Pages

Tuesday, October 15, 2013

හෝටලයට සීගිරිය පේන්න රක්‍ෂිතය ඩෝසර් කරයි

තම හෝටලයට සීගිරි ගල දර්ශණය වීම සඳහා ඩෝසරයක් භාවිතයෙන් සීගිරිය අභය භූමියේ ඇහැළගල වැව් රක්ෂිතයේ ගස් විනාශ කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු සීගිරිය වන ජීවි නිලධාරීන් සහ සීගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හෝටල් ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

ව්‍යාපාරිකයාගේ හෝටලයට සීගිරි ගල දර්ශනය වීම සඳහා රක්ෂිතයේ ගස් ඉවත් කර ඇති බව ප්‍රදේශවාසීන් පැවසුවද ව්‍යාපාරිකායා පවසන්නේ ගම්මුන්ගේ ඉල්ලීමක් පරිදි වැව ප්‍රතිසංස්කරණය සඳහා රක්ෂිතයේ ගස් ඉවත් කළ බවයි.

අභය භූමියේ ගස් විනාශ කිරීමට කිසිදු පුද්ගලයෙකුට නොහැකි බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

http://lankacnews.com/sinhala/news/102705/

0 comments: