Pages

Friday, June 26, 2015

අසිරිමත් ගෘහනිර්මාණ ශිල්පය, ලංකාවේ විශිෂ්ටතම වටදාගෙය - ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය දිනෙන් දින අභාවයට

පෞරාණික වටිනාකමකින් යුතු මැදිරිගිරිය වටදාගෙය පූජා භූමිය නිසි අවධානයට ලක්‌නොවීම නිසා අභාවයට යමින් පවතින බව එහි භාරකාර මැදිරිගිරිය ශාසනාරක්‍ෂක බලමණ්‌ඩල සභාපති මොරගොල්ලාගම සීවලී නාහිමියෝ "දිවයින" ට පැවසූහ.

අද වන විට පුරාවිද්‍යා මෙන්ම ආරක්‍ෂක අංශවල ද නිසි අධීක්‍ෂණයක්‌ නොමැතිවීම නිසා අකටයුතු අශීලාචාර ක්‍රියා බොහොමයක්‌ මෙම භූමිය තුළ සිදුවන බවත් වන ජීවී දඩයම, ගස්‌ කැපීම, අපචාර ක්‍රියාවන් මේ අතර වන බව පෙන්වා දෙති.

අද වන විට මෙම පුණ්‍ය භූමියට මෙවන් තත්ත්වයක්‌ උදාවී ඇත්තේ ඇයිද යන්න ප්‍රශ්නයක්‌ බව උන්වහන්සේ පෙන්වා දෙති.

අතීතයේදී භික්‍ෂූන් මෙහි භාවනානුයෝගීව වැඩ සිටි බවට සාක්‍ෂි සපයන මෙම පූජා නගරය හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් එච්. සී. පී. බෙල් මහතා විසින් ගවේෂණය කර මෙය වර්තමානය වන විට දක්‌නට ඇති තත්ත්වයට සංවර්ධනය කර ඇති බව සීවලී හිමියෝ පැවසූහ.

මම පූජා භූමිය තුළ සංඝාවාසයක්‌ ඉදිකර එහි භික්‍ෂූන් වහන්සේට අවැසි පහසුකම් ලබාදීමෙන් පූජා භූමියේ පෞරාණික බව ආරක්‍ෂා කළ හැකි බවත් මෙම ඉල්ලීම අද ඊයේ සිට නොව 1956 දිවංගත අගමැති එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ කාලයේ සිට යොමුකළ ද අදටත් අවධානය යොමු වී එය ඉටුව නැතැයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2015/06/26/provin03.html

කොටි යළි උපද්දවීම

රාජ්‍ය පාලකයා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු වීම අත්‍යවශ්‍ය කාරණයකි. අතීතයේදී රජකම ලබා ගැනීමට ප්‍රගුණ කළ යුතු යුද ශිල්ප ශාස්‌ත්‍ර ඥනය පිළිබඳව සැලකිල්ලක්‌ දැක්‌වූයේ ඒ නිසාය. ලෝකය දියුණු වෙත්ම ප්‍රජාතන්ත්‍රවාදය මතුරමින් දැන් ඕනෑම අයෙකුට රජකම කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අතමිට දිග හැර අවශ්‍ය හා අනවශ්‍ය දේට වියදම් කිරීමත් තම ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට හොඳ හෝ නරක උපාය උපක්‍රම දැන සිටීමත් පමණි. ලංකා දේශපාලනයේ මේ ප්‍රවණතාවය වඩා වර්ධනය වී බුද්ධිමතුන් උගතුන් ශාස්‌ත්‍රඥයන් වැන්නවුන් සමාජයේ මුල්ලකට තල්ලුකර දේශපාලනඥයන්ට අවශ්‍ය දේම පමණක්‌ කරන පරිසරයක්‌ නිර්මාණය වී තිබීම කනගාටුදායකය. මෙම තත්ත්වයට වගකිවයුත්තේ අද රට කරවන දේශපාලනඥයන් නොව ඔවුන්ට පූර්වාදර්ශ සැපයූ අතීතයේ රට කරවූවන්ය. දේශපාලනඥයන් අතරද උගතුන් බුද්ධිමතුන් නැත්තේම නොවේ. ඒත් ඔවුන්ට උඩුගං බලා පීනා යාමට නොහැකි නිසා ගඟදිය පාරට හසුව ඔවුන්ද ගසාගෙන යන්නේය.

අපට මේ පූර්විකාව සඳහන් කරන්නට සිදුවූයේ පසුගිය සතියේ අපි මේ තීරුවෙන් හෙළිදරව් කළ ඩයස්‌පෝරාවේ කටයුතු ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිල ප්‍රකාශනය නිසාය. එම වාර්තාව සඳහන් කරන අන්දමට කොටි සංවිධානය පරාජය කළද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය හා ඊට මුදල් එකතු කරන වැඩපිළිවෙළක්‌ හොඳ හැටි ක්‍රියාත්මක වේ. 2014 වර්ෂයේදී කොටි හිතවාදී ජාත්‍යන්තර මුදල් ඒකකය ක්‍රියාත්මක වූ බවද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවට යුරෝපයේ උතුරු ඇමරිකාවේ මෙන්ම ආසියානු කලාපයේ වෙසෙන කොටි හිතවාදීන්ගෙන් මුදල් පරිත්‍යාග ලැබෙන බවද 2014 වර්ෂයේදී මැලේසියාවේදී කොටි හිතවාදීන් 14 දෙනෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මේ සියලු කාරණාවලින් යළිත් තහවුරු වී ඇත්තේ කොටි සංවිධානයේ හිතවතුන් දෙමළ ඩයස්‌පෝරාව වෙනුවෙන් විවිධ නම්වලින් ක්‍රියාත්මක වන බවය. මේ යථාර්ථය අවබෝධ කර නොගන්නා ඇතැම් දේශපාලනඥයන් ඩයස්‌පෝරාවට විවිධ අර්ථ කථන සපයමින් තමන්ගේ ක්‍රියා මාර්ග නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ කරමින් සිටින බවක්‌ පෙනේ. ලෝක ඉතිහාසයේ බිහිවූ දෙවන ඩයස්‌පෝරාව දෙමළ ඩයස්‌පෝරාවයි. දෙමළ බෙදුම්වාදයට ඩයස්‌පෝරාව නමැති මෙම ටයිටලය (ඔසඒකැ) ආදේශ කරන ලද්දේ ලොස්‌ ඇන්ජලිස්‌ ටයිම්ස්‌ පුවත්පත විසිනි. ඒ 1983 වර්ෂයේදීය. අපේ දේශපාලනඥයන්ගේ අර්ථකථනයට අනුව සිය මව්බිමෙන් ඈත් වී ලෝකයේ විවිධ රටවලට සංක්‍රමණය වී සිටින ජනතාව ඩයස්‌පෝරාවය. එය අසත්‍ය මෙන්ම සත්‍ය වසං කරන්නට හෝ සාමාන්‍ය ජනතාව නොමඟ යෑවීමට දරන උත්සාහයකි. එම අර්ථයෙන් ගතහොත් මුළු මහත් ඇමරිකා මහද්වීප දෙකේම ජනයා ඩයස්‌පෝරාවේද? එක්‌සත් ජනපදය හා කැනඩාව යන දෙරටේ අද ජීවත්වන ජනතාවගෙන් 80% ක්‌ පමණ යුරෝපීය රටවලින් හා අප්‍රිකාවෙන් සංක්‍රමණය වූවන් බව අමුතුවෙන් කිව යුතු නැත. දකුණු ඇමරිකාවේ ජීවත් වන අතිවිශාල බහුතරය ස්‌පාඤ්ඤ හා පෘතුගීසි බස කතා කරන රටවලින් සංක්‍රමණය වූවෝය.

පසුගිය වසර 25 ක්‌ ඔස්‌ටේ්‍රලියානු ජන සමාජය පිළිබඳ මට අත්දැකීම් හා අවබෝධයක්‌ ඇත්තේය. එරට ව්‍යවස්‌ථානුකූලවම බහුජාතික හා බහු සංස්‌කෘතික දේශයකි. එහි ජනගහනයෙන් 90% ක්‌ යුරෝපය හා ආසියාතික රටවලින් සංක්‍රමණය වූවෝය. එහි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ද ලක්‍ෂ දෙකක්‌ පමණ ජීවත් වෙති. නව සංඛ්‍යා ලේඛනවලට අනුව ලන්ඩන් නුවරටත් වඩා සිංහල සංක්‍රමණිකයන් ජීවත් වන්නේ මෙල්බර්න් නුවරය. මෙල්බර්න් නගරය හා අවට සිංහල බෞද්ධ පන්සල් 7 ක්‌ පිහිටුවා ඇත. මීට අතිරේකව කාම්බෝජය, තායි, බුරුම, ලාඕස්‌, චීන, වියට්‌නාම්, කොරියන් හා ජපන් බෞද්ධයන්ගේද පන්සල් ඒ නරගයේ පිහිටුවා තිබේ.

සංක්‍රමණිකයන් හා බෙදුම්වාදීන් අතර වෙනස ඩයස්‌පෝරාවය. ඩයස්‌පෝරාව නිශ්චිත බෙදුණු රාජ්‍යයක්‌ වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින්නේය. සංක්‍රමණික ප්‍රජාවගෙන් ඒ ඒ රටවලට ලබාගත හැකි සේවය ලබාගත යුතුය. අප රටට වැඩිපුරම විදේශ විනිමය ලැබෙන්නේ මැදපෙරදිග අර්ධ වහල් සේවයේ යෙදෙන අපේම කාන්තාවන් ගෙන්ය. රටකින් රටකට රැකියා හෝ අධ්‍යාපනය ලබන්නට යන්නේ සංක්‍රමණිකයෝ නොවෙති. ඔවුන් තාවකාලික වීසා බලපත්‍රලාභීන්ය. සංක්‍රමණිකයන් හා ඩයස්‌පෝරාව අහසට පොළව මෙන් වෙනස්‌ය. එය එකම කාසියේ දෙපැත්ත ලෙස මවා පෙන්වීමට උත්සාහ දැරීම ඉතිහාසය විකෘත කිරීමකි.

අද අපේ ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියා මාර්ග හා ඔවුන් කරනු ලබන ප්‍රකාශයන් දෙස හොඳ අවධානයකින් හිටියහොත් ඔබට පෙනේවී ඔවුන් පවසන්නට හදන්නේ කපුටන් පෙන්වා කවුඩන් යෑයි කීම බව. සංක්‍රමණිකයන් ඒ ඒ රටවල රාජ්‍යයන්ට හා රාජ්‍ය පාලකයන්ට අවනතය. කීකරුය. රටේ නීති රීති පිළිපදින්නට ඔවුන් එකඟය. ඒ නිසා ඔවුන් සමග ඕනෑම ගිවිසුමක්‌ අත්සන් කළ හැකිය. එහෙත් බෙදුම්වාදී උන්මාදයෙන් පෙළෙන දෙමළ ඩයස්‌පෝරාව කිසිවකුට අවනත නැති අකීකරු තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑම බලහත්කාරකමක්‌ කිරීමට පසු නොබසින පිරිසකි. ඔවුන් සමග එකඟතා ඇති කර ගන්නෝද මුලාවෙති.

අපි ස්‌වෛරී නිදහස්‌ ජාතියක්‌ ලෙසත් රටක්‌ ලෙසත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන එයට මුහුණ දිය යුතුමය. අපට ජාත්‍යන්තරය රවට්‌ටන්නට බැරිය. ඔවුන් අපට වඩා හොඳින් අපටත් වඩා කලින් ඩයස්‌පෝරාව පිළිබඳ අවබෝධයක්‌ හා අත්දැකීම් ලැබූ අයයි. අදටත් ඔවුන් ඒ අත්දැකීම් සමග පීඩාවට පත්ව සිටින්නෝය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව ඩයස්‌පෝරාවට එල්ටීටීඊ හිතවාදීන් මුදල් එකතු කරන්නේ යාඥවෙන් හෝ හිඟමනේ යෙදීමෙන් නොවේ. ඔවුන් ඩයස්‌පෝරාවට මුදල් සොයන්නේ බලහත්කාරයෙන් මුදල් ලබාගෙනය. එසේ කරන ඔවුන් තිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරන්නේ බෙදුණු රාජ්‍යයක්‌ උදෙසාමය. ඔවුන් එම අරමුණින් බැහැර වන්නේ නම් ඩයස්‌පෝරාව ක්‍රියාවිරහිත විය යුතුය. එසේ නොවන බව අපට තේරුම් ගත හැක්‌කේ ඩයස්‌පෝරාවේ ඉතිහාසය පරිශීලනය කිරීමෙනි. 1983 දී අපේ රටේ ඇතිවූ අවාසනාවන්ත කළු ජූලියෙන් පසු ආරම්භ වූ දෙමළ ඩයස්‌පෝරාව ලොව රටවල විහිදී සිටින එල්ටීටීඊ හිතවාදීන් මාර්ගයෙන් බලහත්කාර කමින් මුදල් එකතු කර ගනිති. ඒ ඔවුන්ගේ අනාගත සැලසුම් සඳහා වියදම් කරන්නටය.

මේ සියලු පසුබිම් හා පවතින රාජ්‍ය පාලනයේ හැකියාවන් හා නොහැකියාවන් හොඳින් අධ්‍යයනය කරන ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේග ඉතා ප්‍රවේශමින් හා අවස්‌ථානුකූලව ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා කටයුතු කරන බවද අමතක නොකළ යුතු අතිශයින්ම වැදගත් කරුණකි. මේ තත්ත්වය තහවුරු වන්නේ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවර ගත යුතු යෑයි ඉන්දීය අගමැති මෝදිගෙන් ඉල්ලා ඇති බව අනාවරණය වීමෙනි. කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බවට නවදිල්ලි ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ද ඉදිරිපත් කර ඇත. දෙමළ ඩයස්‌පෝරාව තමිල්නාඩුවේ පමණක්‌ නොව බොම්බායේ හා නවදිල්ලියේද ක්‍රියාත්මකය. අද ඉන්දියා තමිල්නාඩුවේ පවතින මේ තත්ත්වය සැලකීමේදී එළඹෙන ප්‍රාන්ත මැතිවරණයේදී ජයලලිතා හා කරුණානිධි යන දෙපළ ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක්‌ පිහිටුවිය යුතු යෑයි ඔවුන්ගේ සටන් පාඨය කර ගැනීමටද බැරිකමක්‌ නැත.

1967 පැවැති මැතිවරණයේදී ඔවුන් ඉල්ලා සිටියේ සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම අහෝසි කරන ලෙසය. අද ඔවුන් එදාට වඩා ඉදිරියට පැමිණ ඇත. "රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය" කළාක්‌ මෙන් මේ තීරණාත්මක මොහොතේ අපේ ඇතැම් දේශපාලනඥයන් විහිළු සැපයීම කනගාටුදායක තත්ත්වයකි.

අපේ රටේ යුද්ධය උත්සන්නව පැවැති අවධියේ ඇතැම් දේශපාලනඥයන් රණවිරුවන්ගේ කැපවීම හෑල්ලුවට ලක්‌ කළේ කිලිනොච්චි යනවා කියලයි. තවත් අය කීවේ රණවිරුවන් යාපනය අල්ලන්න ආසන්නයි කියන්නේ බෙන්තර පාලමට ගිහිල්ල ආන්න ගාල්ල පේනවා වාගේ කියමනකට කියලයි. අප අතීතයෙත් පාඩම් උගත යුතුය. තම තමන්ගේ දේශපාලන අරමුණු හා ඉලක්‌ක කුමක්‌ වුවත් අප යථාර්ථයට මුහුණ දිය යුතුය. මේ අනුව මේ මොහොතේ ශ්‍රී ලාංකීය ජාතිය මුහුණ දී ඇති අභියෝග හමුවේ ඔවුන්ගේ ජීවිත ඉරණම සමග විහිළු කිරීම දැන්වත් නවතා දැමිය යුතුය. පටු දේශපාලන වාසී වෙනුවෙන් බෙදී වෙන්වී නොසිට සියලු පක්‍ෂ හා ජාතීන් එකට එක්‌ව දේශයේ හා ජාතියේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුය.

සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/06/26/feature03.html

Pic Source

සබැඳි ලිපි -
[

කැලේ මාරු උනත් පුල්ලි වෙනස් නොවන කොටියා කොටියාමයි!http://denethharinna.blogspot.com/2015/06/blog-post_81.htmlකොටි ජාත්‍යන්තර ජාලයත් මූල්‍ය ජාලයත් හොඳ හැටි ක්‍රියාත්මකයි - ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවhttp://denethharinna.blogspot.com/2015/06/blog-post_53.html
]

Wednesday, June 24, 2015

කොළඹ, ආපසූ හැරෙන්!

සති කිහිපයකට උඩදී ශීඝ්‍ර සංවර්ධනයට ලක්‌වූ නගර අතරින් ලෝකයේ අංක එක වූයේ කොළඹ නගරයයි. අන්තර්ජාලයේ නිල් චිත්‍රපට (ඡදරබ) බැලීමෙන් අංක එක වූයේ ශ්‍රී ලංකාවයි. වැඩියෙන්ම නිල් චිත්‍රපට බලන නගරය වූයේද බස්‌නාහිර පළාතේ කොළඹ නගරයයි. එහෙව් අපට කොළඹ අංක එකේ ටවුම වීම ලොතරැයි ජයක්‌ හිමිවීමකි. කොළඹ ලස්‌සන වූයේ ඇයි දැයි යන්න අමුතුවෙන් කිව යුතු නැත. 

කොළඹ ලස්‌සන කරන්න ගත් වෙහෙස සුළුපටු එකක්‌ නොවන බවද අමතක කළ යුතු නැත. කොළඹ හදන්නට පෙර මිනිසුන්ගේ විනය හදන්නට ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනකුට දිරවූයේ නැත. කොටින්ම තැන තැන බුලත් කෙළ ගැසීම නවත්වන්නට පරිසර ආරක්‍ෂණ පොලිසිය ක්‍රියා කරන විට බොහෝ දෙනකුට එය අවඥවට කාරණයක්‌ විය. ඇත්ත වශයෙන්ම කොළඹ ලස්‌සන වූයේ එවැනි දුෂ්කරතා මැදය. කොළඹ හොඳම නගරය වූයේ ගොඩනැඟිලි නිසාම නොවේ. වතුර මල් සහිත පොකුණුවල විදුලි එළිය නිසා ද නොවේ. විධිමත් මංමාවත් නිසාම නොවේ. මේ සියලු තැන්වල ගැවසෙන ජනතාව තුළ විනයක්‌, හික්‌මීමක්‌ තිබූ නිසාය. රටක සංවර්ධනය යනු, නගරයක සංවර්ධනය යනු එහි ජීවත් වන ජනතාවගේ සංවර්ධනයේ පිළිඹිබුවයි.

වෙළෙන්දන්ටත්, මුදලාලිවරුන්ටත්, අයත් නොවන දාමරිකයන් පිරිසක්‌ කොළඹ නගරය පුරාම විසිරී පැතිර සිටියහ. පෙව්මන්ට්‌ (පදික වේදිකාවන්හි) හි අටවාගත් කඩවල සිටි පිරිස ඒවායෙන් ඉවත් කර ස්‌ථිර කඩ කාමර සහිත සංකීර්ණ ඉදිකර දුන්නේ පෙර කී දාමරිකයන්ගෙන් නගරයට පැමිණෙන ජනතාව ආරක්‍ෂා කිරීමටය. පෙව්මන්ට්‌ ශුද්ධ පවිත්‍ර වූ විට කොළඹ නගරය ලන්ඩනයේ වීදියක සිරිගත් බව විදේශයක සිට කලකට පසු මෙරටට පැමිණි බොහෝ දෙනකු කී බව පුවත්පත් වාර්තාවන්හිද දැක්‌විණි.

දැන් මේ 'ලස්‌සන' වැඩේ කැත කිරීම ආරම්භ වී තිබේ. එහි පළමු වෙඩිමුරය පත්තු කර තිබුණේ කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් ය. කොළඹ නගරයේ සියලුම ප්‍රධාන මංමාවත්වල පදික වෙළඳාම් කටයුතු ආරම්භ කිරීමට නගරයේ සියලුම වෙළෙඳුන්ට යළි අවසර ලබා දුන් බව ඔහු කියා තිබිණි. දැන් අපට ප්‍රශ්නයක්‌ මතුවේ. මුසම්මිල් කියන මේ සියලුම වෙළෙඳුන් කවුද? එසේ නම් කොළඹ නගරයේ වෙළෙඳාම පිණිස තනා දුන් කඩ කාමර සංකීර්ණවල සිටින්නේ කවුද? ඊට මුසම්මිල් මහතාගේ පිළිතුරක්‌ තිබේ. ඔහු කියන පරිදි "හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම වෙළෙන්දන්ට වෙළෙඳ සංකීර්ණ තනා දුන් නමුත් අද වනවිට එම වෙළෙඳුන් ඒ සියල්ල වෙනත් පුද්ගලයන්ට විකුණා තිබේ." පිළිතුර එය නම් කොළඹ නගරාධිපති මුසම්මිල්ට තිබුණේ ඒ ප්‍රශ්නය කළමනාකරණය කිරීම මිස, මහජනතාවට නිදහසේ ගමන් කිරීමට ඇති පදික වේදිකාවලට දාමරිකයන් කැඳවීම නොවේ. පාඨකයාට අප කියන්නේ මේ දාමරික යන වචනය අප භාවිත කරන්නේ වුවමනාවෙන් සහ වගකීමෙන් බවය. පදික වේදිකා මත වෙළෙඳාම් කළා යෑයි කියන බොහෝ දෙනෙක්‌ කළේ බලහත්කාරයෙන් බඩු ඇඟේ ගැසීමය. එපමණක්‌ නොවේ. මේ වෙළෙඳාම්වල තිබූ යටිකූට්‌ටු වැඩ, විවිධ අපචාරයන් පිළිබඳව තවත් විස්‌තර අදාළ අයට පොලිසියේ මහත්වරුන්ගෙන්ම අසා දැනගත හැකිය.

කොළඹ අංක එක වීම ලොතරැයි ජයක්‌ යෑයි අප කියන්නේ හේතු ඇතුවය. පදික වේදිකාව ශුද්ධ පවිත්‍ර කර ප්‍රවාහනය සඳහා මහපාර විධිමත් ලෙස මේ වනවිට විවෘතව පවතී. අදින් කලකට ඉහත කොටුව ප්‍රදේශයේ ජනතාව ගමන් කළේ මහපාරේ බව නගරාධිපතිවරයාට සිහිපත් කළ යුත්තේ, ඔහුට ඒ අත්දැකීම් නැතැයි යන සිතුවිල්ලක්‌ අපට ඇති බැවිනි. 

ගරු නගරාධිපතිතුමා කියන්නේ, "කලින් කලට දේශපාලන වුවමනා එපාකම් ඉටු කර ගැනීම සඳහා ඇතැම් දේශපාලනඥයන් පදික වෙළෙඳුන් අතකොළු කර ගැනීමේ ක්‍රමය නැවත පදික වෙළෙඳුන් මංමාවත්වලට කැඳවීමෙන් ඉවත් වනු ඇතැ"යි යනුවෙනි. 

අපේ හැඟීම අනුව ඒ හිරිකිත දේශපාලන ව්‍යාපාරය ආරම්භ වන්නේ නගරාධිපතිතුමාගේ අවසරයක්‌ සමඟ බවය. කොළඹ ලස්‌සන කිරීමේ ව්‍යාපෘතියේ දේශපාලනයක්‌ තිබුණේ නැත. යම්කිසි දේශපාලනඥයකුගේ ඕනෑ එපාකම් මත සිදුවූ අකටයුත්තක්‌ තිබුණා නම්, එය කොළඹ නගරය පවිත්‍ර කිරීමත් සමඟම ඉවත් විණි. 

නගරාධිපතිවරයා සඳහන් කරන වෙළෙන්දන්ට වෙළෙඳ සංකීර්ණ ද ලැබිණි. බිස්‌නස්‌ ගොඩ දාගන්න බැරිවීම හෝ දුන් තැන විකුණා දැමීම දේශපාලන ප්‍රශ්නයක්‌ නොවේ. එය තක්‌කඩිකමේ ප්‍රශ්නයකි.

ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්‌ දී ඇත්තේ පදික වෙළෙඳුන්ට අත්වී ඇති ඉරණම පිළිබඳව සොයා බලා වහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට බව, නගරාධිපතිවරයා කියයි. ගරු අගමැතිවරයා උපදෙස්‌ දී තිබෙන්නේ මෙවැනි තකතීරු වැඩ සඳහා නොවන බව අපි නගරාධිපතිවරයාට කියමු. පදික වෙළෙඳුන්ට අත්වී ඇති ඉරණමට හේතුව සමහර නාට්‌ටාමි දේශපාලන අත පෙවීම් බවද අපි එතුමාට කියමු. කොළඹ ලෝකයේ 'හොඳම කක්‌කුස්‌සි වළ' බවට පත් කිරීම කරුණාකර නවතා දමන්න.

http://www.divaina.com/2015/06/24/editor.html

Pic1 Source
Pic2 Source

සබැඳි ලිපි -
[

පදික වේදිකාවේ වෙළදාම් කිරීමට අවසර දීමම මහ නගර සභා ආඥා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් - ප‍්‍රසන්න මුසම්මිල්ට ලියයිhttp://denethharinna.blogspot.com/2015/06/blog-post_33.htmlමුසම්මිල්ගේ අනුවණ අවසරයෙන් පදිකයන් අවුලට! කොළඹ නගරයේ පදික වෙළෙදාමට තහනම ඉවත් නොකරන්නැයි පදික ජනතාව ඉල්ලති!http://denethharinna.blogspot.com/2015/06/blog-post_58.htmlපදිකවේදිකාව පදිකයන්ට මිස වෙළඳුන්ට නොවේ! ඡන්දය වෙනුවෙන් වෙස් පෙරලූ මුසම්මිල්ට එරෙහිව සුන්දර කොළඹක් වෙනුවෙන් ප්‍රසන්න පෙරට!http://denethharinna.blogspot.com/2015/06/blog-post_31.html
]

Tuesday, June 23, 2015

පදික වේදිකාවේ වෙළදාම් කිරීමට අවසර දීමම මහ නගර සභා ආඥා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් - ප‍්‍රසන්න මුසම්මිල්ට ලියයි

පදික වේදිකාවේ වෙළදාම් කිරීමට අවසර දීමම මහ නගර සභා ආඥා පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව බස්නහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා කොළඹ නගරාධිපති එම්.ජේ.එම් මුසම්මිල් මහතාට දැනුම් දෙයි. මහ ඇමතිවරයා අවධාරණය කරන්නේ මහ නගරසභා ආඥා පනත යටතේ සදහන් විදිවිධානයන්ට අනුව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට මුසම්මිල් මහතා බැදී සිිටින බවයි.

කොළඹ පදික වේදිකාවන්හි නැවත වෙළදාම් කිරීමට අවසර ලබා දීම පිළිබද නගරාධිපතිවරයා කර ඇති ප‍්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට නීතිමය තත්වය පැහැදිලි කරමින් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා විසින් මුසම්මිල් මහතාට අද (22) යැවූ ලිපියක් මගින් මේ බව අවධාරණය කර තිබේ.

කොළඹ නගරාධිපතවරයා වශයෙන් මුසම්මිල් මහතා කටුයුතුු කළ යුත්තේ පදික වේදිකාව තුළ පදියන්ගේ නිදහසට බාදා වන පරිදි සිදු වන කි‍්‍රයාකාරකම් පාලනයට හා ඊට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට මිස පදික වේදිකාව තුළ වෙළදාමට අවසර ලබා දීමට නොවන බවද මහ ඇමතිවරයා යැවූ ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.

මහ නගර සභා ආඥා පනතේ සදහන් මහ නගර සභාව ඇතුලත වීදි සම්බන්ධයෙන් වන අර්ථ නිරූපනය අනුව පදික වේදිකාවද වීදියේ කොටසකි.  ඒ අනුව මහ නගර සභා ආඥා පනතේ 83 වන වගන්තියේ විදි විධාන වලට අනුව පදික වේදිකාව අවහිර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව රණතුංග මහතා පෙන්වා දෙයි.

පදික වේදිකාවේ වෙළදාමේ නිරත වූවන් වේ නම් ඔවුන් වෙනුවෙන් විකල්පයක් සලසා දීම. නගරාධිපතිවරයාගේ කාර්යයක් බවද මේ නිසා කොළඹ නගරයේ  විදිමත් භාවය හා අලංකාරයට බාධාවක් එල්ල නොවය යුතු බවද රනතුංගංග මහතාගෙග් අදහසයි. එබැවින්

අදාල නීති රීති ආරක්ෂා කරන ලෙසත් පදිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් මහ ඇමතිවරයා අදාළ ලිපිය මගින් කොළඹ නගරාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

– ප‍්‍රදීප් අනුර කුමාර
https://lankacnews.com/sinhala/news/132911/

Pic Source

සබැඳි ලිපි -
[
මුසම්මිල්ගේ අනුවණ අවසරයෙන් පදිකයන් අවුලට! කොළඹ නගරයේ පදික වෙළෙදාමට තහනම ඉවත් නොකරන්නැයි පදික ජනතාව ඉල්ලති!http://denethharinna.blogspot.com/2015/06/blog-post_58.html
පදිකවේදිකාව පදිකයන්ට මිස වෙළඳුන්ට නොවේ! ඡන්දය වෙනුවෙන් වෙස් පෙරලූ මුසම්මිල්ට එරෙහිව සුන්දර කොළඹක් වෙනුවෙන් ප්‍රසන්න පෙරට!http://denethharinna.blogspot.com/2015/06/blog-post_31.html
]

අපේ එළවළු, පලතුරු, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල ගොවීන් අප එනතුරු බලා සිටිනවා - කාගිල්ස් පේජ්

• පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්...

මං මේ මීඩියා එකට කතා කරන්නේ අවුරුදු පහකට පස්සේ. ඉස්සරට වැඩිය දැන් වැඩ වැඩියි.

• ඒ කියන්නේ ලාභය ගැන හිතලා හුඟක් වැඩ කරනවා.

නැහැ. ඉස්සරට වඩා මම දැන් රටට වැඩක් කරනවා. ගොවි මහත්තුරු 10,000 ක් එක්ක ඍජුව කරන ගනුදෙනුවේ ලාභය ගමටයි. ෆුඩ්සිටි සේවකයෝ 8000 ක්. තවත් වක්‍රාකාරව යැපෙන හුඟ දෙනෙක්. මේ හැමෝගෙම ජීවිත ගැන මට වගකීමක් තියෙනවා.

• හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නෙ කාගිල්ස් අයිතිකාර පේජ් පවුල සුද්දො කියලා...

ඒක වැරැදියි. පේජ්ලා යාපනේ උපන් ශ්‍රී ලාංකිකයෝ. ‘පේජ්’ කියන්නේ මගේ තාත්තගේ සීයා, ක්‍රිස්තියානු ආගම වැලඳගත් විට ලැබුණු නම.

• කාගිල්ස් අයිතිය තිබුණෙ සුද්දන්ට...

1948 න් පස්සෙ කාගිල්ස් අයිති වුණේ ශ්‍රී ලාංකිකයන්ට. එතකොටත් තාත්තා කාගිල්ස් සිලෝන් තියටර්ස් සමාගමේ චාටඩ් එකවුන්ටන්ට්.

එතැන වැඩ කරන ගමන් තමයි ටික ටික ‘පංගු’ ගත්තේ. තාත්තා කාගිල්ස් සමාගම හිමිකරගත් හතරවැනි ශ්‍රී ලාංකිකයා.

• කාගිල්ස් රටම ඇල්ලුවේ සුපර්මාකට් සංකල්ප‍ෙයන්. ඒ, සුද්දා දීපු දේට වෙනස් මොඩලයක් එකතු කරලා.

සල්ලිකාර වැදගතුන් විතරක් ගොඩවෙච්චි කාගිල්ස් සාප්පුව, රටේ ඕනෑම කෙ‍නකුට එන්න පුළුවන් තැනක් කළා. ඒක අහම්බයක්.

• අහම්බයක් වුණත් ඒ පිටුපස්ස දේශපාලකයෙක් හිටියා කියල නම් අහලා තියෙනවා...

හුඟක් අය බැන්නට, දේශපාලකයෝ ඉඳහිට හොඳ වැඩත් කරනවා.

• මොකක්ද ඒ කතාව...

කොම්පඤ්ඤ වීදියේ කාගිල්ස් සාප්පුව සුපර්මාකට් එකක් කළාම එළවළු පලතුරු ඕනැ වුණා. මං තව දෙන‍්නෙකුත් එක්ක හැමදාම පිටකොටු ගියා. මාළු මාකට් ගියා. පොඩි ප්‍රමාණවල් අරගෙන ආවා. එහෙම ඉඳිද්දියි මට එක් දේශපාලකයෙක් යෝජනාවක් ගෙනාවේ හඟුරන්කෙත අපේ ගමෙන් එළවළු ගන්න කියලා.

මුකුත්ම නොදැන මං ඒ ගමට ගියා. ගොවීන් මුණ ගැහුණා. මිනිස්සුන්ගේ අමාරුකම් දැක්කා. මුල් කාලෙ පාඩුයි. එන්න එන්න ලාභ ලැබුවා. රිස්ක් එකක් අරන් කරපු ඒ වැඩේ තමයි මගේ ටර්නින් පොයින්ට් එක වුණේ.

• ඔබ කියන්නේ උපතින් ම සල්ලිකාරයන්ගේ ජීවිතවලත් එහෙම හැරවුම් ලක්ෂ තියෙනවා කියලද...

ඒ 1999 අවුරුද්ද. මං කාගිල්ස් එකෙන් ඉවත් වෙන්න හදපු කාලේ. සිනමාව පැත්තෙන් බිස්නස් එකක් කරන්න හිතාගෙනයි අයින්වෙන්න හිතුවේ. හැබැයි අර දේශපාලකතුමාගේ යෝජනාවෙන් කාගිල්ස් සමාගම, මේ රටේ හැමෝගෙම තැනක් කරන්නට හැකි වුණා.

• ගොවීන්ට හොඳට ගෙවනවා කියලද ඔබ කියන්නේ....

ඒක දකින්න ගමට යන්න ඕනැ. අපේ එළවළු, පලතුරු, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවල ගොවීන් බලා ඉන්නවා. ඔවුන්ගේ අස්වැන්න අපට දෙන්න.

• ලංකාවට සුපර්මාකට් හඳුන්වලා දෙන්න ඔබ කොපි කළේ ලෝකෙ මොන කාගිල්ස් එකද...

ලෝකෙ තවත් කාගිල්ස් සාප්පු නැහැ. තියෙන්නේ ඇමරිකාවේ සුවිසල් cargill කොම්පැනිය විතරයි. ඒ නිසා මේක කොපියක් නෙවෙයි. අවුරුදු 3කට කලින් ඒ කාගිල් එකේ CEOත් පේජ් කෙනෙක්. එයා රොබට් පේජ්. මමත් ආර්. පේජ්. මගේ අනෙක් නම වැලන්ටයින්. උපන්නෙත් වැලන්ටයින් දවසෙ.

• බිස්නස් එක දියුණු කරන්න ඔබ අනුගමනය කළ බිස්නස් මොඩ්ල් එක මොකක්ද?

බිස්නස් මොඩ්ල්, බිස්නස් පර්සනලිටි ෆෝ ලීඩර්ෂිප් ඉගෙන ගන්න මං ලෝකෙ වටේ ගියේ නැහැ. නවලෝක මුදලාලි, දාස මුදලාලි, ඥානම් මුදලාලි වගේ උදාහරණ ඕනෑ තරම් මේ රටේ තියෙනවා.

• ආදරයයි බිස්නස් එකයි පටලවා ගත් අයට මොකද වෙන්නේද...

බිස්නස් එක කරන වෙලාවට සම්පූර්ණ අවධානය දෙන්න ඕනේ ඒකට විතරයි. 

• දරුවන්ට බිස්නස් එක බාර දෙන්න වයසක් තියෙනවද....

ඒක කවදාවත් වෙන්නෙ නැහැ. මගේ දුව රායා බිස්නස් ගැන කිසිම උනන්දුවක් නැහැ. එයා පිටරට සමාජ විද්‍යා ඩිග්‍රියක් කරනවා. පුතා රන්ධීර් ඉන්නෙත් පිටරට. එයා එහේ බිස්නස් ඩිග්‍රියක් කරනවා.

කාගිල්ස් කියන්නේ දැන් ෂෙයාර් හෝල්ඩ‍ර්ස්ලා ඉන්න, පබ්ලික් ආයතනයක්. මං, එයාලා පත් කළ නියෝජ්‍ය සභාපතිවරයා පමණයි. තවදුරටත් කාගිල්ස් පවුලේ බූදලයක් නෙවෙයි. ඒ නිසා තාත්තා යනකොට පුතා ගේනවා කියලා එකක් කාගිල්ස් එකේ නැහැ.

• එතකොට අවුරුදු 170 ක් පැරැණි සමාගමක අනාගතය කුමක් වෙයිද...

තාත්තගෙන් ගන්නවට වඩා වෙනස් විදිහේ කාගිල්ස් එකක් අපි හැදුවා. ඉදිරියේදී ඊටත් වඩා වෙනස්කම් එක්ක රටේ ආයතනයක් ලෙස එය පවතීවි.

• පේජ්ලා එක ‘ලෙවල්’ එකක මිනිස්සු. ගොවි බිමකදි ඔබේ දෙපයේ මඩ තැවරිලා තියෙනවද...

මම කුඹුරෙ කමතෙ ඉඳන් ඇඹුලත් කාලා තියෙනවා. ගොවීන් තමයි මගේ ශක්තිය. මේ ලබන මුදල් ආපහු ගමට යන්න ඕනෑ.

• මේ තරම් ව්‍යාපාරික ඥානය තියෙන එකේ පිටරට ව්‍යාපාරයකට අත ගහලා නැද්ද...

එක කාලයක් මං ට්‍රයි කළා ඉන්දියාවේ බිස්නස් එකක් පටන් ගන්න. රටේ සල්ලි වෙන රටවලට යවන්න එපා කියන එක මගේ තාත්තගේ ප්‍රතිපත්තිය.

• හැබැයි සුවිස් බැංකුවෙ නම් ඔබේ සල්ලි ඇති...

එහෙම බැංකු ගිණුමක් මට හරි වයිෆ්ට හරි දරුවන්ට හරි තියෙනවා කියලා හෝ පිටරටවල වෙන ගෙවල් තියෙනවා කියලා හෝ කවුරු හරි ඔප්පු කළොත් මං කාගිල්ස් එක එයාට දෙනවා.

• ඒ කියන්නේ ඔබ හදවතින් ම ශ්‍රී ලාංකිකයි...

මගේ අම්මා තාත්තා දෙන්නම යාපනේ. තාත්තා ඉගෙන ගත්තේ කොළඹ ආනන්දයේ. මං මරදාන ශාන්ත ජෝශප්, ඇක්වයිනාස් ඇතුළු ඉස්කෝල කිහිපයකම. ඇසුරු කළේ ජාතිය කුමක් වුණත්, එකම ලේ ඇති මිනිස්සු. මං හැදුණේ මේ රටෙන්. ඉතින් මං මේ රටට ණයයි. ඒ ණය පියවන්නයි, ගමට වැඩක් කරන්නේ.

• ඩිග්‍රි දෙක තුනක් කරලවත් ගන්න බැරි ඔබේ මේ ව්‍යාපාරික දැනුමෙ හොඳම අවස්ථාව මොකක් කියලද හිතන්නේ...

ලංකාවේ වැහෙන්න ගිය ආහාර නිෂ්පාදන ආයතන කිහිපයක්ම අපි මිලදී ගත්තා. ඒ එක අයිස්ක්‍රීම් එකක් ගැන කතාකරද්දියි, අඹ ටිකක් දැම්මොත් මොකද... කියන අදහස ආවේ. ඒකෙන් තමයි මැජික් අයිස්ක්‍රීම් හැදුණෙ.

මේ හැමදේම ප්‍රායෝගිකව ලබපු දැනුම මිසක් උපාධි ගහලා ලබපු දැනුමක් නෙවෙයි.

• සුපර්මාර්කට් මට්ටමේ අලුත් ව්‍යාපාර සංකල්පයක් රජය ඔබෙන් ඉල්ලුවොත්...

මේ රටේ පිටි කිරිවලටම අවුරුද්දකට ඩොලර් බිලියන තුන් හාරසීයක් යනවා. මේ මුදලින් හතරෙන් එකක් ගමට යවන ව්‍යාපෘතියක් කරන්න පුළුවන්. මං එවැනි දේකට උදව් කරන්න කැමැතියි. ඒ හැරෙන්න දේශපාලනයට මං කැමැති නැහැ.

• ඒත් ඉහළ මට්ටමේ එළවුළු පලතුරු වලට නේද ඉල්ලුම වැඩි...

ඒක මන් දන්නෑ. ගමේ එළවුළු, පලතුරු, කරවල, මාළු තමයි මං වැඩිපුර විකුණන්නේ. බෙල්පෙපර්, අරවා මේවා මං එච්චර කැමැති නැහැ.

• සල්ලිකාර සැමියෙක් විදියට ඔබ බිරියට විශ්වාසනීයයි කියල හිතනවද...

රෝෂනාරා මගේ වයිෆ්. මට මුණගැහුණෙ ඇක්වයිනාස් එකේදි. අපි යාළු වුණා. 'මං උතුරේ. ඔයා දකුණෙ. අපි දෙන්නා එකතුවෙලා රටේ මේ ප්‍රශ්න ටික විසඳමු'. ඉස්සර මං එහෙම කිව්වම එයා හිනාවුණා. ඒත් අවසානයේ ඇත්තටම පුළුවන් තරමට අපි එහෙම කළා.

• බොහෝ සල්ලිකාර බිරියන් ගෙවල්වල මල් පෝච්චි වගේ. ලස්සන විතරයි...

ම‍ගේ වයිෆ් වෙනස්. 1983 ස්ටේපල් වීදියේ පළමු කාගිල්ස් සුපර්මාර්කට් එක අරිද්දී එයා රාක්කවල එළවුළු ඇසිරුවා. කස්ටමර්ලගෙන් බැණුම් ඇහුවා. කැෂියර් වුණෙත් එයා. මගේ ඕනෑම අමාරු කාලයකදි ළගින් හිටියා.

• විශ්වවිද්‍යාලයට යන්න තිබුණා නම් කියල හිතුණේ නැද්ද...

කවදාවත් නැහැ. විශ්වවිද්‍යාලේ ගියා නම් මට වයිෆ්ව මුණගැහෙන්නෑ. හැබැයි මං අද ඇමෙරිකානු විශ්වවිද්‍යාලවලත් දේශන කරනවා. ලෝක බැංකුවෙත් සමුළුවලට යනවා. ඒ අය මගෙන් ඉගෙනගන්නවා.

• ආදරය සහ බලය අතරින් එකක් තෝරාගන්න කිව්වොත්...

මං ආදරය ‍තෝරාගන්නවා.

• ඇයි ඒ...

මං බොහොම ආදරණීය පුද්ගලයෙක්. මිනිස්සු ගැන මට මහා ආදරයක් තියෙනවා. බිස්නස් එක දෝලනය වෙන්නේ ජීවිත එක්ක. ගමත් එක්ක.

• සංකල්ප විතරක් තිබිලා, මුදල් නොතිබුණා නම් ඔය කියන සංකල්ප වැඩක් වෙයිද...

ඒකට හොඳම උදාහරණය මගේ ජීවිතයයි. මං රස්සාවක් හොයාගෙන යද්දි කවුරුත් මට ඒ කාලෙ රස්සාවක් දුන්නෑ. තාත්තගේ නම අහපුවම ඒ අය හිතුවෙම මං දෙන රස්සාව දාලා යයි කියලා. ඒ නිසා පළවැනියට ලැබුණු රස්සාව මං කළා. මට ඕන වුණේ වෙනසක්.

• මොකක්ද ඒ රස්සාව...

කටුනායක එයාර්පෝට් එකේ ‘වෙල්කම්’ බෝඩ් අල්ලගෙන ඉන්නයි, ඒ ගෙස්ට්ස්ලාගේ බඩු බෑග් උස්සාගෙන යන එකයි. ඒ රස්සාව. පඩිය රුපියල් 300යි. හැබැයි ටිප්ස් හම්බ වුණා. 1978 ඒක ලොකු ගණනක්. මගේ ආන්ටිලා, අක්කලා මට බැන්නා. හිනාවුණා. ඊට පස්සෙ මං ‘කෝනල් ඇන්ඩ් කම්පනි’ එකේ සේල්ස්මන් කෙනෙක් වුණා.

මං කාගිල්ස් එකේ රස්සාව බාරගත්තේ 1982 අවුරුද්දේ කාගිල්ස් කණපිට හරවන වැඩේ පටන්ගත්තේ 83 දි.

මිනිහෙකුට දියුණුවෙන්න ඕනෙනම් හිතන විදිය වෙනස් කරන්න.

• බිස්නස් එක ජීවිතය කරගත් කෙනකුට ගෙදර ජීවිතයක් තියෙනවද...

මොකද නැත්තේ. ජීවිතයේ හැම දවසක්ම අරඹන්නේ ගෙදරින්. උදේ නැඟිටලා මායි වයිෆුයි ඇ‍ඳේ ඉඳගෙනම ප්‍රෙයාස් කියනවා. ඒ අපි ආදරය කරන හැමෝම වෙනුවෙන්.

එයා උයලා දෙන දේ කනවා. ගෙදර බඩුමුට්ටු එහා මෙහා කරන්න උදව් ඉල්ලුවොත් ඒකත් කරනවා. අතුපතුගානවා. එන්න කිව්වොත් එනවා. යන්න කිව්වොත් යනවා. එතකොට එයත් සතුටුයි. මාත් සතුටුයි.

• ඒත් ඔබ අතට පයට වැඩකාරයෝ පිරිවරාගෙන ඉන්න පුළුවන් කෙනෙක්...

ඇයි මං වැඩ කළොත් මගේ මුකුත් අඩු වෙනවද... අනෙක අපිට වැඩ කරන අය සර්වන්ට්ස්ලා නෙවෙයි. හෙල්පර්ස්ලා. වෙලාවකට අපිත් ඒ අයට හෙල්පර්ස්ල වෙනවා.

• දැන් ඔබේ වයස කීයද...

56යි. ඒත් ඒවා අංක විතරයි. හිතින් තවම මං තරුණයෙක්.

• ෆැෂන් කරන්න කැමැති ද...

වයිෆ් තෝරලා දෙන එක තමයි ෆැෂන්. එයාට හොඳට ඒ දේ පුළුවන්. මං හුඟක් කැමැති කැෂුවල් අඳින්න.

• ‘කාගිල්ස්’ වෙනුවෙන් වැඩ කරන්නේ පේජ් දරුවන්ගෙන් ඔබ විතරද...

ඇල්බට් පේජ් මගේ තාත්තට ළමයි 8ක්. මම හත්වැනියා. හුඟදෙනෙක් පිටරට. ඒත් සභාපති සහ අධ්‍යක්ෂවරු ලෙස ඉන්නවා. මගේ අම්මා ගැන නම් කියන්නම ඕනේ. එයා ඉන්නෙ තනියම. වයස 91ක්. තවම එයා රහට උයනවා. හිතුණම මං එයාට කියලා කෑම හදාගෙන කනවා. කරවල, පොල්සම්බෝල, පරිප්පු, මාළු, කිරිහොදි මං ආසම දේවල්.

• තාත්තගෙන් පුතාට නොයන කාගිල්ස් එක දවසක පිටස්තරයන්ට අයිති වු‍ෙණාත්...

කිසිම දුකක් නැහැ. හැබැයි කවදාවත් පිටරට සමාගමකට නම් දෙන්නෑ. පබ්ලික් ආයතනයක් ලෙස තව පරම්පරා ගාණක් එය තිබේවි.

• චිත්‍රපට එහෙම බලන්න වෙලාවක් තියෙනවද...

‘හිතුවොත් හිතුවමයි’ මං අන්තිමට බැලුව චිත්‍රපටය. විජය, ටෝනි, මාලනී, ශ්‍රියානි මං කැමැතිම ආර්ටිස්ට්ලා.

• කැමැතිම ගීතය...

ලෝකෙ ජීවත්වන්නට ෆුඩ් සිටියක් ඕනෑවේ. ඒක මමම හදාගත්තු සින්දුවක්. 

ඉනෝකා පෙරේරා බණ්ඩාර
Source

සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්‌වමින් ගෙන යන වැඩ පිළිවෙළ රට බෙදීමේ සැලසුමක්‌ - ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමි

මෙරට සියයට හැත්තෑවක්‌ පමණ සිටින සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්‌වමින් ගෙන යන වැඩපිළිවෙළ තව වසර කීපයකින් රට බෙදීමේ සැලසුම් බවත්, එබැවින් එදාටත් වඩා අදට මේ ජය පිරිත් දේශනය වැදගත් වන බවත් පැපිලියාන සුනේත්‍රා මහා දේවි පරිවේනාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමිපාණෝ පැවසූහ.

තිස්‌වසරක කුරිරු යුද්ධය අවසන් වන කාලයේ ආරක්‌ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‌ෂ මහතා ආරම්භ කළ ජය පිරිත් දේශනය අටවැනි වරටත් මෙම මස 27 වැනිදා පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිනේදී පැවැත්වීම පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

රට බෙදීම කරා ගමන් කරන බව සිංහලයන්ට එරෙහිව කරන විවිධ ප්‍රකාශවලින් පැහැදිලි වෙනවා. පසුගිය දවසක මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ රට සිංහල රටක්‌ කියලා කොහෙද තියෙන්නේ පෙන්වන්න යනුවෙන් පවසා තිබෙනවා. ඒවගේම උතුරේ ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා කියා තිබෙනවා එල්. ටී.ටී.ඊ. එක නැති වුණාට පස්‌සේ උතුරේ හමුදාව කුඩු ජාවාරම කරනවා කියලා. ජාතික ගීතය දෙමළෙන් ගායනා කිරීමටත් ජාතික කොඩියේ සිංහයා ඉවත් කර වෙනත් කොඩියක්‌ නිර්මාණය කරන්නත් කැබිනට්‌ අනුමැතියක්‌ ලබාගෙන තිබෙනවා.

මේ රට වසර 12 ක්‌ පාලනය කරපු චන්ද්‍රිකා මැතිනිය දන්නේ නැතිලු මේ රට කාගෙද කියලා. මේවායින් පේන්නේ වසර කීපයකින් මේ රට බෙදීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වන බවයි.

ඉකුත් යුද්ධයේ ජීවමාන සාක්‌ෂි කරුවාණන් වන්නේ මහින්ද රාජපක්‌ෂ මහතායි. ඒ අන් කිසිවක්‌ නිසා නොවෙයි. එතුමා මේ රට නිදහස්‌ කරල දුන්නු නිසයි. එතුමාට පෙර මේ රට එක්‌සේසත් කළේ සවැනි පැරකුම්බා රජතුමායි. එතුමාගේ මෑණියන් සිහිවීම පිණිස ආරම්භ කළ මේ පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් විහාරස්‌ථානයේ ඉඳගෙන ජුනි 27 වැනිදා පස්‌වරු 5.00 ට මහා සංඝරත්නය 1500 නමක්‌ වැඩමවා 8 වැනි වතාවටත් ජයපිරිත් දේශනය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙ පිරිත් සඡ්ජායනාව කරන්නේ යුද්ධයෙන් ආබාධිත සෙබළුන්ට හා පවුල්වල අයට ආශිර්වාද පැතීමත් මියගිය සෙබළුන්ට පිං පැමිණවීමත් සමස්‌ත රටවැසියන්ට ආශිර්වාද පැතීමත් මුල් කරගෙනයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ සහභාගිත්වයෙන් කෙරෙන මේ උතුම් පිංකමට සමස්‌ත රටවැසියන්ට ඇරයුම් කරනවා.

මෙහිදී කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ යන මහත්වරුන්ද අදහස්‌ පළකළහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඡායාරූපය- ඥනතිස්‌ස ජයවර්ධන
http://www.divaina.com/2015/06/23/news19.html

Pic Source

සබැඳි ලිපි -
[ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]

හෙරොයින් කරල් 34ක්‌ ගිල ඩුබායි සිට පැමිණි මූසලුවා මාට්‌ටු! කුස තුළ හෙරොයින් එළියට ගනිමින් සිටිනවා! - රේගුව

ඩුබායි සිට හෙරොයින් බවට සැක කරන කරල් 34ක්‌ ගිල පැමිණි පාකිස්‌තානු ජාතිකයකු කටුනායක බණ්‌ඩාරනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පෙරේදා (21වැනිදා) පස්‌වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

පෙරේදා පස්‌වරුවේ Eණ 348 දරන ගුවන් යානයෙන් ඩුබායි සිට පැමිණි මෙම පුද්ගලයාගේ ගමන් විලාසය පිළිබඳ සැක සිතූ රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී කුස තුළ හෙරොයින් කරල් ඇති බව තහවුරුවීමෙන් පසු එම පුද්ගලයා රේගු නිලධාරීන් විසින් මීගමුව රෝහලට ඇතුළත් කර ඒවා එළියට ගනිමින් සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

අවුරුදු 20ක්‌ වයසැති මෙම පුද්ගලයාගේ කුස තුළ තිබී ඊයේ (22වැනිදා) පස්‌වරුව වන විට හෙරොයින් බවට සැක කරන කරල් 34ක්‌ පිටතට ගත් බවද ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය. මෙම පුද්ගලයා මීට පෙර එක්‌ වතාවක්‌ මෙරටට පැමිණ ගොස්‌ තිබෙන බව ඒ මහතා කීය. නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ආරියපාල, එම්. කේ. උදය ගාමිණී සහ සහකාර රේගු අධිකාරි එම්. එම්. එම්. රිස්‌වි යන නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී.

ප්‍රභාත් විතාන
http://www.divaina.com/2015/06/23/news18.html

Pic Source

සබැඳි ලිපි -
[
ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙනා මූසලුවා දිවි ඇති තෙක්‌ හිරේ
http://denethharinna.blogspot.com/2015/05/blog-post_20.html
තැපෑලෙන් කුඩු එවූ පාකිස්‌තානුවාට අනුබල දුන් මොහොමඩ් ෆලීල් සිත්ති පාතිමා ලක්‍ෂ 135 ක ඇපhttp://denethharinna.blogspot.com/2015/04/135.htmlකුඩු සිද්ධික් පාකිස්ථානයේදී කොටු. ලංකාවට එවයි!http://denethharinna.blogspot.com/2015/03/blog-post_57.htmlඅහමඩ්, ඉල්ෂාඩ්, අබ්දුල් ගවාර්, සබීර්, තාජුඞීන්.... සිට සිම්සාන් දක්වා, මූසලු කුඩු බූවල්ලන් නිසා වැනසෙන සිංහල තාරුණ්‍යයhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_60.htmlකුඩු කිලෝ පහක් සමඟ මූසලු කුඩු රජු ‘සිමිසාන්’ අල්ලයිhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_48.htmlදිගු කලක් කුඩු ජාවාරම් කළ මොහොමඩ් මරණ දඬුවම නියම කරද්දී සිහිසුන්ව වැටෙයිhttp://denethharinna.blogspot.com/2015/02/blog-post_20.html
මොහොමඩ් ඉල්ෂාඩ් ගෙන් හෙළි වූ තොරතුරු අනුව අබ්දුල් ගවාර් පාකිස්‌තාන කුඩු කප්පිත්තා දෙහිවලදී දැලේ
http://denethharinna.blogspot.com/2014/09/blog-post_68.html
මොහොමඞ් සබීර් කුඩු රජු ලංකාවේ අංක 1 - වෙලේ සුදා හා සිද්දික්ගේ මත්කඩු ජාරාවමේ මෙරට ප‍්‍රධානියා
http://denethharinna.blogspot.com/2014/08/1.html
ලංකාවේ තුන්වන කුඩු රජා ‘අහමඞ් සබීර් තාජුඞීන්’http://denethharinna.blogspot.com/2014/08/blog-post_32.html
තනුඡ්දීන්ගේ කුඩු කිලෝ 39 ඕස්ට්‍රේලියාවට තේ ලෙස යවන්න හදලා! මූසල කුඩු ප්‍රිති අපනයන මාෆියාවෙන් ශ්‍රි ලාංකීය අපනයනයන්ට දැඩි බලපෑමක්
http://denethharinna.blogspot.com/2014/08/39.html
තවත් මූසල කුඩු රජෙක් (තනුඡ්දීන්) මාට්ටු! මෙවර කිලෝ 59යි
http://denethharinna.blogspot.com/2014/08/59.html
කන්ටේනර් පිටින් ලංකාවට කුඩු එවන්නේ මාළිගාවත්තේ ‘සිද්ධික්’http://denethharinna.blogspot.com/2014/07/blog-post_43.htmlමෙවරත් මුසලුවන්! පෙර වාර්තා බිඳේ. දැවැන්තම හෙරොයින් තොගයක් රේගු අත්අඩංගුවේ! උපවාසය නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට අපහසුයි?http://denethharinna.blogspot.com/2014/07/blog-post_4915.htmlකුඩු කල්ලියේ සාමාජිකයෝ ඩුබායි හා පාකිස්‌තානයේ - එස්‌.ටී.එෆ් අණදෙන නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_1487.htmlකෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!http://denethharinna.blogspot.com/2014/06/68.htmlඅල්ලාහු අක්බර් - ලෝකයටම කුඩු බෙදන්නේ මුසලු ඇෆ්ගනිස්ථානයෙන් | මුසලු අඹුසැමි යුවළ ඖෂධ උපකරණ අස්‌සේ ගෙනා හත්ලක්ෂයක කුඩු තොගය මාට්ටුhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9095.htmlමුසලු කුඩු හොරුන්ට නඩු නෑ... කාගේ බලපෑමක්ද?http://denethharinna.blogspot.com/2014/04/blog-post_1335.htmlකුඩු මුසලුවන්ගේ වෘත්තියද? හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි මුසලු දෙසොහොයුරියන් දිවි ඇති තෙක්‌ හිරේhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_30.htmlකුඩු සමඟ මොහොමඩ්ලා! මොහොමඩ් චාලි, මොහොමඩ් අල් සබ්රි, මොහොමඩ්...http://denethharinna.blogspot.com/2014/04/blog-post_14.htmlකෝටි 2 ක කුඩු සමඟ කුඩු උවඉසුත් දැලේ. කුඩු මෙහෙයවන්නන් සාතිශය බහුතරය මුසලුවන්http://denethharinna.blogspot.com/2014/04/2.htmlමෙරටට කුඩු ගෙන්වන සියල්ලන් මුසලුවන්??? හොරොයින් තොගයක් සමඟ පාකිස්තානුවෙක් ගුවන්තොටේදී අල්ලයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2568.htmlමේ මුසලු කුඩු ජාවාරමේ එක් දාමයක් පමණි! කුඩු ගෙනාවේ 'මොහොමඩ් චාලි' - බාරගන්න හිටියෙ 'මොහොමඩ් සබ්රි' - බඩු එව්වේ 'සිද්ධික්‌'http://denethharinna.blogspot.com/2014/03/blog-post_3335.html‘බෝල්ට්’ මොහොමඞ් ඩබලම අත්අඩංගුවට. වැඩකරන්නේ ලාංකික කුඩු රජු සිද්දධික් යටතේ! කලින් කුඩු කිලෝ 12ක් ගෙනා සියාමුත් දැලේ...http://denethharinna.blogspot.com/2014/03/12.htmlකළින් 3වතාවක් මහා පරිමාණයෙන් ගෙන්වලා! කුඩු කිලෝ 36 ක්‌ ගෙනා පාකිස්‌තානු කුඩු රජා සහ මෙරට මුසලු කුඩු ප්‍රධානී මොහොමඩ් දැලේhttp://denethharinna.blogspot.com/2014/03/3-36.htmlකුඩු කිලෝ 36 මහ මොළකරුවන් පකිස්ථානු මුසලුවා සහ ලාංකීය කුඩු මුසලුවා දැලේhttp://denethharinna.blogspot.com/2014/03/36_19.htmlමුසළුවන් කපටි මොළයෙන් මෙහෙයවෙන, සිහළුන් බී නැසෙන, ලංකාවේ නම කුඩු කරන, කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_6273.htmlපාකිස්‌තානයෙන් බෝල්ට්‌ ඇණ පෙට්‌ටි දෙකක කෝටි 36ක කුඩුhttp://denethharinna.blogspot.com/2014/03/36_11.htmlමෙරට පකිස්ථානු මුසලුවෙකුගේ නමට පකිස්ථානයෙන් තවත් කිලෝ 36ක කුඩු තොගයක්http://denethharinna.blogspot.com/2014/03/36.htmlස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'http://denethharinna.blogspot.com/2013/10/blog-post_9711.html
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlමේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

කැලේ මාරු උනත් පුල්ලි වෙනස් නොවන කොටියා කොටියාමයි!

සියල්ල සතියකින් අමතක වන බව පැවසෙන මේ රටේ බහුතරයක්‌ ඇත්තන්ට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිහිකැඳවීමක්‌ කර තිබේ. ඒ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කළද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලයද, මූල්‍යජාලයද හොඳහැටි ක්‍රියාත්මකවන බවය.

වර්ෂ 2009 මැයි මස වන විට මෙරට හමුදා විසින් කොටියාගේ ඉතිරිව තිබූ අවසන් දතද ගලවා දමනු ලැබීය. දත් සියල්ල ගැලවූ පමණින් කොටියා ඌට ආවේනික සත්ව හැසිරීමෙන් මිදේවිද? දත් නැතත් කොටියා කොටියාමය. දත් නැතිවූ පමණින් කොටියාට උගේ ගොදුර වෙත ඇති දොළ සන්සිඳෙන්නේ නැත. ශ්‍රී ලාංකිකයා තේරුම්ගත යුතුවන්නේ එයයි. උතුරේ හෝ නැගෙනහිර අවිගත් කොටි නැතිවුණිද, දකුණේ බෝම්බ බැඳගත් කොටි නැති වුවද, අවිගත් හෝ බෝම්බ බැඳගත් කොටියාගේ අවසාන ඉලක්‌කය තවදුරටත් කොටි සංවිධානයේ අවසාන ඉලක්‌කයම වන්නේය. අවිය සහ බෝම්බය ඊළාම් රාජ්‍යයක්‌ යන අරමුණට යැම පිණිස තිබූ එක්‌ ප්‍රවේශ මාර්ගයක්‌ පමණි. එම අරමුණ කරා යැමට තවත් විකල්ප මාර්ග රැසක්‌ තිබෙන බව කොටියා දනියි. කොටි ජාත්‍යන්තර ජාලයත්, මූල්‍යජාලයත් ක්‍රියාත්මක වන්නේ විකල්ප මාර්ග ඔස්‌සේ සිය ඉලක්‌කයට යැම පිණිස අවශ්‍ය මගවියදම සොයාදීමටය. මාර්ගෝපදේශනය සැපයීමටය. 

එල්.ටී.ටී.ඊයේ පළමු ජාත්‍යන්තර නියෝජිතයා ලෙසින් සැලකෙන එන්. එස්‌. ක්‍රිෂ්නන්ගෙන් පටන්ගත් එහි ජාත්‍යන්තර ජාලය විටෙක ලොව පුරා කාර්යාල 42ක්‌ ක්‍රියාත්මකවන තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය විය. හැත්තෑව දශකයේ අගභාගයේ ඇරඹුණු ඊළාම්වාදයේ ජාත්‍යන්තර ක්‍රියාකාරිත්වය 2009 දී සටන් පරාජයත් සමගින් අවසන් වූවායෑයි අප අද සිතන්නේ නම් හෙට සිට රටේ ප්‍රධාන ආහාරය තණකොල බවට පත්කර තුන්වේලට අතිරේක පෝෂණයක්‌ ලෙසින් පුන්නක්‌කු ලබාදිය යුත්තේය.

කොටියාගේ සැබෑ ශක්‌තිය තිබුණේ ප්‍රභාකරන්ගේ යුද යාන්ත්‍රණයේ නොවේ. ඒ සියල්ල රැඳී තිබුණේ මේ ජාත්‍යන්තර සහ මූල්‍යජාලය මතයි. රාජ්‍ය නායකයන් දෙදෙනෙකු (ඉන්දියාවේ රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ රණසිංහ ප්‍රේමදාස) මරණයට පත්කිරීමට හැකිවූ ලොව එකම ත්‍රස්‌තවාදී සංවිධානය, ගුවන් බලයක්‌ හිමි ලොව එකම ත්‍රස්‌තවාදි සංවිධානය, නැව් 20 ක හිමිකාරිත්වය ඇතුළු ලොව කිසිදු ත්‍රස්‌ත කල්ලියකට නොදෙවෙනි තැනට එල්.ටී.ටී.ඊ ය පත්කරන්නේ මෙකි ජාත්‍යන්තර සහ මූල්‍යජාලයයි. වෙනම බැංකු, වෙනම පොලිසි, වෙනම උසාවි හදමින් වෙනම රාජ්‍යයක්‌ බවට ජාත්‍යන්තර පිළිගැනීමට ලක්‌වීම සඳහා අවශ්‍ය සාධක සම්පූර්ණ කිරීම උදෙසා වන මොළය තිබුණේ ප්‍රභාකරන් නම් වත්මන් නිරිසතා (අපායගාමී වූ සත්වයා) තුළ නොව මෙකී ජාලය තුළය. අවශ්‍ය නම් කොටියාගේ ගැලවුණු දත් සවිකර ගොදුර වෙත උසිගැන්වීමටද, නැතිනම් ජාත්‍යන්තරයේ හිස මතින් ඉතාම නිරුපද්‍රිතව ගොදුර කොටියාගේ කටේ එබීමටද හැකියාව මෙකී ජාත්‍යන්තර සහ මුල්‍ය ජාලයට ඇත. 

කොටියා තුවක්‌කුව හෝ බෝම්බය රැගෙන එද්දී පිපිරුම් හඬ මගින් එවැනි විනාශකාරියකු සිටින බව දැන එයට ප්‍රතිචාර දැක්‌වීම පහසුය. නමුත් මෙකී ජාත්‍යන්තර සහ මූල්‍යජාලය විසින් කොටියා අපූරුවට මේකප් කර දෙවඟනක සිරිගන්වා සිය අරමුණට රැගෙන යන විට එය හඳුනාගැනීම පහසු කටයුත්තක්‌ නොවේ. එහිදී එකදු උණ්‌ඩයක්‌ හෝ වැය නොකර, සිය එකදු සාමාජිකයකු හෝ බිලි නොදී ඉලක්‌කය සපුරා ගැනීමේ අතිරේක වාසියක්‌ද කොටියා සතුය. ශ්‍රී ලාංකේය ජාතියේ අවධානයට යොමු විය යුතු කරුණ වනුයේ මෙයයි.

ඒ ඊළාම් රාජ්‍යය, ශ්‍රී ලංකාව නැමැති රට මත්තේ බිහිකිරීමට නොහැකිම නම් හෙට එය තමිල්නාඩුවේ හෝ ජොහැන්ස්‌බර්ග්හි හෝ ටොරෙන්ටෝහි ඉඳිවිය හැකිබව ජාත්‍යන්තරයට පෙන්වා දිය යුතුය. එසේ පෙන්වා දීමට නම් ලක්‍ෂ්මන් කදිරගාමර් වැනි විශිෂ්ට ශ්‍රී ලාංකිකයකුටම විය යුතුය. රටවල් 32ක්‌ තුළ එල්.ටී.ටී.ඊ ය තහනමට ලක්‌වන තැනට වැඩ සැලැස්‌වීමට ඒ මහතාණෝ සමත්වූහ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කරන ලද එම අනතුරු ඇඟවීමෙන් කියනුයේ, විශිෂ්ට කදිරගාමර් කෙනෙකු සහ ජාත්‍යන්තරයේ කොටි ක්‍රියාකාරිත්වය විනිවිද දැකිය හැකි අතිශයින් ශක්‌තිමත් රාජ්‍ය බුද්ධි අංශයක අවශ්‍යතාවයම නොවේද?

http://www.divaina.com/2015/06/23/editor.html

Pic Source

සබැඳි ලිපි -
[
කොටි ජාත්‍යන්තර ජාලයත් මූල්‍ය ජාලයත් හොඳ හැටි ක්‍රියාත්මකයි - ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවhttp://denethharinna.blogspot.com/2015/06/blog-post_53.html
]

මුසම්මිල්ගේ අනුවණ අවසරයෙන් පදිකයන් අවුලට! කොළඹ නගරයේ පදික වෙළෙදාමට තහනම ඉවත් නොකරන්නැයි පදික ජනතාව ඉල්ලති!

කොළඹ නගරයේ යළි පදික වෙළෙඳාම් කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ජනතාව පවසති.

මෙම පදික වෙළෙදාම් නිසා කොළඹ නගරය අවලස්‌සන බවද ප්‍රකාශ කළ ඔවුහු යළිත් කොළඹ නගරයේ ගැට කපන්නන් මංකොල්ලකරුවන් මත්කුඩු ජාවාරම්කරුවන් වැඩි වැඩියෙන් බිහිවීමේ ප්‍රවණාතාවන් මතු වී ඇතැයිද කීහ.

පදික වෙළෙඳුන් නිසා තමන්ට මහා මාර්ගයේ ගමන් කිරීමට සිදුවන බවත් මේ නිසා විවිධ අනතුරුවලටද මුහුණ පෑමට සිදුවන බවත් ඔවුහු කියති.

මේ නිසා පදික වෙළෙඳාම තහනම් කර යළි පෙර පරිදිම පදික වේදිකාව තමන්ට නිදහසේ යාහැකි අයුරින් තබන් නැයි පදික ජනතාව වත්මන් රජයෙන් ඉල්ලා සිටිති.

අප මේ ගැන කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතාගෙන් විමසූ විට කියා සිටියේ කොළඹ නගරයේ සියලුම මංමාවත්වල පදික වෙළෙඳාම් කටයුතු ආරම්භ කිරීමට වෙළෙඳුන්ට යළි අවසරය ලබා දුන් බවත් වසර ගණනාවක්‌ තිස්‌සේ පදික වේදිකාව සිය ජීවනෝපාය කරගත් අසරණ වෙළෙඳුන් විශාල පිරිසක්‌ පසුගිය රජයේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටි බවයි.

ඔවුන් ආරක්‌ෂා කිරීම නගරාධිපතිවරයා වශයෙන් තම වගකීම බැවින් එම පදික වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසට පොලිසියට දැනුම් දුන් බවද හෙතෙම කීය.

මෙම පදික වෙළෙඳුන්ට අත්වී ඇති ගැටලු ගැන සොයා බලා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද තමාට දැනුම් දුන් බවද නගරාධිපතිවරයා කියා සිටියේය. 

පදිකයන්ට ගැටලුවක්‌ ඇති නොවන පරිදි තම වෙළෙඳාම් කටයුතු පවත්වාගෙන යන ලෙසට ද තමා පදික වෙළෙඳුන්ට දැනුම් දුන් බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් 
http://www.divaina.com/2015/06/23/provin03.html

Pic Source

සබැඳි ලිපි -
[
පදිකවේදිකාව පදිකයන්ට මිස වෙළඳුන්ට නොවේ! ඡන්දය වෙනුවෙන් වෙස් පෙරලූ මුසම්මිල්ට එරෙහිව සුන්දර කොළඹක් වෙනුවෙන් ප්‍රසන්න පෙරට!http://denethharinna.blogspot.com/2015/06/blog-post_31.html
]

දෙවියන් නමින් මූසලු අල්ශබාබ් ත්‍රස්‌තයෝ සෝමාලියානු බුද්ධි මූලස්‌ථානයට පහර දෙති!

අල්ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම සෝමාලියානු අගනුවර පිහිටි බුද්ධි අංශ මූලස්‌ථානයට පහර දී ඇත. 

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉරිදා දිනකය.

මෙම මූලස්‌ථානයට කාර් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වී ඇති අතර පසුව අල්ශබාබ් ත්‍රස්‌තයෝ එයට කඩා වැදී ඇත.

අල්ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම සෝමාලියානු රජයට එරෙහිව වසර ගණනක සිට සටන් වදී. 

http://www.divaina.com/2015/06/23/forign02.html

නව මසක් පුරප්පඩු වූ ආරක්ෂක ඇමති ධූරයේ දිවුරුම් දුන් දින ඇෆ්ගන් පාර්ලිමේන්තුවට මූසලු තලෙබාන් ප්‍රහාරයක්‌

ඇෆ්ගනිස්‌තාන පාර්ලිමේන්තුවට ඊයේ (22 දා) පෙරවරුවේ තලේබාන් ප්‍රහාරයක්‌ එල්ල වී ඇත. විශාල පිපිරීම් හතරක්‌ සමඟම වෙඩි හුවමාරුවක්‌ ද සිදු වූ බව එරටින් ලැබෙන ආරංචි මාර්ග කීය.

කාබුල් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළත දොරටුවට කාර් බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වී ඇති අතර එයින් පසු තලේබාන් සාමාජිකයෝ වෙඩි තබමින් මෙම ගොඩනැඟිල්ල වෙත කඩා වැදීමට උත්සාහ කර ඇත.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ පාර්ලිමේන්තු රැස්‌වීමක්‌ පැවැත්වෙමින් තිබී ඇති අතර සියලු මන්ත්‍රීවරුන් ආරක්‍ෂිතව මෙම ගොඩනැඟිල්ලෙන් ඉවත් කර ඇත.

මෙම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 18 දෙනකු තුවාල ලබා ඇත. මන්ත්‍රීවරුන් කිසිවකු තුවාල ලබා නැත. සිදිකි මුබාරෙස්‌ නම් ඇෆ්ගන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මේ පිපිරීමත් සමඟ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල සෙලවී වීදුරු කඩාවැටුණු බවයි.

පුරා මාස නමයක්‌ තිස්‌සේ පුරප්පාඩුව පැවැති ඇෆ්ගන් ආරක්‍ෂක ඇමැති තනතුරේ දිවුරුම් දීම සඳහා මෂුම් ස්‌ටැන්කේසායි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ සුළු මොහොතකට පසු මේ ප්‍රහාරය එල්ල වී ඇත.

තලේබාන් සංවිධානය මේ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

විදෙස්‌ මාධ්‍ය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල තවමත් වෙඩි හුවමාරු සිදුවන බවයි.

http://www.divaina.com/2015/06/23/news07.html

පදිකවේදිකාව පදිකයන්ට මිස වෙළඳුන්ට නොවේ! ඡන්දය වෙනුවෙන් වෙස් පෙරලූ මුසම්මිල්ට එරෙහිව සුන්දර කොළඹක් වෙනුවෙන් ප්‍රසන්න පෙරට!

පදිකවේදිකා ඇත්තේ පදිකයන්ට මිස වෙළදාම් කිරීමට නොවන බැවින් නැවත කොළඹ නගරයේ පදිකවේදිකාවේ වෙළදාම් කිරීමට වෙළදුනට ඉඩ ලබා නෙදෙන ලෙසත් ඒ සම්බන්ධයෙන් දැනට ඇති තහනම දිගටම කි‍්‍රයාත්මක කිරීමට මැදිහත් වන ලෙසත් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකොන් මහත්මියට දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් අද දින පලව ඇති පුවත්පත් වාර්තා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මහ ඇමතවරයා මෙම දැනුම්දීම කර තිබේ.

පළාත් පාලන කොමසාරිස්වරියට මහ ඇමතිවරයා යැවූ ලිපියේ සදහන් වන්නේ නැවතත් කොළඹ පදික වේදිකාවේ වෙළදාම් කටයුතු ආරම්භ වුවහොත් කොළඹ නගරය තුළ මීට කලින් පැවැති ආකාරයේ ජනතාවට පීඩාකාරී පරිසරයක් ඇති වීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි. එබැවින්  කොළඹ නගරාධිපතිවරයාගේ මෙම උත්සාහයට බස්නාහිර පළාත් පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට කිසිසේත් ඉඩ ලබා දිය නොහැකි  බව මහ ඇමතිවරයා විසින් යවනු ලැබූ ලිපියේ අවධාරණය කර තිබේ.

පදිකවේදිකාව ඇත්තේ පදිකයන්ට මිස වෙළදුන්ට නොවන බවත් පදිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගකීමක් වන බැවින් නැවත කොළඹ පදික වේදිකාවේ වෙළදාම් කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් අදාළ ලිපියෙන් මහ ඇමතිවරයා කොමසාරිස් වරිය වෙත දැනුම් දී ඇත. එමෙන්ම මේ සම්බන්ධයෙන් ගත් පියවර දින 03 ක් ඇතුළත තමා වෙත දැනුම් දෙන ලෙස ද රණතුංග මහතා කොමසාරිස්වරියට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ කොළඹ නගරය ගෙවුණු වසර 06 ක කාලය තුළ දී ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වූ සංචාරක නගර අතර ප‍්‍රථම ස්ථානයට පත්ව ඇති බවයි. සීඝ‍්‍ර සංවර්ධනයට ලක් වූ නගර අතර මාස්ටර් කාඞ්, ග්ලෝබල් ඩෙස්ට්නේෂන්, සිටිඉන්ඩෙක්ස් දර්ශකයට අනුව මුල් තැනට තේරී පත් වී ඇත්තේ ද කොළඹ නගරයයි. කොළඹ නගරයට මේ තැන ලැබුණේ පසුගිය රජය විසින් ගෙන ගිය කොළඹ ලස්සන කිරීමේ වැඩසටහන නිසා බව මහ ඇමතිවරයාගේ අදහසයි.

පදිකවේදිකාව තුළ වෙළදාම කිරීම නිසා පසුගිය කාලයේදී කොළඹ නගරය තුළ පදිකයෙකුට ගමන් කිරීමට පවා  නොහැකි තත්වයක් තිබිණි. ඔවුන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වූ අතර වෙනත් නීති විරෝධී කටයුතු ද පදික වෙළදාමට මුවා වී සිදු කෙරුණු බව රහසක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ නගරය ලස්සන කිරීමේ වැඩසටහන යටතේ පදික වෙළදුන්ට ඒ සදහා සුදුසු ස්ථාන ලබා දීමට පියවර ගත් බව ද රණතුංග මහතා පෙන්වා දෙයි.  ඒ අනුව කළ යුතුව ඇත්තේ එම වැඩපිළිවෙලින් කිසිවෙකුට අසාධාරණයක් සිදුව ඇත්නම් ඊට සුදුසු පරිදි සාධාරණය ඉටු කිරීම මිස කොලඹ නගරය ලස්සන කිරීමේ සමස්ථ වැඩපිළීවෙල විනාශ කිරීම නොවේ.

එදා නිහඩව සිටි කොළඹ නගරාධිපතිවරයා අද වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු මේ කැස කවන්නේ කුමකටදැයි පැහැදිලිය. මෙය ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පිට පොට ගැසීමකි. සිය පටු දේශපාලන උවමනාව වෙනුවෙන් කොළඹ නගරය හා පදිකයන්ගේ අයිතිවාසිකම් උගසට තැබීමට එක්සත් ජාතික පක්ෂය දරණ මේ උත්සාහය දැඩි ලෙස හෙලා දකින බවද බස්නාහිර පළෘත් මහ ඇමතිවරයා දැඩි ලෙස අවධාරණය කරයි.

මෙමගින් නැවත නැවතත් තහවුරු වන්නේ රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ ලැජ්ජා නැති කම බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

– ප‍්‍රදීප් අනුර කුමාර
https://lankacnews.com/sinhala/news/132872/

Pic Source