Pages

Monday, October 21, 2013

තිතට මත! 2012 මත්පැන් ලීටර් විසිතුන් කෝටියක්‌ බීලා

මෙරට ජනතාව පසුගිය වසරේදී (2012) මත්පැන් ලීටර් විසිතුන් කෝටි හතළිස්‌ ලක්‍ෂ දහනව දහස්‌ නවසිය තුනක්‌ (23,40,19,903) පරිභෝජනය කර ඇති බව සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයාගේ පාලන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම එම වසර තුළදී දෙස්‌ විදෙස්‌ මත්පැන්වලින් රජය ලැබූ ආදායම රුපියල් පනස්‌හය කෝටි පනස්‌ එක්‌ලක්‍ෂ අසූ අටදහස්‌ පන්සිය හතළිස්‌ හතරක්‌ (56,51,88,544) බව ද එම වාර්තාව පවසයි.

ශ්‍රී ලාංකිකයන් විසින් ජින් ලීටර් පහළොස්‌ ලක්‍ෂ පහළොස්‌ දහස්‌ හාරසිය තිස්‌නවයක්‌, බියර් ලීටර් දොළොස්‌කෝටි තිස්‌පන් ලක්‍ෂ පනස්‌හය දහස්‌ හයසිය විසිනවයක්‌, විස්‌කි ලීටර් එකොළොස්‌ ලක්‍ෂ දහහතර දහසක්‌, බ්‍රැන්ඩි ලීටර හැටහත් ලක්‍ෂ අනූහතර දහස්‌ තුන්සිය අසූදෙකක්‌, රා ලීටර් එක්‌කෝටි හැත්තෑතුන් ලක්‍ෂ විසිපන්දහස්‌ නවසිය දහඅටක්‌, අරක්‌කු ලීටර් අටකෝටි විසිඑක්‌ ලක්‍ෂ හැටනවදහස්‌ පනස්‌නවයක්‌ ආදී වශයෙන් පරිභෝජනය කර ඇත.

මෙම සංඛ්‍යා ලේඛනවල සඳහන් වන්නේ නීත්‍යනුකූල මත්පැන් පිළිබඳ තොරතුරු පමණි.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/10/20/news05.html

0 comments: