අන්නමලෙයි වර්ධරාජා පෙරුමාල් හිටපු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජොතීන්ද්‍රනාත් ඩික්‌සිත්ගේ සිත්ගත් පුද්ගලයකු විය. ඇත්තෙන්ම වර්ධරාජා පෙරුමාල් උතුරේ මහ ඇමැති වන තෙක්‌ම ඔහුට ශ්‍රී ලාංකික පුරවැසිකම ද තිබුණේ නැත. ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඔහුට උතුරු පළාතේ මහ ඇමැති ධුරය පිරිනමන විට පිටුපසින් එවක ආරක්‍ෂක ඇමැති රන්ජන් විඡේරත්න මහතා ද සිනහ මුසු මුහුණින් සිටින ඡායාරූපයක් පසුගිය දිනක මට දැකගන්නට හැකි විය. එදා උතුරු පළාතේ මහ ඇමැතිවරයා තෝරනු ලැබුවේ ද පත් කරනු ලැබුවේ ද ඉන්දීය වුවමනාව මත බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ නමුත් මේ වර්ධරාජා 1990 මාර්තු 01 වැනිදා ත්‍රිකුණාමලයේදී උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යය ප්‍රකාශ කිරීමත් සමග වහා ක්‍රියාත්මක වූ ජනපති ප්‍රේමදාස මේ පළාත් සභාව විසුරුවා හැරීමට කටයුතු කළේය. උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම ගැන උරණ වූ රන්ජන් විඡේරත්න මහතා ප්‍රකාශ කළේ මේ පුද්ගලයා අත්අඩංගුවට ගත යුතු බවයි. නමුත් රෝ ඔත්තු සේවයේ මැදිහත්වීම මත චීන වරායට පැමිණි විශේෂ ඉන්දීය ගුවන් යානයක් මගින් වර්ධරාජා හා ඔහුගේ බිරිඳ අන්නයන්කන්නි පෙරුමාල් හා දරු දෙදෙනා ඔරිස්‌සා ප්‍රාන්තයේ රහසිගත ස්‌ථානයක් කරා රැගෙන යන ලදී. පෙරුමාල් ඉන්දියාවට ගියේ 1990 මාර්තු 11 වැනිදා පෙරවරුවේය. ඔරිස්‌සා ප්‍රාන්තයට යැමට පෙර විදේශීය මාධ්‍යවේදීන් හමුවූ වර්ධරාජා පෙරුමාල් කියා සිටියේ තමා ඉන්දියාවේ සිට දෙමළ ඊළම ලබාගැනීම වෙනුවෙන් ගරිල්ලා යුද්ධයක් අරඹන බවය. නමුත් වර්ධරාජා ඇරඹූ ගරිල්ලා යුද්ධයක් නම් නැත. අපට මේ අතීත කතාව නැවත සිහි කරන්නට සිත් වූයේ නව උතුරු පළාත් මහ ඇමැතිවරයා ඉකුත් 07 වැනිදා අරලියගහ මන්දිරයේදී දිවුරුම් දුන් නිසාය. විග්නේශ්වරන් මහතාත් ඉන්දියාවේ තේරීමක් වුවද ඔහු වර්ධරාජා පෙරුමාල්ට වඩා හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකි.
උතුරු මහ ඇමැතිවරයා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම කොටි හිවාදීන්ගේ බලවත් කෝපයට හේතුවක් විය. එම නිසාම ඉකුත් අඟහරුවාදා දිනයේ මුලතිව්වල රැස්‌වූ පිරිසක් පඹයින් තුනක් පුළුස්‌සා සිය විරෝධය පළ කළහ. පඹයින් තුනක් පිළිස්‌සුවේ මන්ද? ඒ ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් විග්නේශ්වරන් මහ ඇමැතිවරයාත්, එම අවස්‌ථාවට සහභාගි වූ දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා ඒ. සුමන්තිරන් යන තිදෙනාටම විරෝධය පළ කිරීම සඳහාය. කොටි හිතවාදීන් පවසන්නේ යුද අපරාධකරුවකු වන මහින්ද රාජපක්‍ෂ ඉදිරියේ විග්නේශ්වරන් මහ ඇමැතිවරයා දිවුරුම් දීම කොහෙත්ම අනුමත කළ නොහැකි බවයි. උතුරු පළාත් සභාවට තේරී පත්වූ කිසිම දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙක් ජනපති මන්දිරයේ පැවැති උත්සවයට සහභාගි වූයේ නැත. ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමම උතුරු පළාත් සභාව දෙදරීමට ලක්‌කළ කාරණයක් වී ඇති බව නම් පැහැදිලිය.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේෂ්වරන් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දීම සැබවින්ම ඔහුගේ පරිණත භාවය පෙන්නුම් කිරීමකි. එයින් උතුරු පළාත් සභාව පිළිබඳ යම් සුබදායී පණිවුඩයක් සිංහල සමාජයටත් ලබාදීමට නව මහ ඇමැතිවරයාට හැකි විය. කොළඹ ආණ්‌ඩුව සමග ගැටුමකට යැමෙන් උතුරටත් එහි වැසියන්ටත් කිසිම යහපතක් අත් නොවන බව නව මහ ඇමැතිවරයාත්, දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාත් හොඳින් අවබෝධ කරගෙන සිටිති. විශේෂයෙන් උතුරු පළාත් සභාවේ උපදේශක කටයුතු කරන ඉන්දීය තානාපති කාර්යාලයත් පවසනු ඇත්තේ ජනපතිවරයා ඉදිරියේ දිවුරුම්දීම වඩාත් සුදුසු බවය.
නව මහ ඇමැති දිවුරුම් දුන් දිනයේම 60 හැවිරිදි ඉන්දීය විදේශ ඇමැති සල්මාන් කුර්ෂිඩ් ලංකාවට පැමිණියේය. ඉන්දියාව පැහැදිලිවම උතුරු පළාත් සභාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වීමටත් නව මහ ඇමැතිට සුබ පැතීමටත් නිදහස් ඉන්දියාවේ තුන්වැනි ජනපති වූ ශකීර් හුසේන්ගේ මුණුපුරු වන කුර්ෂිඩ් ලංකාවට පැමිණියේය. ඉකුත් වසරේ ඔක්‌තෝබර් 28 වැනිදා විදේශ ඇමැති ධුරයේ වැඩ භාරගත් කුර්ෂිඩ් එම තනතුර භාර ගැනීමෙන් පසු සංචාරය කළ 28 වැනි රට ශ්‍රී ලංකාවයි. ඒ අනුව පසුගිය කාලය පුරා සෑම දින 12 කට වරක්‌ම ඔහු ලොව පුරා විවිධ රටවල සංචාරය කරමින් ඉන්දීය රාජතාන්ත්‍රික සබඳතා ශක්‌තිමත් කිරීමට කටයුතු කර ඇත.
ලේඛකයකු ද වන මේ විදේශ ඇමැතිවරයා යාපනයට ගොස් නව මහ ඇමැතිවරයා හමුවූ අතර ඒ සාකච්ඡාව මාධ්‍යයට විවර වූයේ නැත. ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් ද විදේශ ඇමැතිවරයා සමග යාපනයට ගිය අතර එහිදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද එය පසුව අවලංගු කෙරිණි. උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා සමග දිවා ආහාරය ගත් ඉන්දීය විදේශ ඇමැතිවරයා පසුව නව මහ ඇමැතිවරයා හමුවිය. 2010 නොවැම්බර් 27 වැනිදා හිටපු ඉන්දීය විදේශ ඇමැති එස්. එම්. ක්‍රිෂ්ණා මහතා යාපන සංචාරයෙන් පසුව එහි සංචාරය කළ ඉන්දීය දේශපාලකයා වන්නේ කුර්ෂිඩ්ය. වෘත්තියෙන් නීතිඥවරයකු වන කුර්ෂිඩ් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාට ලබාදුන් දේශපාලන උපදෙස් නම් අපට රහසකි. ඉඩම් හා පොලිස් බලතල නැති උතුරු පළාත් සභාව පිළිබඳ මැසිවිල්ල විග්නේශ්වරන් විසින් නැවත වාරයක් ඉන්දීය දේශපාලකයාට අවධාරණය කරන්නට ඇත.
උතුරු පළාත් සභාව පිළිබඳ ඉන්දියාවේ බලවත් කණස්‌සල්ලක් පැවතිණි. දැන් ඒ කණස්‌සල්ල යම් ප්‍රමාණයකට හෝ දුරු වී ඇතැයි විශ්වාස කළ හැකිය. කෙසේ වෙතත් ඉන්දියාව හිතවත් වන්නේ ලංකා රජයට වඩා උතුරු පළාත් සභාවට යන්න පැහැදිලිය. භාෂා තුනම භාවිත වෙන එක්‌සත් ස්‌වෛරී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව පෙනී සිටින බව යාපනයේදී කුර්ෂිඩ් මහතා ප්‍රකාශ කර තිබිණි. එදා ක්‍රිෂ්ණා ඇමැතිවරයා මෙන්ම මෙදාත් ඔහු ඉන්දීය ආධාර යටතේ ඉදිවන නිවාස කිහිපයක් විවෘත කිරීමට අමතක නොකළේය. ඉන්දියාව උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් නිවාස පනස් දහසක් ඉදිකරන බව 2009 දී ප්‍රකාශ කළ අතර මෙතෙක් ඉදි කර ඇත්තේ නිවාස දහසක් පමණි. එම ව්‍යාපෘතිය ගොලුබෙලි ගමනින් සිදුවන කටයුත්තක් වන අතර නිවාසවල තත්ත්වය ද අයහපත් බව දෙමළ වැසියෝ කියති. කාමර දෙකක්, කුස්‌සියක් හා පිටතින් වැසිකිළියක් සහිතව නිවසක් ඉදිවන අතර එහි කුස්‌සියේ ඉඩ දෙදෙනකුට හැරෙන්නවත් මදි යෑයි මැසිවිලි නැගේ. මේ මැසිවිලි යාපනයේ දෙමළ වැසියන් විසින් කුර්ෂිඩ් මහතා වෙත ඉදිරිපත් කළා ද නැද්ද යන්න අප දන්නේ නැත.
මෙවර යාපනයේ සංචාරයේදී කුර්ෂිඩ් මහතා මියගිය ඉන්දීය සෙබළුන් සිහි කිරීම පිණිස පලාලි කඳවුරේ ඉදිකර ඇති ස්‌මාරකයට ද පුෂ්පෝපහාර දැක්‌වීමට අමතක කළේ නැත. 13 වැනි සංශෝධනය පිළිබඳව ඉන්දීය විදේශ ඇමැතිවරයා හා ජනපතිවරයා අතර සාකච්ඡාව පැවැත්වුණේ යාපන ගමනට ප්‍රථමය. එහිදී ජනපතිවරයා ප්‍රකාශ කළේ උතුරේ දේශපාලන විසඳුම පිළිබඳව අවසන් තීරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් ගනු ඇති බවයි. ඇත්තෙන්ම ඉන්දියාවේ හදිසියට උතුරට බලය බෙදිය නොහැක. පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවට පැවරීම බහුතර සිංහල ජනතාව අනුමත කරන්නේ නැත. ඉඩම් බලතල මධ්‍යම ආණ්‌ඩුව සතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද, තහවුරු කර ඇත. කවරෙක් හෝ උතුරට ඉඩම් හා පොලිස් බලතල දෙන්න යෑයි යෝජනා කරන්නේ නම් එය සිදු කළ යුත්තේ ජනමත විචාරණයක් පවත්වා ඒ තුළින් කැමැත්ත අකමැත්ත විමසීම තුළින් පමණකි. දිල්ලියේ බ්‍රාහ්මණ වංශික විදේශ තානාපති නිලධාරීන්ට අවශ්‍ය පරිදි බලය බෙදීමට මෙරට ජනතාව ඉඩ ලබාදෙන්නේ නැත.
චතුර පමුණුව
http://www.divaina.com/2013/10/13/politics05.html

0 comments:
Post a Comment