Pages

Tuesday, October 15, 2013

ඇෆ්ගනිස්තානයෙන් හෙරොයින් නැවක් කොළඹට

හොරොයින් මත්කුඩු විශාල තොගයක් රැගත් නැවක් කොළඹ වරාය බලා යාත‍්‍රා කරමින් ඇති බවට තොරතුරු ලිබී ඇති බව ශ‍්‍රී ලංකා රේගු ආරංචි මාර්ග කියයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවත් දැනට අරාබි මුහුදේ නවතා ඇති මෙම නැවට ඇෆ්ගනිස්තානයෙන් හෙරොයින් පටවා ඇති බවටත් තොරතුරු ලැබී ඇති බවද සඳහන්ය. එහි සිට පාකිස්තානයට ප‍්‍රවාහනය කර ඇති මෙම හෙරොයින් තොගය පැකට් වශයෙන් ඇසුරුම් කර ඇතැයිද සඳහන්ය.

කෙසේ වෙතත් මෙම නැව කොළඹ වරයාට පැමිණි විගස අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බවද රේගු ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

- ඉරුදින පුවත්පතිනි
http://lankacnews.com/sinhala/news/102684/

0 comments: