.jpg)
'දැන්ම පැවිදිවෙන්න එපා. කසාදයක් බැදලා දෙදෙනාම එකට පැවිදිවෙන්න. අවුරුදු හැට පිරුණාට පස්‌සේ පැවිදිවෙන්න. පැවිදි වෙන්න අවශ්‍ය නැහැ. හොඳින් ජීවත්වුනාම ඇති. කසාද බැඳල දරුවෙක්‌ව පැවිදිකරවන්න. තමා තුළම සැඟවී සිටි වදකයා භවගමනේ පටිච්චසමුප්පන්නව, මාව වදයට පමුණුවන්න මොනතරම් සුරතල් වදන් කියල තිබෙනවාද? ආදරය පෙන්වලා වදකයා කල්ප කොච්චරකට ඔබව පුච්චලා දමන්න ඇතිද?
එක්‌තරා තීරණාත්මක රාත්‍රියකදී වදකයා භික්‍ෂුවට බෝහෝම ලස්‌සන අදහස් දෙනවා එම අදහසේ ආදරය ලෙන්ගතුබව කරුණාව හොඳින් තවරලයි තිබුණේ. වදකයා භික්‍ෂුවට කියනවා, 'නිවීම උදෙසා ඔබ ජීවිතය මරණයට දමන්න එපා. ඔබ මේ ව්‍යයාමයේදී අපවත් වුවහොත් ඔබට නිවන අහිමිව'ය කියල. භික්‍ෂුව මේ වෙලාව වෙනකොට වදකයාව හඳුනාගෙනයි සිටින්නේ. ඒ හඳුනාගැනීම තුළින් වදකයා බැසගෙන සිටිනවාය කියල භික්‍ෂුව අවබෝධයෙන්ම දන්නවා. බොහෝම සියුම්ව අතුරේ යන ගමනක්. ඥාන දර්ශන තුළින් රූපය කෙරෙහි තෘෂ්ණාව බිඳදැමු තැනදී වදකයාට, ඒ කියන්නේ විඤ්ඤාණයට බැසගැනීමට ඇති මව් භූමිය අහිමිකළා වෙනවා. එතැනදී පිරිනිවීමත් සමගම වධකයාට නිවීයන්නයි සිද්ධවෙන්නේ. කොයිතරම් ලස්‌සන සුන්දර ධර්මයක්‌ද. කල්පකෝටි ගණන් පටිච්චසමුපන්නව ගලාගෙන පැමිණි දුකක් එක සිතුවිල්ලකින් නිවා දමනවා. සත්වයාට සැපයට මගකියන මෙවන් ධර්මයක් මේ ලෝකය තුළ නොමැති බව නුවණින් දකින්න. මේ උතුම් ධර්මය එක දිනක් හෝ ලෝකසත්වයාට යහපත පිණිස, සැපය පිණිස සුරක්‍ෂිතව තැබීමට ඔබත් ධර්මය තුළින්ම කැපවෙන්න. ක්‍රමාණුකූලව බෞද්ධ ජනතාව සද්ධාවෙන් බැහැරව යනවිට හේතුඵල ධර්මයන් නිසාම මේ උතුම් බිමේ අන්‍යආගමික පිංවතුන්ගේ ගහනය වැඩිවෙනවා. අනාගතයේ මේ පිංබිමේ පහලවෙන පාලක පිංවතුන්ලාට අන්‍යආගමික පිංවතුන්ලාගේ සහයෝගයෙන් තොරව පවතින්න බැරිව යනවා. උතුම් සද්ධර්මයට හිතැති පාලක පිංවතුන් අන්‍යආගමික පිංවතුන්ගේ සහයෝගයෙන් දුර්වලකර දමනවා. මේවා හේතුඵලධර්මයන්. කා සමගවත් ගැටෙන්න චෝදනාකරන්න අවශ්‍ය නැහැ. උතුම් සද්ධර්මයේ අර්ථයන්ගේ ආරක්‍ෂාව උදෙසා පිංවත් ඔබ කවදාකවත් කිසිවෙක් සමග ද්වේශයක් ඇතිකරගන්න එපා. ධර්මය උදෙසා කවදාකවත් ගල් කැබැල්ලක්‌වත් අතට ගන්න එපා. අධර්මයෙන් ධර්මය ජයගන්න හදන්න එපා.
ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/06/21/feature05.html
0 comments:
Post a Comment