
කාබුල් පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළත දොරටුවට කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එයින් පසු තලේබාන් සාමාජිකයෝ වෙඩි තබමින් මෙම ගොඩනැඟිල්ල වෙත කඩා වැදීමට උත්සාහ කර ඇත.
මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ පාර්ලිමේන්තු රැස්‌වීමක් පැවැත්වෙමින් තිබී ඇති අතර සියලු මන්ත්‍රීවරුන් ආරක්‍ෂිතව මෙම ගොඩනැඟිල්ලෙන් ඉවත් කර ඇත.
මෙම ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 18 දෙනකු තුවාල ලබා ඇත. මන්ත්‍රීවරුන් කිසිවකු තුවාල ලබා නැත. සිදිකි මුබාරෙස් නම් ඇෆ්ගන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මේ පිපිරීමත් සමඟ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල සෙලවී වීදුරු කඩාවැටුණු බවයි.
පුරා මාස නමයක් තිස්‌සේ පුරප්පාඩුව පැවැති ඇෆ්ගන් ආරක්‍ෂක ඇමැති තනතුරේ දිවුරුම් දීම සඳහා මෂුම් ස්‌ටැන්කේසායි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණ සුළු මොහොතකට පසු මේ ප්‍රහාරය එල්ල වී ඇත.
තලේබාන් සංවිධානය මේ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.
විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල තවමත් වෙඩි හුවමාරු සිදුවන බවයි.
http://www.divaina.com/2015/06/23/news07.html
0 comments:
Post a Comment