සමනොල ගිරි සිරිපා ශුද්ධ භූමිය සුමන සමන් දෙවියන්ගේ පරාක්‍රමය විහිදුවාලන බල ප්‍රදේශයයි. ශ්‍රී ලාංකේය ජන සමාජයේ සියලු ජනයා අතර සම්භාවනාවට පාත්‍ර වූ මෙම අඩවිය මහා වංශයට අනුව තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ තෙවන ආගමනයේදී ශ්‍රී පාද ස්‌පර්ශයෙන් සනිටුහන් වූ බවට බෞද්ධ භක්‌තිකයන්ගේ විශ්වාසයයි. එසේම හින්දු බැතිමතුන් එම පාද සටහන ශිව දෙවියන්ගේ බවත්, ඉස්‌ලාම් භක්‌තිකයන් මෙන්ම කිතුනු බැතිමතුන් එය ආදම්ගේ බවත්, විශ්වාස කරති.
අන්තර් ජනවර්ගවලට අයත් සියලු බැතිමත්හු පිරිසිදු හදවතින් දැඩි භක්‌ත්‍යාදරයෙන් මෙම අසිරිමත් වූ පුදබිම වන්දනා කරති. එම ජනවර්ග ඒකාබද්ධතාවය සුවිශේෂි සමාජ සංසිද්ධියක් වන අතර ඒ තුළින්ම පුදබිමේ සුරක්‍ෂිතභාවය සලසා ගැනීමට ඉවහල් කරගත හැකිවීම සාධනීය ලක්‍ෂණයකි. එක් අතකින් ජනවර්ග අතර සාමය, සහෝදරත්වය, සහජීවනය හා ඒකාබද්ධතාවය ඇතුළත් පොදු ජීවන සංහිඳියාවක් සහතික කළ හැකි ජාතික සංකේතයක් ලෙස ද ශ්‍රී පාදය විශාල සමාජ වටිනාකමක් දරයි.
පොළව මට්‌ටමේ සිට අඩි 7359 ක් එනම් මීටර් 2243 ක් උසින් රත්නපුර නගරයේ සිට උතුරු නැගෙනහිර දෙසට කිලෝ මීටර් 40 ක පමණ දුරින් ශ්‍රී පාදස්‌ථානය පිහිටා ඇති අතර, ශ්‍රී පාදය අවට වර්ග කිලෝ මීටර් 224 ක වපසරියකින් යුත් අභය භූමියක් නිර්ණය කර තිබේ. 1940 ඔක්‌තෝබර් 25 වැනි දින ගැසට් පත්‍ර අංක 8675 මගින් මෙම වනජීවී අභය භූමිය ප්‍රකාශයට පත් කරන ලදී. මහවැලි, කැලණි, කළු හා වළවේ ගංගා ඇතුළුව ශාඛා නදී ගණනාවක් ගලා බසින්නේ ශ්‍රී පාද අඩවියේ සිටය. දොතලු, ගෙරාදි, ගලගම, මාපතන වැනි දර්ශනීය දිය ඇලි ශ්‍රී පාද පරිසර පද්ධතියේ දායාදයන්ය. දොaතළුගල, දෙතනගල අවටින් ඇති සුන්දර කඳුවැටි වේ.
ජල පෝෂිත ප්‍රදේශයක් මෙන්ම පොහොසත් ජෛව විවිධත්ව පද්ධතියකින් ද යුත් සිරිපා අඩවිය ලංකාවට ආවේණික ශාක විශේෂවලින් 34% ක් ආවරණය කරයි. දේශීය කුරුලු වර්ග 33 කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ. උස් බිම් පරිසර පද්ධතියක් ලෙස එහි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වැදගත්කම ඇගයීමට ලක් කර එක්‌සත් ජාතීන්ගේ අධ්‍යාපනික හා විද්‍යාත්මක සංවිධානය (ඹභෑSCධ) විසින් 2010 වර්ෂයේදී ශ්‍රී පාද පරිසර පද්ධතිය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිර්භය හා දුර දක්‌නා නායකත්වය යටතේ ආසියාවේ ආශ්චර්ය කරා රට මෙහෙයවන මහින්ද චින්තන රාජ්‍ය ප්‍රතිපත්තියේ "මේ ගහ කොළ, මේ මහ පොළව ඔබගේය එහෙත් ඒ සියල්ල ඔබගේ පමණක් නොව ඔබගේ, මතු පරපුර වෙනුවෙන් රැකිය යුතුය" යනුවෙන්ද "ගහ කොළ සහ සතා සීපාවා ද සුරකින හරිත ලංකාවක් - නිල්ල පිරුණු රටක් හා පිවිතුරු පරිසරයක්" යනුවෙන්ද සඳහන් වේ. සිය පාලන කාලය තුළ පරිසරය සම්බන්ධයෙන් දේශීයව මෙන්ම විදේශීයවද තිරසාර ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවට සපත කොට තිබේ.
රාජ්‍ය පාලන ප්‍රතිපත්තියේ පරිසර සංරක්‍ෂණයෙහි ලා අධිෂ්ඨානශීලී ලෙස සපථ කෙරෙන අතර ශ්‍රී ලාංකේය පරිසර සංරක්‍ෂණය, කළමනාකරණය හා අභිවර්ධනය නියාමනය කරන ජාතික ආයතනය වශයෙන් පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිය කාර්යභාරය ප්‍රශස්‌ත ලෙස ඉටුකරමින් සිටී.
පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් අනුව මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශයේ මෙහෙයවීම යටතේ "අපව සුරකින සොබාදහම අපිම සුරකිමු" තේමාව යටතේ වූ පාරිසරික ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කෙරෙන අතර එය ජාතික වැඩසටහනක සමාරම්භය වේ. මෙම වැඩසටහන 2014 අප්‍රේල් 05, 06, දෙදින තුළ දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. සැබවින්ම මෙම වැඩසටහන පාරිසරික සංහිඳියාව උදෙසා වීරිය සපථ කෙරෙන පරිසර වන්දනාවක් වේ.
සෑම වසරකම වන්දනා සමයේදී මිලියන 2 කටත් වැඩි ප්‍රමාණයක් සිරිපා කරුණා කරයි. කෙටි කාලයක් තුළ විශාල ජන ගණත්වයක් සංවේදී පරිසර පද්ධතියකට කරන අහිතකර බලපෑම් සුළුපටු නොවේ. සැදැහැවතුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම බලපෑම සිදුකරයි. පරිසර සංවේදී නොවන ඇතැම් පිරිස් ද විවිධ අවස්‌ථාවලදී කණ්‌ඩායම් ද සිරිපා පරිසර පද්ධතියේ තිරසාර පැවැත්මට හානි කරන බවට වාර්තා වේ.
වන්දනා සමයේදී දිනකට කසළ ටොන් 1 කට වැඩි ප්‍රමාණයක් ජනිත වන බව වාර්තා වේ. මෙය මාස 06 ක කාලයක් තුළ සිදුවීම බරපතළ පාරිසරික ගැටලුවක් වේ. විසඳුම් මාර්ගයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ පසු භාවිත ප්ලාස්‌ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය විසින් නල්ලතන්නියේ පොලිතීන්, ප්ලාස්‌ටික් එකතු කිරීමේ මධ්‍යස්‌ථානයක් ද ස්‌ථාපනය කර තිබේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාව, අනුරාධපුර අටමස්‌ථාන පූජා භූමිය, කතරගම ශුද්ධ භූමිය, යාපනයේ නල්ලූර් කෝවිල ශුද්ධ භූමිය, මඩු පල්ලිය, මුන්නේෂ්වරම්, කෝනේෂ්වරම් ආදී ආගමික ස්‌ථානවල ඒ ඒ වන්දනා සමයන්හිදී පොලිතීන්, ප්ලාස්‌ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය විශාල වශයෙන් ජනනය වේ. පොලිතීන් ප්ලාස්‌ටික් මිහිමත දිරායැම සඳහා වසර දහස් ගණනක් ගතවන අතර, බහුල ලෙස ඒවා තැන්පත් වීමෙන් පාරිසරික හා සමාජ විපත් අවදානමක් ඇතිවිය හැකිය.
පූජා භූමි මෙන්ම සමස්‌ත පරිසර පද්ධතීන් සුරැකීම සඳහා මහජනතාව දැනුවත් කිරීම, මහජන සහභාගිත්ව ගොඩනැංවීම හා දිරිමත් කිරීමේ අරමුණින් මෙම පාරිසරික වන්දනාව සංවිධානය කෙරේ. මධ්‍යම පරිසර අධිකාරියේ සියලු සේවකයන්, යෞවන සමාජ සාමාජිකයන්, විශ්වවිද්‍යාල සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නියෝජිතයන්, පාසල් ගුරුවරුන්, පරිසර නියමු සිසු දරුවන් ඇතුළුව දහසක ජන යාත්‍රාවක් සිරිපා වන්දනාවට සහභාගි විමට නියමිතය. මෙම වැඩසටහන සඳහා ශ්‍රී පාදස්‌ථානාධිපති ගරුතර බෙංගමුවේ ධම්මදින්න ස්‌වාමීන් වහන්සේ, නුවරඑළිය මහා දිසාපති, අඹගමුව නගරාධිපති ඇතුළු පළාත් පාලන ආයතනවල නියෝජිතයන්, ආරක්‍ෂක අංශ නිලධාරීන්, ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලින් ලැබෙන සහාය මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතු අතර, මෙම ජාතික පාරිසරික සත්කාරය සඳහා ඔබ සැමගේ පරිසර හිතකාමී සහාය අපේක්‍ෂා කරමු.
මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය නිවේදනයක් ඇසුරෙනි.
http://www.divaina.com/2014/03/18/feature02.html

0 comments:
Post a Comment