1990 ජුනි 11 දා මෙරට ඉතිහාසයේ විශාලතම යුද අපරාධය සිදු විය. ඒ කොටි ත්‍රස්‌තයන් විසින් පොලිස් භටයන් 600 ක් නිරායුධ කර ඔවුන් තිරුක්‌කෝවිල් කැලෑවට ගෙන ගොස් වෙඩි තබා මරා පිළිස්‌සීමයි.
කල්මුණේ අක්‌කරපත්තු සමන්තුරෙයි, කලවන්ච්කුඩි සහ පොතුවිල් පොලිසිවල නිලධාරීන්ට කොටි හමුවේ යටත්වන ලෙස එවකට සිටි පොලිස්‌පතිවරයා නියෝග කරනු ලැබීය. මේ සමයේ රජය හා කොටි අතර සාම සාකච්ඡා පැවැති අතර එකී සාකච්ඡා බිඳවැටිණි.
පොලිස් භටයන් අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සිටියේ ලන්ඩන් නුවරය.
දින කිහිපයකින් පොලිස් භටයන් නිදහස් කරයි යෑයි බාලසිංහම් කියා සිටියේය. එහෙත් කොටි ත්‍රස්‌තයන් අල්ලාගත් පොලිස් භටයන් නිදහස් වුණේ නැත.
ඔවුන්ගෙන් දෙදෙනකු පමණක් දිවි ගලවා ගත් බව පසුව අනාවරණය විය.
වසර 25 කට පෙර සිදු වූ මේ යුද අපරාධය අද බොහෝ පිරිසකට අමතක වී ඇත.
පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීම එසේ මෙසේ සිදු වීමක්. නොවේ එය සමූලඝාතනයකි. එදා මේ බිහිසුණු යුද අපරාධය මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කෙරුණේ නැත. බටහිර රටවල් නිහඬ විය. රාජ්‍ය නොවන සංවිධාන ද කිසිදු ප්‍රකාශයක් කළේ නැත. 1990 ජුනි 10 වැනිදා රාත්‍රියේ කලවංචිකුඩි පොලිසියෙන් අප අමතනු ලැබීය.
කොටි පොලිසිය වටකරලා. උසස් නිලධාරීන් නිහඬව සිටිනවා. කුමක් හෝ කරන්න යෑයි අප හිතවත් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය. බම්බලපිටිය පොලිසියේ සේවය කළ ඔහු කලවංචිකුඩි පොලිසියට මාරු කර තිබුණි.
එහෙත් ඒ වනවිට නැගෙනහිර උසස් නිලධාරියෙක් පොලිස් භටයන්ට යටත් වන ලෙස නියෝග කර තිබුණි.
කොටි කණ්‌ඩායමක් මඩකලපුව කිරාන් හමුදා කඳවුර අසලට පැමිණ යටත් වන ලෙස කළ ඉල්ලීම එම කඳවුරේ බලධාරියා ප්‍රතික්‍ෂේප කළේය.
මෙම සමයේ පොලිස්‌පති ලෙස කටයුතු කළේ අර්නස්‌ට් පෙරේරායි. විදේශ ඇමැති ඒ සී. එස්. හමීඩ්ය.
නැගෙනහිර පොලිස් ස්‌ථානවල සේවය කළ පොලිස් භටයන් කොටින්ට අසුවෙද්දී ආර්. එම්. තෙන්නකෝන් නමැති පොලිස්‌භටයා කලපුවකට පැන දිවි බේරාගනු ලැබීය. ඔහු කලපුවේ සිට ගොඩට පැමිණි අවස්‌ථාවේ හිසේ තුවාල සහිතව සිටි ලතීෆ් නමැති පොලිස් භටයකු හමුවිය.
මේ හැර කොටින්ව අසු නොවී ලාහුගල වනයට පැනගොස් සිටි පොලිස් භටයන් 11 ක් ගැන පසුව වාර්තා විය.
මෙම කාල සීමාවේ අම්පාර පොලිස් අධිකාරි වූයේ එම්. නූර්දීන්ය. ඔහු පසුව පැවසුවේ පොලිස් භටයන්ට යටත් වන ලෙස පොලිස්‌පති නියෝග කළ බවයි. එම නියෝගයට පෙර කොළඹ සිට අතිරේක බලසේනා යෑවීමට හෝ කොටු වී සිටි පොලිස් භටයන් මුදා ගැනීමට මෙහෙයුමක් දියත් වී නොතිබිණි.
එදා පැවැති රජයේ නියෝගයට අවනත වී මැරුම් කෑ මේ පොලිස් භටයන් 600 ට යුක්‌තිය හිමි වූයේද? මියගිය කොටින්ට යුක්‌තිය ඉල්ලා හඬ නඟන පාර්ශව කොටි විසින් සිදු කළ මේ විශාල මිනිස් ඝාතනය ගැන හඬක් නොනඟන්නේ මන්ද?
මෙම සමූල ඝාතනය ගැන නැගෙනහිර කොටි නායකයාව සිටි විනයාගමූර්ති කරුණාට චෝදනා එල්ල විය. පොලිස් භටයන් ඝාතනය කරන සමයේ තමා ප්‍රභාකරන් යාපනයට කැඳවා තිබූ බවත් පොට්‌ටු අම්මාන්ගේ නියෝග මත පොලිස් භටයන් ඝාතනය වී ඇති බවත් කරුණා පවසා ඇත.
එහෙත් කවුද ඇත්ත කියන්නේ යෑයි කිසිවකුත් නොදනී. පොලිස් භටයන් 600 ක පිරිස ඝාතනය වීම ගැන නිසි විමර්ශනයක් පවා පැවැත්වූයේ නැත.
රහස් පොලිසියද පරීක්‍ෂණයක් ආරම්භ කළත් පොලිස් භටයන්ට යටත් වීමේ නියෝගය දුන්නේ කවුද යන්න පරීක්‍ෂණයක් කර නොතිබිණි.
පොලිස් භටයන් 600 ක් අමු අමුවේ ඝාතනය වීමේ සිද්ධිය ගැන හිටපු පොලිස් අධිකාරිවරයකු වූ ටාසි සෙනවිරත්න මහතාගේද විමර්ශනයට ලක් විය.
අද "යුක්‌තිය" ගැන හඬනඟන ද්‍රවිඩ දේශපාලනඥයන් මේ පොලිස් භටයන්ට සිදු වූ දේ ගැන කණගාටුව පළ කිරීමටද ක්‍රියා කළේ නැත.
- කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/06/11/feature.html

0 comments:
Post a Comment