Pages

Friday, March 31, 2017

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!

ජනපති මෛත‍්‍රීට වනාන්තර ආරක්ෂා කරන්න සැබෑ උවමනාවක් නෑ.. විල්පත්තු ප‍්‍රශ්නයට මාවිල්ලූ රක්ෂිතයෙන් රටම රවටයි..

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන රක්ෂිත පද්ධතියේ සිදු වන නීති විරෝධී වනාන්තර විනාශ කිරීම, අලූතින් ජනාවාස පිහිටුවීම හා නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම යන ප‍්‍රශ්න පිළිබදව දිගින් දිගට ම අප විසින් කරුණු අනාවරණය කළෙමු. තව ද මෙම වනාන්තර පද්ධතියේ නීතිමය රැුකවරණය ශක්තිමත් කිරීම සදහා විල්පත්තු ජාතික වනෝද්‍යානයට එම වනාන්තර එක් කරන ලෙසට ඉල්ලීම් කළෙමු. ඊට ප‍්‍රතිචාර වශයෙන් මේ වසර මුල දී ජනාධිපතිතුමන් විල්පත්තු ජාතික වනෝද්‍යාන්‍ායට මෙම වනාන්තර එක් කරන බවට ප‍්‍රකාශ කෙරින. නමුත් කි‍්‍රයාත්මක යාන්ත‍්‍රනයේ දී සිදු වී ඇත්තේ රක්ෂිත තත්ත්වයේ පැවති විශාල වනාන්තර ප‍්‍රමාණයක් ඉවත් කිරීම හා රක්ෂිත වල නාමය වෙනස් කර ජනතාව මුලා කිරීම පමණි. මේ අනුව පෙනී යන්නේ වත්මන් රජයට හෝ මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන්ට රටේ වර්තමාන හා අනාගත පරපුරේ සුරක්ෂිත පැවැත්ම උදෙසා වනාන්තර ආරක්ෂා කර ගැනීමට සැබෑ උනන්දුවක් නොමැති බවය.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් මාවිල්ලූ, වේප්පාල්, මරිච්චිකඞ්ඩි – කරඩික්කුලි, විලත්තිකුලම් හා පෙරියමුරිප්පු වශයෙන් පිහිටි වන රක්ෂිත පහ ඒකාබද්ධ කර වන සංරක්ෂණ ආඥා පනතේ 3අ. වගන්තියට අනුව 2017 මාර්තු 24 වන දින අංක 2011/34 දරන ගැසට් නිවේදනය යටතේ හෙක්ටයාර 40030.525 ක් වන මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය ප‍්‍රකාශයට පත් කෙරින. එසේ ප‍්‍රකාශයට පත් කිරීමේ දී පළමු රක්ෂිත වනාන්තර වලට අයත් ව පැවති අනවසරයෙන් එළි කළ නමුත් නැවත වර්ධනය වන වනාන්තර අක්කර 3080 ක් හා සමස්ත වෙරළබඩ කලාපයම සංරක්ෂණ වනාන්තරයෙන් ඉවත් කර තිබේ.

රිශාඞ් බදියුරුදීන් අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත මෙම වන රක්ෂිත වල අක්කර 3400 කට වඩා වැඩි වනාන්තර ප‍්‍රමාණයක් එළිපෙහෙළි කිරීම සිදු විය. එම වනාන්තර හා වෙරළබඩ වනාන්තර තීරය සම්පූර්ණයෙන්ම මෙම ගැසට් නිවේදනය ම`ගින් ප‍්‍රකාශිත සංරක්ෂිත වනාන්තරයට ඇතුළත් කර නොමැත.

වනාන්තර එළිපෙහෙළි කර නීති විරෝධීව අලූතින් ස්ථිර ජනාවාස පිහිටුවීම සිදු කළ ප‍්‍රදේශය හැර වෙරළබඩ කලාපයට අයත් වනාන්තර ඇතුළු ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර අක්කර 4000 කට වැඩි ප‍්‍රමාණයක් මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.

මේ හේතුවෙන් කල් ආරු ඔය ආශි‍්‍රත විල්ලූ පරිසර පද්ධති ඇතුළු ව වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර පද්ධතියක් සංරක්ෂණ වනාන්තරයෙන් ඉවත් කර තිබේ. මීට අමතරව වෙරළබඩ ශාක තීරය හා කටුපදුරු සහිත ලදු කැලෑ වලින් සමන්විත සුවිශේෂී වෙරළ තීරය සම්පූර්ණයෙන්ම සංරක්ෂණ වනාන්තරයෙන් ඉවත් කර ඇත.

වෙරළ තීරය ඇතුළුව අක්කර 4000 කට වැඩි වනාන්තර මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරයෙන් ඉවත් කිරීම සැලැසුම් සහගත හා ඉදිරි සංවර්ධන සැලැසුම් ඉලක්ක කර ගෙන කි‍්‍රයාත්මක කර ඇති බව පෙනෙන්නට තිබේ. ඒ ස`දහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූක්ෂමව කටයුතු කර ඇති බව පැහැදිලි කරුණකි. දේශපාලන උවමනාවන් මත රක්ෂිත වලට ඇතුළත් විය යුතු විශාල වනාන්තර ප‍්‍රමාණයක් ඉවත් කිරීමෙන් සිදු වන්නේ එම වනාන්තර විනාශ කිරීමට අනුබල දීමකි. මේ විනාශයට වනාන්තර ආරක්ෂා කිරීමට සිටින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ම මැදිහත් වීම කනගාටුවට කරුණකි. මේ මගින් මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන් නැවත නැවතත් ප‍්‍රකාශ කරන ලංකාවේ වන ආවරණය 32% දක්වා වර්ධනය කිරීමට හැකියාවක් පවතී ද යන්න ගැටළුවකි.

අප අවධාරණය කරන්නේ අලූතින් ස්ථිර ජනාවාස පිහිටුවා ඇති ප‍්‍රදේශ හැර වෙරළබඩ කලාපය ඇතුළු ව ඉතිරි සියලූම වනාන්තර වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියට අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයට එක් කරන ලෙස ය. එම`ගින් වනෝද්‍යානයට උතුරින් පිහිටි මෝදරගං ආරු, කල් ආරු හා අරුවි ආරු හෙවත් මල්වතු ඔය යන ගංගා වල සමස්ත ජල පෝෂක වනාන්තර, විල්ලූ හා වෙරළබඩ කලාපය සුරක්ෂිත කළ හැකිය. එපමණක් නොව මෙය විල්පත්තු ජාතික වනෝද්‍යානයේ හය වන කොටස ලෙස වනෝද්‍යානයට එක් කළ හැකි ය. මෙවන් කි‍්‍රයාමාර්ග නොගතහොත් ඉදිරියේ දී මෙම පරිසර පද්ධති සියල්ලම ජනාවාසකරණයට හා සංවර්ධනයට ලක් වීමෙන් ජල අර්බුධ වලට හා අලි – මිනිස් ගැටුමට දරුණු ලෙස ගොදුරු වන කලාපයක් බවට පත් විය හැකි ය. ඒ තත්ත්වයට මේ ප‍්‍රදේශය පත් නොකිරීමේ හැකියාව ඇත්තේ සැබෑ ලෙස ම මේ වනාන්තර පද්ධති සුරක්ෂිත කිරීමට පියවර ගතහොත් පමණි.

සිතියම සැකසුම – මනෝජ් නිලක්ෂ රත්නායක

සජීව චාමිකර - පරිසර සංරක්ෂණ භාරය

සබැඳි ලිපි -
[
බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී!http://denethharinna.blogspot.com/2016/12/600.html
රිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි!http://denethharinna.blogspot.com/2016/08/2500.html
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!
http://denethharinna.blogspot.com/2016/05/blog-post_31.html

Wednesday, March 29, 2017

දුටුගැමුණු රජුට නැඟණියක්‌ - වසර දෙදහසක්‌ පැරණි පාත්‍ර කැබැල්ලකින් හෙළිවේ

මාතර තාරකා කොටුවේ ප්‍රදර්ශනයට තබා ඇති වසර දෙදහසක්‌ පමණ පැරණි මැටි පාත්‍රයක මතුපිට ලියූ අභිලේඛනයකින් කාවන්තිස්‌ස මහ රජුගේ දියණියක මෙන්ම දුටුගැමුණු මහ රජුගේ නැඟණියක පිළිබඳ ඉතාම දුර්ලභ තොරතුරක්‌ හෙළි වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා මේ පිළිබඳව කළ පර්යේෂණවලින් මෙම දුර්ලභ සාක්‌ෂිය අනාවරණය කරගෙන ඇත. තිස්‌සමහාරාම කාවා කැණීම් ව්‍යාපෘතිය පසුගිය කාලයේ දී තිස්‌සමහාරාමයේ සර්වෝදය වත්ත ප්‍රදේශයේ කළ කැණීම්වලින් හමුවී ඇති මෙම මැටි පාත්‍ර කැබැල්ල මාතර තාරකා කොටුව කොෘතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

මාතර තාරකා කොටුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙම මැටි පාත්‍රයේ සඳහන් විස්‌තරවලට අනුව එහි 'අයතිශහCධිත' ලෙස සඳහන් පාඨයෙහි 'අයතිශ' යනු කාවන්තිස්‌ස මහ රජු බව ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. 'Cධි ත' යනු දුව යන්නට යෙදෙන පදයයි. අවාසනාවට මෙම අභිලේඛන කොටසේ කාවන්තිස්‌ස මහ රජුගේ දුවගේ නම සඳහන් කොටස කැඩී ගොස්‌ ඇති නිසා ඇයගේ නම හෙළිකර ගැනීමට නොහැකි වී ඇත. විහාර මහා දේවියට දූවරුන් සිටියේ නම් මහාවංසකරු එය මහත් අභිරුචියෙන් වර්ණනා කරනු නිසැකය. කාවන්තිස්‌ස මහ රජුට විහාර මහ දේවිය නම් වූ අග බිසවට අමතරව තවත් බිසෝවරුන් සිටි බව වංස කථාවෙන් තහවුරු වන නිසා මෙහි සඳහන් දියණිය කාවන්තිස්‌ස රජු අන්‍ය බිසවකගෙන් ලත් දුවණියක ලෙස පිළිගත හැකිය.

අම්පාර - සුසන්ත අමර බන්දු
http://www.divaina.com/2017/03/29/news28.html

Saturday, March 25, 2017

කාන්තාවක්‌ තේම්ස්‌ ගඟට වට්‌ටා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහියකින් බය කළ ISIS ත්‍රස්තයා කලීඩ් මසූඩ්

ලන්ඩනයට පසුගියදා එල්ලවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයත් සමඟ ලොව යළිත් වතාවක්‌ ත්‍රස්‌තවාදයේ බිහිසුණු බව ගැන කතා කරන්නට පටන් ගෙන තිබේ.

කලීඩ් මසූඩ් නමැති පනස්‌ දෙහැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් එල්ල කළ මේ ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව අයි එස්‌ සංවිධානය හෙවත් ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌ත සංවිධානය සිය පුවත් ආයතනය හරහා නිවේදනය කර තිබේ. ඉස්‌ලාම් රාජ්‍යයේ සෙබළකු විසින් එම ප්‍රහාරය එල්ල කරන ලදැයි එම සංවිධානය පවසා තිබේ.

පසුගිය මාර්තු 22 වැනිදා ලන්ඩනයේ වෙස්‌ට්‌මිනිස්‌ටර් පාලම මතදී කලීඩ් මසූඩ් පදිකයන් අනතුරට ලක්‌කරමින් මෝටර් රියක්‌ පදවාගෙන ගියේය. මෙහිදී කීපදෙනකු අනතුරට පත්වූ අතර කාන්තාවක්‌ තේම්ස්‌ ගඟට ඇද වැටුණි. කලීඩ් මසූඩ් වහනය දිගටම පදවාගෙන ගිය අතර එය පාර්ලිමේන්තුවේ වැටේ ගැටුණු පසුව ඔහු පාර්ලිමේන්තු භුමිය තුළට දිවගියේ පිහියක්‌ සහිතවය.

එහිදී පාමර් නම් වූ පොලිස්‌ නිලධාරියා ඔහු වලක්‌වන්නට උත්සහ ගත් අතර එම පොලිස්‌ නිලධාරියාට පිහි පහර එල්ල කළ මසූඩ් පොලිස්‌ වෙඩි පහරින් මිය ගියේය. පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස්‌ නිලධාරියා වෙත දුවගිය විදේශ අමාත්‍යාංශ නියෝජ්‍ය ඇමැති ටොබායස්‌ එල්වුඩ්, තුවාල ලත් පොලිස්‌ නිලධාරියාගේ මුවට මුව තබා කෘත්‍රීම ශ්වසනය දීමට උත්සාහ දැරීය. නියෝජ්‍ය ඇමැතිවරයාගේ එම උත්සාහය බොහෝ කතා බහට ලක්‌විය. 

එම ත්‍රස්‌ත ප්‍රහාරයේදී, ප්‍රහාරකයා යෑයි සැළෙකන පුද්ගලයා ඇතුළුව පස්‌දෙනෙක්‌ මිය ගියහ. කීත් පාමර් නමැති පොලිස්‌ නිලධාරියාද, ලන්ඩනයේ පාසලක සේවය කළ අයේශා ෙµ්‍රඩ් හා ඇමරිකානු සංචාරකයකු වූ කර්ට්‌ කොච්රාන් මෙම ප්‍රහාරයේදී මිය ගියහ. හැත්තෑපස්‌ හැවිරිදි පුද්ගලයකු මේ ප්‍රහාරයෙන් තුවාල ලබා පසුව මිය ගියේය.

තුවාල ලැබූ පිරිස හතළිහක්‌ පමණ වේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් 12 දෙනකුද, ප්‍රංශ දරුවන් දෙදෙනෙක්‌, රුමේනියානු ජාතිකයන් දෙදෙනෙක්‌, දකුණු කොරියානු ජාතිකයන් සිව් දෙනෙක්‌, ජර්මානු ජාතිකයෙක්‌, අයිරීෂ් ජාතිකයෙක්‌, චීන ජාතිකයෙක්‌, ඉතාලි ජාතිකයෙක්‌, ඇමෙරිකානු ජාතිකයෙක්‌ හා ග්‍රීක්‌ ජාතිකයන් දෙදෙනෙක්‌ ද ඒ අතර වෙති. ඒ අතරින් හත්දෙනකුගේ තත්ත්වය බරපතළ බව පැවසේ.

ප්‍රහාරකයා ඒද්‍රියන් එල්ම්ස්‌ නමින් කෙන්ට්‌ ප්‍රදේශයේ උපත ලැබුවෙකි. වසර කිහිපයකට පෙර ප්‍රචණ්‌ඩ අන්තගාමී බව සම්බන්ධයෙන් ඔහු විමර්ශනයකට ලක්‌ව සිටිය ද මෑතකාලීන ඔත්තු ක්‍රියාකාරිත්වය තුළට ඇතුළත් නොවූවෙකි. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බ්‍රිතාන්‍යයේ උපත ලද අයකු වන අතර පොලිසිය සහ ඔත්තු සේවා දැන සිටි අයකු බව අගමැතිනි තෙරේසා මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ පැවසුවාය.

කාලිඩ් මසූඩ් විවිධ නම් වලින් පෙනී සිටිමින් එංගලන්තයේ ක්‍රව්ලි, වෙස්‌ට්‌ සසෙක්‌ස්‌ ,රේ, ඊස්‌ට්‌ බෝරන්, ඊස්‌ට්‌ සසෙක්‌ස්‌ ලුර්ටන් හා ඊස්‌ට්‌ ලන්ඩන් යන ප්‍රදේශවල වරින් වර වාසය කර තිබේ. දැනට දින කීපයකට පෙර නෝර්ත් බර්මින්හැම් හි පිහිටි වාහන කුලියට දෙන ස්‌ථානයකට ගිය ඔහු තමන් ගුරුවරයකු බව පවසමින් හුන්ඩායි වර්ගයේ වාහනයක්‌ කුලියට ගෙන තිබේ. කෙසේ වෙතත් පැය කීපයකට පසුව එම වාහනය තමන්ට අනවශ්‍ය බව පවසා තිබේ. ඉන් පසුව ඔහුට කුමක්‌ සිදුවූයේ දැයි තවමත් පැහැදිලි නැත. 22 වැනිදා වෙස්‌ට්‌මිනිස්‌ටර් පාලම අසලදී ඔහු තම වාහනය පදිකයන් වෙත පදවාගෙන යන කාලය තෙක්‌ ඔහු කුමක්‌ කළේ දැයි දැනට පරීක්‌ෂණ පැවැත්වේ.

ඔහු වයස අවුරුදු 19 දී එනම් 1983 දී අපරාධ චෝදනා ලබා තිබේ. 2003 දී පිහියක්‌ සමග ඔහු හසුවී ඇතත් මේ වන තෙක්‌ ඔහුට ත්‍රස්‌තවාදී චෝදනා එල්ලවී තිබී නැත.

කීත් පාමර් නමැති පොලිස්‌ නිලධාරියා මිය ගියේ මේ ප්‍රහාරකයා නවතාලන්නට ගත් උත්සහයේදීය. ඔහු ප්‍රභූ ආරක්‌ෂාව හා පාර්ලිමේන්තු ආරක්‌ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ වසර පහළොවක අත්දැකීම් ඇති දක්‌ෂ පොලිස්‌ නිලධාරියෙකි. කීත් පාමර් වෙත ප්‍රණාමය පිදූ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පැවසුවේ "ඔහු සෑම අතින්ම වීරයෙක්‌, ඔහු ගත් පියවර කිසිදා අමතකව යන්නේ නැහැ." යනුවෙනි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසලදී එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් අනතුරුව කරන ලද වැටලීම්වලදී පුද්ගලයන් අටදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙයින් තිදෙනකු කාන්තාවන් වන අතර පස්‌දෙනකු පිරිමින්ය. මොවුන් ලන්ඩනයේදී හා බර්මින්හැම් හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2017/03/26/forign.html

සබැඳි ලිපි -
[
මුස්‌ලිම් ජාතික ත්‍රස්‌තයෙකු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රහාරයෙන් 4ක්‌ මියයති, 40කට බරපතළයි!
]

බුද්ධි අංශ අවුලේ... ආරක්ෂාව අනතුරේ?

නව රජය බලයට ආ දිනයේ සිට රටට යළි "මිලේනියම් සිටි" පාවා දීම සිහිගන්වමින් බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහි විමර්ශන ආරම්භ කළ රහස්‌ පොලිසිය ඉකුත් සතියේ ඇමැති සරත් ෆොන්සේකා පැවසූ බව කියමින් ආන්දෝලනාත්මක කතාවක්‌ ගල්කිස්‌ස අධිකරණයට වාර්තා කළේය.

සරත් ෆොන්සේකා මෙසේ සීඅයිඩීයට කී කතාව වන්නේ කුමක්‌ද? ඉකුත් 2008 - 2009 වර්ෂයන්හිදී සිදුවූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර කර්තෘව සිටි උපාලි තෙන්නකෝන්ට එල්ල වූ ප්‍රහාරයන් සහ ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය ආදී වශයෙන් පසුගිය කාලයේ සිදුවූ සියලු අපරාධවලට වගකිව යුත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යන්නය.

මේ කතාව කියනුයේ යුද හමුදාපතිව සිට එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගත් මොහොතේ "දේශපාලනයට පැමිණ සොල්දාදුවකු ලෙස දිනාගත් කීර්ති නාමය වනසා ගන්නට කිසි දිනකත් තමන් සූදානම් නැතැයි" මාධ්‍ය ඉදිරියේ සපථ කළ සරත් ෆොන්සේකා බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

සීඅයිඩීයේ විමර්ශනවලදී තමන්ටද ඇඟිල්ල දික්‌වීමට පටන් ගැනීමත් සමඟ ඒ පිළිබඳ ප්‍රකාශයක්‌ ලබා දීමට පැමිණි අවස්‌ථාවක ඔහු මේ කතාව කියා ඇත. ඒ නොකර බැරි තැන කෙරුණු කැඳවීමකට අනුවය.

අදාළ පහරදීම් සහ ඝාතන සිදුවන කාලයේ යුද හමුදාපතිව සිටි තමන් උතුරු නැගෙනහිර යුද්ධය මෙහෙයවූවා මිස දකුණ ඇතුළු කොළඹ සිදුවන දේ පිළිබඳ කිසිදු සොයා බැලීමක්‌ නොකළ බවද එහිදී ප්‍රකාශ කර ඇති සරත් ෆොන්සේකා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ විසින් විශේෂ හමුදා කණ්‌ඩායමක්‌ යොදාගෙන ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදීන්ට පහරදීම ඇතුළු අපරාධ සිදු කළ බව තමන් දැන සිටියේ යෑයි ද සඳහන් කර ඇත.

ඔහුගේ මේ කතාව ඇසෙද්දී අපට මතුවන ගැටලුව වන්නේ ඇත්තටම සරත් ෆොන්සේකා මේ රටේ හමුදාපති වූයේද යන්නය. ඔහු හමුදාපතිව සිටියේ නම් මේ කියන අන්දමට එක්‌කෝ නිසි ලෙස හමුදාවට නායකත්වය දී නැත. එය තවත් විදියකට කියතොත් සරත් ෆොන්සේකා ඒ දිනවල සිට ඇත්තේ හමුදාපතිකම ළමයකුට දීය.

සරත් ෆොන්සේකාගේ බිරිඳ අනෝමා ෆොන්සේකාම වරක්‌ කී පරිදි මහ රෑ ජාමෙට ඇගේ සිරුර මත සිතියම දිගහැරගෙන යුද්ධය මෙහෙයවූ සරත් ෆොන්සේකා කොළඹ යුද හමුදා මූලස්‌ථානය තුළදීම මරාගෙන මැරෙන කොටි කාන්තාවකගේ ප්‍රහාරයකට ගොදුරු වූයේ මෙසේ කොළඹ පිළිබඳ සොයා නොබැලීම නිසාද විය හැකිය. පුදුමයට කරුණ වන්නේ තමන්ට බෝම්බ ගැහුවේත් ගෝඨාභය සහ හෙන්දාවිතාරණ බව මෙහිදී සරත් ෆොන්සේකා කියා නොතිබීමය.

ඇත්තෙන්ම සරත් ෆොන්සේකා සාධකය තුළ සිට මෙසේ කතා කිරීමට වේ යෑයි අපි කිසි දිනක නොසිතුවෙමු. මෙලෙස සටහන් කිරීමට සිදුවීම අපේ සිතටද වේදනාකාරීය. එහෙත් වීරයා මඩේ නාද්දී ගඳයි කියනු හැර අපට කියන්නට වෙන දෙයක්‌ ද නැත.

සරත් ෆොන්සේකා මහතා හිටපු ආරක්‍ෂක ලේකම් සහ බුද්ධි අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් මෙවැන්නක්‌ පවසද්දී සීඅයිඩීයේ විමර්ශකයන් කරනු ලැබුවේ කුමක්‌ද? කිසිදු වගවිභාගයකින් තොරව ඒ කතාව අධිකරණයට වාර්තා කිරීමය. එහෙත් රහස්‌ පොලිසිය තිබෙන්නේ එසේ කටයුතු කිරීමටද?

අද සරත් ෆොන්සේකා කුමක්‌ කීවද ඔහුද රාජකාරී කළ යුද හමුදාවේ කටයුතු සිදුවන නිසි පටිපාටියක්‌ ඇත. සාමාන්‍යයෙන් යුද හමුදාවේ ඕනෑම නිලධාරියකු හෝ සෙබළකු ස්‌ථානගත කර සිටින්නේ කොතැනකදැයි යන්න නියත වශයෙන්ම යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ දැන සිටින්නේය. ඔහුට හොරෙන් කිසිවක්‌ සිදු කළ නොහැකිය. එසේම එකී නිලධාරියාට හෝ සෙබළාට වැටුප් ගෙවීමක්‌ සිදු වන නිසා ඔහු කරන රාජකාරිය කුමක්‌දැයි අනිවාර්යයෙන්ම වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට වාර්තා වන්නේය.

මෙකී කාල සීමාවේදී මේජර් ජෙනරාල් උදය පෙරේරා යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ විය. වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ වූයේ බ්‍රිගේඩියර් සුනිල් වන්නිආරච්චිය. රහස්‌ පොලිසිය මෙහිදී අදාළ සිද්ධීන් පිළිබඳ නිවැරදි විමර්ශනයක්‌ සිදු කළේ නම් විය යුතුව තිබුණේ සරත් ෆොන්සේකා කී කතාව ගැන මේජර් ජෙනරාල් උදය පෙරේරා සහ බ්‍රිගේඩියර් සුනිල් වන්නිආරච්චි කැඳවා විමසීමක්‌ කිරීමය.

එහෙත් එවැන්ක්‌ සිදුව නැත. ලසන්ත ඝාතනය වැනි රටම හෙල්ලුම් කෑ විමර්ශනයක්‌ හමුවේ රහස්‌ පොලිසිය එසේ නොසැලකිලිමත් ලෙස කටයුතු කළේ කුමක්‌ නිසාද? සීඅයිඩීය එවන් විමසීමක්‌ සිදු කළේ නම් සරත් ෆොන්සේකා කියන අන්දමේ අභිරහස්‌ හමුදා කණ්‌ඩායමක්‌ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ බුද්ධි අංශ ප්‍රධානියා යටතේ සිටියේද සහ ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලිව අනාවරණය කර ගැනීමට ද අවස්‌ථාව තිබිණ.

එහෙත් ඔවුන් කරනු ලැබුවේ සරත් ෆොන්සේකා කී කතාව ගෙඩිය පිටින් ගෙන ගොස්‌ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණගේ නමද සඳහන් කර ගල්කිස්‌ස අධිකරණය හමුවේ දිග හැරීමය.

අඩුම තරමේ සරත් ෆොන්සේකා කියන කණ්‌ඩායම පිළිබඳවවත් සොයා බැලීමක්‌ නොකෙරිණි. කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව මේ අන්දමට අධිකරණයට බී වාර්තා ඉදිරිපත් කරන්නට නම් රහස්‌ පොලිසියක්‌ අවශ්‍ය නැත. ලිවීමේ සහ කියවීමේ හැකියාව පමණක්‌ ඇති පොඩිවුන් ටිකකට වැඩේ පැවරුවොත් ඔවුන්ද මේ ටික කරනු ඇත.

රහස්‌ පොලිස්‌ විමර්ශකයන් මේ අන්දමට කටයුතු කළේ කුමක්‌ නිසාද? එය මෙහිදී මතුවන ඉතාම වැදගත් ප්‍රශ්නය වන්නේය. එහෙත් ඊට පෙර කියන්නට කතාවක්‌ද අපට ඇත. ඒ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ පිළිබඳවය.

හෙන්දාවිතාරණ යනු කවරෙක්‌ද? මෙය කියවන මිනිසුනේ දැන ගන්න. ඔබත් මාත් මේ මොහොතේත් ප්‍රභාකරන්ගේ බෝම්බයක ගොදුරක්‌ නොවී හුස්‌ම ගනිමින් ජීවත් වන්නේ නම් එසේ වී තිබෙන්නේ මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණලා වැනි උපන් බිමට සහ ජනතාවට හදවතින් ආදරය කරමින් දිවි පරදුවට තබා මේ රට වෙනුවෙන් දහසක්‌ කැපකිරීම් කළ වීරයන් නිසාය.

අද මෙන්ම හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ඉලක්‌ක කර ඉකුත් 2002 වසරේ සිදුවූ "මිලේනියම් සිටි" මහා පාවදීම දීම සිදු වෙද්දී "මිලේනියම් සිටි" නිවස්‌නය ඇතුළුව දිගුදුර විහිදුම් බළකායේ බුද්ධි රණවිරුවන්ට අණ දුන් බුද්ධි අංශ නායකයා වූයේ කපිල හෙන්දාවිතාරණය.

"මිලේනියම් සිටි" පාවා දීම හමුවේ මේ රට වෙනුවෙන් දිවිහිමියෙන් වැඩ කළ මේජර් මුතාලිෆ් ඇතුළු බුද්ධි අංශ රණවිරුවන් සහ ඔත්තුකරුවන් එකා පිට එකා එල්ටීටීඊයේ ගොදුරු වෙද්දී ඉන් දිවි ගලවා ගත් අතලොස්‌සෙන් කෙනකු ලෙසද මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ හඳුන්වා දිය හැකිය.

එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ වූ හෙන්දාවිතාරණ කර්නල් නිලයේ පසුවූ අතර ඔහුගේ දෙවැනියා ලෙස යුද හමුදා බුද්ධි බළකාය සහ "මිලේනියම් සිටි" කණ්‌ඩායම පසුපස සිටියේ යහපාලනයට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ වූ බ්‍රිගේඩියර් සලේ හෙවත් එවකට මේජර් සලේය. 

යුද හමුදා මහසොහොන් බළකායට ඉකුත් 2000 වසරේ සිට බුද්ධි නායකත්වය දුන්නේද මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණය. එසේම හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ අදහසකට අනුව මහසොහොන් බළකායට අටේ කණ්‌ඩායම් ක්‍රමය හඳුන්වා දෙමින් කොටි නායකයන් එල්ටීටීඊ බලප්‍රදේශයන් තුළදීම අවසන් ගමන් යවන්නට කටයුතු කළේද ඔහුය.

මෙසේ ක්‍රියාත්මක වීම හමුවේ පසුගිය කාලයේ ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්‌තුවේ හතරවැනි ස්‌ථානයේ සිටින්නටද මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණට සිදු විය. 

ප්‍රභාකරන්ගේ අවසානයත් සමඟ මෙරට ඉතිහාසයේ පළමු වතාවට හමුදා කණ්‌ඩායමක්‌ මැලේසියාවට යවා ඊශ්‍රායලයේ මොසාඩ් ක්‍රමයට අනුව යමින් කිසිදු ලේ වැගිරීමකින් තොරව එල්ටීටීඊයේ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ව අත්අඩංගුව ගැනීමට සිදු කළ අතිවිශිෂ්ට මෙහෙයුමේ මහ මොළකරු වන්නේද ඔහුය. 

සත්‍ය එය වුවත් මේ වන විට බුද්ධි අංශවලට එරෙහිව විමර්ශන සිදු කරමින් නින්දිත දඩයමක යෙදී සිටින රහස්‌ පොලිසිය කපිල හෙන්දාවිතාරණ නම් වූ රට වෙනුවෙන් දහසක්‌ දේ කළ කිර්තිධර බුද්ධි නිලධාරියාටද ලබන සතියේ සීඅයිඩීයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන වගක්‌ද මේ සටනහ තබන මොහොතේ දැනගැනීමට ලැබිණ. 

සීඅයිඩීය අද මේ අන්දමට රඟමින් සිටින්නේ කුමක්‌ නිසාද? දැන් අප එන්නේ මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ පිළිබඳ කතා කරන්නට පෙර මේ කතාව නතර කළ තැනටය.

ඉකුත් 2015 ජනවාරි අටවැනිදා යහපාලනය බිහිවීමත් සමඟ සීඅයිඩීය ඇරඹූ විමර්ශන ගණනාවක්‌ම ඇත. ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය, පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාඡ් ඝාතන විමර්ශනය, ප්‍රවීණ මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්ට සහ කීත් නොයාර්ට පහරදීමේ විමර්ශන ආදිය ඒ අතර ප්‍රධානම තැනක තිබිණ.

මේවා පිළිබඳ විමර්ශන සිදුවිය යුතුය. එසේම අපරාධකරුවන් සිටීනම් ඔවුනට එරෙහිව නීතියද ක්‍රියාත්මක විය යුතුය. එහි කතා දෙකක්‌ නැත. එහෙත් මේ සියලු සිද්ධීන් ගත් කල පෙනී යන එක්‌ පැහැදිලි ලක්‍ෂණයක්‌ද ඇත. එය වන්නේ එන්ජීඕ නඩ ඇතුළු මේ රටට ද්‍රෝහීවූ සියලු පාර්ශ්ව පසුගියට රජයට ඇඟිලි දිගු කරමින් හන්දියක්‌ හන්දියක්‌ ගානේ මොරදුන් සිදුවීම් බවට පසුගිය කාලයේ මේවා පත්ව තිබීමය.

එසේම මේ සියලු සිද්ධීන් යහපාලන දේශපාලන වේදිකාවන්හිද ප්‍රබල මාතෘකා බවට පත්වූ ඒවාද විය. යහපාලනයත් සමඟ රහස්‌ පොලිසිය මෙම සිද්ධීන් පිළිබඳ කඩිනම් විමර්ශන අරඹන්නේ එවන් වූ දේශපාලන පසුබිමක්‌ද එකී ඝාතන සහ පහරදීම් සම්බන්ධයෙන් ගොඩනැගී තිබියදීය. 

අප නම් හැමදාමත් කීවේ මේ විමර්ශනවලදී හරි දේ හරි විදිහට සිදු විය යුතුයෑයි කියාය. එසේ නැතිව ජාතික ආරක්‍ෂාව බිල්ලට දෙමින් මේ හරහා බුද්ධි අංශ දඩයමක්‌ සිදුවන්නේ නම් ඒ දෙස ගොළුවන් බිහිරන් සේ බලා සිටින්නටද අපට නොහැකිය.

මෙසේ සීඅයිඩීය ආරම්භ කළ විමර්ශන මාලාවට අනුව ඔවුන් මුලින්ම කරළියට ගෙන ආ කතාව වූයේ ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය ය. එහෙත් මෙහිදී සිදු කෙරුණේ කුමක්‌ද? කිසිදු පදනමකින් තොරව විවිධ පුද්ගලයන් ගෙන රජයේ සාක්‍ෂි මත යෑපෙන්නට ගිය රහස්‌ පොලිසිය අවසානයේ සිදුකළේ එල්ටීටීඊයේ පරාජයෙන් පසු ඉකුත් 2015 ජනවාරි 8 වැනිදා දක්‌වාම කොටින්ගේ යළි පිබිදීම වැළැක්‌වීම සඳහා ඉතාම රහසේ ක්‍රියාත්මක වූ "ඔපරේෂන් ඩබල් එඡ්" නමැති අතිසාර්ථක බුද්ධි මෙහෙයුම සහමුලින්ම විනාශ කර දැමීමය.

එකී විමර්ශනයට අනුව අදටත් එක්‌නැලිගොඩ මැරුවාද, මැරුණාද යන්න පිළිබඳව නිශ්චිත ලෙස අනාවරණය කර ගැනීමට සීඅයිඩීය සමත්ව නැත. මේ වන විට වසර දෙකක්‌ ගතවී ඇතත් එක්‌නැලිගොඩට මොකද වුණේ කියා කිසිවකුත් දන්නේද නැත. 

එහෙත් ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ අයුරින් "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුම ඇතුළුව මේ රට වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක්‌ කළා වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් නව දෙනකුට එරෙහිව දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කර ඔවුන් බන්ධනාගාරගත කරවන්නට පසුගිය කාලයේ කටයුතු කෙරිණ. 

මේ අතරේ විවිධ දේ පවසා අධිකරණයට කරුණු වාර්තා කරමින් යුද හමුදාව සතුව තිබූ ජාතික ආරක්‍ෂාවට අතිශය වැදගත් වන්නා වූ ඉතාම සංවේදී තොරතුරු පවා තමන් භාරයට ගන්නටද විමර්ශකයෝ පියවර ගත්හ. එම තත්ත්වය තුළ අද වන විට එක්‌නැලිගොඩ විමර්ශනය හමුවේ සිදු වූ එකම දෙය වී තිබෙන්නේ හමුදා බුද්ධි අංශ රහස්‌ අනාවරණය වෙමින් ජාතික ආරක්‍ෂාවට පැහැදිලි තර්ජනයක්‌ එල්ල වීම බවද සඳහන් කළ යුතුය. 

පසුගිය කාලයේ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතන විමර්ශනයද එවැන්නකි. එහිදී රවිරාඡ්ට වෙඩි තැබීම සඳහා ඝාතකයා යතුරු පැදියක නංවාගෙන ගිය ප්‍රීතිවිරාඡ් මනම්පේරි නම් වූ පොලිස්‌කාරයා රජයේ සාක්‌කිකරුවකු කරමින් නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු දංගෙඩියට යවන්නට රහස්‌ පොලිසිය දැඩි ලෙස උත්සාහ ගත්තේය.

එහෙත් කොළඹ මහාධිකරණය මගින් එකී නාවික හමුදා බුද්ධි නිලධාරීන් නිදොස්‌ කොට නිදහස්‌ කරනු ලැබීම නිසා එම උත්සාහය ව්‍යර්ථ විය.

රවිරාඡ් නඩුව විභාග වෙමින් තිබියදීම සීඅයිඩීය සිය විමර්ශන මාලාවට අනුව ඊළඟට සමාජය අතරට ගෙනා කතාව වූයේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ය. එහිදී ලසන්තගේ රියෑදුරා පැහැරගත් බව කියමින් "මිලේනියම් සිටි" පාවා දීමේදී පාවා ජීවිතය බේරාගෙන රටට සේවය කළ සුවිශේෂී බුද්ධි නිලධාරියකු වූ ප්‍රේමානන්ද උදලාගමව අත්අඩංගුවට ගත් ඔවුන් ඔහුව බන්ධනාගාරගත කළේය. එසේ බන්ධනාගාරගත කර සිටියදී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධියටද උදලාගමව සම්බන්ධ කෙරිණ. 

මේ සියල්ල සිදු වන්නේ එවකට රිවිර පුවත්පතේ කර්තෘ වූ උපාලි තෙන්නකොන් මහතා තමන්ට සිදුවූ පහර දීම පසුපස සිටිනුයේ සරත් ෆොන්සේකා බව පැහැදිලිවම රහස්‌ පොලිසියට ප්‍රකාශ කර තිබියදී ය. එහෙත් ලසන්ත ඝාතන විමර්ශනයේදී කිසිම අවස්‌ථාවක සරත් ෆොන්සේකා කැඳවා ප්‍රකාශයක්‌ ගන්නට සීඅයිඩීය කටයුතු නොකළේය. ඒ ගැන අහන්නට සරත් ෆොන්සේකා කැඳවූයේ මීට සති දෙකකට පමණ ඉහතදීය.

මේ අන්දමට අද බුද්ධි අංශවලට එරෙහිව සිදු කෙරෙන විමර්ශනවල ඇති ගැටලු සහගත තැන් බොහෝය. ඒවායෙහි කිසිම විනිවිදභාවයක්‌ද පෙනෙන්නට නැත. යුද හමුදා සහ නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව සිදු කරන විමර්ශනවලදී දකින්නට ලැබෙන එකම විශේෂත්වය වන්නේ බොහෝ විට රට වෙනුවෙන් විශාල කැපකිරීම් කරමින් කටයුතු කළාවූ බුද්ධි නිලධාරීන් තෝර තෝරා සිරගත කිරීම සීඅයිඩීයේ ඉලක්‌කය වී තිබෙන බවය?

වැල්ලවත්තේදී ළමුන් පස්‌දෙනකු පැහැර ගත්තේ යෑයි කියමින් දැනට සිරගත කර සිටින නාවික හමුදා බුද්ධි අංශයේ කමාණ්‌ඩර් රණසිංහ ඇතුළු පිරිස මෙන්ම ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගත් බව කියමින් සිරගත කර සිටින නාවික හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කමාණ්‌ඩර් ධම්මික අනිල් මාපාත්, කීත් නොයාර්ට පහර දුන්නේ යෑයි කියමින් බන්ධනාගාරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් බුලත්වත්ත ඇතුළු රණවිරුවන් පිරිසත් මේ රට වෙනුවෙන් ඉටු කර ඇති සේවය දෙස බැලීමේදී එය මනාව පැහැදිලි වන්නකි. 

එක්‌නැලිගොඩ සිද්ධියේ සිට මේ දක්‌වා සීඅයිඩීය මගින් විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූ සියලුම බුද්ධි නිලධාරීහු ඉකුත් යුද සමයේ එල්ටීටීඊය පරාජය කිරීම සඳහා දිවි පරදුවට තබා දැඩි කැපවීමකින් කටුයුතු කළෝම වන්නාහ.

රහස්‌ පොලිසියේ විමර්ශනවල යථාර්ථවාදී කතාව එසේ වෙද්දී කීත් නොයාර්ට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් පිරිසට ලබන තිස්‌ වැනිදා ඇප ලැබෙන තත්ත්වයක්‌ ද මේ වන විට නිර්මාණය වී ඇත.

ඒ ඔවුන්ට එරෙහිව සාක්‍ෂි දීම සඳහා දැනට ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටින මාධ්‍යවේදී කීත් නොයාර් ශ්‍රී ලංකාවට ඒම ප්‍රතික්‍ෂෙප කර ඇති නිසාය. මේ කරුණ හමුවේ මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස ඇප මත නිදහස්‌ වුවහොත් අනෙකුත් සියලු විමර්ශන සේම සීඅයිඩීයේ විමර්ශකයෝ කීත් නොයාර් විමර්ශනයේදීත් අසමත්හු වන්නාහ. එය ඔවුන්ට වදින ප්‍රබල කනේ පහරකි.

එහෙයින් බුලත්වත්ත ඇතුළු පිරිසට ඇප ලැබීම කෙසේ හෝ වළකා ගැනීම සිදු කළ යුතුය. රහස්‌ පොලිසියේ විමර්ශකයෝ අද කඩිමුඩියේම සරත් ෆොන්සේකාගේ කතාව අධිකරණයට රැගෙන යන්නේ මෙන්න මේ හේතුව මුල්කරගෙනය. එමගින් මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස මාධ්‍යවේදී ලසන්ත ඝාතනයටද සම්බන්ධ කර තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම ඔවුන්ගේ ඉලක්‌කය බව ඉතාම පැහැදිලිය. 

මේ අන්දමට බුද්ධි අංශ කෙරෙහි වෛරී විමර්ශන සිදු කරන විමර්කයෝ අද මෙකී ඝාතන සහ පහරදීම් හමුවේ කළ යුතු දේ කොතෙක්‌ නොකර සිටින්නාහුද? ලසන්ත වික්‍රමතුංගගේ සිරුර යළි ගොඩගෙන සිදු කළ දෙවන වෛද්‍ය පරීක්‍ෂණයට අනුව ඔහුගේ ඝාතනය සිදුව ඇත්තේ විශේෂිත අවියකින් කළ පහරදීමකින් බව මේ වන විට අනාවරණය වී තිබෙන්නකි. 

එහෙත් මේ අවිය කුමක්‌ද සහ ලසන්ත ඝාතනය සිදුවන කාලසීමාවේ එකී අවිය තිබුණේ කොතැනකදැයි යන්න පිළිබඳ සීඅයිඩීයේ විමර්ශකයන් තවමත් සොයා බැලීමක්‌ කර තිබේද? එසේ කටයුතු කර නැතිනම් ඒ අතපසු වීම සිදුව ඇත්තේ කුමක්‌ නිසාද? ඒ පිළිබඳ මෙතෙක්‌ යුද හමුදාවෙන් විමසීමක්‌ කළ බවක්‌ ද දැන ගැනීමට නැත.

පසුගිය යුද සමයේ මෙවන් අවි පහක්‌ ශ්‍රී ලංකාවට ආනයනය කෙරුණු බව එකල අපට වාර්තා විය. ඒවා ගෙන්වා තිබුණේ යුද හමුදාවටය. එසේ නම් යුද හමුදාවට අවි සැපයූ සමාගම් වෙත ගොස්‌ ඒ පිළිබඳ විමර්ශන කිරීමට සීඅයිඩීය කටයුතු නොකරන්නේ මොන හේතුවක්‌ නිසාද? එසේ කළහොත් මේ අවියේ රහස හෙළිවෙතැයි වැනි බියක්‌ ඔවුන් ඇතිවී තිබේද?

ලසන්ත ඝාතන විමර්ශනය සිදුවන අතරේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් පසුගිය දිනවල රහස්‌ පොලිසියට ගොස්‌ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව එක්‌ විශේෂ පැමිණිල්ලක්‌ කර තිබිණි. එහිදී ඔහු බුද්ධි අංශ පිළිබඳව නොව යුද සමයේ කොළඹ සිට ක්‍රියාත්මක වූ යුද හමුදා 112 බ්‍රිගේඩය පිළිබඳ විශේෂ හෙළිදරව්වක්‌ සිදු කළ බවද දැනගැනීමට ලැබිණ.

එහෙත් අදටත් සීඅයිඩීය ඒ පිළිබඳ විමර්ශන කළ බවක්‌ ද දැන ගැනීමට නැත. එසේ වන්නේ කුමක්‌ නිසාද? අප දන්නා පරිදි 2008-2009 කාලසීමාවේදී මේ 112 බ්‍රිගේඩයේ ප්‍රධානියා ලෙස එක්‌තරා යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු පත්ව ආවේය. හෙතෙම එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ හරියටම මාස තුනක පමණ කාලයකි. ඒ 2008 සැප්තැම්බර් 16 වැනිදා සිට 2009 ජනවාරි 19 දක්‌වාය. පසුව ඔහු යුද හමුදා මූලස්‌ථානයට ස්‌ථාන මාරු විය.

යුද හමුදා ඉතිහාසයේ කිසි විටෙකත් බළසේනාවක හෙවත් බ්‍රිගේඩයක ප්‍රධානියකු මෙසේ මාස තුනකින් ඉවත්ව නොයන්නේය. එසේ නම් මේ බ්‍රිගේඩියර්වරයා එසේ ඉවත්ව ගියේ කුමක්‌ නිසාද? ඒ ගැන මෙතෙක්‌ සීඅයිඩීය සොයා බැලීමක්‌ කර තිබේද? මේ පිළිබඳ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගෙන් ඇසුවොත් තමන් ඒ ගැන නොදන්නේ යෑයි ඔහු කියනු ඇත. එහෙත් එවැන්නක්‌ එදා සිදු විය. 

මෙකී 112 බ්‍රිගේඩයට අනුයුක්‌තව එදා යතුරු පැදිවලින් ගමන් ගන්නා ප්‍රහාරක කණ්‌ඩායමක්‌ද සිටියහ. කොළඹ කොල්ලුපිටියේ ස්‌ථානගතව තිබූ මේ බළසේනාවෙන් සිදුකළේ ද කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආරක්‍ෂක කටයුතු සොයා බැලීමය. එසේ නම් මේ බ්‍රිගේඩය ගැන සොයා බැලීමක්‌ නොකර සීඅයිඩීය අද බුද්ධි අංශ නැට්‌ටේම එල්ලෙන්නේ මොන අහේතුවකටද?

අද විමර්ශන මුවාවෙන් මේ ඉටු කෙරෙමින් තිබෙන්නේ බුද්ධි අංශ දියකර දමා රට අරාජික කර වෙනත් පාර්ශ්වයක මනදොළ පිනවීමේ වැඩපිළිවෙළක්‌ වීම එයට හේතු වී තිබෙන්නේද? අප ඒ ප්‍රශ්නය මෙහිදී නඟන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය මේ කෙරෙහි දැඩිව යොමු කරනු පිණිසය.

බුද්ධි අංශ දඩයම හමුවේ සිදුවන විනාශයෙන් මේ රට ගලවා ගැනීමට ජනාධිපතිවරයා හැර අන් කිසිවකුත් නැති බව අපේ එකම විශ්වාසය වී තිබෙන්නකි. එහෙයින් ඔහුට මේ අවනඩුව දෙස බලන්නැයි කියනු හැර අපට අද වෙන කියන්නට දෙයක්‌ ඉතිරිව නැත.

සමන් ගමගේ 
http://www.divaina.com/2017/03/26/feature27.html

කබරයෙක්‌ කියාදුන් සංස්‌කාර පිළිබඳ පාඩම - මහරහතුන් වැඩි මග ඔස්‌සේ...!

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

භික්‍ෂුව වැඩසිටින කුටිය ප්‍රදේශයේ විසිදෙනෙක්‌ගෙන් පමණ සමන්විත වඳුරු රංචුවක්‌ ජීවත්වෙනවා. මේ වඳුරු රංචුවෙන් ගම්මානයේ ගොවි ජනතාවට ගොඩක්‌ හිරිහැර වෙනවා. පසුගිය සතියේ දවසක එක්‌ වැඩුණු වඳුරෙක්‌ මුළු දවසම කුටිය ඉදිරිපිට ගසේ රෝගීව සිටියා. ගමේ කෙනෙක්‌ තියුණු පිහියකින් පසුපස ප්‍රදේශයට පහරදීලා. අඟලක පමණ කැපුමක්‌ නිසා වඳුරාගේ පසුපස කකුල පණ නැහැ. සවස්‌ වෙනවිට වඳුරා ගහෙන් බැහැල බොහොම අමාරුවෙන් කුටිය පසුපස ප්‍රදේශයට යනවා භික්‍ෂුව දැක්‌කා. ඊට දිනදෙකකට පසුව එම රෝගී වඳුරා භික්‍ෂුවගේ කුඩා කුස්‌සිය අසල මියගොස්‌ තිබුනා. දවල් කාලයේ බල්ලන්ගෙන් හා රාත්‍රී කාලයේ නරියන්ගෙන් වන මරණ බිය නිසාම, තමන් අනතුරකට පත්වී ඇතැයි දැනගැනීම නිසාම, ආරක්‍ෂාවට වඳුරා භික්‍ෂුවගේ කුස්‌සිය අසලම රැඳී මියගිහින්.

භික්‍ෂුව ඒ වඳුරු මළකුණ කැළයට ගිහින් දැම්මා. වඳුරු මළකුණේ කුණු ගඳට වහවැටිල මළකුණ ගිල දමන්න, කුණු මස්‌ අනුභව කරලාම පෘශ්ටිමත් වෙච්ච ලොකු කබරයින් දෙදෙනෙක්‌ ඇවිත් සිටියා. මොහොතකින් කබරයින් දෙදෙනා මළකුණට ගැටී, එක කබරයෙක්‌ පිටුපස අනෙක්‌ කබරයා ලුහුබැන්දා. මරබියෙන් වේගයෙන් භික්‍ෂුවගේ කුටිය දෙසට දිවගෙන පැමිණි කබරයා, කුටිය ඉදිරිපිට තිබෙන විශාල ගසේ මීටර් 10ක්‌ පමණ උස අත්තකට බඩගෑවා. මරණ බිය නිසාම පුදුම වේගයක්‌, පුදුම ජවයක්‌ එම කබරයාට ඒ වෙලාවේ තිබුනේ.

මේ කබරයා ගසට නැග්ග වෙලාවේ සිටම භික්‍ෂුවට කුටියේ වැඩසිටින්න බැහැ. ඒ තරමට කුණු ගඳ. ගස්‌ උඩ සිටින කබරයා, කුණුමස්‌ ගොඩවල් උඩ ලැගලා කබරයන්ගේ ශරීරයෙන් මහා මළකුණු ගඳක්‌ වහනය වෙනවා. එම කබරයින්ගේ ශරීරයත් තෙත බරිතයි. සම හරිම පිළිකුල් සහගතයි. කබරයාගේ ශරීරයෙන් වහනය වෙන්නේ හරිම අප්‍රසන්න, පිළිකුල් දුගදක්‌. නමුත් මේ කබරයා තම ශරීරයෙන් හමන මළකුණු දුගඳ පුදුමාකාර සැපවේදනාවක්‌ කරගෙනයි ජීවත්වෙන්නේ. පිංවත් ඔබ මිල අධික ඉස්‌තරම් සුවඳ විලවුන් වර්ගයන් ඇඟ තවරා ගෙන එම සුවඳින් යම්සේද තෘප්තිමත් වෙන්නේ, මේ කබරයෝ තම ශරීරයෙන් වහනය වන මළකුණු ගඳින් ඒ තරමටම තෘප්තිමත් වෙනවා.

පිංවත් ඔබ නුවණින් දකින්න, කබරයාට මෙතරම් කුණු ගඳක්‌ සැප වේදනාවක්‌ කොට දකින්න කබරයා අතීතයේ මොනතරම් බලවත් අකුසල් සංස්‌කාරයක්‌ සිදුකොට ගෙන ඇතිද කියලා.

පිංවත් ඔබ මහා සංඝරත්නයට, ධර්මරත්නයට, බොරුවෙන්, චෝදනාවෙන්, විවේචනය කිරීමෙන් දුර්ගන්ධයම සැපවේදනාවක්‌ බවට පත්වෙන, කබරකුලයේ උපතකට අවශ්‍ය අකුසල් සංස්‌කාරයන් සකස්‌වෙන්න පුළුවන්. පටිච්ච සමුප්පන්නව මේ කබරයෝත් අනාගත භවයක ඉස්‌තරම්ම මිල අධික සුවඳ විලවුන් පාවිච්චි කරන, වත්කම් අධික මනුෂ්‍යයෙක්‌ වෙන්නත් පුළුවන්. සංස්‌කාරයෝ කටුකයි, වියරුයි, විෂමයි, අමිහිරියි, මිහිරියි, දුගදයි, සුගන්ධයි, සැපයි..... සංස්‌කාරයෝ මිරිගුවක්‌මයි.

(පංච උපාදානස්‌කන්ධයට අදාළ 'සංස්‌කාර' කොටස මෙතැනින් නිමවේ. ලබන සතියේ සිට 'විඤ්ඤාණ' කොටස විග්‍රහ වේ)

චිත්තානුපස්‌සනාව - 25

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ - indrajith.media@gmail.com
http://www.divaina.com/2017/03/26/feature24.html

කැසිනෝ සූදුවට කෝටි 15ක්‌ වැයකළ මොහොමඩ් දැන් හෝටල් සේවකයෙක්‌

ත්‍රිකුණාමලයට ඉහළ අහසේ කෙළවරකට වෙන්න අටවක සඳ පායපු රාත්‍රියක්‌... මාධ්‍ය කටයුත්තක්‌ සඳහා දිගු වෙහෙසකර ගමනක නිරත වුණ අපේ රාත්‍රි නවාතැන පිහිටල තිබුණේ මුහුදු රළ බිඳෙන හඬ ඇසෙන නෑසෙන මානයක පිහිටල තිබුණ නිස්‌කලංක පරිසරයක. අඩ අඳුර සුවදායි සුළඟ එහෙව් වටපිටාවක අපේ නඩයෙ සගයන්ගේ උස්‌හඬ වරින් වර පරිසරයේ නිහඬ බව බින්ද.

මොහොමඩ් අප අසලට පැමිණෙන්නේ එහෙම වටපිටාවක්‌ පවතින මොහොතක. මේ වෙද්දී මොහොමඩ් තමයි අප නවාතැන් ගත් ස්‌ථානයේ කාර්ය මණ්‌ඩල ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ. මොහොමඩ් අප අතරට පැමිණෙන්නේ රාත්‍රි ආහාරය සූදානම් කියල දැනුම්දීම පිණිස. ඒ වෙද්දී අපි හිටියේ නිනව්වක්‌ නැති වචන'තර පැටලිල. කලාව, ආදරය, විවාහය, දේශපාලනය, ඔය ආදී නොයෙක්‌ මාතෘකා හින්දා බඩගින්න පවා අප අතරින් පලාගොස්‌ සිටි මොහොතක මොහොමඩ්ගේ පැමිණීම අපේ සගයන්ගෙ වචන හරඹයට වැට බැන්ද.

බැලූ බැල්මට මොහොමඩ් තුළින් මතු වෙන්නේ ප්‍රසන්න පෙනුමක්‌. තවමත් තරුණයෙකුගේ පෙනුම සහිත දේහදාරී සිරුරක්‌ හිමි ඉතාමත් හොඳින් සිංහල කතා කළ හැකි මුස්‌ලිම් ජාතිකයෙක්‌ වන ඔහු තුළ කුමන හෝ විශේෂත්වයක්‌ පවතින බව මොහොමඩ් මතුපිටින් කියවන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කාරණයක්‌. ඔහු හෝටල් සේවකයෙක්‌ බවට පත්විය යුතු පුද්ගලයෙක්‌ නෙවෙයි කියල අපේ මාධ්‍ය සගයන්ට තේරුම් යැම තුළ තමයි මොහොමඩ් සහ අප අතර සංවාදයට පිවිසුම් දොරටුවක්‌ නිර්මාණය වෙන්නේ. 

ටික වේලාවක්‌ යද්දී හිස්‌ව තිබුණ මදු බඳුනක්‌ මොහොමඩ් නමින් පිරෙන්න ගත්ත. මඳක්‌ අදිමදි කිරීමෙන් අනතුරුව ඉතාමත් ආචාරශීලී අයුරින් අපේ ඇරැයුම පිළිගත් මොහොමඩ් මදින් මද මධු බඳුන හිස්‌කරන්න ගත්ත. රෑ අහසේ එල්ලීගත් අඩ සඳ මේ හැම දෙයක්‌ දෙසම හොරැහින් බලමින් සෙමින් සීරුවේ පල්ලම් බහින්න ගත්තා. අන්තිමට මොහොමඩ් සිය කැමැත්තෙන්ම තමන්ගේ කතාව මුල මැද අග නිවැරදිව ගලපන්න හරි බරි ගැහුණ.

"මම මේ කතාව කිව්ව කියල මට අලුතින් ලැබෙන දෙයක්‌වත් තවත් අහිමි වෙන්න දෙයක්‌වත් නැති විත්තිය ඇත්ත. ඒත් මගේ කතාව අහල කවුරුහරි එක්‌කෙනෙක්‌ හරි කැසිනෝ කියන කාලකන්නි සූදුවෙන් එහෙම නැත්නම් රාත්‍රි සමාජ ශාලා ජීවිතෙන් මිදෙනවනම් අඩුම තරමින් ඒවායෙන් ඈත්වෙන්න හරි උත්සාහයක්‌ දරනවනම් ඒක මට සැනසීමට කාරණයක්‌ වේවි".

මොහොමඩ් තමන්ගේ කතාව කියන්න ආරම්භය ගත්තේ ඒ විදිහට. මොහොමඩ්ගේ කතාව දිග හරින්න පෙර ඔහු ගැන යමක්‌ සඳහන් කර තැබීම මේ සටහන කියවන්නන්ගේ පහසුව පිණිස හේතු වෙන හින්ද පහතින් ලියවෙන්නෙ ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක්‌.

මොහොමඩ් උපදින්නේ මහනුවරට නුදුරු ඉසුරුමත් මුස්‌ලිම් ජාතික ව්‍යාපාරික යුවළකගෙ පුතෙක්‌ විදිහට. මොහොමඩ්ට සහෝදර සහෝදරියො අට දෙනෙක්‌ ඉන්නව. ඒ අය අදත් නුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් විදිහට ස්‌වර්ණාභරණ ව්‍යාපාරය ඇතුළු තවත් ව්‍යාපාර රැසක හිමිකරුවන් වෙමින් යහපත් ජීවිත ගත කරන පිරිසක්‌.

මොහොමඩ්ගේ ජීවිත කතාව මුළුමනින්ම කණපිට පෙරළෙන්නෙ "ආදර කතාවක්‌" මුල්කරගෙන. මොහොමඩ්ගේ නිවස ආසන්නයේ පිහිටි වෙනත් නිවසක ජීවත්වූ මුස්‌ලිම් යුවතියක්‌ සමග මොහොමඩ් ආදරයෙන් බැඳෙන්න ගන්නෙ පාසල් වියේදී. ගෙදරින් මොනතරම් බාධක එල්ල වුණත් ඒ කිසිවකින් මොහොමඩ්ව නතර කරන්න කිසිවෙකුට පුළුවන් වෙලා නැහැ. අදත් මොහොමඩ් කියන්නේ ඒක ආත්මීය බැඳීමක්‌ කියල. මේ වන විට පනස්‌ හැවිරිදි වියේ තනිකඩයෙක්‌ ලෙස හුදකලා ජීවිතයක්‌ ගතකරන මොහොමඩ් තමන්ට දුක වේදනාව පරාජය ගෙන දුන්න අතීතයටවත් ඒ අතීතයේ හිමිකාරියව සිටි තමන්ගේ පෙම්වතියටවත් සිතුවිල්ලකින් පවා අහිතක්‌ නොසිතන බව කියන්නෙ ඒ හින්ද වෙන්න ඇති.

"මගේ ආදර සම්බන්ධය නතර කරවන්න හිතාගෙන මාව නුවර ඉස්‌කෝලෙන් අස්‌කරල කොළඹ එවනව. මගේ තාත්තා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්‌ හින්ද අපිට කොළඹ හුඟක්‌ ඇඳුරුම්කම් තිබුණා. ඒ ඇවිත් මම කොළඹ සහිරා විදුහලට ඇතුළත් වෙනවා. එහෙම වුණා කියලා අපේ ආදරය අබමල් රේණුවකින්වත් වෙනස්‌ වෙන්නෙ නැහැ. මම යාළුවෙලා හිටිය ගෑනු ළමය හුඟාක්‌ දුප්පත් බව ඇත්ත. ඒත් මට ඒ දුප්පත්කම ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. ඔහොම අවුරුද්දක්‌ දෙකක්‌ යද්දී තමයි මට කොළඹ ඉහළම තැනක රස්‌සාවක්‌ ලැබෙන්නේ".

"ඔහොම ටික කාලයක්‌ ගතවෙද්දී මම කරන්නෙ යාළුවෙලා හිටිය ගෑනු ළමයට රස්‌සාවක්‌ අරන් දීපු එක. එයා අදත් බැංකුවක ඉහළ රස්‌සාවක්‌ කරන කෙනෙක්‌".

කෙමෙන් කෙමෙන් කාලය ගතවෙලා මැදියම් රැයත් උදාවෙන්න ආසන්නයි. මොහොමඩ්ට කාලය පිළිබඳ නිනව්වක්‌ නැති ගාණයි. ඔහු තමන්ගේ කතාව තවදුරටත් අපි ඉදිරියේ දිග හරිනවා.

ඔහොම කාලයක්‌ ගතවෙද්දී තමයි කොළඹදී මට විවිධ මට්‌ටමේ ඉන්න මිතුරන් රැසක්‌ ආශ්‍රය කරන්න අවස්‌ථාව ලැබෙන්නෙ. ඒ අතරේ ප්‍රකට ව්‍යාපාරිකයෝ රජයේ උසස්‌ නිලධාරීන් කලාකාරයෝ ඔය ආදී නොයෙක්‌ පුද්ගලයන් මගේ සමීප මිත්‍රයෝ වෙන්න ගන්නේ. ඔහොම ඉන්න අතරතුරේදී තමයි එක මුදලාලි කෙනෙක්‌ දවසක්‌ මට කතා කරල කිව්වේ මොහොමඩ් එන්න ඔයාට පාටියක්‌ දෙන්න ඕන කියල. එදා තමයි මම මුලින්ම කැසිනෝ ක්‌ලබ් එකකට ගිය දවස. ජීවිතේ මුල් වතාවට එදා මම කැසිනෝ ගහනව. රුපියල් එක්‌ලක්‍ෂ හැටදහසක්‌ එදා මම දිනනව. ඒ වෙනුවට මුලින් මගේ අතට ලැබුණේ ප්ලාස්‌ටික්‌ කෑලි වගයක්‌. මට මුකුත් හිතාගන්න බෑ. ඒ පාර එතන මැනේජර් වගේ හිටපු කෙනෙක්‌ගෙන් මම ඇහුව මේ මොනවද කියල. ඒ පාර එයා කිව්වා ඔය ටික ගිහින් කැෂියර් එකට දෙන්න එතනින් මුදල් ලැබෙයි කියල. එහෙමයි මම ඔය කාලකන්නි සූදුවට ඇබ්බැහි වෙන්නේ. එදා මම දිනපු මුදලින් වැඩි කොටසක්‌ එක එක්‌කෙනාට බෙදුව. තායි, රුසියන්, කෙල්ලො කීප දෙනෙක්‌ ක්‌ලබ් එකේ හිටපු හින්ද උන්ටත් අතදිග හැරල වියදම් කළා. අන්තිමට මම එදා රෑ නතර වුණේ ගෝල්ෆේස්‌ හෝටලේ කාමරේක. කොහොමහරි එදා ක්‌ලබ් එකේදී හඳුනා ගත්ත යාළුවෝ පහුවෙනිද ඉඳල මට නිතරම කතා කරනව. මොකද මම ඒ වෙද්දී රස්‌සාව කළේ ඉහළම තැනක. ලොකු ව්‍යාපාරිකයෝ රජයේ ඉහළම අය නිතරම යන එන තැනක්‌ හින්ද මට සමාජයේ ඉහළ පිළිගැනීමක්‌ ඒ වෙද්දී තියෙනවා. ඒ අයගේ යම් යම් වැඩ මම කරල දෙනව. ඒකට ඒ අය මට කරන උදව්ව තමයි පාටියක්‌ දෙන එක. ඔහොම ලංකාවේ තියෙන සියලුම ක්‌ලබ් ගාණේ හෝටල් ගාණේ රාත්‍රිය ගතකරන එක තමයි අවසානේ මගේ විනෝදාංශය වුණේ. ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරන්න ඕන තරම් යාළුවො හිටිය. ඒ කාලේ මොහොමඩ් කිව්ව නම් කොළඹ ඉහළම සමාජයේ මාව නොදන්න කෙනෙක්‌ නෑ".

"කොහොම හරි මේක මගේ ගෙදරට ආරංචි වුණාට පස්‌සේ මම කොළඹ ඉන්න එකට ඒ අය අකැමැති වෙනව. ඊට පස්‌සේ තමයි ටික දවසක්‌ යද්දී මම රස්‌සාවකට ජපන් යන්නේ. ඒ ගිහින් මම ටෝකියෝවල ලෝකයේම ප්‍රසිද්ධ කම්පැණියක රස්‌සාව කරනවා. මගේ හිතවත්කම් සම්බන්ධකම් උඩ මම ඒ රටේදී හොඳ පඩියක්‌ ගන්නව. එහෙම හොයන සල්ලිවලින් මම කරන්නේ ලංකාවේ ඉන්න මගේ යාළුවන්ට උදව් කරන එක. මොකද මම විශාල වශයෙන් මිතුරන් ඇසුරු කරපු කෙනෙක්‌. ඔහොම අවුරුදු පහක්‌ විතර ඉන්න කොට දවසක්‌ මගෙ යාළුවෙක්‌ කතා කරල කියනව "මොහොමඩ් උඹ පුළුවන් තරම් ඉක්‌මනට ලංකාවට වරෙන් කියල. ඒ මොකද කියල ඇහුවට යාළුව හරි උත්තරයක්‌ දුන්නේ නෑ. මම කරන්නෙ එදා හවසම ටිකට්‌ හදාගෙන පහුවෙනිදම ලංකාවට එනව. ඒ වෙද්දී ලංකාවේ ප්‍රසිද්ධම මාධ්‍යවේදියෙක්‌ ජපානයේ හිටිය. මම මිනිහටත් පුළුවන් තරම් උදව් කරල මගේ කාමරය පවා එයාට දීල තිබුණෙ. කොහොම හරි මම ලංකාවට එන්නෙ ලොකු මුදලක්‌ අරගෙන.

මොහොමඩ්ගේ ජීවිත ඉරණම වෙනස්‌ම ආකාරයකට පරිවර්තනය වී ඇත්තේ වසර 5 ක ඇවෑමෙන් අනතුරුව නැවත ඔහු ලංකාවට පය තැබූ පසුවය. පාසල් වියේ සිට අනේක බාධක කම්කටොළු මැද ඔහු විසින් රැකගත් "ප්‍රථම ප්‍රේමය" තමන්ට අහිමිවී ඇති බවත් ඇය වෙනත් කෙනෙකුගේ ලෝකයක හිමිකාරියක්‌ වී ඇති බවත් මොහොමඩ් හට අවබෝධ වන්නේ ලංකාවට පය තැබූ පසුවය.

මම ලංකාවට ඇවිත් ගෙදර ගියාට පස්‌සේ මගේ යාළුවො දෙන්නෙක්‌ ඇවිත් මට කිව්ව "උඹ ගණන්ගන්න එපා. ඕව ඔහොම තමයි කියල. මට මුලින් තේරුණේ නෑ මේ අය මොනවද කියන්නෙ කියල. මම මුලින් ඒ අය කියන දේවල් ගණන් ගත්තෙ නෑ. පස්‌සේ මගේ යාළුවෙක්‌ ඉන්නව එයා බුද්ධාගමේ රජයේ උසස්‌ නිලධාරියෙක්‌. එයා කිව්ව අපි කොළඹ යමු කියල. එහෙම කියල කොළඹ ඇවිත් තමයි මට කිව්වේ "උඹ යාළුවෙල හිටිය ගෑනු ළමය වෙන කෙනෙක්‌ව බැඳල ඉන්නෙ දැන් බබෙක්‌ හම්බ වෙන්නත් ළඟයි. ඒ දේවල් අමතක කරල දැන් ඉතිං අලුත් ජීවිතයක්‌ පටන් ගනින් කියල. ඒක මට දරාගන්න බැරිව යනව. මට සියලු දේවල් එපා වෙන්න ගන්නව.

"ඊට පස්‌සේ ඉඳල මගේ ජීවිතය වුණේ නයිට්‌ ක්‌ලබ් කැසිනෝ වගේ දේවල්. මට සල්ලි කියන දේ නෙල්ලි වගේ වුණා. මගේ උපන්ගම නුවර. ඒ පැත්ත පළාතක යන්න හිතදුන්නේ නෑ. කොළඹින් ගෙයක්‌ ගත්ත යාළුවෝ ඕන තරම් හිටිය. වාහන දෙක තුනක්‌ තිබුණා. ඒ මොනව තිබුණත් සතුට කියන දේ මගේ ළඟ එක මොහොතකවත් නතර වෙලා තිබුණේ නෑ. මට අවුරුදු 15 ක්‌ ආදරය කරපු මම මටත් වඩා ආදරය කරපු ගෑනු ළමය මට සියලු දේ අහිමිකරල වෙන කෙනෙකුට හිමිවෙලා කියල හිතෙන්න ගන්න හැම වාරයක්‌ පාසාම ඒ වේදනාව මකාගන්න මම විකල්ප හොයන්න ගත්ත".

ඉහළට ගත් හුස්‌මක්‌ සුසුමක්‌ කොට පිටකළ මොහොමඩ් මඳක්‌ නිහඬ විය. ඔහුගේ කට හඬෙහි කළ කිරීමක්‌ පසුතැවීමක්‌ විනා තමන් සතු අමිහිරි අතීතය පිළිබඳ වෛරීය හැඟීමක්‌ නොමැත්තේය.

ඊට පස්‌සේ තමයි මම කැසිනෝ කියන කාලකන්නි සූදුවේ ගිලිල නැත්තටම නැතිවෙන්න ගන්නේ. ඕනම කෝටිපතියෙක්‌ව හිඟන්නෙක්‌ කරවන්න කැසිනෝ වලට පුළුවන් කියල මම තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැම දෙයක්‌ම වෙලා ඉවරයි. හැබැයි ඔය සූදුවේ තියෙන රහස තමයි කෙනෙක්‌ පාරට වැටෙනකම් ඒකෙන් වෙන හානිය තමන්ට නොදැනෙන එක. මම මේව කියන්නෙ මගේ අත්දැකීමෙන්. මොකද දැන්වත් මට පුළුවන්නම් කැසිනෝවලට ඇබ්බැහි වෙච්ච එක මිනිහෙක්‌ව හරි ඒ පාපයෙන් මුදවන්න ඒක විශාල සමාජ මෙහෙවරක්‌ වේවි.

මම එක රෑට ලක්‍ෂ විස්‌ස තිහ කැසිනෝ ගහන්න පටන් ගන්නව. ඒ වෙද්දී නයිට්‌ ක්‌ලබ්, කැරෝකේ ඔය හැම තැනකම "මොහොමඩ්" කිව්වනම් නාඳුනන කෙනෙක්‌ නෑ. හවස්‌ වෙද්දී යාළුවෝ වැහි වැහැල වගේ. ලංකාවේ තියෙන සුපිරි හෝටල් සමාජ ශාලා ඔය හැම තැනම මට විශේෂ වටිනාකම් හිමිවෙනව. මට නම් කියන්න බෑ අද ලංකාවේ ඉන්න ලොකු ලොක්‌කො විශාල පිරිසක්‌ ඒ කාලේ මගේ සමීප මිත්‍රයෝ.

ඕනෑම සල්ලිකාරයෙක්‌ව හිඟන්නෙක්‌ බවට පත් කරන්න ඕන නම් ඒ මිනිහව කැසිනෝවලට හුරු කරහම ඒ තත්ත්වයට වැටෙනවා. මම දන්න විශාල පිරිසක්‌ ඒ තත්ත්වයට වැටිල තියෙනව. ඒ හින්ද මම හැම තිස්‌සෙම කියන්නෙ ඒ පව්කාර සූදුවට වැටෙන්න එපා කියන එක විතරයි. මේව කාගෙන්වත් අහගෙන මම කියන දේවල් නෙවෙයි. මම කැසිනෝ හින්ද කෝටි පහළොවක්‌ ඉවර කරපු මිනිහෙක්‌ හින්ද තව කෙනෙකුට හැදෙන්න නම් මාව ආදර්ශයට ගන්න කියන එක විතරයි මට කියන්න තියෙන්නේ".

"කෙනෙකුට හිතෙන්න පුළුවන් කෝටි පහළොවක්‌ එකපාර ඉවරකළේ කොහොමද කියල. ඒක එකපාර වෙන දෙයක්‌ නෙවෙයි. ක්‍රමයකට සිද්ධ වෙන දෙයක්‌. ඔය අතරේ එක්‌කෝටි තිස්‌ලක්‍ෂය මම දිනපු දවස්‌ තිබුණා. කොටින්ම කියනව නම් ඒ දවස්‌වල කැසිනෝ ගහන්න සතියට දවසක්‌ දෙකක්‌ මම පිටරට පවා යනව. දිනන දවස්‌ වගේම අතේ සතේ නැතුව ලංකාවට ආව දවස්‌ තිබුණා. එහෙම ජීවිතයක්‌ ගත කරපු ලංකාවේ එකම පුද්ගලය මම නෙමෙයි. මම දන්න කියන තවත් විශාල පිරිසක්‌ ඒ වෙද්දී මං වගේම ජිවිත ගත කරමින් තමයි කැසිනෝ කියන සූදුවේ යෙදිල හිටියේ. කාලයක්‌ ගතවෙද්දී තමයි දැනෙන්න ගත්තෙ සුරපුරක්‌ වගේ පේන ඒ අපායෙන් මට නැවත ගොඩයන්න බෑ කියල. අන්තිමට මගේ කොළඹ ගේ විකුණුවා. වාහන හතරක්‌ තිබුණ. ඒවත් විකුණුවා. වැටුණ වළෙන් ගොඩ එන්න හිතාගෙන ඒ මුදල්වලින් කළෙත් කැසිනෝ ගහන එක. මේ හැම දෙයක්‌ම වෙන්නෙ අනූව දශකයේ මැද භාගය වෙද්දී. කොහොමහරි අවුරුදු තුනක්‌ යද්දී මං අතේ සතයක්‌ නැති මිනිහෙක්‌ බවට පත්වෙන්නෙ මටවත් හිතාගන්න බැරි විදිහට.

90 දශකය පමණ වන විට කොළඹ පිහිටි ඉහළම සමාජ ශාලා අතර යාවජීව සාමාජිකයෙකු වෙමින් ඉහළම සමාජය තුළ සුපිරි ජීවිතයක්‌ ගත කළ මොහොමඩ් මේවන විට ඉතාමත් සරල හුදකලා ජීවිතයක හිමිකරුවෙක්‌ය. රජ, මැති ඇමැතිවරු ඇසුරේ පසුවූ ඔහු මේ වන විට ගත කරන ජිවිතය පිළිබඳ මා කළ විමසීමකට පිළිතුරු දෙමින් පවසා සිටියේ මෙවැන්නක්‌ය.

"මට මේ ජීවිතය හොඳයි. අදත් මගේ ගමට ගියොත් මට හොඳ ජීවිතයක්‌ ගත කරන්න පුළුවන්. ඒත් ඒ පරිසරයට ගියොත් ආපහු මගේ අතීතය මතුවෙන්න ගන්නව. කොළඹට ගියත් එහෙමයි. යාළුවො ඉන්නව ඒ අය මේ මෑතක්‌ වෙනකම් මට සල්ලි දෙන්න ඉන්න හිටින්න දෙන්න කතා කරනවා. ඒ කිසිදේකින් දැන් මට වැඩක්‌ නෑ මහත්තය. මම හොයපු මගේම සල්ලි කෝටි පහළොවක්‌ ඉවර කරපු මට දැන් සල්ලිවලින් වැඩක්‌ නැහැ. ඒ හැම දෙයක්‌ම මේ වන විට මං අමතක කරල ඉවරයි. මගේ කතාව කියල මම බලාපොරොත්තු වෙන්නෙ එක දෙයයි. මේක කියවල කවුරුහරි හැදෙනවනම් මට ඕන එච්චරයි මහත්තය".

මොහොමඩ් යනු දිනන්නට තිබූ ජීවිතයක්‌ අභියස පැරදුම වැළඳගත් මිනිසෙක්‌ය. එහි වරද සමාජය පිට පටවා නිර්දෝෂී වීමට ඔහු අදත් උත්සාහ දරන්නේ නැත. ඔහු පවසා සිටින්නේ සියල්ල තමන්ගේ කැමැත්ත පරිදි සිදුවූ බැවින් එයට "ජීවිතය" යෑයි කියා හිතාහදා ගැනීමට තමන්ට හැකියාව පවතින බවය.

රුවන් ජයවර්ධන
http://www.divaina.com/2017/03/26/feature09.html

ඒඩ්ස්‌ - අනතුරට නොවැටෙන්නට!!!

එච්.අයි.වී. ඒඩ්ස්‌ ගැන බියක්‌, චකිතයක්‌ මෙලෙස අපගේ රටේදීම ඇති වීම අතිශය සාධාරණ හා කාලෝචිතය. ඒ, එච්.අයි.වී. /ඒඩ්ස්‌ මර්දනයේ යහපත් ප්‍රතිඵල, දක්‌වන ලොව අන් බොහෝ රටවල් මෙන් නොව, වර්තමානයේ එච්.අයි.වී/ ඒඩ්ස්‌ වර්ධනයේ අයහපත් සළකුණු දක්‌වන රටවල් නවයට ශ්‍රීලංකාව ද ඇතූළත්ව ඇති හෙයිනි.

2016 දෙසැම්බර් අවසානය වන විට මෙතෙක්‌ ශ්‍රී ලංකාව තුළ වාර්තාගත වූ එච්.අයි.වී ආසාදිතයන්ගේ සඛ්‍යාව සටහන් වන්නේ 2557 ක්‌ වශයෙනි. ඒ 1640 ක්‌ වන පුරුෂයන්ද 917 ක්‌ වන කාන්තාවන්ද එකතුවය. මෙපිරිසෙන් 656 දෙනකු ඒඩ්ස්‌ රෝගී තත්ත්වයට පත්වන විට, ඒ අනුව ජීවිතයෙන් සමුගත් සංඛ්‍යාව දැක්‌වෙන්නේ 418 කිනි. මෙතෙක්‌ වාර්තා වී ඇති ළදරු ආසාදිතයන් සංඛ්‍යාවෙන් 80 කි.

2016 වසර තුළ අලුතින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 244 ක්‌ වන විට, 2015 වසර තුළ අදාළ සංඛ්‍යාව සටහන් වූයේ 234 කිනි. එක්‌ මසකදී අලුතින් එකතු වන ආසාදිතයන් සංඛ්‍යාව දළ වශයෙන් 20 ක්‌ පමණ වන විට , වාර්තා නොවන පිරිසක්‌ද ඇතුළත් වන්නේ ඇස්‌තමේන්තුගත දත්ත අතරටය. ඇස්‌තමේන්තුගත දත්ත අනුව දැක්‌වෙන්නේ ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී ආසාදිතව දැනට ජීවත් වන පිරිස සංඛ්‍යාවෙන් 4100 ක්‌ ලෙසටය.

2015 අවසානය වන විට, ලෝකයේ ජීවත්ව සිටි එච්.අයි.වී ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වූයේ මිලියන 36.7 කිනි. 2015 වසර තුළ අලුතින් ආසාදනයට ලක්‌ වූ පිරිස මිලියන 2.1 ක්‌ වන විට ඒඩ්ස්‌ තත්ත්වයට පත්ව මිය ගිය පිරිස සටහන් වූයේ මිලියන 1.1 ක්‌ ලෙසටය. ලෝකයේ එච්.අයි.වී ආසාදිතයන් සංඛ්‍යා ලේඛන අනුව උප සහරානු අප්‍රිකා රටවල් මිලියන 25.5 ක ආසාදිතයන් සංඛ්‍යාවක්‌ සමඟ පළමු තැනට පත්වන විට, ආසියා හා පැසිපික්‌ කලාපීය රටවල් දෙවන තැනට පත්වනනේ මිලියන 5.1 ක ආසාදිතයන් සංඛ්‍යාවක්‌ සහිතවය.

එච්.අයි.වී. ආසාදනය ද ඇතුළත් වන්නේ ලිංගාශ්‍රිත රෝග හෙවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කාණ්‌ඩයටය. වෙනත් ලිංගාශ්‍රිත රෝග මෙන්ම එච්.අයි.වී. ආසාදනය ද සිදුවන්නට ප්‍රධානව ඉඩ සැලසෙන්නේ ආසාදිත පුද්ගලයකු සමඟ වන අනාරක්‌ෂිත ලිංගික සබඳතාවය ය. ආසාදිත රුධිරය ශරීරගත වීම හා ආසාදිත මවකට ලැබෙන දරුවා ආසාදනයට ලක්‌වීම වයිරසය ලැබිය හැකි අනෙක්‌ ආකාරයන්ය.

රුධිර පාරවිලයනයකදී එච්.අයි.වී. ආසාදනයට ලක්‌වීමේ අවකාශය බෙහෙවින් විරලය. ඒ අදාළ රුධිර සාම්පලය සඳහා එච්.අයි.වී. රුධිර ප්‍රතිදේහ පරීක්‍ෂණය (HIV ANTIBODY TEST) අනිවාර්යයෙන් සිදුවන හෙයිනි. එච්.අයි.වී. රුධිර පරීක්‍ෂණයේදී සොයා බැලෙන්නේ, සිරුරට ඇතුළු වූ වයිරසය නිසා රුධිරයේ ඇති වන ප්‍රතිදේහ (ANTIBODIES) නම් කොටසය. එම ප්‍රතිදේහ අදාළ පරීක්‍ෂණයේදී පෙන්නුම් කළ හැකි තත්ත්වයට පත්වන්නේ වයිරසය ශරීරගත වී සති තුනක සිට මාස තුනක්‌ දක්‌වා වන කාලයකදීය. මෙම කාල සීමාව හඳුවන්වනු ලබන්නේ කවුළු සමය (WINDOW PERIOD) ලෙසිනි. රුධිර පාරවිලයනයකදී විරල සිදුවීමක්‌ ලෙස, කවුළු සමය තුළ පසුවන ආසාදිතයකුගේ රුධිරය භාවිතාවීමකදී එච්.අයි.වී. ආසාදනයකට ලක්‌වීමට ඉඩ ඇත.

ඖෂධ ශරීරගත කිරීමකදී හෝ පරීක්‍ෂණ සඳහා රුධිරය ලබා ගැනීමකදී භාවිතා වන එන්නත් කටු හා සිරින්ජර් එක්‌ වතාවක්‌ පමණක්‌ යොදා ගන්නා හෙයින්, එවැනි මාර්ගයකින් ආසාදනය ලැබීමේ අවකාශය අද විරලය. ශල්‍ය උපකරණ පවා තවත් රෝගියකු සඳහා යොදා ගැනේනේ නිසි ප්‍රමිතීන්ට අනුව සිදුවන ජීවානුහරණ ක්‍රියාවලියකින් අනතුරුවය. එහෙත්, මත්ද්‍රව්‍ය විදගන්නා පුද්ගලයන් අතර හවුලේ සිදුවන එන්නත් කටු, සිරින්ජර් භාවිතය එච්.අයි.වී. ආසාදනය ලැබෙන තවත් එක්‌ සැලකිය යුතු මාර්ගයක්‌ බවට පත්ව ඇත.

එච්.අයි.වී. ආසාදිත මවකට ලැබෙන දරුවා ආසාදනයට ලක්‌වීමේ අවදානම සටහන් වන්නේ සියයට 20 ත් 45 ත් අතර ප්‍රතිශතයකිනි. එලෙස දරුවා ආසාදනයට පත්වීම ගර්භණී අවස්‌ථාවේදී, ප්‍රසූතියේදී හෝ ප්‍රසූතියෙන් පසු මව්කිරි දීමේදී සිදුවිය හැකිය. එහෙත් ගර්භණී මවගේ ආසාදිත බව කලින් හඳුනා ගත් විටකදී, දරුවා ආසාදනය වීමේ අවදානම සියයට 8 ක අවම ප්‍රතිශතයක්‌ දක්‌වා අඩුකර ගැනීමේ හැකියාව පවතී. එවැනි අවස්‌ථාවකදී ඒ සඳහා මවට ප්‍රති වෛරස ඖෂධ සැපයීමත්, සිසේරියන් සැත්කමකින් දරු උපතට ඉඩ සැලසීමත්, උපතින් පළමු සති කිහිපය තුළ දී දරුවාටද ප්‍රතිවෛරස ඖෂධ සැපයීමත් සිදුවනු ඇත. ගර්භණී මාතෘ සායනයේදී සිදුවන වෙනත් රුධිර පරීක්‍ෂණ සඳහා යොදා ගන්නා රුධිර සාම්පලයෙන්ම, එච්.අයි.වී. රුධිර පරීක්‍ෂාවද සිදුකොට ගැනීමට සැකයක්‌ ඇති විටෙකදී සිය කැමැත්ත ලබාදීම වැදගත් වන්නේ එහෙයිනි.

වයිරස බහුල වශයෙන් පවතින්නේ, එච්.අයි.වී. ආසාදිතයකුගේ ලිංගික තරලයේ සහ රුධිරයේය. ඒ හැරෙන්නට ආසාදිත මවකගේ මව්කිරිවලද වයිරසය සුළු ප්‍රමාණයකින් පැවතිය හැකිය. ආසාදනයක්‌ සිදු විය හැකි ප්‍රමාණයකින් ෙ€ටයෙහි වයිරසය නොපවතින හෙයින් සිප ගැනීමකින් ආසාදනය ලැබීමේ ඉඩක්‌ නැත. වයිරසය බාහිර පරිසරයට නිරාවරණය වීමකදී ක්‍ෂණිකව විනාශ වන්නේ, මිනිස්‌ සිරුරෙන් බැහැරව එහි ජීවී ස්‌වභාවය නොපැවතෙන හෙයිනි. මදුරුවන් ඇතුළු වෙනත් සත්වයන්ගේ සිරුරු තුළ පවා මේ වයිරසයට ජීවී ස්‌වභාවයෙන් පැවතිය නොහැකි හෙයින්, රෝගය මදුරුවන් මඟින් පැතිරීමේ අවකාශයක්‌ ද නැත. ස්‌පර්ශයෙන්, පොදු පහසුකම් පරිහරණයෙන් හෝ වෙනත් සමීප ඇසුරකින් එච්. අයි. වී. ආසාදනයක්‌ සිදුවීමේ කිසිදු හැකියාවක්‌ද නොපවතී.

වයිරසය සිරුරට ඇතුළු වූ පුද්ගලයකු හැඳින්වෙන්නේ එච්.අයි.වී ආසාදිතයකු ලෙසිනි. එච්.අයි. වී. ආසාදනයේ අවසාන ප්‍රතිඵලය වන්නේ 'ඒඩ්ස්‌' රෝගී තත්ත්වයයි. ආසාදිතයාගේ සිරුරේ ප්‍රතිශක්‌තිය හෙවත් වෙනත් රෝගවලට ඔරොත්තු දීමේ ශක්‌තිය ක්‍රමයෙන් අඩුවීමට අනුව 'ඒඩ්ස්‌ ' තත්ත්වයට ළඟාවීම සිදුවනු ඇත. පුද්ගලයකුගේ සිරුරෙහි ප්‍රතිශක්‌තිය පවත්වා ගැනීමේ කාර්යයේදී රුධිර වසා සෛල (LYMPHOCYTES) අත්‍යවශ්‍යය. එච්. අයි. වී. ආසාදනයකදී රුධිර වසා සෛල ක්‍රමයෙන් විනාශයට පත්වන්නේ, ඒ තුළ වයිරසය වර්ධනය වීමට අනුවය. එච්. අයි. වී. ආසාදිතයකු ඒඩ්ස්‌ තත්ත්වයට පත්වීම සඳහා ගත වන කාලය සාමාන්‍යයෙන් වසර 8 ත් 10 ත් අතර විය හැකි මුත්, පුද්ගලයාගෙන් පුද්ගලයාට අදාළ කාල පරාසයන් වෙනස්‌ වීමේ අවකාශයද ඇත.

වයිරසය ශරීරගත වී සති 2 ත් 4 ත් අතර දක්‌වා වන කාලයකින් පසුව එළඹෙන්නේ එච්. අයි. වී. ප්‍රාථමික අවස්‌ථාවය. (PRIMARY HIV INFECTION) එහිදී ඇති විය හැක්‌කේ හිසරදය, උණ, ශාරීරික වේදනාව, සමෙහි දද, කැස්‌ස, වසා ගැටිති ඉදීමීම හෙවත් කුද්දෙටි ඇති වීම, කෑම අරුචිය, වමනය හා පාචනය වැනි රෝග ලක්‌ෂණයන්ය. තවත් සති දෙකක පමණ කාලයකදී මෙම රෝග ලක්‌ෂණ ඉවත්ව යැම සාමාන්‍ය ස්‌වභාවයය.

එච්. අයි. වී. ආසාදනයේ දෙවැනි අවස්‌ථාව වන්නේ, ප්‍රතිශක්‌තිය අඩුවීමේ ආරම්භක අවදියය. (EARLY IMMUNE DEPLETION)) එහිදී සිදුවන්නේ, යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන අතරතුරදී, සුළු අසනීප තත්ත්වයන් විටින් විට හට ගැනීමය. සිරුරෙහි විවිධ ස්‌ථානයන්හි වසා ගැටිති ඉදිමීමද මෙම අවදිය තුළ සිදු විය හැකිය.

ඉන් අනතුරුව එළඹෙන්නේ ප්‍රතිශක්‌තිය අඩුවීමේ අතරමැදි අවදියය.

(INTERMEDIATE IMMUNE DEPLETION)) සිරුරෙහි ප්‍රතිශක්‌තිය සැලකිය යුතු පමණකින් අඩුවීමේ ප්‍රතිඵලය ලෙස විවිධ රෝගකාරක ආසාදනයන්ට ලක්‌වීම එහිදී සිදුවනු ඇත. උණ, සිරුරෙහි බර අඩුවීම, සමෙහි ඇතිවන විවිධ ආසාදන හෝ කැපොසි සාර්කෝමා (CAPOSI SARCOMA) නම් පිළිකා තත්ත්වයන්, මුඛයෙහි ඇතිවන දිලීර හා වයිරස්‌ ආසාදන, ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව හට ගන්නා විවිධ ආසාදන එහිදී දැකිය හැකි තත්ත්වයන්ය.

ප්‍රතිශක්‌තිය විශාල ලෙස අඩුවීමේ අවදිය ලෙස හැඳින්වෙන 'ඒඩ්ස්‌' රෝගී තත්ත්වය එච්.අයි.වී. ආසාදනයේ අවසාන අවස්‌ථාවය. විවිධ රෝගකාරක ආසාදනයන්ට පහසුවෙන් ලක්‌ වන මෙම අවදිය තුළදී, සිරුරෙහි බර විශාල ලෙස අඩුවීම, මසකට වැඩි කාලයක්‌ පැවතිය හැකි උණ හෝ පාචනය, පෙනහලු හැරුණු කොට සිරුරෙහි විවිධ ඉන්ද්‍රියයන් හා පද්ධතීන්ට පැතිරුණු ක්‍ෂය රෝගය, අසාමාන්‍ය නියුමෝනියා රෝග තත්ත්ව, අන්නස්‍රෝතය හෙවත් ගලනාලය දක්‌වා පැතිරුණු කැන්ඩිඩා දිලීර ආසාදන, මධ්‍ය ස්‌නායු පද්ධතියෙහි විවිධ ආසාදන හෝ කලකට ඉහතදී ශරීරගත වූ පැපොල වයිරසය නැවත ක්‍රියාකාරී වීමෙන් සිරුරේ ඇතැම් ස්‌ථානවල හටගන්නා 'හර්පීස්‌ සොස්‌ටර්'  නම් ආසාදන තත්ත්වයන් ඇති විය හැකිය.

එච්. අයි. වී. ආසාදිතයකු සඳහා සැපයෙන ප්‍රතිකාරයේ ඉලක්‌කය වනුයේ, ඒඩ්ස්‌ රෝගී තත්ත්වයට ලක්‌වීමේ අවස්‌ථාව පමා කිරීමය. ආසාදිතයන් නියමිත කාල සීමාවන් තුළදී පරීක්‍ෂාවට ලක්‌ කිරීමත්, හට ගැනීමට අවකාශය ඇති වෙනත් ආසාදන තත්ත්වයන් ඒ අනුව වළක්‌වාළීමත් එහිදී සිදුවනු ඇත. 

එච්. අයි. වී. ආසාදනයක්‌ සම්පූර්ණව හෙවත් නිට්‌ටාවට සුව කළ හැකි ඖෂධයක්‌ මෙතෙක්‌ සොයා ගෙන නොමැත. දැනට භාවිතයෙහි පවතින ප්‍රතිවෛරස ඖෂධ (Anti Retroviral Drugs) මඟින් සිදුවනුයේ එච්. අයි. වී. ආසාදිතයකුගේ රුධිරයේ ඇති වන වයිරස සංඛ්‍යාව අවම අගයක පවත්වා ගැනීමයි. එලෙස ප්‍රති වෛරස ලබා දිය යුතු අවස්‌ථාව තීරණය වනුයේ, ආසාදිතයකුගේ ප්‍රතිශක්‌තිය පිළිබඳ තත්ත්වයන් සොයා බැලෙන CD 4 සෛල සංඛ්‍යාව (CD 4 CELL COUNT) හෝ වයිරස ප්‍රමාණය (VIRAL LOAD) යන විශේෂිත පරීක්‍ෂණයන්හි දැක්‌වෙන අගයයන් අනුවය. 

එච්. අයි. වී. ආසාදනයට ලක්‌ වූ අවස්‌ථාවක, 'ඒඩ්ස්‌' රෝගී තත්ත්වයට පත්වීම හැකිතාක්‌ පමා කොට ගැනිමේදී අවශ්‍ය වන්නේ, නිසි පරිදි මනසටද, සිරුරටද, ලැබිය යුතු ප්‍රතිකාරය හා උපකාරයය. සිය ජීවිතයේ අපේක්‍ෂිත සැලසුම් යම් පමණකින් හෝ අවසන් කර ගැනීමට ඒ ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍යය. එහෙත්, සියල්ලන්ටත්, විශේෂිතව තරුණ පෙළටත් වඩාත් වැදගත් වන්නේ, මේ අනතුරුදායක පරිසරයේදී වුවද එච්. අයි. වී. ආසාදනයකට ලක්‌ නොවී, අපේක්‍ෂිත සැලසුම් නිසි පරිදි ඉටුකර ගනිමින් ජීවිතය යහපත්ව ගොඩනඟා ගැනීමය. එහිදී, පවතින අනතුර පිළිබඳ නිවැරදි දැනුම පමණක්‌ නොව අනතුරේ නොවැටෙන්නට ඒ දැනුම භාවිතයෙන් විය යුතු ආකල්ප වර්ධනයද කාලීන වුවමනාවන්ය.

1981 දී ලෝකය හඳුනා ගත් මේ අනතුර, 1986 දී ශ්‍රී ලංකාවටද සපැමිණ මේ වන විට විසිඅට වසරකි. එතෙක්‌ මෙතෙක්‌ එච්. අයි. වී. ආසාදනය සම්බන්ධයෙන් රට තුළ ඇති වූ වෙනස්‌කම් රැසකි. ඒ අනුව, ආසාදනය මෙරටට පිවිසි අවදිය තුළදී අලුතින් ආසාදනයට පත් පිරිසෙන් වැඩි ප්‍රතිශතය මැදිවියට හිමි වූ නමුත් අද එහි වැඩි ප්‍රතිශතයකට හිමිකම් දක්‌වන්නේ වයසින් අවුරුදු 25 ත් 29 ත් අතර තාරුණ්‍යය. එදා විදේශයට ගොස්‌ ගෙන ආ ආසාදනය වෙනුවට මෙදා නොඅඩුව වාර්තා වන්නේ අති පහසුවෙන් සිය දේශයේදීම ලක්‌වන ආසාදනයය.

එච්. අයි. වී. ආසාදිතයෙක්‌ දුටු පමණින් හඳුනා ගැනීමේ හැකියාවක්‌ ද නැත. වයිරසය ශරීරගතව වසර කිහිපයක්‌ යන තෙක්‌ කිසිදු රෝග ලක්‌ෂණයක්‌ බැහැරට ප්‍රකාශ නොවීමේ ස්‌වභාවයට අනුව, හදිසි ලිංගික සබඳතාවයකදී කිසිවකුට සිය සහකරු හෝ සහකාරිය ලෙස එච්. අයි. වී. ආසාදිතයකු හමුවීමේ සම්භාවිතායකට ලැබෙන්නේ පහළම අගයක්‌ නොවේ.

ජීවිතය කඩා නොවැටෙන්නට, මේ අහිතකර වටපිටාව පිළිබඳ ඇත්ත කතාව, නිතිපතාම සිතින් විමසා හරි හැටි කියවා බැලීම අවශ්‍යය. එසේ වන්නේ නම්, අහිතකර වටපිටාවේදී වුවද හිතකරව ජීවත්වීමට ලැබෙන අවකාශය අතිශයින් ප්‍රමාණවත්ය. 

වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චි
http://www.divaina.com/2017/03/26/feature04.html

පාලකයන් බලා සිටින්නේ ස්ත්‍රී දූෂණයක් සිදු වනතුරුද? බිග් මැච් නමින් අසූචි නෑ මහානාම මදාවියෝ!

"රන් මහ සටන" ලෙස විරුදාවලිය ලත් කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට්‌ තරගය (බිග් මැච්) පසුගිය විසිහතර සහ විසිපස්‌ වැනිදා (24 - 25) පැවැත්විණි. එයට සමගාමීව මහානාම විදුහලේ සිසුන් සහ ආදි සිසුන් පා ගමනක්‌ සංවිධානය කර තිබුණි. ඒ සඳහා ඩී. එස්‌. සේනානායක විදුහලේ සහ තවත් පිරිමි පාසල් කිහිපයක සිසුන්ගේ සහයෝගයද ලැබුණහ.

සංවිධානය කරගත් පරිදි පසුගිය විසිඑක්‌ වැනිදා (21 දා) පා ගමනට සහභාගි වීම සඳහා මහානාම විදුහලේ සහ වෙනත් පිරිමි පාසල් කිහිපයක සිසුහු සහ ආදි සිසුහු විශාල පිරිසක්‌ එක්‌ රොක්‌වී සිටියහ. ඒ අතර විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පවා භාවිතා කළ අයද සිටියහ. 

උදෑසන නමයට පමණ පා ගමන ආරම්භ විය. එය තුළ අලංකාරව සැරසූ රථවාහන, වාදක කණ්‌ඩායම්, විවිධ ඇඳුම්වලින් සැරසුණ පාසල් සිසුන්, පාසල් කොඩි ආදී නොයෙක්‌ දෑ දක්‌නට ලැබුණි. පාසල් සිසුහු සහ ආදි සිසුහු පන්සීයකට අධික සංඛ්‍යාවක්‌ එයට සහභාගි වූහ.

ගීත ගයමින්, තාලයට නටමින්, විවිධ සටන් පාඨ ආදිය කියමින් එම පිරිස පා ගමනේ නිරත වූහ. වේලාව පෙරවරු එකොළහ පසුවී තිබුණි. ඒ වන විට පා ගමනේ නිරත වූවෝ බොරැල්ල කිංසි පාරේ පිහිටි යශෝධරා බාලිකා විදුහලට නුදුරින් ගමන් කළහ. 

දශකයකට ආසන්න කාලයක "බිග් මැච්" සමයේ දී කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසල්වල සමහර සිසුන්ට කාන්තා පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමේ රෝගයක්‌ වැළඳේ. මෑතකාලීනව එය තව තවත් උග්‍රවී ඇති බවක්‌ පෙනෙන්නට තිබේ.

යශෝධරා බාලිකා විදුහල ආසන්නයේ දී කොළඹ මහානාමයේ සමහර සිසුන්ටද ක්‍ෂණිකව එම රෝගය වැළඳුණි. වහාම ඔවුහු එම බාලිකා විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීමට තීරණය කළහ. මත්ද්‍රව්‍යවලින් මත්වී සිටි සමහර සිසුහු එයට තව තවත් උල්පන්දම් දුන්හ. 

පළමුව මහානාමයේ පා ගමනට සහභාගි වූ සිසුහු පිරිසක්‌ එම බාලිකා විදුහල වටා ගමන් කරමින් සම්පූර්ණ පාසලම වීඩියෝ කළහ. තවත් සමහරු විදුහලේ ආරක්‍ෂිත බැම්මෙන් එබී පාසල ඇතුළත විපරම් කළහ. තවත් පිරිසක්‌ පැවසුවේ විවේක කාලය ලබාදී නොතිබුණත් සමහර ශිෂ්‍යාවෝ පාසල් භූමියේ රැඳී සිටින බවයි. 

තවත් විපරම් කරන්නට දෙයක්‌ නොමැති බවත්, වහාම බාලිකා පාසලට ඇතුළුවිය යුතු බවත් මහානාමයේ පා ගමනට සහභාගි වූ සිසුහු තීරණය කළහ. මත්පැන් පවා පානය කරමින් සිටි සමහරු ගාල කඩාගත් හරක්‌ රැළක්‌ සේ ආරක්‌ෂිත බැම්මෙන් බාලිකා පාසල තුළට පැන ගත්හ. 

එක්‌වරම අනපේක්‍ෂිත ලෙස පාට ඇඳුමින් සැරසී පාසල තුළට ඇතුළු වූ සිසුන් දැකීමෙන් එම විදුහලේ ශිෂ්‍යාවෝ මෙන්ම ගුරුවරුද භීතියට පත්වූහ. මහානාමයේ එම සිසුහු විවිධ වචන පවසමින් යශෝධරා බාලිකාව තුළ ගාල කඩාගත් හරක්‌ රැළක්‌ සේ දුව පැන්නාහ. එයින් බියට පත්වූ සමහර ශිෂ්‍යාවෝ පංති කාමර තුළ සැඟවී සිටියේ කුමකින් කුමක්‌ සිදුවේ දැයි නොදන්නා නිසාය. 

යශෝධරා බාලිකාවේ ගුරුවරු වහාම මෙම ක්‍රියාව පාලනය කිරීමට උත්සාහ කළහ. එහෙත් එම හරක්‌ රැළ එක්‌වරම පාලනය කරගැනීමට ඔවුනට නොහැකි වූහ. ඒ අතරතුර ඔවුහු එම විදුහලේ ගුරුවරුන්ට සහ ආරක්‌ෂක අංශයේ නිලධාරීන්ටද පහර දුන්හ. අවසානයේ මහත් පරිශ්‍රමයක්‌ දරා එම කකුල් දෙකේ හරක්‌ රැළ විදුහල් භූමියෙන් පන්නා දැමීමට ඔවුහු සමත් වූහ.

බලහත්කාරයෙන් පාසල් භූමියට ඇතුළු වූ මහනාමයේ සිසුන් දෙදෙනකු අල්ලා ගැනීමටද ගුරුවරු සහ එම පිරිස සමත් වූහ. එක්‌ සිසුවෙකු අල්ලාගෙන තිබුණේ යශෝධරා බාලිකාවට පැමිණෙන සිසුවියකගේ පියෙකු විසිනි. එම සිසුවා අල්ලාගත් අවස්‌ථාවේ ඔහු එම පුද්ගලයාගේ අත සපා කා තුවාල සිදුකර තිබුණි. එම සිසුවාගේ යහළුවෝ පුටුවලින් පවා පහර දුන්නේ තම යහළුවා බේරා ගැනීම සඳහාය. එහෙත් ඔහු එම පාසල් සිසුවා නිදහස්‌ නොකළේය. අවසානයේ එම සිසුවා විදුහල්පතිතුමියගේ කාර්යාලයේ රඳවා ගත්තේය. 

එළිමහනේ රඳවා සිටි සිසුවා කෙරෙන් දිස්‌වූයේ මැරයකුගේ පෙනුමකි. රස්‌තියාදු කාරයකු මෙන් කොණ්‌ඩය කපා තිබූ ඔහුගේ කරේ සහ අතේ යකඩ මාල පවා දමා තිබුණි. 

බාලිකා විදුහලෙන් එළියට පන්නා දැමූ කකුල් දෙකේ හරක්‌ රැළ එම විදුහල ඉදිරිපිට රැඳී සිටිමින් යළි කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ. රඳවාගෙන සිටින තම පාසල් සිසුන් දෙදෙනා නිදහස්‌ කරන ලෙසත්, එසේ නොකළහොත් යළි පාසලට ඇතුළුවන බව පවසමින් කෑගැසූහ. එහෙත් යශෝධරා විදුහලේ ගුරුවරු පාසලේ ප්‍රධාන දොරටුව වසා දමා එම සිසුන් දෙදෙනා තවදුරටත් රඳවාගෙන සිටියහ. 

ගතවූයේ නිමේෂයකි. එළියේ සිටි හරක්‌ රැළ යළි කුලප්පු වූහ. ගල් මුල්වලින් බාලිකා විදුහලට ප්‍රහාර එල්ල කළේය. විදුහල ඉදිරිපිට ආරක්‌ෂිත කුටියේ වීදුරු පවා කුඩු කරමින් පාසලට ඇතුළු වීමට උත්සාහ කළහ. ප්‍රධාන දොරටුවට ගසමින් එය කඩා දැමීමටද සැරසුණහ. එන්න එන්නම තත්ත්වය දරුණු විය.

බාලිකා පාසල තුළ පොලිස්‌ නිලධාරියකුද රැඳී සිටියේය. ඔහු ප්‍රධාන දොරටුව අසළට ගොස්‌ සිසුන්ට සන්සුන්ව හැසිරෙන්න යෑයි නියෝග කළේය. එහෙත් කකුල් දෙකේ හරක්‌ රැළ එම නියෝගය තඹ සතේකටවත් මායිම් නොකළ අතර දිගින් දිගටම ගල්මුල් ප්‍රහාර එල්ල කළහ.

අවසානයේ එම පොලිස්‌ නිලධාරියා ප්‍රධාන දොරටුව සම්පූර්ණයෙන්ම විවෘත කළේය. එය අවස්‌ථාවක්‌ කරගත් කකුල් දෙකේ හරක්‌ රැළ යළිත් පොලු මුගුරු පවා රැගෙන බලහත්කාරයෙන් බාලිකා විදුහලට ඇතුළු වූහ.

පළමුව එම කකුල් දෙකේ හරක්‌ රැළ රඳවාගෙන සිටි තම රැහේ එකාව නිදහස්‌ කර ගත්තේ ගුරුවරු කිහිප දෙනකුට ප්‍රහාර එල්ල කරමිනි. එක්‌ ගුරුවරයකුට බිම පෙරළාගෙන පහරදීමට තරම් ඔවුහු අමානුෂික වූහ. ඒ සමඟම තවත් පිරිසක්‌ පාසල් ගොඩනැඟිලිවලට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් අලාභ හානි සිදුකර පළාගියේය. 

රඳවාගත් අනික්‌ සිසුවා කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් කළ අතර ඔහු මහානාම විදුහලේ උසස්‌ පෙළ පන්තියක අධ්‍යාපනය හදාරන අයකු බව අනාවරණය විය. යශෝධරා විදුහලට අයුතු ලෙස ඇතුළුවීම, ආරක්‌ෂක අංශයේ මුර කුටියට අලාභහානි සිදු කිරීම, ගුරුවරු දෙදෙනකුට සහ කාර්යාල සහායකයකුට පහරදීමේ චෝදනා යටතේ එම සිසුවාව අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්‌ත්‍රාත්වරයා මෙම මස තිස්‌වැනි දින දක්‌වා ඔහු පරිවාස කාර්යාලයක රඳවා තබන ලෙස නියෝග කළේය. 

යශෝධරා බාලිකා විදුහලට පැන ගුරුවරුන්ට පවා පහරදී යකා නැටූ එම කකුල්දෙකේ හරක්‌ රැළ එතැනින් නොනැවතී යළි කොළඹ මියුසියස්‌ බාලිකා විදුහලටද බලහත්කාරයෙන් ඇතුළු වූහ.

මෙම සිද්ධීන් දෙක වාර්තා වීමත් සමඟ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බාලිකා විදුහල්වලට පොලිස්‌ ආරක්‌ෂාව ලබාදී තිබුණි. 

මෑත කාලීනව සිට පාසල් ක්‍රිකට්‌ සමය තුළ මෙවැනි සිද්ධීන් අනන්තවත් වාර්තා වේ. එම නිසා ශිෂ්ට සම්පන්න සමාජයක්‌ විසින් පිළිනොගන්නා මෙවැනි ක්‍රියා (විශේෂයෙන්ම පාසල් සිසුන් අතින්) යළි සිදු නොවන ආකාරයේ විධිමත් වැඩ පිළිවෙළක්‌ වගකිව යුතු නිලධාරීහු විසින් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවුණහොත් මෙවැනි පාසල් සිසුහු සමාජගත වන්නේ අනෙක්‌ මිනිසුන්ට කරදරයක්‌ වන අයුරින්ය.

ගයාන් සමරසිංහ
http://www.divaina.com/2017/03/26/feature35.html

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිහ හඬ අවධි කළ හෙළ විරුවා රියර් අද්මිරාල් සරත් වීරසේකර!

රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති හොර සංවිධානයේ මාධ්‍ය ඇමැති යෑයි හඳුන්වා ගත් මානිවන්නන් තක්‌කඩියෙකි. විදේශ ඇමැති මංගල සමරවීර මානව හිමිකම් සමුළුවේ දේශනය පවත්වා ශාලාවෙන් නික්‌ම යන අවස්‌ථාවේ මානිවන්නන් "බොරුකාරයා" යෑයි කෑගැසීය.

එහෙත් මේ කොටි හිතවාදියාට පසුගිය සඳුදා රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිසි ප්‍රතිචාරය ලැබිණ. සරත් වීරසේකර මානව හිමිකම් කවුන්සිලයේ සාමාන්‍ය රැස්‌වීමකදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවූ චෝදනාවලට ප්‍රතිචාර දැක්‌වීමෙන් පසු මානිවන්නන් කෝපයට පත් විය.

මොහු යුද අපරාධකරුවෙක්‌. ස්‌විස්‌ ආණ්‌ඩුව මොහුට මෙම කවුන්සිලයට ඒමට ඉඩ දුන්නේ කොහොමද? මොහු අත්අඩංගුවට ගත යුතුයි. ද්‍රවිඩයන් 300000 ක්‌ මරලා තියෙනවා යෑයි මානිවන්නන් ඝෝෂා කළේය.

මේ අවස්‌ථාවේ ශාලාවේ සිටි ඊළාම්වාදීහු සරත් වීරසේකර නිහඬව සිටිනු ඇතැයි අපේක්‍ෂා කළහ.

එහෙත් රියර් අද්මිරාල්වරයා අභීත රණවිරුවකු ලෙස මානිවන්නන් කොටියාට ප්‍රතිචාර දැක්‌වීය.

"අපි බිම්බෝම්බ ලක්‍ෂ ගණනක්‌ ඉවත් කරන විට නුඹ හිටියේ කොහේද? මම උතුරේදී ද්‍රවිඩ කාන්තාවන්ට ලේ ලබාදී තිබෙනවා. ද්‍රවිඩ අහිංසකයන් කොටින්ගෙන් පහර කනවිට නුඹලා පැත්තකවත් හිටියේ නැහැ. උඹලා යුද අපරාධකරුවෝ. ඒ වාගේම බොරුකාරයෝ යෑයි රියර් අද්මිරාල්වරයා උස්‌ හඬින් වේගවත්ව කීවේය. මේ අවස්‌ථාවට පාක්‍යසෝති සරවනමුත්තු, නිමල්කා ප්‍රනාන්දු, ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් හිටපු ද්‍රවිඩ සංධාන මන්ත්‍රී ජෙයනදමුර්ති නිහඬව සිටියේය. සරත් වීරසේකර මහතා මානිවන්නන් කොටියාට දොස්‌ නඟන අයුරු කොළඹ ද්‍රවිඩ පුවත්පතකින් පැමිණි අයෙක්‌ වීඩියෝ ගත කරන අයුරු මා හට දැකගත හැකි විය.

මෙම ශාලාවේ පැවැති සමගාමී රැස්‌වීම ඊළාම් ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් විසින් පවත්වනු ලැබීය. ශාලාවේ සිටි සරත් වීරසේකර සහ මා හැරුණු විට අනිත් පිරිස ඊළම්වාදීන් විය. මේ ගැටුම ඇතිවන අවස්‌ථාවේ අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිදු නිලධාරියෙක්‌ එහි සිටියේ නැත. අඩු වශයෙන් සරත් වීරසේකර මහතා අමතා සිදුවූයේ කුමක්‌දැයි විමසීමට පවා ඉදිරිපත් වූයේ නැත.

එහෙත් අපි දෙදෙනාම කොටින්ගෙන් පිරි ශාලාවේ අසුන් ගෙන සිටියෙමු. මන්නාරමෙන් පැමිණි සෙන්වාලෙයි පියනම ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යා යුතු බව ද ඉල්ලා සිටියේය.

එසේම අවසාන මොහොත දක්‌වාම සරත් වීරසේකර මානව හිමිකම් සමුළුව ඇමතීම වැළැක්‌වීමට කොටි උත්සාහ කළත් එම උත්සාහය ව්‍යර්ථ විය. ඉතිහාසයේ මුල්වරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානියකු මානව හිමිකම් සමුළුව අමතමින් කොටි සතුරා ගැන වාර්තාවක්‌ කියවීය. මේ අවස්‌ථාවේ ඉන්දීය නිලධාරීන් දෙදෙනෙක්‌ වීරසේකර මහතා කොටි අපරාධ ගැන හෙළි කිරීම ගැන ප්‍රසාදය පළ කරනු ලැබීය. අපේ විදේශ ඇමැති මංගල සමරවීර පවා කොටි ගැන වචනයක්‌වත් පැවසුවේ නැත. මෙය ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමකි.

රියර් අද්මිරාල්වරයා මානව හිමිකම් කවුන්සිලයට පැමිණෙන්නේ නැති බව ඊළාම් ක්‍රියාකාරීහු විශ්වාස කළහ. එහෙත් ඒ බලාපොරොත්තු ව්‍යර්ථ විය.

කොටි සංවිධානය භික්‍ෂූන්වහන්සේලා, මුස්‌ලිම් බැතිමතුන් සහ බෞද්ධ බැතිමතුන් අමු අමුවේ ඝාතනය කළා යෑයි වීරසේකර මහතා මානව හිමිකම් සමුළුව අමතමින් කියා සිටියේය. 

එවන් ප්‍රකාශයක්‌ මින් පෙර ප්‍රකාශ කර නැත. සරත් වීරසේකරගෙන් පසු උග්‍ර කොටි විරෝධී ජෙගන් මානව හිමිකම් සමුළුව ඇමතුවේය.

ඔහු ත්‍රස්‌තවාදීන් යනු ත්‍රස්‌තවාදීන්ම බව සමුළුව හමුවේ කියා සිටියේය.

http://www.divaina.com/2017/03/26/feature29.html

Pic Source

අවසරයි අපේ නායක හාමුදුරුවනේ,

විහාරාධිපති පදවි පත්කිරීම්, පළාත් නායක පදවි පත්කිරීම්, පත්කළ නායක පදවි ස`දහා සන්නස්‌ ලබාදීම්, දෙස්‌ විදෙස්‌ අමුත්තන්ගේ පලතුරු වට්‌ටි පිළිගැනීම් එමට ඇති මේ කාලවකවානුව අපට හරිම කාර්ය බහුලයි. මගේ සූදානම ඔබ වහන්සේලාට ගතුවක්‌ එහෙම කියන්නටම නොවෙයි. කොසොල් රජ්ජුරුවන් දැකපු සිහිනවලට වඩා අරුම පුදුම දේවල් මේ දවස්‌වල ලංකාවේ සිදුවෙනවා. සුඛෝපභෝගි හිරගෙවල් ඉදිවෙනවා. මහා භාණ්‌ඩාගාරයේ හොරකම් සිදුවෙනවා. පාසල් ආපනශාලාවල කසිප්පු පෙරනවා. පාසල් ළමා ප්‍රජාව ඒඩ්ස්‌ රෝගයෙන් පෙළෙනවා, උද්ඝෝෂණ කරන්නේ නම් එයට නිශ්චිත භූමි වෙන්කරනවා, මෙවැනි දේවල් දකින්ට අහන්ඩ ලැබෙන අතර පිරිසිදු සිංහලයින්ට උරුමයෙන්ම හිමිකම් ලැබී ඇති වීරෝදාර ක්‍රියාවන් පිළිබඳව ද අහන්නට ලැබෙනවා. 

මේ ඊයේ පෙරේදා තරමේ දිනක "රියාර් අද්මිරාල් සරත් වීරසේකර නම් සිංහල විරවරයෙකු තනියම ජිනීවා ගිහින් තියෙනවා ලංකාවේ හමුදාව යුධ අපරාධ කළේ නෑ කියල මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරන්නට. රාජ්‍ය නොවන සංවිධානයක්‌ හරහා නෙවෙයි එතුමා ගිහින් තියෙන්නේ. ඒ නිසා මානව හිමිකම් කොමිසමට තමන් ඉදිරිපත් කරන්නට අපේක්‌ෂා කළ "විත්තියේ වාචකය නම් වාර්තාව ජිනීවාහි ඇති ලංකාවේ බෞද්ධ විහාරය හරහා සමුළුවට ඉදිරිපත් කරන්න හිතාගෙන අපේ යෑයි කියා ගන්නා පන්සලට ගියත් එහි දායක සභාව යහපාලනයට යටත්ව කටයුතු කරන නිසා හාමුදුරුවෝ එතුමාගේ ඉල්ලීම එක පයින්ම ප්‍රතික්‌ෂේප කරල. සිංහල බෞද්ධයින් ඉන්න පන්සලකින් සිදුවූ මේ අනපේක්‌ෂිත සිදුවීමෙන් පසුබට නොවූ අද්මිරාල්වරයා ලන්ඩන් බෞද්ධ විහාරය හරහා තම කටයුත්ත කරගෙන ජිනීවා මානව හිමිකම් පිළිබඳ කාර්යාලයට ගොස්‌ ඇත. 

බෞද්ධ සංඝ නායකයින් රියර් අද්මිරාල්වරයාට මේ අයුරින් යහපාලන මූලධර්ම ඉස්‌මතු කරගෙන කටයුතු කරන විට ලංකාවේ උතුරේ දේවවාදි ආගමික නායකයින් 21 නමක්‌ ලංකා රාජ්‍ය ජාත්‍යන්තර අධිකරණ පද්ධතියකට ගෙන යා යුතුය, කියා සන්දේශයක්‌ බාර දීල තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජය යුධ අපරාධ සිදු කළා සහ දෙමළ ජනයාගේ මානව හිමිකම් උල්ලංඝනය කළා කියල රාජ්‍ය නොවන දෙමළ සංවිධාන හයක්‌ මානව හිමිකම් සමුළුවට පැය එක හමාර බැගින් පැය නමයක්‌ පුරාවට කරුණු ඉදිරිපත් කර තියෙනවා. අපේ වීරෝදාර වීරසේකරයන්ද මානව හිමිකම් කවුන්සලය ලංකාවට එල්ල කළ සියලු කරුණුවලට මනා ප්‍රතිචාරයක්‌ දක්‌වා ඇත. රජයේ කිසිදු සහයෝගයක්‌ නැතිව වීරසේකර මැතිතුමා ලංකා හමුදාව වෙනුවෙන් මේ කළ ක්‍රියාව ඉතිහාස ගතවනු ඇත, අපේ නායක හිමිවරුනේ. ඒ නිසා ලංකාවේ අනාගත ගමන්මාර්ගයට අප මුරදේවතාවුන් වහන්සේලාම වියයුතු කාලය දැන් එළඹ ඇත. 

මේ අල්ලපනල්ලේ අපේ අගමැතිතුමා රටේ ජනතාවගේ පරමාධිපත්‍යයත්, ප්‍රජාතත්ත්‍රවාදයත් තහවුරු කරන දේශීය යාන්ත්‍රණයක්‌ නිර්මාණය කරනවා කියලා ප්‍රකාශ කරමින් ජිනීවා මානව හිමිකම් කාර්යාලයට ඇමරිකාවේද සහාය ඇතිව යෝජනාවලියක්‌ ගෙන එන බව අපේ පත්තරවලට කියල තිබුණා. ඒයෝජනාවලිය සෙයිද් රාද් හුසේන් කොමසාරිස්‌වරයා වාර්තාවක්‌ වශයෙන් ගෙන ඒමට නියමිතය. එමඟින් ලංකා රාජ්‍ය අසමත් රාජ්‍යයක්‌ වශයෙන් ගණනය කරමින් අපේ අධිකරණ පද්ධතිය විශ්වාස කළ නොහැකි හා එහි දණ්‌ඩ නීති සංග්‍රහය මඟින් යුධ සමයේ ඇති කළ සාපරාධි ක්‍රියාවන් කළ අයට දඬුවම් පැමිණ වීමට ප්‍රමාණවත් නීති රීති පද්ධතියක්‌ නොමැති හෙයින් ජාත්‍යන්තර මැදිහත්වීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව ඔහු පෙන්නනවා ඇත. එය පවත්නා ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් කළ නොහැකි දෙයක්‌ බව ඔහුගේ විශ්වාසයයි. මේ නිසා නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය ඇමරිකාව පෙන්වා ඇත. මේ නිසාම දෝ ලංකා විදේශ අමාත්‍යවරයා ජිනීවා සමු`ඵවේදි දමිළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටුවන ව්‍යවස්‌ථාවක්‌ දැනටමත් සම්පාදනය වන බව සමුළුව හමුවේ කියා ඇත. මේ ව්‍යවස්‌ථාව ලංකා සමාජය තුළ තහවුරු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇත්තේ "අලුත් ව්‍යවස්‌ථාවක්‌ උදෙසා යන ජාතික ව්‍යාපාරය" නම් සංවිධානය විසින් ය. 

මෙරට සිදුවූ 30 වසරක යුදමය තත්ත්වය සමස්‌ත දෙමළ ජනතාවම ඉලක්‌ක කරගෙන සමස්‌ත හමුදාවම හිතාමතා සිදුකළ මර්දනයක්‌ හෙයින් සිදුවූ මානව හිමිකම් කඩකිරීම් විභාග කිරීම දෙමුහුන් අධිකරණයකින්ම සිදුකළ යුතු බව සෙයිද් රාද් හුසේන්ගේ මතයයි. එය අපේ විදේශ අමාත්‍ය මංගල සමරවීර අනුමත කරමින් ඒ අධිකරණ විනිශ්චයට තවත් වර්ෂ දෙකක කාලයක්‌ ඉල්ලා ඇත. හුසේන්ට අනුව ලංකා සමස්‌ත හමුදාව කර ඇත්තේ sහිඑeප ජර්සප නම් වන ක්‍රමික අපරාධයක්‌ය. එය බරපතල වරදකි. සමස්‌ත දෙමළ ජනතාවම ඉලක්‌ක කරමින් සමස්‌ත සිංහල ජනතාවම හමුදාව සමඟ එකට එකතුවී මනා සිහිබුද්ධියෙන් කළ සමූල ඝාතනයකි. ඒ සඳහා යටත් විජිත රාජ්‍යයක ඇති අධිකරණ පද්ධතියක්‌ ලංකාවට යෝජනා කර ඇත. සිංහලයින් කළ මේ සාපරාධි ක්‍රියාව විභාගයන් සඳහා විශේෂ උසාවියක්‌ අවශ්‍යය. එයට සම්පූර්ණයෙන්ම ලංකා ආණ්‌ඩුව යටත් විය යුතුය. 

දෙවැනි යෝජනාව වන්නේ අවසන් යුධ සමයේ දී මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය වන ආකාරයෙන් හමුදාව කටයුතු කර ඇත, යන චෝදනාවයි. මේ උල්ලංඝනයන් ස්‌වාධීන පරිපාලන ක්‍රියාවලියක්‌ හරහා විශ්වාස කටයුතු මාර්ගයකින් ඔප්පු කළහොත් ඔවුන් ලංකා හමුදාවෙන් ඉවත් කළ යුතුය. සිවිල් වැසි යමෙකු මේ හරහා වරදකරු වුවහොත් එවැනි අය කිසි දිනක හමුදාවන්ට බඳවා නොගත යුතුය, බුද්ධි අංශවල පිරිස්‌හි බෙලහීන කළ යුතුය, වැනි යෝජනාද එහි අදෘශ්‍යමාන යෝජනාවන් බවට පත්කර ඇති බවක්‌ කියනු ලැබේ.

තෙවැනි යෝජනාව වන්නේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත සමාලෝචනය කර එය අහෝසි කොට වෙනත් පනතක්‌ ගෙනා යුතුය, එයින් අදහස්‌ කරන්නේ සිරගතව ඇති සියලු ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කළ යුතුය යන්නයි. 

මේ යෝජනාවලියේ කටයුතු නිසියාකාරයෙන් සිදුවේද යන්න නිරීක්‌ෂණය කර ඊළඟ සභා වාරයට වාර්තා කිරීම භාර දී ඇත්තේද මානව හිමිකම් සභාවේ හුසේන් කුමරුටම ය. මංගල සමරවීර අමාත්‍යවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ මේ අනුමත කිරීම් යහපාලන රජයේ අමාත්‍යවරුන්ගේ දැඩි අවධානයට යොමු වූ බවක්‌ අපට නොපෙනේ. එපමණක්‌ නොව විපක්‌ෂයේ සන්ධාන මන්ත්‍රීවරු හෝ ජනතා විමුක්‌ති පෙරමුණ මේ පිළිබඳව නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරනු පෙනේ. නමුත් දෙමළ ජාතික විපක්‌ෂ නායකවරයා ඇතුළු දෙමළ සංවිධාන නව ව්‍යවස්‌ථාවකින් ලැබෙන බලයට වඩා පවත්නා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය බලාත්මක කරගැනීම ඔවුන්ගේ අවසාන අපේක්‌ෂාව වී ඇති බවක්‌ පෙනේ. 

අද ලංකා නාගරික හා ග්‍රාමීය සිවිල් සමාජයන් සමාජ අර්බුද හා සටන් පාඨ හමුවේ මංමුලාවූවන් බවට පත්ව ඇත. ඔවුන්ගේ අවධානය දැනට යොමුව ඇත්තේ දිනපතා සිදුකරන සයිටම් වැනි උද්ඝෝෂණ මෙන්ම අර්ජුන මහේන්ද්‍රන්ගේ බැඳුම්කර මගඩිය වැනි දූෂණයන් කෙරේ සහ දිනපතා සිදුකරන පෙළපාලියාම් සහ උද්ඝෝෂණ ක්‍රමවේදයන් වෙතය. පවත්නා රජය විසින් හිතාමතාම තම අභිලාෂයන් ක්‍රමයෙන් ඉටුකර ගැනීමේ ක්‍රමවේදය මෙය වේ. නිදසුනක්‌ වශයෙන් හම්බන්තොට වරාය බදු දීමට එරෙහි විශාල උද්ඝෝෂණ කළත් ඒ උද්ඝෝෂණ අතර නිල විවෘත කිරීම රනිල් අග්‍රාමාත්‍යවරයා විසින් කරනු ලැබුයේ ඉන් පිටත කිසිම සිදුවීමක්‌ නොවෙන බව අඟවමිණි. අද වන විට එය කිසිවෙකුගේත් විරෝධතාවයකින් තොරව චීනයේ "චයිනා මර්චන්ට්‌" සමාගමට පැවරීමේ කැබිනට්‌ අනුමැතිය ලබා ගෙන ඇත. එමෙන් "අලුත් ව්‍යවස්‌ථාවක්‌ උදෙසා" යන ජාතික ව්‍යාපාරය, නව ව්‍යවස්‌ථාව සමාජගත කිරීමේ වගකීම භාර ගෙන ඇත. අද ඇති වන සමාජ තත්ත්වයන් ක්‍රමයෙන් දියාරු කිරීමට එයට හැකි වේ යෑයි සමහරු සිතනු ඇත. නායක හිමිවරුනුත් දැන් අනුගමනය කරනු ලබන දියාරු ප්‍රතිපත්තියේ ම ඉදිරියටත් වැඩ වාසය කළහොත් ඇමරිකාවේ රූකඩ රාජ්‍යයක්‌ බවට ලංකාව පත්වී සන්ධීය පාලනයක්‌ ඇති, ව්‍යවස්‌ථාවෙන් පමණක්‌ ඒකීය රටක්‌, බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලැබී ඇති රටක්‌, බවට පත්වනවා පමණක්‌ නොව පසුගිය දිනක ඉන්දියානු පුවත්පතක වාර්තා වූ අන්දමට ඉන්දියාවේ තමිල්නාඩුවෙන් ඇතුල් වී ලංකාවේ තලෙයිමන්නාරමෙන් එළියට පිවිසීමට හැකි විශාල උමං මාර්ගයක්‌ ඉදිවී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ වීමට ඉඩ ඇත. ඉස්‌ලාමීය අරාබියක්‌ වෙනවට වඩා ඉට්‌කා ගිවිසුමට අනුකූල ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ වීම යෝග්‍යයෑයි සිතන්නෝ ද අප සමාජයේ ඇත. 

අපේ නායක මාහිමිවරුනි, ඉහත කරුණු කාරණා පිළිබඳ සිතා බලා, විමසා අපේ රටේ සුරක්‌ෂිතතාවය පිළිබඳ මුරදේවතාවුන් වහන්සේලා බවට පත්වන මෙන් ගෞරවයෙන් අයදිමි. 

තෙරුවන් සරණයි!

රංගිරි දඹුලු රජමහ විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නායක ස්‌ථවිර, අස්‌ගිරි මහා විහාරය - මහනුවර
http://www.divaina.com/2017/03/26/feature28.html

Friday, March 24, 2017

මුස්‌ලිම් ජාතික ත්‍රස්‌තයෙකු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රහාරයෙන් 4ක්‌ මියයති, 40කට බරපතළයි!

පසුගිය බදාදා ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කරන ලද ත්‍රස්‌ත ප්‍රහාරය නිසා මේ වනවිට හතර දෙනෙකු මියගොස්‌ 40 දෙනකු බරපතළ තුවාල ලබා තිබේ. පාර්ලිමේන්තුව අසල පිහිටා තිබෙන "වෙස්‌මිනිස්‌ටර්" පාලමේ ගමන් කරමින් සිටි මහජනයා හප්පා දමමින් තම මෝටර් රථය පාර්ලිමේන්තුව දෙසට ධාවනය කළ මෙම ත්‍රස්‌තවාදියා පාර්ලිමේන්තු ප්‍රධාන ගේට්‌ටුවේ වද්දා තම වාහනය නතරකොට පාර්ලිමේන්තුවේ ගෙවත්තට දුව ගොස්‌ පාර්ලිමේන්තුව ආරක්‌ෂා කරමින් සිටි පොලිස්‌ නිලධාරියකුට පිහියෙන් ඇන මරා දමා තිබුණි. එකෙනෙහිම ක්‍රියාත්මකවූ තවත් පොලිස්‌ නිලධාරියකු ත්‍රස්‌තවාදියාට වෙඩි තබා මරා දැමීය.

මේ අවස්‌ථාව වනවිට අගමැතිනි තෙරේසා මේ පාර්ලිමේන්තුව තුළ රැඳී සිටි අතර ආරක්‌ෂක නිලධාරීන් වහාම ඇයව පාර්ලිමේන්තුව අසල පිහිටි ඩව්නින් වීදියේ අග්‍රාමාත්‍ය නිල නිවසට සුරක්‌ෂිතව රැගෙන යැමට සමත්විය.

තුවාලකරුවන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් හැරුණුකොට ප්‍රංශ ජාතික ශිෂ්‍ය පිරිසක්‌ ද කොරියානු ජාතිකයන් පිරිසක්‌ද සිටින බව වාර්තා වේ.

ප්‍රහාරය නිසා බියට පත් සමහරෙක්‌ තම ජීවිත බේරා ගැනීමට පාලමේ සිට තේම්ස්‌ නදියට පැන තිබිණි. ඔවුන්ව දියේ ගිලීමට පෙර බේරා ගෙන ඇත.

මෙම ලන්ඩන් ප්‍රහාරය එල්ලවූයේ බෙල්ජියමේ බ්‍රසල්ස්‌ ගුවන්තොටුපළට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ලකොට වසරක්‌ ගතවූ දිනයේය.

ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුව අවට බොහෝ ප්‍රදේශ මහජනයාට යැමට තහනම් ප්‍රදේශ ලෙස නම් කෙරුණු අතර පාර්ලිමේන්තුව අසල තිබෙන වෙස්‌ට්‌මිනිස්‌ටර් උමං දුම්රිය පළ ද වසා දැමීය. ඊට අමතරව බකිංහැම් මාලිගය අවටද ආරක්‌ෂාව විශාල ලෙස තරකොට තිබේ.

ප්‍රහාරයෙන් පසු ජාතිය ඇමතූ අගමැතිනි තෙරේසා මේ කියා සිටියේ ත්‍රස්‌තවාදීන්ට ජය ගැනීමට තමා ඉඩ නොතබන බවයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ස්‌ ඇතුළු රාජ්‍ය නායකයන් බොහෝ පිරිසක්‌ බ්‍රිතාන්‍ය අගමැතිනියට දුරකථනයෙන් කතාකොට තම ශෝකය ප්‍රකාශ කළේය. ත්‍රස්‌තවාදියා එංගලන්තයේ එසෙක්‌ස්‌ ප්‍රාන්තයේ චෙමිස්‌µර්ඩ් නගරයේ පදිංචිව සිටි ආසියානු මුස්‌ලිම් ජාතිකයෙකු බව මේ වනවිට සොයාගෙන තිබේ.

සුජීව නිවුන්හැල්ල - ලන්ඩනයේ සිට
http://www.divaina.com/2017/03/24/forign.html

Thursday, March 23, 2017

බිග් මැච් ප‍්‍රචණ්ඩත්වය අන්තිමයි.. පොලීසියේ හැසිරීම බින්දුවයි.. විනයක්‌ නොමැති අධ්‍යාපනය..!

බොරැල්ල යසෝදරා බාලිකා විද්‍යාලයට මහානාම විද්‍යාලීය සිසුන් කඩා වැදී කලහයක් ඇතිකිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂයේ ප‍්‍රධාන අනුශාසක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

අදාල සම්පුර්ණ නිවේදනය මෙසේය.

2017/03/21 වන දින බොරැල්ල යසෝදරා බාලිකා විද්‍යාලයට මහානාම විද්‍යාලීය සිසුන් කඩා වැදී ඇතිකරගත් කලහකාරී තත්ත්වය පිළිබදව අපගේ බලවත් කනස්සල්ල පළමුකොටම පළ කිරීමට කැමැත්තෙමු.

මේ වන විට ආරම්භ වී ඇති අන්තර් පාසල් වාර්ෂික ක‍්‍රිකට් තරග මෙබදු ශෝචනීය සිදුවීම්වලට පසුබිම් වී ඇත. මෙම තරග ආරම්භ වීමට ආසන්නව තිබියදීම මේ පිළිබද අපගේ අදහස් මාධ්‍යවලට පළ කළෙමු. විශේෂයෙන්ම එහිදී අපගේ අවධානය යොමුවූයේ මෙම වාර්ෂික ක‍්‍රිකට් තරග පදනම් කරගනිමින් සිසුන් පෙළපාළි යමින් සිදුකරන විනය විරෝධි මෙන්ම නීති විරෝධි කටයුතු පිළිබදවය. අපගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ඇතැම් පුද්ගලයන් ඒ පිළිබදව විවේචනාත්මකව මත පළ කර තිබුණි.

කෙසේ වෙතත් ඊයේ දිනය තුළ (2017/03/21) කොළඹ මහානාම විද්‍යාලීය සිසුන් යසෝදරා බාලිකා විද්‍යාලයට හා මියුසියස් බාලිකා විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළුව සිදු කළ කටයුතු පිළිබදව අදාල බලධරයන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුමය.

කොළඹ ඞී.ඇස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය නිමිති කරගනිමින් මහානාම විද්‍යාලීය සිසුන් සිය ගණනක් රථ වාහන පෙළපාලියක නිරත වන අතර ඉහත කී බාලිකා පාසල් දෙකට බලහත්කාරයෙන් කඩා වැදී ඇත. මෙහිදී සිසුන් යසෝදරා බාලිකා විදුහලේ ගුරුවරුන්ට ද පහර දෙන දර්ශන මාධ්‍ය මගින් විකාශය කරනු ලැබීය.

සිසුන් පෙළපාලිය යෑමෙන් නොනැවතී බාලිකා විදුහල් දෙකට බලෙන් ඇතුළුව ඒවායේ දේපළ වලට ද හානිකර ගුරුවරුන්ට ද පහර දී ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීම ලඝු කොට සැලකිය නොහැකිය. මෙම අවස්ථාවේ පොලිසිය හැසිරුණු අකාරය පිළිබදව අප තුළ ඇතිවන්නේ ඉමහත් කලකිරීමකි.

මෙම සිදුවීම් ඔස්සේ මෙරට පාසල් අධ්‍යාපනය පිළිබදව විශේෂ අවධානය යොමු කළ යුතු මොහොතකට අප එළඹ ඇත. සිසුන් තුළ විනය ගොඩනොනගන අධ්‍යාපනය ප‍්‍රතිඵල රහිතය. තවදුරටත් මෙම තත්ත්වය වර්ධනය වීමට ඉඩ නොදීම සියළු බලධරයන්ගේ වගකීමයි.

පාසල් අධ්‍යාපනය තුළ ක‍්‍රීඩාවද අනිවාර්යයෙන්ම සංවර්ධනය විය යුත්තක් බව අපි පිළිගනිමු. එනමුත් අද වනවිට සිදුවෙමින් ඇත්තේ ක‍්‍රීඩාවේ නාමයෙන් විනය පරිහානියකි. උක්ත සිදුවීම මීට ආසන්නතම එක් උදාහරණයක් පමණි.

ඉහත අසෝභණ සිදුවීමට අදාල සිසුන් සම්බන්ධව මහානාම විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ගන්නා පියවර පිළිබදව අපි නෙත් දල්වා බලා සිටිමු. එසේම අධ්‍යාපන අමාත්‍යාංශය හා පොලිසිය මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් පිළිබදවද අපි දැඩි අවධානයෙන් යුතුව පසුවෙමු. යම් හෙයකින් අදාල බලධාරීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් එය මෙබදු අසෝභන සිදුවීම්වලට දක්වන අනුග‍්‍රහයක් සේ සළකා ඉහත සිදුවීමට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට අප මැලි නොවන බව ද දැඩිව අවධාරණය කර සිටිමු.

ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්ථවිර, ප‍්‍රධාන අනුශාසක, ජාතික හෙළ උරුමය
Lanka C News