
ඉකුත් සතියේ අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් කළ ථෙරවාදී කථිකාවත් පනත, බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත හා දසසිල් මාතා ආරාම පනත යන පනත් තුනේම යම් සුළු කාරණා සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට ඒවාද සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්‌ඩලය බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇත.
මේ සම්බන්ධයෙන් ලේකම්වරයාගෙන් "දිවයින" කළ විමසුමකදී හෙතෙම ප්‍රකාශ කළේ පනත් තුනක සුළු සුළු කාරණා කීපයක් සම්බන්ධයෙන් තවදුරටත් අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට අමාත්‍ය මණ්‌ඩලය උපදෙස් දී ඇති බවයි. විහාර දේවාලගම් පනත අමාත්‍ය මණ්‌ඩල අනුමැතියෙන් පසු නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවද හෙතෙම කීවේය.
ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/06/18/news31.html
Pic Source
0 comments:
Post a Comment