම, සමාජ වටිනාකම පෙන්නන්න පුළුවන් එක්‌තරා ආභරණයක්.
ලෝකයේ හොඳම ඔරලෝසු නිපදවන්නේ ස්‌විට්‌සර්ලන්තය, ජපානය වගේ රටවල්. ස්‌විස් වයින් ඔරලෝසුවක් කිසි ලෙඩක් නැතිව අවු. 50 ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දම ඒ සමාගම් දැන් ඒව නිපදවන්නෙ නෑ. එහෙම කළත් කරන්නේ රුපියල් ලක්‍ෂයට ඉහළ මිලක් තියෙන ඔරලෝසු විතරයි.
මෙහෙම දේකුත් තියෙනවා. මේ හැම නිෂ්පාදනයකටම වගේ හැම අතින්ම සමාන අයුරින් ව්‍යාජ නිෂ්පාදන වෙළෙඳපොළට ඇවිල්ල. ඒව හදන්නේ චීනයෙ. ලෝකයේ වටිනාම ඔරලෝසු නිෂ්පාදිත නාමයත් චීනය හොරෙන් අරන් තියෙන්නේ. ඒවට නීති නැද්ද නීති ක්‍රියාත්මක කරන්නෙ නැද්ද කියල කියන්න දන්නෙ නෑ. දැන් චීන ඔරලෝසු වෙළෙඳපොළ තියෙන්නේ ලංකාවේ. ලංකාවෙ එහෙම කළාට ලෝකෙ දියුණු රටවල් ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන් යටතේ ව්‍යාජ අයුරින් නිපදවන නිෂ්පාදන තමන්ගේ රටවල්වලට ගන්නෙ නෑ. ගෙනාවත් විනාශ කරනවා. මිනිස්‌සු රටවල බාල බඩු මාකට් කරන එක තමයි මේකෙන් වෙන්නේ. සමහර කාල වලට විදේශිකයෝ ඇවිත් ලංකාව පුරාම වගේ සංචාරය කරමින් මේ වගේ බාල ඔරලෝසු විකුණනව. අපේ මිනිස්‌සු නමට රැවටිල ලොකු ගණන් දීල ගන්නෙත් ඒ වගේ දෙකයි පනහේ බඩු තමයි.
සිරිල් ආනන්දගේ හමුවීමෙන් අනතුරුව එවැනිම ව්‍යාපාරයක නියුතු තවත් පුද්ගලයකු සමඟ කථාබහකට මුල පිරුණ අතර ඔහු නමින් සිරිල් පෙරේරා නම් විය. ඔහුගේ ව්‍යාපාරය ද පිටකොටුව කේසර් වීදිය කේන්ද්‍ර කොට පවත්වාගෙන යන්නේය. අත් ඔරලෝසුවේ ඉතිහාසයත්, තම ව්‍යාපාරය පිළිබඳවත් අපූරු තොරතුරු රැසක් ඔහු විසින් ද හෙළිදරව් කළේය.
"මම මේ බිස්‌නස් එකට ඇවිත් දැන් අවුරුදු 30 ක් වෙනවා. මම කරන්නෙත් පැරැණි ඔරලෝසු වර්ග මිලට ගැනීම සහ අලෙවිය. කේසර් වීදිය මේ බිස්‌නස් එකට ප්‍රසිද්ධ ස්‌ථානයක්. මේ වෙළෙ¹මට ලොකු ප්‍රචාරයක් අවශ්‍ය නෑ. රට පුරාම විසිරී සිටින ඔරලෝසු කාර්මිකයෝ එන්නේ අපි ළඟට. ඒ අය දන්නවා පරණ ඔරලෝසුවලට අවශ්‍ය පාවිච්චි කරන ලද අමතර කොටස් තියෙන්නේ කා ළඟද, කොතැනද කියන එක.
ඒ දවස්‌වල අපි ළඟට හොඳ නිෂ්පාදිත නාමයන් තියෙන ඔරලෝසු ආවා. අපි හොඳ මිලක් දීල ඒව ගන්නවා. එහෙම අරගෙන තියාගෙන ඉන්න ඔරලෝසුවක් එහෙම නැත්නම් අමතර කොටස් හොයාගෙන එන අය තමයි අපේ ගනුදෙනුකරුවන් වෙන්නෙ. ඔරලෝසුව පිටින්ම අලෙවිකරන අවස්‌ථා තියෙනවා. එහෙම නැත්නම් ඒක කොටස් කරල අවශ්‍ය කොටස් පමණක් අලෙවි කරනවා. එහෙම කරන ඔරලෝසු වර්ග අතරේ පතෙක්, පිලිප්ස්, රොලැක්‌ස්, ඔමේගා, රාඩෝ, රෝමර් ආදී වර්ගවල ඉඳල ඕනම ඔරලෝසු වර්ගයක් තියෙනවා.
දැන් බලන්න "ඔමේගා" කියන්නේ ලෝ පතල ඔරලෝසු නාමයක්. නීල් ආම්ස්‌ට්‍රොන් සඳ මතට පය තබද්දී අතේ බැඳගෙන ඉඳල තියෙන්නේ ඔමේගා ඔරලෝසුවක්. ඒක සඳ මතදිත් නිවැරදිව වෙලාව දක්‌වල තියෙනවා.
පතෙක් පිලිප්ස් කියන්නෙත් ලෝකයේ මිලෙන් අධිකම ඔරලෝසු වර්ගයක්. ඒක පාවිච්චි කරන්නෙ රාජකීයයන්. මහා ධන කුවේරයන්, රාජ්‍ය නායකයන් වගේ අය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මියයන මොහොතේ අතේ තිබිල තියෙන්නේ ඒ වර්ගයේ ඔරලෝසුවක්. හිටපු ජනාධිපතිනි පාවිච්චි කළෙත් ඒ නම සහිත ඔරලෝසුවක් බවට ඒ කාලයේ රාවයක් තිබුණා. ඒ වගේ වැදගත් උදවිය පාවිච්චි කරන්නෙත් හොඳ ඔරලෝසු වර්ග.
ගොඩක් වෙලාවට ඒ වගේ මිලෙන් අධික ඔරලෝසු නිෂ්පාදනය සඳහා ඒ රටවල් පාවිච්චි කරන්නේ රත්තරන්, සුදු රත්තරන්, දියමන්ති වගේ වටිනාකමින් ඉහළ ලෝහයන් සහ ගල් වර්ග. අනික තමයි ඒ ඔරලෝසු මුළුමනින් ම නිෂ්පදනය වෙන්නෙ අතින් වීම. ඒ සඳහා වෙනත් කිසිම උපකරණයක් භාවිත කරන්නෙ නෑ. ඒක තමයි විශේෂත්වය.
ලෝකයේ වටිනාම ඔරලෝසු වර්ග අපේ රටෙත් තියෙනවා. ඒව ලංකාවට ආවෙ කොහොමද කියන්න දන්නෙ නෑ. සමහර විට ඉංග්‍රීසීන් රට පාලනය කළ අවධියේ ආව ඒව වෙන්න පුළුවන්. වෙනත් වෙනත් ක්‍රම මගින් ආව වෙන්නත් පුළුවන්. කොහොම හරි අවසානයේදී ඒව එන්නෙ අපි ළඟට. සමහර අය වටිනාකම් අහගන්න ගේනවා. තව සමහරු අමතර කොටස් හොයාගන්න ගේනව. කලාතුරකින් අලෙවිය පිණිසත් ගේනවා.
දැන් වෙද්දී ඒ වගේ වටිනා ඔරලෝසු එනව අඩුයි. ඒකට එක හේතුවක් තමයි විදේශිකයෝ ඒව මිලට ගැනීමට අපේ රටට පැමිණීම. ඒකත් බිස්‌නස් එකක්. අපි හිතමු ඔරලෝසු පටියට හානි වුණ ඔරලෝසුවක් කියලා. ඒ අය කරන්නෙ අඩු මිලකට ඒක මිලට අරගෙන තමන්ගේ රටට ගෙනියන එක. ඊට පස්‌සෙ ඒකට නියමිත පටිය වෙනත් රටකින් හෝ මිලට අරගෙන අලුත් එකක් බවට පත් කරල ලක්‍ෂ ගාණට විකුණන එක. මැෂින් එක කැඩුණ එකක් නම් එක්‌කෝ ඒක හදනව. නැත්නම් ගේනවා. එහෙම කරල වෙනත් රටකට විකුණනවා. ලංකාවෙ තිබුණ වටිනාම ඔරලෝසු ටික දැන් තියන්නෙ පිටරට. ඒකට හේතුව තමයි ඒ කාලෙ ඔරලෝසුව තිබුණ වටිනාකම. විශ්වාස කරන්නැතුව ඇති රුපියල් කෝටි ගණනට අලෙවි වන ඔරලෝසු සල්ලි තියෙන රටවල අදත් අලෙවි වෙනවා. අනික් කාරණය තමයි ඒවයෙ තියෙන කෞතුක වටිනාකම. දැන් හුඟදෙනෙක් ඒව එකතු කරනවා.
ලෝකයේ ප්‍රථම වරට අත්ඔරලෝසුවක් පැළඳි මිනිසා ලෙස ඉතිහාසගතව ඇති ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු වූ බිලේස් පැස්‌කල්ගේ සිට අද දක්‌වා පැවත එන අත් ඔරලෝසුව පිළිබඳ වංශ කථාවේ එක් පැතිකඩක් පිටකොටුව කේසර් වීදියේ දී හමු වූ මිනිසුන්ගෙන් හෙළිකර ගැනීමට හැකි වූ අතර ඒ පිළිබඳ අප නොදත් තවත් බොහෝ පැතිකඩයන් තිබෙන්නට පුළුවන.
කාලය නමැති සංකල්පය බිහිවූ දා පටන් මිනිසා විසින් එය මැනීම සඳහා විවිධ ක්‍රම උපයෝගි කර ගත් අතර මේ වන විට එහි කූඨප්ප්‍රාප්තියට පැමිණීමට ද මිනිසා සමත් ව ඇත. එහි තරම කොතෙක් දැයි කියතොත් "නැනෝ තත්පරයක්" දක්‌වා කාලය කැබලි කිරීමට මිනිසාට හැකි වී ඇත. නැනෝ තත්පරයක් යනු තත්පරයකින් බිලියනයකින් එකක් ලෙස ගැනෙන්නේ ය.
ක්‍රි. පූ. 1500 දී පමණ ඊජිප්තු ජාතිකයන් විසින් සොයා ගත් කාලය මැනීමේ උපකරණය වන හිරු තැටියේ සිට ලෝක පූජිත බිග්බෙන් ඔරලෝසු කුලුන දක්‌වා කාලය පිළිබඳ අසිරිමත් මතකයන් ගෙනහැර පෑ අපූරු මිනිසුන් කීපදෙනාගෙන් එක් අයෙක් සමුගන්න මොහොතකට පෙර වැදගත් ප්‍රශ්නයක් අපෙන් විමසීය.
මල්ලී දන්නවද ඕනම ඔරලෝසුවක් නිෂ්පාදනය කළාට පස්‌සෙ වෙලාව 10.10 ට තියන්නෙ මොකද කියලා. ඒ තමයි ලෝක යුද්ධය වෙලාවෙ ජපානයට පරමාණු බෝම්බය ගහපු වෙලාව. ජපානය කියන්නෙත් ලෝකයටම ඔරලෝසු නිපදවන රටක්. ජපානය ලෝකයම යටකරගෙන නැගිටින්න ගත්තේ 10.10 ට පස්‌සෙ. ඔහු නැඟූ පැනයට පිළිතුර ද ඔහු විසින්ම සැපයූ අතර ඉන් අනතුරුව අපි එකිනෙකාගෙන් වෙන්වීමු.
රුවන් ජයවර්ධන, ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
http://www.divaina.com/2014/03/23/feature04.html

0 comments:
Post a Comment