Pages

Thursday, October 31, 2013

ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරවලින් පාකිස්‌තානයේ හා යේමනයේ සිවිල් වැසියෝ 4415 ක්‌ මරුට

ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාර 365 කින් පාකිස්‌තානයේ සිවිල් වැසියන් 3404 ක්‌ද යේමනයට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාර 117 කින් සිවිල් වැසියන් 1088 ක්‌ද ඝාතනය වී ඇත.

මෙම ප්‍රහාරවලින් පාකිස්‌තානයේ ත්‍රස්‌තයක්‌ 2767 ක්‌ හා යේමනයේ ත්‍රස්‌තයන් 1011 ක්‌ද මියගොස්‌ තිබේ.

මෙලෙස එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාර නිත්‍යානුකූල යයි ඇමරිකානු රජය කියා සිටී. එහෙත් බ්‍රසීලය චීනය හා වැනිසියුලාව මෙම ප්‍රහාර නීති විරෝධී යයි ප්‍රකාශ කර ඇත.

http://www.divaina.com/2013/10/31/forign05.html

කොල්වින් ආර්. ද සිල්වා විශිෂ්ඨ දේශපාලඥයෙකි

එතුමා ඉතා විශිෂ්ට කථිකයෙක්‌. නීති විශාරදයෙක්‌. ඒ වාගේම මෙරට ව්‍යවස්‌ථාදායකය ක්‍රියාවලිය පිළිබඳව විශේෂඥයෙක්‌. එතුමා කළ විශිෂ්ට මෙහෙවර බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන් ම නිදහස්‌ වූ 1972 ජනරජ ව්‍යවස්‌ථා සම්පාදනය කිරීමෙන් ම ඔප්පු වෙනවා. එතුමා 1970 දී බලයට පත් සමඟි පෙරමුණ රජයේ වැවිලි කර්මාන්ත හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේදී ව්‍යවස්‌ථාදායකය හා ජාතික රාජ්‍ය සභාව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස පරිවර්තනය කරමින් නව ජනරජ ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කර ශ්‍රී ලංකාව නිදහස්‌ ස්‌වෛරී රාජ්‍යයක්‌ බවට පත් කිරීමට එදා බලයේ සිටි සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනියට විශාල සහයෝගයක්‌ ලබා දුන්නේය.

එතුමා ලංකා සමසමාජ පක්‍ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවකට ලබා දුන් ඒ සහාය නිසා අද අප භුක්‌ති විඳින නිදහසට සාක්‍ෂි සපයන බව ද සඳහන් කළ යුතුය.

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ විශිෂ්ට ව්‍යවස්‌ථාදායක කටයුතු වලට අමතරව එතුමා දැරූ වැවිලි කර්මාන්ත අංශයේ සේවාවට ද විශිෂ්ටයෙක්‌ විය.

එතුමා වාමාංශික ව්‍යාපාරයේ සටන්කාමියෙක්‌ ලෙනින් හා ටොස්‌කිවාදය අධ්‍යනය කළ අයෙකු ලෙස මෙරට රන් පවුම් වැනි වතු ජනසතු කිරීමට එකසිතින් සහයෝගය ලබා දුන් පිරිස අතර ප්‍රමුඛයා විය.

ඒ නිසා පසු කාලීනව ලංකාවේ වතු වගාව සම්බන්ධයෙන් එතුමාගෙන් සිදු වූ විශිෂ්ට සේවය සිහිගැන්වීම මාගේ යුතුකමයි. 1973 වසරේ සිදු වූ ඉඩම් ප්‍රතිසංස්‌කරණ වැඩපිළිවෙළ යටතේ සිදු වූ වතු සමාගම් රජයට පවරා දීමත් සමඟම එහි නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරමින් සමස්‌ත වතු සමාගම් හි කම්කරු හා සේවක පිරිස්‌ හි සේවා අයිතිවාසිකම් හා ජීවන තත්ත්වය සංවර්ධනය කිරීම සඳහා එතුමා නව රාජ්‍ය කළමනාකරණ යාන්ත්‍රණයක්‌ නිර්මාණය කළ අතර එය වතු ක්‍ෂේත්‍රයේ උන්නතියට විශාල පිටුබලයක්‌ විය. එතුමාගේ සමයේ ලංකාවේ වතු ක්‍ෂේත්‍රය සංවර්ධනය කරමින් තම දේශපාලන බල ප්‍රදේශය වන පස්‌දුන් කෝරලය තුළ එතුමා

1. බදුරලිය කුට්‌ටි රබර් ශාලාව ඇති කිරීම

2. පැලවත්තේ මල්බෙරි වගා ව්‍යාපෘතිය ඇති කිරීම

3. අමිතිරිගල ගොවි සෙවණ මධ්‍යස්‌ථානය මූලික කර ගනිමින් රබර්Êඑකතුකොට රබර් සැකසුම් මධ්‍යස්‌ථානයක්‌ ඇති කිරීම.

4. නව තාක්‍ෂණික දැනුම දියුණු කරමින් වතු ක්‍ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ද විශාල නිෂ්පාදන වර්ධනයක්‌ ලබාදීමේ ක්‍රමෝපායන් සැලසුම් කළේය.

එපමණකින් නොනැවතී වතු ක්‍ෂේත්‍රයේ කම්කරු නිවාස වැඩිදියුණු කිරීමට හා භෞතික අංශ මෙන්ම වතු කම්කරුවන්ට බලපාන ආර්ථික ගැටලුවලට පවා ඉතා ක්‍ෂණික විසඳුම් ලබාදීමට පවා එතුමා ක්‍රියාකර තිබෙනවා.

විශේෂයෙන් වතු කම්කරුවන්ට එතෙක්‌ එදිනෙදා වතු හරහා ගමන් කිරීමට තිබූ අවහිරතා මඟහරිමින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය අයිතීන් හා හිමිකම් ලබාදීමෙන් මානවාදී ජයග්‍රහණ ලබාදීමට ද එතුමා ක්‍රියාකර තිබෙනවා.

මෙහිදී මා සඳහන් කරනු ලැබූ ඒ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ දේශපාලන ගමන් මඟ මා අනුමත කරන පුද්ගලයකු ලෙස මා අද දවසේ එතුමා කරන ලද ඒ මහඟු සේවන් ඉදිරියට ගෙන යන අයකු ලෙස මෙම ප්‍රදේශයට ආදරය කරනු ලබන දේශපාලනඥයකු හැටියට මෙම කටයුත්තට සම්බන්ධ වීමට ලැබීම භාග්‍යයක්‌ කොට සලකමි.

මහින්ද සමරසිංහ - වැවිලි කර්මාන්ත අමාත්‍ය
http://www.divaina.com/2013/10/31/provin03.html

නිදහස්‌ අධ්‍යාපනයට පණදුන් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සූරීන්

දහනව වැනි සියවසේ පස්‌චාත් භාගය වූ 1884 දී එනම් මින් වසර 129 කට පෙරාතුව මේ ලක්‌ පොළොවෙහි උපන් ජාතියට දේශයට සදානුස්‌මරණීය වූත්, අමුල්‍යවූත් සේවාවක්‌ ඉටු කළ අජානීය පුරුෂයකු පිළිබඳව සියවසකටත් අධික කාලයක්‌ ඉක්‌ම ගිය තැන හෝ යමක්‌ ලියන්නට අවස්‌ථාවක්‌ ලැබීම මහා පිනකැයි මම සිතමි. ඒ උදාර මිනිසාගේ ජීවන චරිතය පිළිබඳව ශාස්‌ත්‍රීය වූත්, පර්යේෂණාත්මක වූත් තොරතුරු සොයා විමසා ඉදිරිපත් කිරීමට ප්‍රශස්‌ත ප්‍රයත්නයක යෙදෙමින් කේ. එච්. එම්. සුමතිපාල ශූරීන් "ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසය 1798 - 1965" නම් ග්‍රන්ථයෙහි සංඥාපනයෙහි සඳහන් කළ උද්ධෘතයකින් මේ කෙටි ලිපිය ඇරඹීම යෝග්‍ය යෑයි මට හැඟේ.

කන්නන්ගර මැතිතුමාගේ ජීවිතය අරභයා ලියෑවුණු ලේඛන සොයා ගිය මට දිනපතා පුවත්පතකවත් එතුමා ගැන දිග ලිපියක්‌ සොයා ගත නොහැකි විය. අඩ සියවසකට ආසන්න කාලයක්‌ මුළුල්ලෙහි පොදු ජන සේවයෙහි යෙදී සිටි පුද්ගලයකුගේ ජීවිතය ගැන කිසිම පොත පතක පළ වී නොතිබීම මගේ විමතියට කරුණක්‌ විය. හුදෙක්‌ පුවත්පතක තීරු භාගයකට වඩා දික්‌ වූ ලිපියක්‌ පළවීමට මේ කරුණම ප්‍රමාණවත් විය යුතුව තිබුණි. එහෙත් තීරු භාගයක්‌වත් සොයා ගැනීම උගහට විය. එතුමා තමාගේ ජීවන චරිතයක්‌ ලියා නැත.

ඕනෑම රටක ජාතික ප්‍රබෝධයක්‌ විවෘත වන්නේ අධ්‍යාපනය තුළිනි. විෂම චක්‍රයෙන් මිදීමට ඇති එකම මග ජාතික ප්‍රබෝධයයි. ජාතික අධ්‍යාපනයක්‌ නොමැතිව ජාතික ප්‍රබෝධයක්‌ ඇති නොවේ. අධ්‍යාපනය තුළින් ජාතික ප්‍රබෝධයක්‌ ජනිත කිරීමට අතීතයේදී අපේ නායකයෝ අපොහොසත් වූහ. ඊට හේතුව නායකයනට වෙනත් කාරණා කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවීමයි. ඒ හේතු නිසා අධ්‍යාපනය වන්නාටවාදී ආකාරයට සැලසුමක්‌ හා අරමුණක්‌ නැතිව දියත් විය.

ලංකාවේ අධ්‍යාපනය කෙරෙහි මෙවන් අදහස්‌ දරමින් ඒවා සඵල කර ගැනීමට මුළු ඇමැති ධුර කාලයම කැප කළේය. ඒවා බොහොමයක්‌ දීර්ඝ කාලීනව ජාතියට වාසිදායකව පවත්නා නමුත් එතුමන්ගේ බොහෝ අපේක්‍ෂා ඉටු නොවී එතුමාට පමණක්‌ සිමා විය. 1947 මහ මැතිවරණයෙන් මේ ශ්‍රේෂ්ඨ පරාර්ථකාමියා පරාජයට පත් වීම එයට හේතුවයි. 1943 දී ලංකාවේ අධ්‍යාපනය ගැන සොයා බලා යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව මෙරට නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයක්‌ ඇති කළ යුතු බව නිර්දේශ කළේය. එහි සභාපති වශයෙන් කන්නන්ගර මැතිතුමා 1944 දී ඒ සඳහා වූ පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළේය. මේ සියලු කටයුතු වළදීම එතුමාට මන්ත්‍රණ සභාව තුළත් ඉන් පිටත රට තුළත් සතුරෝ බොහෝ වූහ. ඒ සියල්ලටම මුහුණ දුන් එතුමා නිදහස්‌ අධ්‍යාපනය යන්නෙහි ගැඹුරු පුළුල් අර්ථය මෙසේ දක්‌වා තිබේ.

නිදහස්‌ අධ්‍යාපනය කියන්නේ දැනුම ලබා දීම පමණක්‌ නොවේ. දැනුම තමාට හා අන්‍යයන්ට කරදරයක්‌ නොවන ලෙස සකසා ගත හැකි නුවණත්, එමගින් යථාර්ථය තේරුම් ගෙන කටයුතු කිරීමේ ප්‍රඥාවත් ඇතිකර ගැනීමයි.

මේ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග, උපාය විධි වටාපිටාව, සැලසුම් එතුමා ආරම්භ කළ ද සමහරක්‌ එතුමන් සමඟම වැඩ පිළිවෙලින් ඉවත්ව ඇත.

නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත කර ගැනීම සඳහා එතුමන් ගෙන ගිය සටන මාර යුද්ධයකැයි කිව හැක. කල් දැමීම, බාධා කිරීම් මධ්‍යයේ එය සම්මත වීම වැළැක්‌වීමට අවසන් දවසේ අවසන් මොහොතේත් යොදා තිබූ වැඩ කටයුතු සියල්ල පරාජය කිරීමට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ මෙහෙයවීමෙන් පැවති කැලණි භික්‍ෂු සංගමය ප්‍රධාන දිවයිනේ භික්‍ෂු සංවිධාන ගණනාවක්‌ සහ පොදු ජනතාවත් ගෙන ගිය අහිංසක දූරදර්ශී ක්‍රියාමාර්ග මහෝපකාරී විය. මේ පනත සම්මත වීම සම්පූර්ණයෙන් ම භික්‍ෂුන්ගේ ජයග්‍රහණයකැයි එවක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වූ වී. නල්ලයියා මහතා කියා ඇත්තේ එහෙයිනි.

1947 මැතිවරණයෙන් පරාජයට පත් කන්නන්ගර මහතා එයින් කිසිදු සැලීමකට පත් නොවූ අතර පාලක පක්‍ෂයේ හිතවතකු හැටියට දේශපාලනයෙන් ඉවත් වනතුරුම ක්‍රියා කළේය. ඩී. එස්‌. සේනානායක අගමැතිතුමාගේ අභාවයෙන් පසු 1952 පවත්වන ලද මැතිවරණයෙන් කන්නන්ගර මහතා අගලවත්ත ආසන නියෝජිතයා වශයෙන් තේරී පත්විය. ඩඩ්ලි සේනානායක මහතාගේ නව ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලයේ පළාත් ආණ්‌ඩු ඇමැති ධුරයට පත්විය. අධ්‍යාපන ඇමැතිවරයකු වශයෙන් දීර්ඝ පළපුරුද්දක්‌ ඇති, මෙරට නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රමුඛතම සේවාවක්‌ ඉටු කළ එතුමාට ඒ අවස්‌ථාවේ ඇමැති ධුරය නොලැබිණ. කෙසේ නමුත් පළාත් ආණ්‌ඩු ඇමැති වශයෙන් ද එතුමා අගනා සේවයක්‌ කළේය. 1956 වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ එතුමා ඒ වන විට 72 වැනි වියේ පසුවිය.

ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර, (වැ. බ. මහානායක) අනුනායක මහා ස්‌ථවිර
http://www.divaina.com/2013/10/31/provin04.html

සබැඳි ලිපි -
[
නොනිමි මෙහෙවරක කන්නන්ගර දැක්‌මhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5062.html
]

මරණය දැක දැක ගවයෝ බේරෙති. පොලිසිය එනවිටත් කුළුගෙඩි පහර කෑ සතුන් පණ අදිමින්...

සේයාරුව හා සබැඳි ලිපිය - http://denethharinna.blogspot.com/2013/03/bbs.html
වැලිසර නීති විරෝධී ගව ඝාතකාගාරයක්‌ පෙරේදා වැටලූ බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ ඝාතනය කරන ලද ගැබ්බර එළදෙනුන්, ඝාතනය කිරීමට සූදානම් කර සිටි එළදෙනුන් එකොළොස්‌ දෙනකු, කුඩා හරක්‌ පැටවුන් එකොළොස්‌ දෙනකු සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම අපරාධ ස්‌ථානය වටලන අවස්‌ථාව වන විටත් එළදෙනුන් ඝාතනය කරමින් තිබූ බවද පොලිසිය පවසයි.

එළදෙනුන්ගේ හිසට කුළුගෙඩිවලින් පහරදීම නිසා එම සතුන් මරණාසන්නව පණ අදිමින් සිටි බවද පොලිසිය කියයි.

යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම නීති විරෝධී ගව ඝාතකාගාරය වැටලූ බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් වැලිසර පදිංචි අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි.

මෙම එළදෙනුන් මහමඟදී සොරා ගත් සතුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරගෙන යන බවද පොලිසිය පවසයි.

එළ ගවයන් ඝාතනය කිරීමට සැකකරුවන් භාවිත කළ කුළු ගෙඩි, පිහියා, පොරෝ ඇතුළු තවත් දැ පොලිස්‌ භාරයට ගෙන ඇත.

බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක අමරසේකර, උප පොලිස්‌ පරීක්‍ෂක ජයසේකර, පොලිස්‌ සැරයන් ලක්‌මාල් (28511) ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මෙම වැටලීම සඳහා සහභාගී වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2013/10/31/news25.html

කට රැක ගත නොහැකිවූ වටරැක හිමිට අවට පන්සල් සහ ප්‍රදේශවාසීහු එරෙහි වෙති

මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට විරුද්ධව අවට විහාරස්‌ථානවල හිමිවරු සහ ප්‍රදේශවාසී ජනතාව විරෝධතාවක නිරත වීම නිසා ඊයේ (30 වැනිදා) පැවැති මාසික සභා රැස්‌වීම දින නියමයක්‌ නොමැතිව කල් තැබීමට සභාපති ඩබ්ලිව්. ඒ. සුනිල් මහතා පියවර ගත්තේය.

විජිත හිමි මෙයට මාස කිහිපයකට පෙර බදුල්ලේ පැවැති රාමසාන් දින මුස්‌ලිම් පල්ලියකදී සිංහල ජාතියට සහ ආගමට විරුද්ධව දේශනයක්‌ සිදුකර එය අන්තර් ජාලයට යොමු කිරීම නිසා මෙම විරෝධතාව පවත්වා තිබේ.

මන්ත්‍රී විජිත හිමි මහියංගනය පොලිසියේ සහය ඇතිව ප්‍රාදේශීය සභාවට කලින්ම පැමිණ තිබෙන අතර එයට විරුද්ධව මහියංගනය ජනතාව සහ මහා සංඝරත්නය සභාව ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වීම නිසා ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය ඇතිවී තිබෙන තත්ත්වය සලකා බලා එම තීරණය ගෙන ඇත.

මහියංගනය - රංජිත් කරුණාවීර
http://www.divaina.com/2013/10/31/news20.html

Wednesday, October 30, 2013

රාජසිංහ මාලිගයේ නටබුන් මතුවේ

සීතාවක බලකොටුව ආශ්‍රිතව කෙරෙන පුරාවිද්‍යා කැණීම්වලදී පළමුවැනි රාජසිංහ රජුගේ රජ මාලිගයේ නටබුන් යැයි අනුමාන කළ හැකි සාක්කි හමුවී තිබේ. කළුගල්වලින් තනන ලද පාදමක කොටස් සහ ගල් ඇතිරුමක් සහිත ගල්  පඩිපෙළක නටබුන් මේ වන විට මතු කරගෙන ඇතැයි සබරගමුව පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ තිස්ස මදුරප්පෙරුම මහතා පැවැසීය. සීතාවක බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි සීතාවක රාජසිංහ රජුගේ මාලිගය සහ ලන්දේසි බලකොටුව තිබූ බව කියැවෙන ස්ථානයේ මෙම කැණීම් ආරම්භ කර ඇත. 
හමුවූ නටබුන් රාජසිංහ රජුගේ මාලිගයේ නටඹුන් ද යන්න පිළිබඳව මතෛක් නිශ්චිතව තහවුරු වී නැති බවත් තවදුරටත් කැණීම් ආශ්‍රිතව පරීක්ෂණ කටයුතු කෙරෙමින් පවතින බවත් මදුරප්පෙරුම මහතා කීය. සීතාවක ඉතිහාසය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමේ අරමුණින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම කැණීම් කටයුතු අරඹා ඇති අතර තිස්ස මදුරප්පෙරුම මහතාගේ අධීක්ෂණය යටතේ එම කැණීම් කටයුතු සිදුකෙරෙයි.

ගයාත්‍රි ගීගනආරච්චි 
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=20226:2013-10-28-03-10-55&catid=34:news&Itemid=62

අසල්වැසි රටේ සම්පත් වලට රැකවරණය දිය නොහැකි දකුණු ආසියාවේ ලොකුඅයියා - ප්‍රැට්‍රල් බෝම්බ ප්‍රහාරය සමග ශ්‍රි ලාංකිකයන්ගේ ආරක්ෂාව ගැන අනතුරු අඟවයි

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීමක් ඉන්දීය මධ්‍යම රජය විසින් බදාදා (30) නිකුත් කරනු ලැබ තිබේ. කොටි හිතවාදීන් අඟහරුවාදා (29) දිනයේ චෙන්නායි හි විරෝධතා රැළි පවත්වමින් ශ්‍රී ලංකාවට එරෙහි අදහස් ප්‍රකාශ කර ඇත. විශේෂයෙන් මෙහිදී ඔවුන්ගේ උදහසට ලක්වූයේ ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාය. 
මෙම විරෝධතා රැස්වීම්වලින් පසු චෙන්නායි හි පිහිටි ශ්‍රී ලාංකීය තැපැල්හල් දෙකකට පැට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම සිද්ධි‍යත් සමග සන්නද්ධ හමුදා නිලධාරින් චෙන්නායි නුවර පිහිටි අති‍රේක ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට, මහාබෝධි සමාගමට සහ ලංකා බැංකුවේ ආරක්ෂාව සඳහා යොදවා තිබේ. පැට්‍රල් බෝම්බ ප්‍රහාරය පිළිබඳ දකුණු ඉන්දීය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

http://lakbima.lk/index.php?option=com_content&view=article&id=20422:2013-10-30-08-15-45&catid=42:2012-05-31-04-01-44&Itemid=90

කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පිපිරවූයේ කොටි කාන්තාවක් - සංඥා දුන් කොටියා හෙළි කරයි

Kabathigollawa1අපි වැරදි බස් එකකට බෝම්බයක් තිබ්බා කියලා පිරිමි  ඔක්කෝටම ලලිත් (කර්නල්) පනිෂ්මන්ට්  දුන්නා. කෙල්ලෝ  දෙන්නා ඇර ඔක්කොම යකඩ කූඩුවක දාලා දවස් 08 ක් තිබ්බා. ‍පොලු වලින් ගැහැව්වා. ඒ කූඩුවේ කටුකම්බි තියන නිසා නැගිටින්න. නිදා ගන්න බැහැ. පසුව අපිව පනිෂ්මන්ට් එකට පාලමොට්ටේ බංකර් කපන්න දැම්මා.
කැබිතිගොල්ලෑව යකාවැව දී 2006 ජුනි 13 වැනිදා මගී බස් රථයක් පුපුරවා හැරීමට සංඥා  දුන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට  පා‍පොච්චාරණයක් දෙමින් එසේ පවසා ඇත. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා දුන් පා‍පොච්චාරණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණයට යොමු කර තිබුණි.
කැබිතිගොල්ලෑව, යකාවැව  ප්‍රදේශයේ  දී ශ්‍රී ලංකා  ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් ඉලක්ක කර ගනිමින් එල්.ටී.ටී.ඊ.ය එල්ල කළ  බෝම්බ ප්‍රහාරයෙන් එහි ගමන්ගත්  මගීහු  68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. තවත් මගීහු 65 දෙදෙනෙකු බරපතල තුවාල ලැබූහ.  මෙම බෝම්බ ප්‍රහාරයට   කිරීමට සංඥා  දුන් මහාලිංගම් මුත්තුලිංගම් නොහොත් ඉන්ද්‍රන් යන එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට විශේෂ  පා‍පොච්ඡාරණයක් කරමින්  තවදුරටත් මෙසේ කියා තිබුණි.
අවුරුදු 15 දී තාන්තා එක්ක රණ්ඩුවෙලා යාපනේ ගියා. යාපනේ ඉඳගෙන රා මදින වැඩේ  කළා. අවුරුදු එකහමාරක් විතර ඉද්දි එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් මාව අරන් ගියා. දවස් තුනකින් නැවත මම යාපනේට ආවා. නැවත මා යාපනේ   ඉද්දී එල්.ටී.ටී.ඊ. එකෙන් කතා කළා. මම එහි ගියා.
ඉන්පසු මාව වත්තක වැඩට දැම්මා. ගස් කැපීම්, බංකර් හැදීම කළා. එල්.ටී.ටී.ඊ. පුහුණුවක් මට දුන්නේ නැහැ. 2004 වන තෙක් මාන්කුලම වත්තේ හිටියේ.
නිදහස් වෙලා ආපහු මාන්කුලම් ගෙදර ඇවිල්ලා බිරිඳත් සමග සිටියා. නැවතත් එල්.ටී.ටී.ඊ. එකෙන් මට කතා කරා. මම ගියා. මාව චාල්ස් ඇත්තනී බළකායට දාලා ට්‍රේනින් දුන්නා. එහිදී ටී 56    අත්බෝම්බ පුහුණුව ලබා දුන්න. කිරුබා  තමයි අපිට ට්‍රේනින්  කළේ.  ට්‍රේනින් එකෙන් පස්සේ අපිව   ග්‍රාමරක්ෂක බළකායට දැම්මා. ට්‍රේනින් එකෙන් පස්සේ එල්.ටී.ටී.ඊ. එකෙන් මට දීපු නමේ ඉන්ද්‍රන්. අංක 154  ට්‍රේනින් ඉවර වෙන්නේ 2006 වසරේ. ඊට පස්සේ මුහමා‍ලේ ඉදිරි ආරක්ෂක වළල්ලට දැම්මා.

Kabathigollawa2
ඒ කා‍ලේ  මුහමා‍ලේ යුද්දේ තිබුණේ නැහැ. මාස 03ක් විතර ඉඳලා පුලියන්කුලමට  ගෙනැල්ලා ඉදිරි  ආරක්ෂක  වළල්ලට දැම්මා. එහේ ඉද්දි  චාල්ස් ඇන්තනි බළකායේ ලලිත්  කියන නායකයා මට කතා කරලා පුලියන්කුලම කඳවුරට එන්න කිව්වා. කඳවුරේ නව “සිරෝවන්” මට මතක එහෙට යද්දි එහේ පස් දෙනෙක් හිටියා.  එතන ගෑනු ළමයි දෙන්නෙක් හිටියා.  ඔවුන්ගේ නම් දන්නේ  නැහැ. පස්සේ තවත් පිරිමි අයෙක් ආවා. එතකොට  පිරිමි  04 දෙනයි. 
අපි 07 දෙනාට වැඩක් භාරදෙනවා කියලා කිව්වා.  එතන හිටිය කාන්තාවෝ දෙන්නට ලලිත් කරන වැඩේ  කිව්වා. ලලිත් එල්.ටී.ටී.ඊ. කියන්නේ කර්නල් කෙනෙක්.
කාන්තාවෝ දෙන්නා ජී.පී.එස්.  අරගෙන ගියා. ඔවුන්  පසු පස  අපි ගියා. අපි දැනගෙන හිටියේ ක්‍ලේමෝ ප්‍රහාරයක් කියලා විතරයි. මේ සිදුවීම වෙන්නේ 2006  මැද කාලයේ. ක්‍ලේමෝ 02 බෑග් 02ක් දාගෙන ගියේ ගෑනු ළමයි. අපි ළඟ ටී 56  තිබ්බා.  මමයි අරිවූ අරයන් හා සින්තා යන අය කෑම අරගෙන ගියා. බිස්කට්, නූඩ්ලස්, ජෑම් කෑම ලෙස අරගෙන තිබ්බා. දවස් දෙකක් කැලෙන් ගියා. කොහෙද කියලා දන්නේ නෑ. කාන්තාවෝ දෙන්නා පීජීඑස් අරගෙන ඉස්සරහට ගියා. දවස් 02කට විතර පස්සේ තාර පාරක් ළඟට ආවා. එතන පාරදිගේ ලයිට්  වයර් ඇදපු කණු තිබ්බේ. අපිව කැ‍ලේ ඇතුළේ තියලා  මිලෙයි  අරයන් හා කාන්තාවෝ දෙන්නා පාර පැත්තට ගියා. ඇවිල්ලා කිව්වා  ක්‍ලේමෝ 02 සෙට් කරා කියලා.
මට ගහක් පෙන්නලා ගහ උඩට නැගලා ආමි වාහනයක් එනවනම් කියන්න කියලා කිව්වා. ඒ ගහ පාරේ ඉඳලා  මීටර් 50 ක් පමණ ඇතින් තියෙන්නේ. ගහට  නැග්ගහම ඈතින් එන වාහන පේනවා. එළිය වැටිලා ඉර පෑව්වට පස්සේ ඈතින් බස් එකක් එනවා දැක්කා. මම ගහෙන් බැහැලා දුවලා ගිහිල්ලා කහ බස් එකක් එනවා කිව්වා. ඒත් එක්කම ගහන්න එපා ගහන්න එපා කියද්දිම කාන්තාවෝ දෙන්නගෙන් එකකෙනෙක් රිමෝට්එක තද කළා. ලොකු ශබ්දයක් ආවා.
Kabathigollawa3අපි පැනලා දිව්වා. දවස් දෙකක් කැලෙන් ගිහින් ආපහු කෑම්ප් එකට ගියා. පිපිරුණේ මොන බස් එකක්ද එකේ කවුද හිටියේ කියලා දැක්කේ නැහැ. ඈතින් කහ බස් එකක් එනවා කියලා විතරයි දැක්කේ. පස්සේ අපි දැන ගත්තා අපි බෝම්බය තියලා  තියෙන්නේ ලංගම  බස් එකකට කියලා. මැරුණ ගාන දන්නේ නැහැ. කර්නල්  ලලිත් අපි වැරදි බස් එකකට  බෝම්බයක් තිබ්බා කියලා පිරිමි ඔක්කෝටම පනිෂ්මන්ට් දුන්නා. මාව නැවතත් එතනින් කෑම්ප් එකකට දැම්මා. මම ලලිත්ගෙන් නිවාඩු  ඉල්ලුවා. බෑ කියපු නිසා මම වම් අතේ මාපට ඇඟිල්ලට වෙඩි තියාගත්තා. එහෙම කරගත්තේ ඉස්පිරිතාලෙට දැම්මහම පැනලා යන්න හිතාගෙන.
නමුත් කෑම්ප් එකේම බෙහෙත් කරා. බෙහෙත් කරලා ලයින් එකට දැම්මා. ලයින් එකේ බිඩි බිලා පනිෂ්මන්ට් වශයෙන් ඇල්ෆා  වන් බේස් එකට දැම්මා. දවස් 07 ක් ඉන්නකොට මම එතනින්   පැනලා ගියා. 2007 මුල විතර බිරිඳ  එක්ක පුදුකුඩිඉරිප්පු ගියා. එහෙ කුලී වැඩ කරා. කුලි වැඩ කරද්දි යුද්දෙ පටන් ගත්තා. 
2009 මැයි 14 පවුල සමග රජයේ පාලන ප්‍රදේශයට ආවා. අවතැන් කඳවුරු වල ඉඳලා  තන්ගනගර් ගෙදරට ආවා. ගෙදර ඉද්දි බිරිඳ එක්ක රණ්ඩු වුණා. මම බෝම්බ තිබ්බ එක ගැන බිරිඳට කියලා තිබ්බේ. ප්‍රවෘත්ති වලිනුත්  දැනගෙන හිටියේ. බිරිඳ රණ්ඩු වුණාට පස්සේ සේරු නුවර ‍පොලීසියට ගිහින් මම කැබිතිගොල්ලෑව   බස්බෝම්බයට සම්බන්ධ  යැයි කියලා  ඔත්තු දීලා තිබුණා. මාව 2010 පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගත්තා. අපිට බෝම්බය දුන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තියන්න ‍නෙවෙයි. ඒ එක්කම සංවිධානය අපිට යමක් කරන්න කිව්වාහම අපි ඒක කරන්න ඕන නැත්නම් අපිට ප්‍රශ්න ඇති වෙනවා. කැබිතිගොල්ලෑව යකාවැවදී මගී ප්‍රවාහන බස්රථයට බෝම්බ තබා එය පුපුරවා හැරීමට සංඥා ලබාදීම සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධීකරණය හමුවේ වරද පිළිගත් අංක 269 තන්ගනගර් කිරිවෙට්ටි මුතූර් ලිපිනයේ  පදිංචි මහාලිංගම්, මුත්තලිංගම්  නමැත්තාට පසුගියදා  විශේෂ මහාධිකරණ  විනිසුරු ඛිෙමා ස්වර්ණාධිපති මහත්මිය විසින් වසර 05ක  බරපතළ වැඩ සහිත  සිරදඬුවමක් නියම කළාය. කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර ‍පොලිස් අධිකාරී කාලිංග  ජයසිංහ මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ  පැවැත්විය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයා දුන්  පා‍පොච්චාරණය 
‍පො. සැ. 45604 නසීම් මහතා විසින් සිංහලට පරිවර්තනය කර තිබුණි.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=20400:2013-10-30-05-01-25&catid=61:2012-08-07-09-39-46&Itemid=77

හිටපු මාලදිවයින ජනාධිපති ඝාතනය කිරීමට අල්කයිදා ත්‍රස්‌තයන් මාලේ නුවරට පැමිණිලා - නෂිද්ගේ කාර්යාලය හෙළි කරයි

මාල දිවයින හිටපු ජනාධිපති මොහමද් නෂීද් ඝාතනය කිරීම සඳහා අල්කයිදා ත්‍රස්‌තයන් දෙදෙනකු මාලේ නුවරට පැමිණීම සම්බන්ධයෙන් ආරක්‍ෂක බලධාරීහු විමර්ශන අරඹා ඇත.

තමාව ඝාතනය කිරීමේ උත්සාහයක්‌ ඇතැයි නෂීද් එරට ආරක්‍ෂක බලධාරීන් හට පැමිණිලි කර තිබුණි.

මේ අතර මාල දිවයින මැතිවරණයේ මුල් වටය නොවැම්බර් 9 දා ද 2 වැනි වටය නොවැම්බර් 16 දාද පැවැත්වේ.

http://www.divaina.com/2013/10/30/forign04.html

ශ්වසන ආබාධ සහිත ළමයින්ට වාෂ්ප අල්ලන්න එපා - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

ශ්වසන ආබාධ සහිත දරුවන්ට ජල වාෂ්ප හුමාලය ඇල්ලීම මගින් ළමා හතිය වැඩිවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ළමා හතිය ඇති ළමුන්ට එය මගහරවා ගැනීමට බොහොමයක්‌ දෙමාපියන් හුමාලය අල්ලන බවත් එම නිසාම ඔවුන්ගේ හතිය වැඩිවීමේ අවදානමක්‌ ඇතැයිද ඒ පිළිබඳව දෙමාපියන්ට අවබෝධයක්‌ නොමැති බවද හේ වැඩිදුරටත් කියා සිටියි.

එවැනි ළමුන්ට හුමාලය ඇල්ලීමෙන් ශ්වසන පද්ධතියට ජලය වාෂ්ප වශයෙන් ඇතුල් වී ශ්වසන පද්ධතිය සංකෝචනය වීම මගින් එය වැඩිවන බවට විද්‍යාත්මක සාධක ඇති බැවින් ශ්වසන ආබාධ සහිත දරුවන්ට හුමාලය ඇල්ලීම නවත්වන්නැයි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය පෙරේරා මහතා පැවසීය.

ජයන්තිපුර - උඩගෙදර 
http://www.divaina.com/2013/10/30/provin07.html

උතුරේ මහ ඇමැති හා මන්ත්‍රීවරුන් අතර තවත් අර්බුදයක්‌

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වෙනවද නැද්ද යන්න සම්බන්ධයෙන් උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා හා පළාත් සභාවේ සෙසු මන්ත්‍රීවරුන් අතර තවත් අර්බුදයක්‌ ඇතිවී ඇත.

මෙම සමුළුව වර්ජනය කළ යුතු යෑයි ඔවුන් කළ ඉල්ලීමට මහ ඇමැතිවරයා එකඟ වී නැත.

තමිල්නාඩුවේ මහ ඇමැතිනි ජය ලලිතා ලවා පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වර්ජනය කිරීමේ යෝජනාවක්‌ පළාත් සභාව වෙත ඉදිරිපත් කිරීමට පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිකරන් දැරූ උත්සාහයද අසාර්ථක වී ඇත. 

මේ අතර නොවැම්බර් 11 වැනිදා උතුරු පළාත් සභාවේ 2 වැනි රැස්‌වීම පැවැත්වේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/10/30/news17.html

ටෙලිමේල් අවුල් ජාලාවක්‌ වෙයි

විදුලි පණිවුඩ සේවාව (ටෙලිග්‍රෑම්) අහෝසි කිරීමත් සමඟ ඒ සඳහා විකල්පයක්‌ ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ ටෙලිමේල් සේවාව ප්‍රායෝගික ගැටලු රැසක්‌ හේතුවෙන් අවුල් ජාලයක්‌ බවට පත්ව ඇති බවට තැපැල් වෘත්තීය සමිති චෝදනා කරයි.

මේ පිළිබඳව "දිවයින" ට අදහස්‌ දැක්‌වූ තැපැල් වෘත්තීය සමිති නායකයන් රැසක්‌ම සඳහන් කළේ පැය දෙකක්‌ තුළදී බෙදා හැරීමට සැලසුම් කළ ටෙලිමේල් පණිවුඩය මේ හේතුවෙන් පැය 24 ක්‌ තුළදී වත් බෙදා හැරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇති බවයි.

ටෙලිග්‍රෑම් සේවාව ක්‍රියාත්මකව පැවැති කාලයේ තැපැල් කාර්යාලයට විදුලි පණිවුඩයක්‌ ලැබුණම එය බෙදාහරින්න විදුලි පණිවුඩකරුවන් තැපැල් දෙපාර්තමේන්තුව තුළ සිටි නමුත් ටෙලිමේල් පණිවිඩයක්‌ බෙදන්න එවැනි වෙනම නිලධාරීන් නැති බව වෘත්තීය සමිති පවසයි.

රට පුරා පිහිටි සියලුම තැපැල් කාර්යාලවල දුරකථන අංක ටෙලිමේල් පණිවුඩ ලබා ගන්නා ප්‍රධාන තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලට තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලබාදිය යුතු වුවත් මේ වනතුරු එම අංක ලබාදී නැති අතර, මේ නිසා තැපැල් සේවකයන් මෙන්ම ජනතාවත් අපහසුතාවට පත්ව සිටින බවට ඔවුහු චෝදනා කරති.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2013/10/30/news16.html

ශ්‍රී ලංකා ඉල්ලීම පසෙකලා, ඇමරිකාව කොටි ආයුධ ප්‍රවාහකයා හිරේ යවයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා විනාශ කිරීම සඳහා ගුවන් යානා නාශක මිසයිල ලබාගැනීමට උත්සාහ කළ කොටි ආයුධ ප්‍රවාහකයකු වූ සුරේෂ් ශ්‍රී ස්‌කන්ධරාජා හෙවත් වෝටර්ලු සුරේෂ්ට නිව්යෝර්ක්‌ අධිකරණය විසින් ඊයේ (29 දා) වසර 2 ක සිර දඬුවමක්‌ නියම කර ඇත.

ශ්‍රී ලංකාවේ සහජීවන වැඩපිළිවෙළ නිසා මොහුට එල්ල වී තිබූ ත්‍රස්‌ත චෝදනා ඉවත දමන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලිපියක්‌ යවමින් ඉල්ලා තිබිණි.

එහෙත් එම ලිපිය කෙරෙහි ඇමරිකානු රජය තැකීමක්‌ කර නැත. මොහු බරපතළ ත්‍රස්‌ත ක්‍රියාවක්‌ සිදුකර ඇතැයි ඇමරිකානු අධිකරණය විසින් තීන්දු කර ඇත.

වෝටර්ලු සුරේෂ් ඉංජිනේරුවකු වේ. ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුකිරීමට සැලසුම් කිරීම ගැන සුරේෂ් නමැත්තා වරද පිළිගෙන තිබිණි.

ඇමරිකානු රජයේ නඩු අධ්‍යක්‍ෂවරයා ඔහුට වසර 15 ක්‌ සිරයට නියම කරන්නැයි අධිකරණය වෙතින් ඉල්ලා සිටියේය.

මෙම කොටි ආයුධ ප්‍රවාහකයාව බේරාගැනීම සඳහා කැනඩාවේ ඊළාම් මන්ත්‍රීනියක්‌ වූ රුදිකා සීතා සබේෂන් එන්. ඩී. වී. පක්‍ෂයේ මන්ත්‍රී ක්‍රෙග් ස්‌කොට්‌ ද එවා තිබූ ලිපි විත්තියේ නීතිඥ විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බව හෙළිවිය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/10/30/news08.html

Tuesday, October 29, 2013

ගණිකා වෘත්තිය සහ ගබ්සාව පිළිබඳ නිමල්කාගේ ප්‍රකාශයට හෙළ උරුමයෙන් පිළිතුරු

පනින රිලවුන්ට ඉණිමං බදින්නට සංචාරක කර්මාන්තය මුවාවෙන් එන ගණිකා ව්‍යාපාරයට නීත්‍යානුකූලභාවය ලබගැනීමේ කසකරුවන්ගේ ව්‍යායාමය, මතවාදය පරාජය කිරීමට පෙරට පැමිණීම ජාතික, ආගමික, සංස්කෘතික බලවේගවල වගකීමක් බව ජාතික හෙළ උරුමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා පවසන්නේ ගබ්සාව, ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ යෝජනාව සදාචාරයේ පදනමට එල්ල කරන කුළුගෙඩි පහරක් බවයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

ගබ්සාව සහ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව නිදහස වේදිකාවේ සම කැඳවුම්කාරිනී, එමෙන්ම කුප‍්‍රකට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකරිණියක වන නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය ප‍්‍රකාශ කර ඇත. මෙම මතවාදය කාලාන්තරයක් තිස්සේ අප සමාජය තුළ තහවුරු කිරීම සදහාත්, එය නීතිගත කරගැනීම සඳහාත් ඇය ඇතුළු ඇයගේ දේශපාලන ප‍්‍රවාහය කටයුතු කරමින් ඇත. මාතවාදීමය වශයෙන් ඉදිරිපත් කරන මෙම අදහස නීත්‍යානුකූල කරගැනීම සදහා විවිධ ස්වරූපවලින් කරළියට එමින් ඇත.

කාන්තා අයිතිවාසිකම් මුවාවෙන් ලිංගික නිදහස හා ලිංගික අයිතීන් මුවාවෙන් සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය හා ලෞකික අනාගමික සමාජයක අවශ්‍යතාවය මුවාවෙන් මෙම මතවාදය න්‍යායාත්මකවත් දේශපාලනිකවත් කරලියට ගෙන එමින් ඇත.

විමල්කා ප‍්‍රනාන්දුගේ අලූත්ම තර්කය වී ඇත්තේ සංචාරක කර්මාන්තයේ නව ප‍්‍රවණතාවය වන විවේකී සංස්කෘතිය හෙවත් නිවාඩුවාදයේ මූලිකාංගය ලිංගික හැසිරීම බැවින් එයට අවශ්‍ය පහසුකම් සැපයීම සදහා ලිංගික සේවාව සපයන ගැහැණු සහ පිරිමින්ට නීතිමය ආවරණයක් ලබාදිය යුතු බවය. එය ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාවටද හේතුවන බව පවසයි. මෙය පැහැදිලිවම රටේ සංස්කෘතියත් සදාචාරයත්, සාරධර්මත් බිඳ දැමීමට ඉදිරිපත් කරන යෝජනාවකි.

මේ යට ඇත්තේ රටේ සදාචාරාත්මක සංස්කෘතික පවුර බිද දැමීමය, අත්තිවාරම පුපුරවා හැරීමය, රටේ සදාචාරයේ, සංස්කතියේ හා සාරධර්මවල වටිනාකම පිළිබද  අදහසක් නැති, සීමා මායිම් හදුනන් නැති බටහිර මතවාදවලින් ඔළුව කුරුවල් කරගත් සිංහල බෞද්ධ සංස්කෘතියට, සදාචාරයට තූ නොදකින් කියමින් කෙළ ගසන, වෛර කරන මෙම මතවාදයට සහ දේශපාලනික අදහසට එරෙහිව සියලූ ජාතික බලවේගත්, සියලූ ආගමික හා සදාචාර බලවේගත්, ආධ්‍යාත්මික බලවේගත්, ගබ්සාව , ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බව කියන මතවාදී වසංගතය පරාජය කිරීමට පෙරට පැමිණිය යුතුය.

මක් නිසාද පනින රිලවුන්ට ඉණිමං බදින්නට සංචාරක කර්මාන්තය මුවාවෙන් එන ගණිකා ව්‍යාපාරයට නීත්‍යානුකූලභාවය ලබගැනීමේ කසකරුවන්ගේ මේ ව්‍යායාමය, මතවාදය පරාජය කිරීමට පෙරට පැමිණීම ජාතික, ආගමික, සංස්කෘතික බලවේගවල වගකීමකි.

http://lankacnews.com/sinhala/news/103635/

සබැඳි ලිපි -
[
ගණිකා වෘත්තිය සහ ගබ්සා කිරීම මෙරට නීතිගත කළ යුතුයි - නිමල්කාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_2047.html
]

ගණිකා වෘත්තිය සහ ගබ්සා කිරීම මෙරට නීතිගත කළ යුතුයි - නිමල්කා

ගණිකා වෘත්තිය සහ ගබ්සා කිරීම මෙරට තුල නීතිගත කළ යුතු යැයි නිදහස් වේදිකාවේ සම කැඳවුම්කාරිනී සහ කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්‍ෂිකා නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තයට සමගාමීව ලංකාවේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂා කිරීම සඳහා මෙම පියවර ගත යුතු බවයි.

සංචාරකයන් පැමිණෙන්නේ විවේක සුවය විඳීම සඳහා නිසා සංචාරක කර්මාන්තය හැඳින්විය යුත්තේ විවේකී සංස්කෘතිය වශයෙන් බවත් එම සංස්කෘතියේ අනෙක් පැතිකඩ ලිංගික හැසිරීම බවද පවසන ඇය එහිදී කාන්තාවන්ට ලිංගික සේවයට අනුගත වීමට සිදුවන බවත් කියයි.

එබැවින් මේ තත්ත්වයට මුහුණදෙන කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව පතා ගණිකා වෘත්තිය සහ ගබ්සාව නීතිගත කළ යුතු බව නිමල්කා ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කරයි.

http://lankacnews.com/sinhala/main-news/103607/

මර්කල් ගැන ඔත්තු බලන බව ඔබාමා දැනසිටලා

මර්කල් ගැන ඔත්තු බලන බව ඔබාමා දැනසිටලාජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් මහත්මිය පිළිබඳව ඔත්තු සෙවීමේ කටයුතු පිළිබඳව ඇමරිකානු ජනාධිපති බරැුක් ඔබාමා 2010 පමණ සිට දැනගෙන අතැයි ජර්මානු පුවත්පතක් විසින් අනාවරණය කර තිබේ.

බ්ලිඞ් ඇම් සොන්ටැග් පුවත්පත වෙත තොරතුරු ලබාදුන් නම් හෙළි නොකළ ජාතික ආරක්ෂක ඒජන්සියේ නිලධාරියෙකු පවසා ඇත්තේ 2010දී ජාතික ආරක්ෂක ඒජන්සියේ ප‍්‍රධානි කීත් ඇලෙක්සැන්ඩර් ඇන්ජලා මර්කල්ගේ තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළ විට එයට එරෙහි වීම වෙනුවට ඉදිරියට ගෙන යාමට ඔබාමා දිරිදුන් බවයි.

මින් පෙර තමන් පිළිබඳ ඔත්තු බැලීම පිළිබඳව ජර්මානු චාන්ස්ලර්වරිය ඇමරිකානු ජනාධිපතිවරයා විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව නොදන්නා බවත් දැන සිටියේනම් එය නැවැත්වීමට කටයුතු කරන බවයි.

මෙම මෙහෙයුම ජර්මනියේ බර්ලින් අගනුවර හදවතේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ සිව්වන මහලේ සිට මෙහෙයවා ඇති අතර අත්පත් කරගන්නා සියලූ සන්නිවේදනයන්හි තොරතුරු සාමාන්‍ය ක‍්‍රියා පටිපාටියෙන් බැහැරව සෘජුව ධවල මන්දිරයට යවන ලද බව පැවසේ.

චාන්ස්ලර්වරියගේ පුද්ගලික ජංගම දුරකථනය මෙන්ම පක්ෂය මගින් ලබාදුන් රාජකාරි දුරකථනයද චරපුරුෂ නිරීක්ෂණයට හසුව තිබූ අතර ආරක්ෂිත කේත ක‍්‍රමයකින් සන්නිවේදනය කරන දුරකථනය පමණක් ඔවුන්ගේ ග‍්‍රහණයෙන් නිදඑස්ව පැවති බව පුවත්පත හෙළි කරයි.

මෙම තොරතුරු ජාතික ආරක්ෂක ඒජන්සියේ මාධ්‍ය ප‍්‍රකාශිකාවක් විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයි වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/103639/

සබැඳි ලිපි -
[
ඇමරිකාව ලෝක නායකයන් 35 දෙනෙකු ගැන ඔත්තු බලලාhttp://denethharinna.blogspot.com/2013/10/35.html
ඔත්තු බලන ඇමරිකාවට එරෙහි යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මතයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_7805.html
මේක පුදුම ලෝකයක්! ඇමරිකානු රහස්‌ ඔත්තු සේවය ජර්මානු චාන්සලර්ගේ ජංගම දුරකථනයටත් සවන් දීලාhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_9627.html
]

ආණ්ඩුකාරයා බාධාවක් - විග්

පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයා විසින් මුළුමනින්ම යටපත් කරගෙන තිබෙන බවත්, පළාත් සභාවට යම් යම් අයිතිවාසිකම් පැවතුනද ආණ්ඩුකාරවරයාට පවතින බලතල හේතුවෙන් ඇතැම් වැඩසටහන් කි‍්‍රයාවට නැංවීමට නොහැකිවී ඇති බවත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශවරන් මහතා පැවසීය.

යාපනයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ පළාත් ආණ්ඩුකාරවරුන් සතුව පවතින බලතල පළාත් සභා කටයුතු වලට බාධාවක් බවයි.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත් කරන බැවින් ඔහු පාලක ආණ්ඩුවේ තීන්දු තීරණ කි‍්‍රයාත්මක කිරීමට ඍජුවම කටයුතු කරන බවත්, පළාත් සභාවේ කටයුතු පවත්වාගෙන යාමට එය ගැටළුවක් වී ඇති බවත් ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

http://lankacnews.com/sinhala/news/103648/

සුළු ජාතීන්ට හෙළබිමේ සෑම බිං අඟලක්ම කැපයි! සිහළුන්ට උතුරු නැගෙනහිර අකැපයි! සැබෑ අසාධාරණය කාටද?උතුරු පළාතේ සිංහල පවුල් ඉවත් කරන්න පළාත් සභාව සූදානම්

උතුරු පළාත් සභාව විසින් දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ බලපෑම මත උතුරු පළාතේ පදිංචි සිංහල පවුල් ඉවත් කිරීමේ සැලැස්මක් සකස් කරමින් සිටින බව වාර්තා වේ.

දැනට යාපනය නාවක්කාලි ප‍්‍රදේශයේ ඉහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක පදිංචිකරවා සිටින සිංහල පවුල් මෙහි මුල් පියවර වශයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් සභාව විසින් තීරණය කර තිබේ.

පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා උතුරේ මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සිංහල පවුල් ඉවත් කිරීම සදහා නීතිමය ක‍්‍රියාදාමයක් අනුගමනය කරන බවයි.

http://lankacnews.com/sinhala/news/103604/

සේයාරුව සිංහල රාවය වෙබ් පිටුවෙන්
http://www.sinhalaraavaya.com/jafna.html

ඩ්‍රෝන ප්‍රහාර මෙහෙය වූ ඇමරිකානු නියමුවා ඉල්ලා අස්‌වෙයි

ඇෆ්ගනිස්‌ථානයේ හා ඉරාකයේ ෙඩ්‍රෝන යානාවලින් ප්‍රහාර එල්ල කළ නියමුවා සිය ධූරයෙන් ඉල්ලා අස්‌වී ඇත.

බ්‍රැන්ඩන් බ්‍රයිරන්ට්‌ මෙහෙය වූ ෙඩ්‍රෝන ප්‍රහාරවලින් 1626 ක්‌ මරුමුවට පත් වු බව ඔහු හෙළි කළේය.

මෙම ෙඩ්‍රෝන ප්‍රහාර මෙහෙයවීම සඳහා තවදුරටත් ඔහුව රඳවා ගැනීමේ අරමුණින් ඩොලර් 109000 ක මුදලක්‌ ප්‍රදානය කිරීමට ඇමරිකානු ආරක්‍ෂක බලධාරීහු ඉදිරිපත් වූවත් ඔහු එය ප්‍රතික්‍ෂේප කර ඇත.

ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමෙන් තමා මානසික අසහනයට පත් වූ බව ඔහු පවසා තිබේ.

http://www.divaina.com/2013/10/29/forign01.html

පැට්‌නා බෝම්බ පිපිරීම්වලට ඉන්දීය මුජෙයිදීන් සම්බන්ධයි - බිහාර් පොලිසිය

ඉන්දියාවේ පැට්‌නා නගරයේ දේශපාලන රැස්‌වීමක සිදු වූ බෝම්බ පිපිරීම්වලට ඉන්දීය මුජෙයිදීන් සංවිධානය සම්බන්ධ යයි හෙලි වී ඇත.

මෙම බෝම්බ පිපිරීම් නිසා පස්‌ දෙනකු මියගොස්‌ 100 කට අධික පිරිසකට තුවාල සිදු වී තිබේ. භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝධිගේ දේශපාලන රැස්‌වීමකදී මෙම පිපිරීම් සිදු වී තිබේ.

පැට්‌නා දුම්රිය ස්‌ථානය අසලදී ද එක්‌ බෝම්බ පිපිරීමක්‌ සිදු වී ඇත.

මෙම බෝම්බ පිපිරීම්වලට ඉන්දීය මුජෙයිදීන් සංවිධානය සම්බන්ධ බවට බිහාර් පොලිසිය කියා සිටී.

http://www.divaina.com/2013/10/29/forign02.html

බොඳ වී යන රාවනා ඇල්ලේ සුන්දරත්වය

සංචාරක කර්මාන්තය විදේශ විනිමය රටට ගලා එන තවත් එක්‌ ප්‍රබල මාධ්‍යයක්‌ වී තිබේ. රජය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා සුවිශේෂ අවධානයක්‌ යොමු කර ඇති අතර විවිධ ක්‍රමෝපායන් ක්‍රියාවට නන්වමින් සිටියි.

ඉකුත් 2012 වසරේදී මෙරටට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව දස ලක්‍ෂයකට ළඟා වූ 950.000 කි. මෙම සංඛ්‍යාව 2011 වසරට වඩා 17% ක වර්ධනයෙනි. සංඛ්‍යාත්මකව එම අගය 855.957 කි. 2012 වසර ලබා ඇති විදේශ විනිමය බිලියනයක්‌ වී ඇත. 2016 වසර වන විට විදේශ සංචාරකයන් මිලියන 2.5 ක්‌ ගෙන්වා ගැනීම ඉලක්‌කය වී තිබේ.

බොහෝ විදේශ සංචාරකයෝ මෙරට ඇති ස්‌වභාවික සුන්දර ස්‌ථාන දැකබලා ගැනීමට බෙහෙවින් ප්‍රියකරති. ඔවුහු ඉතා දුෂ්කර මාර්ග ඔස්‌සේ සැතපුම් ගණනාවක්‌ පා ගමනින් එවැනි ස්‌ථාන සොයා යන අන්දම දැක සිටිමු.

ඌව පළාත ද විදේශීය සහ දේශීය සංචාරකයන් ප්‍රියකරණ පියකරු ප්‍රදේශයෙකි. විශේෂයෙන් ඌව පළාතේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයට පැමිණෙන සංචාරකයෝ උස්‌ කඳු මුදුන්වල සිට ඇඳ හැලෙන සුන්දර දිය ඇලි නැරඹීමට කිසිවිටෙක අමතක නොකරති.

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන බඹර කන්ද දියඇල්ල (උස මීටර 241) ඇතුළු දියඇලි රැසක්‌ම බදුල්ල දිස්‌ත්‍රික්‌කය පුරා විවිධ ප්‍රදේශවල පිහිටා ඇත. දුන්හිඳ දිය ඇල්ල, දියලුම දිය ඇල්ල, රාවණා දිය ඇල්ල, පීස්‌ස දිය ඇල්ල ප්‍රධාන තැනක්‌ ගනී.

මේ පුවත ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව පිහිටි රාවණා ඇල්ල පිළිබඳවයි. මෙම දිය ඇල්ල දර්ශනීය ඇල්ල දොaණිය" ආශ්‍රිතව ඇල්ල වැල්ලවාය ප්‍රධාන බස්‌ මාර්ගයට සමීපව ගලා යමින් පවතී. එනිසාම මෙකී දියඇල්ල දෙස්‌ විදෙස්‌ සංචාරකයන් පිරී ඉතිරී ගිය ස්‌ථානයක්‌ වී තිබේ.

සුදොa සුදු පෙන පිඬු නංවා සාඩම්බරව කිරිඳිඔය බලා සිලිසි හඬින් ගලා හැලෙන දියඇල්ල නරඹා සතුටුවන පිරිස්‌ අවට පරිසරයේ ඇති කෘත්‍රිම අසුන්දර පරිසරය දැක කණගාටුවට පත්වෙති. දියඇල්ලේ සුන්දරත්වය හා ස්‌වභාවික පරිසරය විවිධ පුද්ගලයන්ගේ සහ විවිධ ආයතනයන්ගේ මැදිහත්වීම මත විනාශයට පත් කර තිබීම ඊට හේතුවී තිබේ.

විශේෂයෙන්ම දියඇල්ල පාමුල ප්‍රදේශයේ සවිකර ඇති සුවිසල් ප්‍රචාරක සහ දැන්වීම් පුවරු මෙන්ම අලෙවි කුටි පාරිසරික ලෙස අසුන්දර බව ගොඩ නැගීමට දායක වී තිබේ. කලකට පෙර එක්‌තරා ව්‍යාපෘතියක මැදිහත්වීම මත අලෙවි කුටි රැසක්‌ වෙළ¹ම පිණිස ඉඳිකරදුන් අතර ඒවා සියල්ල මේ වනවිට අබලන් තත්ත්වයට පත්වී තිබේ. ඉන් වැඩි සංඛ්‍යාවක්‌ කිසිඳු භාවිතයක්‌ නොමැතිව වසා දමා ඇත.

දියඇල්ල පාමුල සවිකර ඇති පුවරු සංඛ්‍යාවද විශාල ගණනකි. ඉන් සමහරක්‌ දිරාපත්වී ඇතත් ඉවත් කිරීමට පවා කටයුතු කර නොමැත.

දියඇල්ල ආශ්‍රිතව පවතින ගල්කුළු රැසකි. පසුගිය මැතිවරණ සමයේ ඡන්ද අපේක්‍ෂකයන්ගේ නම් සහ මනාප අංක ලිවීම නිසා එම ගල්කුළු සියල්ලද දස වසරකට අධික කාලයක්‌ දියඇල්ලට ගෙනදී ඇත්තේ අසෝබන තත්වයෙකි.

දේශීය සහ විදේශීය සංචාරක පිරිස්‌ ප්‍රකාශ කර සිටින්නේ දිය ඇල්ල අශ්‍රීතව පවතින අසෝබන පරිසරය නිසාම සිහිවටනයක්‌ ලෙස ඡායාරූපයක්‌ පවා ගැනීම නිෂ්පල කරුණක්‌ වී ඇති බවයි.


රාවණාඇල්ල ස්‌වභාවධර්මයාගේ මහඟු පරිත්‍යාගයෙකි. එහි ඇති සුන්දර බව විඳ ගැනීමට මිස විනාශ කිරීමට කිසිවකුට අයිතියක්‌ නොමැත. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා මෙවැනි ස්‌වභාවික පරිසරයන් ස්‌වභාවික ලෙස පැවැතීමට ඉඩදිය යුතුවේ. මෙකී ස්‌ථානයේ සුන්දර බව යළි ස්‌ථාපිත කිරීමට වගකිව යුතු පිරිස්‌ කටයුතු කළ යුතු බව පරිසර හිතකාමී සංචාරකයෝ පෙන්වා දෙති.

බදුල්ල  එච්. එම්. සමරකෝන් බණ්‌ඩාර
http://www.divaina.com/2013/10/29/news35.html

බෝපත් ඇල්ල ද? ඕපත් ඇල්ල ද?

වර්තමානයේ විදේශ සහ ස්‌වදේශික සංචාරකයන්ගේ සිත්ගත් සංචාරක ස්‌ථානයක්‌ ලෙස රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි එක්‌තරා දිය ඇල්ලක්‌ ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙම දිය ඇල්ල වර්තමානයේ හඳුන්වනු ලබන්නේ "බෝපත් ඇල්ල" නමිනි ඊට හේතු වශයෙන් දක්‌වන්නේ දිය ඇල්ලේ ආරම්භක ස්‌ථානය බෝ පත්‍ර හැඩයක ස්‌වරූපයෙන් යුක්‌තවීම අනුව එසේ හඳුන්වා ගෙන ඇති බවය. එහෙත් මෙහි පැරැණි නාමය "බෝපත් ඇල්ල නොව "ඕපත් ඇල්ල" බව අවධාරණයෙන් පැවසිය යුතුව තිබේ.

කිසියම් දිය පහරක්‌ නැතහොත් ඔයක්‌ ගලා යන ස්‌වභාවය අනුව ඉන් ඔබ්බෙහි පිහිටි පෙදෙස්‌ ඔයමත්ත (ඕමත්ත) ලෙසද ඉන් මොබ්බෙහි පිහිටි පෙදෙස ඔය පාත (ඕපාත) ලෙසද හඳුන්වන අතර මේ දෙනමින් නම්කොට ඇති යම් යම් ප්‍රදේශ දිවයිනේ කිහිප පළාතකින්ම දැකගත හැකිය. මේ අනුව ඔය+පාතූඇල්ල යනුවෙන් හඳුන්වාගනු ලැබු රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රසිද්ධ දිය ඇල්ල ඕපත් ඇල්ල ලෙස නම්කර ගනු ලැබීය. එහෙත් මේ නාමයේ ඇති "ඕපත්" යන්න වෙනම සළකා බලා ඇති ඇතැමකු මෙම නාමයේ අර්ථය නිවැරැදිව හඳුනා ගනු වෙනුවට දිය ඇල්ලේ ඉස්‌මත්තේ හැඩයක්‌ ගැන සලකමින් එය "බෝපත්" විය යුතු යෑයි සළකා තිබේ. මෙලෙස වචන හුවමාරුවෙන් දිවයින ඇතැම් ස්‌ථාන නාම මුල් ස්‌වරූපයෙන් වෙනත් තත්ත්වයකට පත්වූ අවස්‌ථා තවද දැකගත හැකිය. උදාහරණයක්‌ වශයෙන් කොළඹ නගරයේ මරදාන ප්‍රදේශයේ පිහිටි එක්‌තරා ස්‌ථානයක්‌ කොළඹ නගර සභාව විසින් PARADISE GARDENS (පැරඩයිස්‌ ගාඩ්න්ස්‌) ලෙසින් නම් කොට නාම පුවරුද සවිකොට ඇත. මෙම පෙදෙසට එම නම වැටුණේ මෙසේ ය.

යටත් විජිත සමයේ මෙම ස්‌ථානයෙහි පෝස්‌ නමින් ප්‍රසිද්ධව සිටි ලන්සි මහතකුගේ බංගලාව සහ ඉතා මනරම්ව අලංකාර ලෙස මල් වගාකොට තිබූ උද්‍යානයක්‌ විය. එකල අසල්වාසීන් මෙම ස්‌ථානය හැදින් වූයේ "පෝස්‌ මහත්තයාගේ වත්ත" යනුවෙනි. අසල්වාසීන් පෝස්‌ මහත්තයා යෑයි හඳුන්වද්දී ඔහුට එතරම් ඇඟ ඇළිකමක්‌ නොදැක්‌වූවෝ මෙම ස්‌ථානය "පෝස්‌ ගෙවත්ත" නමින් හැඳින් වූහ.

මේ අතරතුර පෝස්‌ මහතා මිය පරලොව යන්නට යෙදුනේය. පෝස්‌ මහතාගෙන් තොරව පෝස්‌ ගෙවත්ත තනි විය. මනරම් දර්ශනීය මල්ගොමුවලින් අලංකරණය වූ මෙම උද්‍යානය ඇතැමුන්ට දිව්‍ය උද්‍යානයක්‌ බඳු විය. ඒ අනුව "පෝස්‌ගෙ වත්ත" යනු පවසනු වෙනුවට "මෝක්‌ෂවත්ත" යෑයි පැවසීම සිදු විය.

මේ අතර කොළඹ නගර සභාව තම සීමාවට අයත් ප්‍රදේශ ඉංග්‍රීසියට පරිවර්තන කොට නාම පුවරු යොදන්නට වූයෙන් "මෝක්‌ෂවත්ත" යන්න ඉංග්‍රීසියට පෙරළා (PARADISE GAROENS) වශයෙන් නාම පුවරු ඉදි කළේය. මේ වර්තමානයේ එම පෙදෙස්‌ හඳුන්වන්නේ පැරඩයිස්‌ ගාඩ්න්ස්‌ යන නමිනි.

මෙලෙස පෝස්‌aගෙවත්ත යන්න මෝක්‌ෂවත්ත" වූ ආකාරයට ඕපත් ඇල්ල නම් දිය ඇල්ලද බෝපත් ඇල්ල" බවට පත්ව තිබේ. මෙම දියඇල්ල ඓතිහාසිකව හැඳින් වූයේ ඕපත් ඇල්ල" ලෙසින් බවට මයුර සන්දේශය මෙසේ සාක්‌ෂි දරයි.

රැවුල් කළ මී ලොල්ලේ මී ලොල්ලේ ය
පුල් දොඹ නාගොල්ලේ සෙවනැල්ලේ ය
මහ ආරලි එල්ලේ සුදු වැල්ලේ ය
යව ඕපත් ඇල්ලේ සිතු ඇල්ලේ ය
(මයුර සන්දේශය)

අදත් මෙම දිය ඇල්ල පිහිටි ප්‍රදේශවාසීහු ඕපත් ඇල්ල ලෙස හඳුනාගෙන සිටින අතර එය බෝපත් ඇල්ල ලෙසින්ද හැඳින්වීම බුදුනට නිගරු කිරීමක්‌ කොට සලකති.

පිටස්‌තර ප්‍රදේශවලින් පැමිණෙන නාගරිකයන් එය බෝපත් ඇල්ල ලෙස හඳුන්වන්නට වු බැවින් එහි ප්‍රසිද්ධ නාමය මෙලෙස විකෘති කොට තිබේ. එහෙත් එය "ඕපත්ඇල්ල" නමින්ම නිවැරැදි විය යුතුය.

විශේෂයෙන් සංචාරක ආයතන මෙම දිය ඇල්ලේ ඓතිහාසිකත්වය අගයමින් ඒ පිළිබඳව දක්‌වන විශේෂ සැලකිල්ල සේම එහි පෞරාණිකත්වය රැකදෙන ඓතිහාසික නාමය වන ඕපත් ඇල්ල යන්නද ආරක්‍ෂාකර තැබීම ජාතික යුතුකමක්‌ වන්නේය.

ගාමිණී මෛත්‍රීවර්ධන
http://www.divaina.com/2013/10/29/feature05.html

මතට තිතද? තිතට මතද?

කසිප්පුවලින් බද්දක්‌ අයකළ යුතුයෑයි මේ රටේ නියෝජ්‍ය මුදල් ඇමැති සරත් අමුණුගම මහතා යෝජනා කරයි. ඒ මහතා මෙම යෝජනාව කළේ සමස්‌ත ලංකා සුරාබදු සැරයන්වරුන්ගේ සහ නියාමකවරුන්ගේ සංවත්සර උත්සවයට සහභාගි වෙමින්ය.

මතට තිත යන ප්‍රතිපත්තියට එරෙහිව මත්පැන් බොන අය දිරිමත් කරන මේ ප්‍රකාශය පනින රිළවුන්ට ඉනිමං බැඳීමකි. ලෝක අමද්‍යප දිනය පසුවී (2013.10.03) ටික දිනකින්ම ඒ මහතා කළ මේ ප්‍රකාශය ගැන අමද්‍යප සංවිධාන හෝ කටක්‌ ඇර කිසිවක්‌ කියා නොමැත.

රජයට ආදායම් ලබාගත හැකි ප්‍රධානම මාර්ගයකි මත්පැන් හා දුම්වැටි. රුපියල් 28 කට විකිණෙන දුම් වැටියකින් රුපියල් 19 ක්‌ම රජයට බදු වශයෙන් අයකර ගනී. නීති විරෝධී මත්පැන් අලෙවිය නීත්‍යනුකූල මත්පැන්වලට වඩා වැඩිය. ඒවා සෑම ගමකම ඇත. රජයට විශාල වශයෙන් බදුගෙවමින් බාර් එකකට ගොස්‌ අරක්‌කු ටිකක්‌ බීමට වඩා ගමේ ගොඩේ අයට අඩු මිලකට කසිප්පු ටිකක්‌ බීමට හැකිය. ඇමැතිතුමාගේ යෝජනාවෙන් වන්නේ නීත්‍යනුකූල නොවන මත්පැන්වල මිල බෙහෙවින් ඉහළ යැමය.

නීත්‍යනුකූල නොවන මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් මේ ධර්මද්වීපය පිරී පවතී. හොර මත්පැන් අලෙවි කිරීම නිසා උසාවියේ අසන නඩු වලින්ද රජයට ආදායමක්‌ ලැබේ. දඩ වශයෙන් එකතුවන මුදලද ඉතා විශාලය. කළ යුතුව ඇත්තේ හොර සුරාවලට අනුමැතිය දී නීත්‍යනුකූල කර රජයට බදු මුදලක්‌ ලබා ගැනීම නොවේ. මෙම හොර සුරා පෙරීමේ ස්‌ථාන අලෙවිකරන අය අල්ලා දැනට අයකරන දඩ මුදල්වලට වඩා වැඩියෙන් දඩගසා ආණ්‌ඩුවේ මහා භාණ්‌ඩාගාරය තරකර ගැනීමය.

නීත්‍යනුකූල මත්පැන්වලින් හා සිගරට්‌වලින් අයකරන බදුවලින් ද නීත්‍යනුකූල නොවන කසිප්පු වැනි දේ අත්අඩංගුවට ගෙන ගසන දඩ මුදල්වලින්ද රජයට ආදායමක්‌ ලැබුණත් වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් මෙන්ම ආර්ථික විද්‍යාඥයන්ද කියන්නේ වෙනම කතාවකි. සෞඛ්‍යයට වන හානිය සමාජයට වන හානිය ගැන සලකනවිට මත්පැන් හා දුම්වැටි සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කළ යුතුය.

අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේ විමසා සිටින්නේ කසිප්පු වැනි මත්පැන් වර්ගවලින් බදු අය කිරීමෙන් ඒවා නීත්‍යනුකූල වන බවත් එවැනි ක්‍රියාමාර්ගයක්‌ ගැනීම රජයේ ප්‍රතිපත්තිය බවද යන්නය. මුළු ලෝකයම දුම්පානය හා මද්‍යසාර අඩාල කිරීමට පොදුවේ උත්සාහ ගනිද්දී දැන උගත්කමක්‌ ඇති රජයේ ඇමැතිවරයකු එයට ප්‍රතිවිරෝධී අදහසක්‌ දැක්‌වීම විමතියට කරුණකි. බල්ලො මරා හෝ මුදල් හරිහම්බකරන්නේ ජීවත්වෙන්නට කිසිමදෙයක්‌ නැති අවස්‌ථාවකය. මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා තැන් තැන්වල කරන මේ අන්දමේ කතා අනාගතයේ දී කසිප්පුකාරයන්ගේ මනාපය දිනාගැනීමට කරන ඒවාය. මහින්ද චින්තනයේ තියෙන්නේ මතට තිත තියන බවකි. අපට වර්තමාන ආණ්‌ඩුව සුවිශේෂීය. ඒ සදාචාර සම්පන්න රටක්‌ බිහිකරන්නට ප්‍රතිඥ දී තිබෙන බැවිනි.

ජාතික හෙළ උරුමය වැනි පක්‍ෂද සන්ධාන ආණ්‌ඩුව සමඟ එක්‌වී කියන්නේ මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය තහනම් කළ යුතු බවකි. මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමාද උත්සාහ ගන්නේ මත්පැන් පමණක්‌ නොවේ දුම්වැටිද තහනම් කරන්නටය. කැබිනට්‌ ඇමැතිවරු මේ අන්දමට එකිනෙකට ප්‍රතිවිරුද්ධ කතා කීම කැබිනට්‌ සාමුහිකත්වයද කඩ කිරීමකි. අද ගමට හොර සුරා පමණක්‌ නොවේ මත් කුඩුද බහුල වශයෙන් පැමිණ ඇත. රටේ හරි විනයක්‌ නැත. බෞද්ධ ප්‍රතිපත්ති රකින්නේ නැත. මැතිවරණවලදී මත්පැන් සාද පවත්වන අයුරු ජුගුප්සාජනකය. රූපවාහිනියේ මත්පැන් බොන හා දුම්වැටි බොන දර්ශන පෙන්වන විට යට තීරයේ නිවේදනයක්‌ කරමින් අපට අවවාද කරයි. සෞඛ්‍යයට වන හානි ගැන කියයි. දැන් අපට මැති ඇමැතිවරුන්ටත් මත්පැන්වල ආදීනව කියන්නට සිදුව ඇත.

මත්පැන් ශරීරයට අහිතකරය. කුමන ඉහළ නමකින් හඳින්වුවද ඒ සියලුම මත්පැන්වලින් කරන්නේ මිනිස්‌ සිරුරට හානියකි. සෞඛ්‍ය සම්පන්න ආර්ථිකයක්‌ ආරම්භ කරන්නට නම් මත්පැන් වෙනුවට දියරකිරි බීමට ජනතාව යොමු කළ යුතුව ඇත. අප තවමත් කිරි එළදෙනුන් මරාගෙන බයිට්‌ එකට ගන්නා අසම්මත ජාතියකි. ගෙරිමස්‌ කන්න එපා. මත්පැන් බොන්න එපා යෑයි කිව්ව ජාතික වීරයෝ අද නැත. කාපල්ලා බීපල්ලා ජොලිකරපල්ලා කියන අයයි ඉන්නේ.

1912 දී ලංකාවේ සුරාබදු පනත ආරම්භ කළ වේලාවේ පළමු ශ්‍රී ලංකා තැබෑරුම විවෘත කරන්න ගිය වෙලාවේ පාරට බැස්‌ස වීරයෝ අද නැත. අනගාරික ධර්මපාලලා නැත. කොටින්ම අමද්‍යප සංවිධාන බෝඩ්ලෑල්ලට සීමාවී තිබේ. මඩිහේ නාහිමියන්, ගණේගම සරණංකර නායක හාමුදුරුවන් වහන්සේලා ද, නන්දදාස කෝදාගොඩ, ඩී. වී. ඡේ. හරිස්‌චන්ද්‍ර වැනි දොස්‌තර මහත්වරුන්ද දැන් ජීවතුන් අතර නැත. එසේ හිටියානම් කසිප්පුවලින් බදු අයකර ගැනීමට යෝජනා කරන අයට එල්ලුම් ගස නියම කරනු ඇත. කසිප්පුකාරයන්ගේ කරපිටින් රටේ පාලනයට පැමිණ කසිප්පු රස දන්නන් තමන් බලයට පත්කළ අයට සහන සලසනවා හැරෙන්නට වෙන කළහැකි දෙයක්‌ නොමැත.

අපි කොතෙක්‌ කතා කළත් මත්පැන් ලෝකයෙන් තුරන්කළ නොහැකිය. ලොව කොයි රට ගැන සලකා බැලුවත් ඒ ඒ රටවල්වල බහුලව ජනතාව අතර ප්‍රචලිත බීම වර්ග ඇත. ජර්මනියේ ජනතාවගේ ස්‌වභාවික පානයකි බීර. බ්‍රිතාන්‍යයේ ස්‌ටුවට්‌ හා ජිල් පොදු බීමකි, ප්‍රංශයේ ආහාර පාන අතර නැතිවම බැරි බීමක්‌ වයින්. මේවා විස්‌කි බ්‍රැන්ඩි හා අරක්‌කු මෙන් ඉස්‌ප්‍රීතු වර්ග නොවේ. මේ රටට හොරෙන් ගෙන එන ඉස්‌ප්‍රීතු වර්ග විශාල ප්‍රමාණයක්‌ පසුගිය දා අසුවිය. අපේ රට මත්ද්‍රව්‍යවලටද හොඳ වෙළෙඳපොළකි. මේ වනවිට ගමේ ගොඩේ විශාල තරුණ පිරිසක්‌ මේ මත්ද්‍රව්‍යවලට ගොදුරුව ඇත. සිරගෙවල් පිරී ඇත්තේ මත්ද්‍රව්‍ය ගත් අයගෙනි. අපරාධකරුවන් රැසක්‌ මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිසා විවිධ අපරාධකර සිරගතවී සිටී. මිනීමරුවන් වී එල්ලුම් ගසට නියම වේ.

බීමත් පියාගෙන් දරුවන්ට හිරිහැර සිදුවූයේ අද ඊයේ සිට නොවේ. සුරාවට ඇබ්බැහි වූ රජුන් තම සිඟිති පුතුගේ මස්‌ ද අනුභවකර ඇත. පහේ ශිෂ්‍යත්ව විභාගය අසමත් වුණා යෑයි තම දරුවා ගිනියම් කළ යකඩයකින් පුළුස්‌සා දැම්මේද බීමත් පියෙකි. මත්වීමේ ආනිශංස කියන්නට කොතෙකුත් උදාහරණ ඇත. ලෝක අමද්‍යප දින, වැඩිහිටි දින, ගුරු දින, ළමා දින, ගැහැනු දරුවන්ගේ දින පැවැති මේ ඔක්‌තෝබර් මාසයේ අපි කතාකරන විට මත්පැන්වලින් සිදුවන ෙ€දවාචක ගැන කොතෙකුත් කතා කළහ. මේ අතර අපට ඇසුණ ආසන්නතම කතාව සරත් අමුණුගම දැන උගත් ඇමැතිතුමාගෙනි. කසිප්පු නීතිගතකර බද්දක්‌ ගැනීමෙන් මහාභාණ්‌ඩාගාරය පුරවාගත හැකිය. නමුත් මේ අන්දමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුණොත් තවත් අවුරුදු 10 ක්‌ ගතවන විට ජාතිය පමණක්‌ නොවේ මේ ධර්මද්වීපයද නැත්තටම නැතිවනු ඇත.

පහේ ශිෂ්‍යත්ව විභාගය සමත්වූ ගාල්ලේ ඇත්කඳුර ප්‍රදේශයේ ළමයකු තම පියාට ලිපියක්‌ ලියා රෝහල්ගතවී සිටින පියාගෙන් ඉල්ලා සිටියේ අනේ තාත්තේ බොන්න එපා කියන ඉල්ලීමයි. මෙවැනි ඉල්ලීම් තම පියවරුන්ගෙන් කොතෙකුත් දරුවෝ කරති. දරුවන් පමණක්‌ නොවේ බිරින්දෑවරුන්ද කෙරේ. කොතෙක්‌ ඉල්ලීම් කළත් බොන එකා බොන්නේය. බීල බීල ඒකෙන්ම ලෙඩවී අකාලයේ මියයති.

බීමතින් රිය පැදවීම නීතියෙන් දඬුවම් පවරන වැරැදි වැඩකි. මත්පැන් බීමෙන් අනතුරුව රිය අනතුරු සිදුකර මත්පැන් පානය නොකළ මගීන්ද පාරේ ගමන් කළ අයද කොතෙකුත් මරා දමා ඇත. නීති ඇත්තේ පොතට පමණි. නීති කඩකරන අය බොහෝ වෙති. මතට තිත තියන බවට ලියා ඇත්තේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේය. අමුණුගම නියෝජ්‍ය ඇමැතිතුමන් කටයුතු කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ප්‍රතිවිරුද්ධවය. ඇමැතිතුමනි, වචනයක්‌ කතා කරන්නට පෙර දෙවරක්‌ නොව කීප අවස්‌ථාවක්‌ම සිතා බලන්න. තුවක්‌කුවකින් උණ්‌ඩයක්‌ පිටවුණාට වැඩි විනාශයක්‌ වැරැදි වචනයක්‌ පිටවුවහොත් සිදුවිය හැකිය. සමහර විට අප ඉහතකී මත්පැන් බීමේ ආදීනව ඇමැතිතුමා නොදැන සිටියා යෑයි මම නොකියමි. එතුමා දහම් පාසලක දරුවන්ට කතාකරන විට නම් කසිප්පුකාරයන්ට, සුරාවට එරෙහිව කොතෙකුත් කතා කියා ඇත. මම එය දනිමි.

ඇමැතිතුමා කුමක්‌ කීවත් මේ රටේ නායකයානම් කවදාවත් කසිප්පුවලින් බදු අයකර ගැනීමේ නීතියක්‌ සම්පාදනය නොකරනු ඇත. ඉදිරියේදී කියවීමට නියමිත රාජ්‍ය අයවැය ලේඛනයේ අන්තර්ගතය දැන ගැනීමට ඉන්නා මෙවන් වේලාවක විශේෂයෙන් නියෝජ්‍ය මුදල් ඇමැතිතුමන් කට ප්‍රවේශම්කර නොගත්තොත්, විශාල විනාශයක්‌ සිදුවිය හැකියි. රටේ ආශ්චර්ය ලොවට කියාපෑමට පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නියෝජිතයන් ද පැමිණෙන මොහොතක මේ රට යුද්ධයෙන්ද මිදී සංවර්ධනයේ අරුණලු දකිමින් සිටී. වර්තමාන ආණ්‌ඩුවට විශාල ජනප්‍රසාදයක්‌ ඇති බව වයඹ හා මධ්‍යම පළාත් සභා ඡන්දයෙන්ද පැහැදිලිකර ඇත. මධ්‍යම පළාත් සභා ඡන්දය අවසන් වූ මොහොතේම කසිප්පු ගැන මෙවැනි කතාවක්‌ දළදා සමිඳුන් වැඩ සිටින කන්ද උඩරටින් අසන්නට සිදුවීම ජාතියේ අවාසනාවකි. මහනුවර කොතරම් නම් සුරා විකුණන බාර් තිබෙනවා දැයි අස්‌ගිරි මල්වතු මහනාහිමිවරුන් වත් නොදනී.

කළ යුතුව ඇත්තේ නීත්‍යනුකූල නොවන හෝ සුරාවලට ලැයිසන් දීම නොවේ. රටේ ඇති සියලු බාර් වසාදමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මතට තිත තැබීමය.

අක්‌මීමන කේ. මතිලාල්
http://www.divaina.com/2013/10/29/feature04.html

ජීවිතයට කිසිදු වටිනාකමක්‌ නැති දුම්වැටි මත්වතුර වැනිදේ ළංකරගෙන ඵලක්‌ නැහැ - මෛත්‍රීපාල

ජීවිතයට කිසිදු වටිනාකමක්‌ නැති දුම්වැටි මත් වතුර වැනි දේ ළඟා කරගෙන ජීවත්වීමෙන් තමුන්ටවත් වෙනකාටවත් ඵලක්‌ නැතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ රජය විසින් ආරම්භ කර ඇති දුම්වැටි විරෝධී වැඩසටහනට සහාය දැක්‌වීම සඳහා නුගේගොඩ අධ්‍යාපන ආයතනයක්‌ වන සැසිප් ආයතනය විසින් සංවිධානය කර තිබූ දැනුවත් කිරීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි.

එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

ඔබේ ජීවිතයට ඔබ වැඩි වටිනාකමක්‌ දුන්නේ නැත්නම් ඔබේ ජීවිතයට වඩා වෙනත් දේවල්වලට තමයි ඔබට අගයක්‌ දෙන්න වෙන්නේ. ඒ වගේම ඔබේ ජීවිතයට වඩා වෙනත් දේවල්වලට අගයක්‌ දුන්නොත් ඔබට ඒ අගයක්‌ දෙන දේ රකින්නට පුළුවන් කමක්‌ නැහැ. ඔබේ ජීවිතය ගැන ඔබ සලකන්නේ නැත්නම්, ප්‍රධාන වශයෙන්ම ජීවත්වන මිනිසකුගේ ජීවත්වීමේ ආයු කාලය වැඩි වීම හා නිරෝගීභාවය සඳහා අත්‍යවශ්‍ය කරුණු කිහිපයක්‌ අතර සමාජය තුළ මහා ව්‍යසනයකට බලපා තිබෙන මතින් තොර සමාජයක්‌ මෙන්ම මත්ද්‍රව්‍යවලින් තොර මිනිසුන් බිහිවීම අවශ්‍යයි. කෙනෙකුගේ ජීවිතයේ වටිනාම දේවල්, නොසලකා බැහැර කරනවිට, මත්වතුර, දුම්බීම වැනි නොවටිනා දේවල් ඔබේ ජීවිතයට ඇතුළුවෙනවා. කිසිවෙකුටත් පලක්‌ නැති නොවටිනා දේවල් ජීවිතයට ඇතුළත් කර ගෙන සිටින පුද්ගලයකුගේ ජීවිතයෙන් කාටවත් පලක්‌ තියෙනවාද කියලා මම මේ දරුවන්ගෙන් අහනවා.

වර්තමානයේ අපේ සමාජය මුහුණදී තිබෙන ප්‍රධාන සමාජ ව්‍යසනය තමයි බෝ නොවන රෝගවල ඉහළයාම. අපේ රටේ දවසකට 1200 ක්‌ විතර අලුතින් උපදින කොට 1000 ක්‌ විතර මැරෙනවා. ඒ මියයන අයගෙන් වැඩි පිරිසක්‌ මියයන්නේ හෘදයාබාධ, පිළිකා, දියවැඩියාව, ආඝාතය වැනි බෝ නොවන රෝගවලින්. මේ රෝග හැදෙන්නට බලපාන ප්‍රධාන හේතුවක්‌ තමයි දුම්බීම. දුම්බීම නිසා දවසකට 54-60 ක්‌ මියයනවා. අවුරුද්දකට අපේ රටේ පුද්ගලයන් 20,000 ක්‌ දුම්බීම නිසාම මරණයට පත්වෙන බව වෛද්‍ය වාර්තාවලින් සනාථ වී තිබෙනවා. ඒ නිසා දුම්බීම වර්තමානයේ මහා ව්‍යසනයක්‌ බවට පත් වී තිබෙනවා.

අපේ සමහර තාත්තලා මම දන්නවා දරුවා නළවන්නේ සුරතල් කරන්නේ සිගරට්‌ එකක්‌ උරන ගමන්. ඒ සිගරට්‌ එකේ විෂ දුම අර දරුවාට ඇතුළුවෙනවා. ඒ දරුවා වැඩිවියට පත් වුණාම පෙනහළු රෝගියෙක්‌ හෝ පිළිකා රෝගියෙක්‌ බවට පත්වුණාම වෛද්‍යවරයාට කියනවා. අනේ දොස්‌තර මහත්තයෝ මම සිගරට්‌ එකක්‌ කටේවත් තියලා නැහැ. මට කොහොමද මේ ලෙඩේ හැදුණේ කියලා. ලෙඩේ හැදුවේ වෙන කවුරුවත් නොවෙයි. ඒ පුද්ගලයාගේ තාත්තා කියලා දැනගත්තාම ඒ දරුවා තමන්ගේ තාත්තාට සාප කරන එක පුදුමයක්‌ නොවෙයි.

මෙහිදී දුම්වැටි භාවිතය තුරන් කරමු යන තේමාව යටතේ විවිධ නිර්මාණ ඉදිරිපත් කළ ජයග්‍රාහී දරුවන්ට සහතික පත් හා ත්‍යාග පිරිනැමීම ද අමාත්‍යවරයා අතින් සිදුවිය. මෙම අවස්‌ථාවට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය ලක්‌ෂ්මී සෝමතුංග හා මෙම වැඩ සටහන සම්බන්ධීකරණය කළ වෛද්‍ය උපදේශක මංගල ලියනගේ මහතා ඇතුළු පිරිසක්‌ද, නුගේගොඩ සැසිප් ආයතනයේ ආචාර්ය මණ්‌ඩලයද සහභාගි වූහ.

http://www.divaina.com/2013/10/29/news30.html

සබැඳි ලිපි -
[

මේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

පොලොම්මාරුවේ වාචිස්‌සර හිමි කිරිවෙහෙර වැඩබලන නාහිමි පදවියට

අපවත්වී වදාළ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගෙන් පසු පුරප්පාඩුව පවතින කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්‌ථානයේ තාවකාලික භාරකාරත්වය කතරගම ප්‍රාදේශීය ලේකම් ටී. බී.එම්. අතපත්තු මහතා වෙත පවරා ඇත.

බෞද්ධ කටයුතු පිළිබඳව කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රප්‍රෙAම ගමගේ මහතා විසින් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්‌ථානයේදී මෙම භාරකාරත්වය පවරන අතර විහාරස්‌ථානයේ වැඩ බැලීම සඳහා ඌව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පොලොම්මාරුවේ වාචිස්‌සර හිමියෝ පත්කරනු ලැබූහ. ලබන පළමු වැනිදා නායක හිමියන් තේරීම මල්වතු විහාරස්‌ථානයේදී සිදු කිරීමට නියමිත අතර කිරිවෙහෙර දායක සභාවේ සාමාජිකයන් පවසන්නේ නියත වශයෙන්ම පොලොම්මාරුවේ වාචිස්‌සර හිමියන් නායක පදවිය සඳහා පත්වීමට ඉඩ ඇති බවයි.

කතරගම - කේ.ඩී. දේවප්‍රිය 
http://www.divaina.com/2013/10/29/news14.html

කොටි සුසාන භූමි ඉදිකළොත් අත්අඩංගුවට

කොටි සුසාන භූමි ඉදිකිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු වහාම අත්අඩංගුවට ගන්නැයි ආරක්‍ෂක බලධාරීන් උතුරේ පොලිස්‌ ස්‌ථානවලට හා ආරක්‍ෂක ප්‍රධානීන්ට නියෝග කර ඇත.

නොවැම්බර් මසට යෙදී ඇති මියගිය කොටි සැමරීමේ කාල සීමාවේ උතුරේ ඇතැම් පිරිස්‌ කොටි සුසාන භූමි ඉදිකිරීමට සැලසුම් කරන බව බුද්ධි සේවාවන්ට වාර්තා වී තිබේ.

කොටි සංවිධානය තහනම් සංවිධානයක්‌ බවත් ත්‍රස්‌තවාදීන් සැමරීමට ඉඩ දිය නොහැකි බවත් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

මෙම කොටි සුසාන භූමි නැවත ස්‌ථාපිත කළ යුතු බවට චාවකච්ෙච්රි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 15 ක්‌ අත්සන් කළ ලිපියක්‌ මහ ඇමැති විග්නේශ්වරන්ට බාරදී තිබේ.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසන්නේ කොටි සුසාන භූමි ඉදිකිරීමට කිසිවකුටත් අයිතියක්‌ නැති බවයි.

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/10/29/news13.html

සුලතලුන් ඕනැවට වඩා සුරතල් කරන්නේ පරිස්සමින්. බල්ලාගෙන් විෂබීජ ගොස් ඇසක් අහිමි වූ අමිලගේ කථාව...


කතරගම දියවර ගම්මානයේ පදිංචිව සිටින කතරගම ජනාධිපති ජාතික පාසලේ 2 වැනි වසරේ ඉගෙනුම ලබන පුංචි හේවාගේ අමිල මදුසංක දරුවාගේ දකුණු ඇස මුළුමනින් අක්‍රීය වීමේ සෝචනීය පුවතක්‌ වාර්තා වේ.

වසර 7 ක්‌ වැනි පුංචි අමිල ගේ දකුණු ඇසට ඇතුළු වූ විෂබීජයක්‌ මගින් ඇසෙහි ස්‌නායු සියල්ල මැරී ඇතැයි වෛද්‍යවරු පවසති.

මාස දෙකක්‌ පමණ හම්බන්තොට රෝහලේත් කොළඹ ඇස්‌ රෝහලේත් ප්‍රතිකාර ලැබූ අමිල මේ වන විට සිය නිවසට පැමිණ සිටින අතර සිය දකුණු ඇස අහිsමි වීම පුංචි අමිලට ඉගෙන ගැනීම් කටයුතුවලට ද බාධාවක්‌ වී ඇත.

අමිල ගේ පියා වන පුංචිහේවාගේ අජන්ත මහතා පැවසුවේ වෛද්‍යවරුන් පව සන්නෙත් අමිලගේ ඇස යළිත් සුවපත් කර ගැනීමට නොහැකි බවත් ඇසට බලු අසුචි සමග ඇති විෂබිජයක්‌ ඇතුළු වී ස්‌නායු අක්‍රියවීමෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවකි.

මගේ දරුව ගේ ඇස සනීප කර දෙන්න පුලුවන් වෛද්‍යවරයකු ඉන්නවා නම් දරුවා සනීප කර දෙන්න. මගේ ඇහැක්‌ හරි ඒ වෙනුවෙන් පරිත්‍යාග කිරීමට හැකි යෑයි හැඬු කඳුළි පියා වන අජන්ත මහතා පැවැසීය. 

ඒ මහතාගේ දුරකථන අංකය 0724611860.

කතරගම - කේ.ඩී. දේවප්‍රිය 
http://www.divaina.com/2013/10/28/news34.html

ගව ඝාතනයට සැක හය දෙනා අධිකරණයට

ගැබ්ගෙන සිටි මී වැස්‌සියක්‌ හා තවත් මී වැස්‌සියකු නීති විරෝධී අයුරින් විකිණීම සඳහා වෙල්යායක මස්‌ කරමින් සිටි පුද්ගලයන් හය දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මුත්තූර් මහෙස්‌ත්‍රාත් පායන් රසාක්‌ මහතා සැකකරුවන් රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර දඬුවම් පැමිණවීම සඳහා ලබන 29 දින වැනි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

මෙලෙස ඇප මත නිදහස්‌ වූයේ සේරුනුවර කිලිවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් හය දෙනෙකි.

සේරුනුවර පොලිස්‌ බල ප්‍රදේශයේ පාළු වෙල්යායකදී මෙම සැකකරුවන් හයදෙනා මී වැස්‌සියන් දෙදෙනා මස්‌ කරමින් සිටියදී සූරියපුර පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක දිසානායක මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි.

අල්ලා ගන්නා ලද මස්‌ තොගය නිලධාරීන් පරීක්‌ෂා කරන අයුරු ඡායාරූපවලින් දැක්‌වේ.

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ
http://www.divaina.com/2013/10/28/news28.html

කතෲ සටහන - වරදකරුවන් මුසලුවන් වනවිට ඔවුන්ගේ නම් සඳහන් නොවන බව පෙනේ. 

"මුත්තූර් මහෙස්‌ත්‍රාත් පායන් රසාක්‌ මහතා සැකකරුවන් රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර දඬුවම් පැමිණවීම සඳහා ලබන 29 දින වැනි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය"

නාමළුව විහාරයේ වෛත්‍යය හැරූ 12දෙනකුට ලක්‌ෂ 18ක දඩයක්‌. හතරදෙනෙක්‌ යළි රක්‌ෂිතයට

සියඹලාණ්‌ඩුව නාමළුව පුරාණ රජමහා විහාරයේ ඉපැරණි චෛත්‍යයක්‌ බැකෝ යන්ත්‍රයක්‌ යොදා හාරා විනාශ කර නිධන් සෙවීමෙහි යෙදුණු සැකකරුවන් 16 දෙනාගෙන් 12 දෙනකු වරද පිළිගැනීම හේතුවෙන් මොනරාගල වැඩ බලන මහෙස්‌ත්‍රාත් බණ්‌ඩාර මහතා විසින් එක්‌ අයෙකුට රුපියල් 150000 බැගින් රුපියල් 1800000 ක දහඅට ලක්‌ෂයක්‌ දඩයක්‌ ගෙවන ලෙසට නියෝග කළේය.

2013. 04. 19 හෝ 20 යන දිනවලදී චෛත්‍යය හාරා ඇති බවට සියඹලාණ්‌ඩුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැඩිදුර විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් අතරින් 04 දෙනකු නිවැරදි කරුවන් බව පැවසු හෙයින් ඔවුන් නැවතත් බන්ධනාගාරගත කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොනරාගල පොලිස්‌ පුරාවස්‌තු ඒකකයට කොළඹ පුරාවස්‌තු ආරක්‌ෂක කොට්‌sඨාසයේ සහාය ලැබී ඇති අතර මොනරාගල පොලිස්‌ අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස්‌ මත සියඹලාණ්‌ඩුව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක කපිල ධර්මප්‍රිය සේනාපති සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීහු කණ්‌ඩායමක්‌ පරීක්‌ෂණ කටයුතු සිදු කළහ. 

මොනරාගල විශේෂ - සේපාල මහානාම, මඩුල්ල කේ. එම්. පී. බණ්‌ඩාර 
http://www.divaina.com/2013/10/28/news13.html

තක්‌කඩින්ට කැසිනෝ දාන්න ඉඩ දෙන්න එපා - භද්දිය හිමි

* ජනාධිපතිටත් ෆොන්සේකාටත් එක සමානව ආශිර්වාද කරනවා

* දෙමළෙන් ධර්මය දේශනා කරන භික්‌ෂු පරපුරක්‌ හදනවා

"මහත්තයෝ තක්‌කඩින්ට කැසිනෝ දාන්න ඉඩ දෙන්න එපා"යෑයි මාවරලේ භද්දිය හිමියෝ පෙරේදා (26 දා) රාත්‍රි බස්‌නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතාට පැවසූහ.

මෙවැනි දේට එරෙහිව ඉස්‌සර මෙන් පෙළපාලියැමට තමන්ට දැන් නොහැකි බවත් එම නිසා රටට, ජාතියට, සංස්‌කෘතියට ලැදි දේශපාලකයනගේ වගකීම විෂමාචාරයන්ට ඉඩ නොතැබීම බවත් එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

භද්දිය හිමියන් අධිපතිත්වය දරන හෝමාගම, මුල්ලේගම, ශ්‍රී සීලාලංකාර මාවතේ ආර්ය නිකේතන භික්‌ෂු පුහුණු මධ්‍යස්‌ථානයේ කඨීන පිංකම් මාලාවට සමගාමීව පැවැති පිරිත් පිංකමට විශේෂ ආරාධිතයකු ලෙස ගම්මන්පිල මහතා ද පැමිණ සිටි අතර පිරිත් සඡ්Cධානය ආරම්භ කිරීමට ප්‍රථම විශේෂ අනුශාසනාවක්‌ කරමින් පෙරේදා (26 දා) රාත්‍රි උන්වහන්සේ ඉහත අදහස්‌ පළ කළහ.

ආර්ය නිකේතනයේදී පෙරේදා (26 දා) සවස පිච්චමල් පූජාවක්‌ ද පැවැති අතර එම අවස්‌ථාවට අනෝමා ෆොන්සේකා මහත්මියද පැමිණ සිටියාය. එහිදී විශේෂ ප්‍රකාශයක්‌ කළ භද්දිය හිමියෝ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට මෙන්ම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ද තමන් වහන්සේ එක හා සමානව ආශිර්වාද කරන බව පැවසූහ. රට සුරැකීමට කැපවන සියලු දෙනාට පක්‌ෂ භේදයකින් තොරව ආශිර්වාද කරන බවත් රටට ද්‍රෝහි වන කිසිවකුට ආශිර්වාද නොකිරීම තමන් වහන්සේගේත් ආර්ය නිකේතනයේත් ස්‌ථාවරය බවත් උන්වහන්සේ සඳහන් කළහ.

එමෙන්ම දෙමළ දරුවකු ඇතුළු කුල දරුවන් සිව්දෙනකු 26 දා ආර්ය නිකේතනයේදී පැවිදි බිමට ඇතුළත් කර ගත් බවත් ඉදිරියේදී දෙමළ භාෂාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්‌ෂූන් වහන්සේලා පරපුරක්‌ බිහිකිරීමට තමන් වහන්සේ කැපවන බවත් උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.

ආර්ය නිකේතනයේ කඨින පිංකම් මාලාව ඊයේ (27 දා) අවසන් වූ අතර භික්‌ෂූන් වහන්සේ සියක්‌ නමකට නේවාසිකව වැඩ වාසය කළ හැකි ගොඩනැගිල්ලකට මුල්ගල් තැබීම ද ඊයේ (27 දා) සිදු කෙරිණි.

අනුරාධ හිරිපිටියගේ
http://www.divaina.com/2013/10/28/news26.html

Monday, October 28, 2013

'මුලතිව්හි දිවුරුම්දීම වැළැක්‌වීමෙන් දෙමළ ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණය පරාජය වුණා' - ආනන්ද සංගරී

උතුර පළාත් සභාවට තේරී පත්වූ සමහර මන්ත්‍රීවරුන් මුලතිව්හිදී දිවුරුම් දීමට ගත් උත්සාහය නතර කර එය ජයග්‍රාහී ලෙස අවසන් කිරීමට මන්නාරම අගරදගුරු රායප්පු ජෝශප් පියතුමන් ගත් පියවර ගැන සතුටු වන බව ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා පවසයි.

මෙම තීරණයත් සමඟ සරුසාර ජීවිත ගතකරන දෙමළ ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණ පරාජය වූ බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ආනන්ද සංගරී මහතා මන්නාරම අගරදගුරු තුමන්ට යෑවූ" ලිපියේ මෙසේද සඳහන් වෙයි.

පසුගියදා පැවැති පළාත් සභා මැතිවරණයේදී සන්ධානයේ පොදු අපේක්‍ෂක ලෙස තරග කළ නිසා විවිධ පාර්ශ්ව සහ ප්‍රශ්න අමතක කරන්නට ඇති. ඊට හේතුව ජනතාව ඡන්දය ලබා දුන්නේ දෙමළ ජාතික සන්ධානයට මිස පෞද්ගලික එක්‌ එක්‌ දේශපාලන පක්‍ෂ වලට නොවේ. එහෙත් නොසිතූ ලෙස පළාත් සභා තරග කළ සියලු අපේක්‍ෂකයන් කුමන හෝ දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් වූහ. කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ දෙමළ සන්ධානයේ තරග කළ ප්‍රධාන අපේක්‍ෂකයා මම වුවත් තමිල් අරසුකච්චි පක්‍ෂයෙන් තරග කළ අපේක්‍ෂකයන් තිදෙනා නාම යෝජනා භාරදුන් දිනයෙන් පසු මා අදවන තුරුත් දුටුවේ නැත.

පළමු රැස්‌වීමේදී මෙම තිදෙනාට සහාය දෙන්නේ යෑයි පක්‍ෂ දෙකක නායකයන් එනම් මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙයිකලනාදන් හා ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් හා කරච්චි සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු ප්‍රචාරක කටයුතු වල නිරත වූහ. සෙසු අපේක්‍ෂකයන් සියලු දෙනාට මේ පිළිබඳ දැනුම් දුන්නේද නැත. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරියනේත්‍රන් හා යෝගේශ්වරන් යන දෙදෙනාත්, කොළඹින් මනෝ ගනේෂන් හා භාස්‌කරා යන දෙදෙනාත් පැමිණ මේ තිදෙනා වෙනුවෙන් ප්‍රචාරයක්‌ සිදුකළේය. ඒ හැර දෙමළ සන්ධානයේ පත්කළ මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් රැස්‌වීම් ගණනාවක කතා කළා පමණක්‌ නොව කිලිනොච්චි නගරයේ හා සතිපොළේ එම අපේක්‍ෂකයන්ට සහය දක්‌වන අත්පත්‍රිකා බෙදාදීමටද පියවර ගත්තේය. බරපතළම සිද්ධිය වූයේ පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමට සකස්‌ කරන ලද න්‍යාය පත්‍රයේ කිළිනොච්චිය සඳහන් නොකිරීමයි. විශේෂයෙන් පක්‍ෂ නායකයන් කතා කරන එක රැස්‌වීමක්‌ හෝ කිලිනොච්චියේ පැවැත්වූයේ නැත.

පසුගියදා පැවැති උතුර පළාත් මැතිවරණයේ මා මෙවැනි පරාජයකට මුහුණ දුන්නේ ඇයිද කියා ඔබතුමන් දැනගැනීමට උත්සාහ නොකිරීම පිළිබඳ මා පුදුම වූවෙමි. ඔබතුමන් මා වසර 35-40 ක පමණ කාලයක සිට හඳුනන අතර අප දෙදෙනා අවස්‌ථා කිහිපයකදී හමුවූවා පමණක්‌ නොව පසුගිය දසවසරක්‌ තුළ දින පහකටත් වැඩි කාලයක්‌ ඔස්‌ටි්‍රයාවේ පැවැති සම්මන්ත්‍රණයේදී හමුවූයෙමි. මේ අවස්‌ථාවේ කරුණු ගණනාවක්‌ කතා කිරීමට අවස්‌ථාව සැලසුනි. මාගේ දේශපාලන පසුබිම ඔබ වහන්සේ හො¹කාරවම දන්නවා ඇති.

http://www.divaina.com/2013/10/28/news18.html

සිසුන් අතර තවමත් ජනප්‍රිය 'මඩොල්දූව'

පාසල් සිසුන් අතර තවමත් ජනප්‍රිය වී පවතින්නේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ "මඩොල් දූව" පොත බව ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය විසින් කරන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත. ඊට අමතරව වැඩිම සිසුන් පිරිසක්‌ කියවා ඇත්තේ "හීන්සැරය", "හත්පණ", "අඹ යාළුවෝ", "මඟුල් කෑම", "අපේ ගම", "ෂර්ලොක්‌ හෝම්ස්‌" වැනි පොත් යෑයි ද එම සමීක්‍ෂණයෙන් තවදුරටත් හෙළිවී තිබේ.

උතුරු නැගෙනහිර හැර සෙසු සියලුම පළාත්වලින් අහඹු ලෙස තෝරාගත් පාසල් පන්සීයක හය ශේ්‍රණියෙන් ඉහළ සිසුන් දසදහස්‌ හයසිය විසි දෙනකු යොදා ගනිමින් මෙම සමීක්‍ෂණය සිදු කරනු ලැබ ඇත.

එම සමීක්‍ෂණ වාර්තාවට අනුව සිසුන්ගෙන් බහුතරය එනම් සියයට 91 ක්‌ම නවකතා හා කෙටිකතා කියවීමට ද සියයට 89 ක්‌ අධ්‍යාපන පොතපත කියවීමට ද සියයට 82 ක්‌ ආගමික පොතපත කියවීමට ද රුචියක්‌ දක්‌වති. කවි හා ගීත සඳහා සියයට 78 ක්‌ද, සඟරා කියවීමට සියයට 74 ක්‌ද කැමැත්ත දක්‌වන බව සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම කාටූන් සඳහා සියයට 70 ක්‌ද, සංයුක්‌ත තැටි සඳහා සියයට 66 ක්‌ද කැමැති බව ද එම වාර්තාවේ සඳහන්ව තිබේ.

තවද ජ්‍යෙෂ්ඨ සිසුන් අතරින් "ගොදුරුලොබ" හා "ගුරු ගීතය" යන පොත්වලට බහුතරයක්‌ කැමැත්ත පළ කර ඇත. එමෙන්ම සිසුන් අතර තවමත් ජනප්‍රිය මාර්ටින් වික්‍රමසිංහ, මුනිදාස කුමාරතුංග, ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමි, ඒ. වී. සුරවීර, ටී. බී. ඉලංගරත්න වැනි පැරණි ලේඛකයන් වීම විශේෂත්වයකි. මෑතකාලීන පොත් වර්ග අතරින් සිසුන් අතර ඉතාමත්ම ජනප්‍රිය අභිරහස්‌ පොත් වේ.

මෙම කරුණු අනාවරණය වූයේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ පසුගිය සිකුරාදා (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, එම මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය සෝමරත්න බාලසූරිය, අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන මහත්වරු සහභාගි වූහ.

නිලන්ත මදුරාවල
http://www.divaina.com/2013/10/28/news14.html

මන්මෝහන් සිංට ජංගම දුරකථනයක්‌ නෑ - අගමැති ප්‍රකාශක [ඇමෙරිකාව රාජ්‍ය නායක දුරකථන රහසේ සවන් දීම]

මිලියන 1250 ක ජන සමූහයක්‌ ජීවත්වෙන ඉන්දියාවේ අගමැති අසූඑක්‌ හැවිරිදි මන්මෝහන් සිං ජංගම දුරකථනයක්‌ හෝ පෞද්ගලික ඊ-මේල් ලිපිනයක්‌ හෝ නැතිව ඉන්දියාව පාලනය කරන බව වාර්තා වේ.

මේ බව හෙළිවූයේ පසුගිය සිකුරාදා ලන්ඩන් නුවර "ලන්ඩන් ගාඩියන්" පුවත්පත විසින් කරන ලද සමීක්‍ෂණයකදීය.

ඇමෙරිකාව විසින් ලෝකයේ රටවල් 35 ක පමණ රාජ්‍ය නායකයන්ගේ ජංගම දුරකථන ඇමතීම් වලට රහසේ සවන් දෙන බවට (ටැප් කරන බවට) පසුගියදා ලෝකය පුරා විශාල ආන්දොaලනයක්‌ ඇතිවිය. ඒ සම්බන්ධව අගමැති මන්මෝහන් සිංගේ කාර්යාලයෙන් "ලන්ඩන් ගාඩියන්" පුවත්පත විමසූ විට අගමැතිගේ ප්‍රකාශකයෙක්‌ මෙසේ කීවේය.

"අපේ අගමැතිට එහෙම ප්‍රශ්නයක්‌ නැහැ. ඔහුට ජංගම දුරකථනයක්‌ තබා පෞද්ගලික ඊ-මේල් ලිපිනයක්‌වත් නැහැ."

එස්‌. වෙන්කට්‌නාරායන් ඉන්දියාවේ "දිවයින" විශේෂ වාර්තාකරු
http://www.divaina.com/2013/10/28/news08.html

සබැඳි ලිපි -
[
ඇමරිකාව ලෝක නායකයන් 35 දෙනෙකු ගැන ඔත්තු බලලාhttp://denethharinna.blogspot.com/2013/10/35.html
]