Pages

Wednesday, October 30, 2013

ටෙලිමේල් අවුල් ජාලාවක්‌ වෙයි

විදුලි පණිවුඩ සේවාව (ටෙලිග්‍රෑම්) අහෝසි කිරීමත් සමඟ ඒ සඳහා විකල්පයක්‌ ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ ටෙලිමේල් සේවාව ප්‍රායෝගික ගැටලු රැසක්‌ හේතුවෙන් අවුල් ජාලයක්‌ බවට පත්ව ඇති බවට තැපැල් වෘත්තීය සමිති චෝදනා කරයි.

මේ පිළිබඳව "දිවයින" ට අදහස්‌ දැක්‌වූ තැපැල් වෘත්තීය සමිති නායකයන් රැසක්‌ම සඳහන් කළේ පැය දෙකක්‌ තුළදී බෙදා හැරීමට සැලසුම් කළ ටෙලිමේල් පණිවුඩය මේ හේතුවෙන් පැය 24 ක්‌ තුළදී වත් බෙදා හැරීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇති බවයි.

ටෙලිග්‍රෑම් සේවාව ක්‍රියාත්මකව පැවැති කාලයේ තැපැල් කාර්යාලයට විදුලි පණිවුඩයක්‌ ලැබුණම එය බෙදාහරින්න විදුලි පණිවුඩකරුවන් තැපැල් දෙපාර්තමේන්තුව තුළ සිටි නමුත් ටෙලිමේල් පණිවිඩයක්‌ බෙදන්න එවැනි වෙනම නිලධාරීන් නැති බව වෘත්තීය සමිති පවසයි.

රට පුරා පිහිටි සියලුම තැපැල් කාර්යාලවල දුරකථන අංක ටෙලිමේල් පණිවුඩ ලබා ගන්නා ප්‍රධාන තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලට තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලබාදිය යුතු වුවත් මේ වනතුරු එම අංක ලබාදී නැති අතර, මේ නිසා තැපැල් සේවකයන් මෙන්ම ජනතාවත් අපහසුතාවට පත්ව සිටින බවට ඔවුහු චෝදනා කරති.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2013/10/30/news16.html

0 comments: