Pages

Thursday, October 31, 2013

කොල්වින් ආර්. ද සිල්වා විශිෂ්ඨ දේශපාලඥයෙකි

එතුමා ඉතා විශිෂ්ට කථිකයෙක්‌. නීති විශාරදයෙක්‌. ඒ වාගේම මෙරට ව්‍යවස්‌ථාදායකය ක්‍රියාවලිය පිළිබඳව විශේෂඥයෙක්‌. එතුමා කළ විශිෂ්ට මෙහෙවර බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන් ම නිදහස්‌ වූ 1972 ජනරජ ව්‍යවස්‌ථා සම්පාදනය කිරීමෙන් ම ඔප්පු වෙනවා. එතුමා 1970 දී බලයට පත් සමඟි පෙරමුණ රජයේ වැවිලි කර්මාන්ත හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේදී ව්‍යවස්‌ථාදායකය හා ජාතික රාජ්‍ය සභාව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස පරිවර්තනය කරමින් නව ජනරජ ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කර ශ්‍රී ලංකාව නිදහස්‌ ස්‌වෛරී රාජ්‍යයක්‌ බවට පත් කිරීමට එදා බලයේ සිටි සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනියට විශාල සහයෝගයක්‌ ලබා දුන්නේය.

එතුමා ලංකා සමසමාජ පක්‍ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවකට ලබා දුන් ඒ සහාය නිසා අද අප භුක්‌ති විඳින නිදහසට සාක්‍ෂි සපයන බව ද සඳහන් කළ යුතුය.

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ විශිෂ්ට ව්‍යවස්‌ථාදායක කටයුතු වලට අමතරව එතුමා දැරූ වැවිලි කර්මාන්ත අංශයේ සේවාවට ද විශිෂ්ටයෙක්‌ විය.

එතුමා වාමාංශික ව්‍යාපාරයේ සටන්කාමියෙක්‌ ලෙනින් හා ටොස්‌කිවාදය අධ්‍යනය කළ අයෙකු ලෙස මෙරට රන් පවුම් වැනි වතු ජනසතු කිරීමට එකසිතින් සහයෝගය ලබා දුන් පිරිස අතර ප්‍රමුඛයා විය.

ඒ නිසා පසු කාලීනව ලංකාවේ වතු වගාව සම්බන්ධයෙන් එතුමාගෙන් සිදු වූ විශිෂ්ට සේවය සිහිගැන්වීම මාගේ යුතුකමයි. 1973 වසරේ සිදු වූ ඉඩම් ප්‍රතිසංස්‌කරණ වැඩපිළිවෙළ යටතේ සිදු වූ වතු සමාගම් රජයට පවරා දීමත් සමඟම එහි නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරමින් සමස්‌ත වතු සමාගම් හි කම්කරු හා සේවක පිරිස්‌ හි සේවා අයිතිවාසිකම් හා ජීවන තත්ත්වය සංවර්ධනය කිරීම සඳහා එතුමා නව රාජ්‍ය කළමනාකරණ යාන්ත්‍රණයක්‌ නිර්මාණය කළ අතර එය වතු ක්‍ෂේත්‍රයේ උන්නතියට විශාල පිටුබලයක්‌ විය. එතුමාගේ සමයේ ලංකාවේ වතු ක්‍ෂේත්‍රය සංවර්ධනය කරමින් තම දේශපාලන බල ප්‍රදේශය වන පස්‌දුන් කෝරලය තුළ එතුමා

1. බදුරලිය කුට්‌ටි රබර් ශාලාව ඇති කිරීම

2. පැලවත්තේ මල්බෙරි වගා ව්‍යාපෘතිය ඇති කිරීම

3. අමිතිරිගල ගොවි සෙවණ මධ්‍යස්‌ථානය මූලික කර ගනිමින් රබර්Êඑකතුකොට රබර් සැකසුම් මධ්‍යස්‌ථානයක්‌ ඇති කිරීම.

4. නව තාක්‍ෂණික දැනුම දියුණු කරමින් වතු ක්‍ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ද විශාල නිෂ්පාදන වර්ධනයක්‌ ලබාදීමේ ක්‍රමෝපායන් සැලසුම් කළේය.

එපමණකින් නොනැවතී වතු ක්‍ෂේත්‍රයේ කම්කරු නිවාස වැඩිදියුණු කිරීමට හා භෞතික අංශ මෙන්ම වතු කම්කරුවන්ට බලපාන ආර්ථික ගැටලුවලට පවා ඉතා ක්‍ෂණික විසඳුම් ලබාදීමට පවා එතුමා ක්‍රියාකර තිබෙනවා.

විශේෂයෙන් වතු කම්කරුවන්ට එතෙක්‌ එදිනෙදා වතු හරහා ගමන් කිරීමට තිබූ අවහිරතා මඟහරිමින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය අයිතීන් හා හිමිකම් ලබාදීමෙන් මානවාදී ජයග්‍රහණ ලබාදීමට ද එතුමා ක්‍රියාකර තිබෙනවා.

මෙහිදී මා සඳහන් කරනු ලැබූ ඒ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ දේශපාලන ගමන් මඟ මා අනුමත කරන පුද්ගලයකු ලෙස මා අද දවසේ එතුමා කරන ලද ඒ මහඟු සේවන් ඉදිරියට ගෙන යන අයකු ලෙස මෙම ප්‍රදේශයට ආදරය කරනු ලබන දේශපාලනඥයකු හැටියට මෙම කටයුත්තට සම්බන්ධ වීමට ලැබීම භාග්‍යයක්‌ කොට සලකමි.

මහින්ද සමරසිංහ - වැවිලි කර්මාන්ත අමාත්‍ය
http://www.divaina.com/2013/10/31/provin03.html

0 comments: