Pages

Thursday, March 20, 2014

මැදිරිගිරිය පුදබිම උඩින් සැක සහිත යානයක්


දින තුනක් තිස්සේ මැදිරිගිරිය වටදාගෙය රක්ෂිත භූමිය වටා හෙලිකොප්ටරයක් සැක කටයුතු ලෙස සැරිසරූ බව පූජා භූමියේ ආගමික කටයුතු භාර  මංඩලගිරිය විහාරාධිපති මොරගොල්ලාගම සීවලී හිමියෝ පවසති.

පසුගිය 14, 15, 16 වන දිනවල සවස් කාලයේ හෙලිකොප්ටර් යානාවක් එනවා. ඒ යානය ඇවිත් පැයක් විනාඩි හතළිස් පහක් වැනි කාලයක් ගුවනේ ගස්වල මුදුන් වලට අඩි තුනක් හතරක් පමණ ඉහළින් වටදාගෙය පූජා භූමිය වටේ ගමන් කරනවා. මේ යානය වටදාගෙය රක්ෂිත භුමිය ඡුායාරූපගත කරනවා කියලා තමයි අපට හැෙඟන්නේ. මේ පිළිබඳව එම ස්ථානයේ සිටින පුරා විද්‍යා නිළධාරීන්ගෙන් විමසීමක් කළා. එහිදී ඒ අය මේ පිළිබඳව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් විමසලා කිව්වේ මේ ප‍්‍රදේශයේ රිසච් එකක් කරනවා කියලා. මැදිරිගිරිය පොලීසියෙන් ඇහුවාම කිව්වේ චිත‍්‍රපටයක් රූගත කරනවා කියන කාරණයයි. නමුත් මෙහි නළු නිළියන් රඟපාන ස්වභාවයක් නම් නැහැ’  යයිද උන් වහන්සේ සඳහන් කලහ.

http://lankacnews.com/sinhala/news/112386/

Pic Source

0 comments: