භාරතයේ ගුජරාට් ප්‍රාන්තයේ ජුනාගද් නගරයේ සිට කිලෝ මීටර් අටක් දුරින් පිහිටි දුන්ගාපූර් හිදී පසුගිය දාහතර වැනි ඉරු දින අති විශාල හින්දුන් පිරිසක් එක්‌වර බුදු සමය වැළඳ ගත්හ. භාරතීය වහරින් කියන්නේ නම් "ධම්ම දික්‌ෂා" ලබා ගත්හ. ආචාර්ය අම්බෙද්කාර්ගේ පුරෝගාමී මෙහෙවර අවසන 1956 ඔක්‌තෝබර් මාසයේදී මිලියන ගණනක් පීඩිත හින්දුන් බුදු සමය වැළඳ ගැනීමේ ඓතිහාසික සිදුවීම අනුස්‌මරණය කරමින් සුලු වශයෙන් හෝ පීඩිත හින්දුන් බුදු සමය වැළඳ ගැනීමේ සම්ප්‍රදාය වාර්ෂිකව ක්‍රියාත්මක වුවද 60,000 ට අධික පිරිසක් එකවර බුදු සමය වැළඳ ගැනීමේ උළෙලක් මෑතකදී පවත්වා නොතිබිනි. එය ගුජරාට් ප්‍රාන්තයේ මෙතෙක් පැවති එබඳු විශාලතම උත්සවයද විය. සංවිධායකයන්ගේ තොරතුරුවලට අනුව පවුල් 30,000ක 100,000 පමණ දෙනා මීට සහභාගි වෙතැයි අනුමාන කෙරිනි.
මෙම කටයුත්ත සිදු කෙරුණේ කාශ්මීරයෙන්, මුම්බායි නුවරින් හා ශ්‍රී ලංකාවෙන් වැඩමවා වදාළ මහා සංඝරත්නය ඉදිරියේ වුවද ශ්‍රී ලංකාවෙන් ඊට සහභාගි වූ භික්‌ෂුන් වහන්සේ කවුරුන්දැයි යන්න පිළිබද තොරතුරු මා සතුව නැත. මෙම දැවැන්ත අවස්‌ථාව සංවිධානය කරනු ලැබූයේ "බුද්ධ දික්‌ෂා මහෝත්සව් සමිති" විසිනි. මෙම මාහැඟි අවස්‌ථාව "චලෝ බුද්ධා කී ඕර්" ලෙස හින්දි බසින් හැඳින්වුණු අතර එහි අර්ථය වුයේ "බුදුන් වෙත යමු"යන්නයි. ගුජරාටයේ ආගමික නායකයෙකු වූ ජයදේව් බාපා ද බුදු සමය වැළඳ ගැනීම කැපී පෙණුනු කරුණක් විය.
ප්‍රාග් බෞද්ධ භාරතීය වර්ණ ධර්මයන්ට අනුව "චතුර් වර්ණයන්ට" අයත් නොවන ඉතාම පහත් ලෙස පිළිගැනෙන, යටකී සෙසු සෑම වර්ණයකින්ම හා සාමාන්‍ය නීතිය ස්‌වභාවික යුක්‌ති මූලධර්මය ඉදිරියේ පවා පීඩාවට පත්වන අවර්ණ කුළ රාශියකට අයත් මිනිසුන් වර්තමානයේ පොදුවේ "දලිත්" නමින් හඳුන්වනු ලබයි. සාම්ප්‍රදායික වැඩවසම් පිළිගැනීම් වලට අනුව ඔවුන්ගේ කාර්යභාරය වනුයේ ඉහත "වර්ණයන්"හට බැලමෙහෙවර කිරිමය. මොන නීති රීති ගෙන ආවද තමන්ට මේ වැඩවසම් "විය ගහෙන්" නිදහසක් නැති බව දන්නා ඔවුහු බුදු සමය වැළඳ ගැනීම ආරම්භ කරන්නේ විසි වන සියවසේ මුල් අර්ධය තුළ ආචාර්ය අම්බෙද්කාර් සිදු කළ සමාජ සජීවීකරණ ක්‍රියාවලිය ඔස්‌සේය.
පසුගිය ඉරු දින සිදුවූ ඒ දැවැන්ත කර්තව්‍යයට දලිත්වරුන්ට අමතරව කෝලි ප්‍රජාවේ සාමාජිකයන්ද ගුජරාටයේ සවුරාෂ්ට්‍ර හා කුච් ආදී පෙදෙස් ඇතුළුව දිස්‌ත්‍රික් දහ නවයක තාළුකා (ප්‍රදේශ) පනස් එකකින් පිරිස් පැමිණියහ. තමන් මුහුණ දෙන, අත්විඳින කෙළවරක් නැති සමාජ අසාධාරණයන්ට එකම විසඳුම බුදු සමය බව ඔවුහු කීහ.
ගුජරාටයේ ජුනාගද් ප්‍රදෙAශය මේ සඳහා තෝරා ගැනීමට සංවිධායකයන් කටයුතු කළේ විශේෂ හේතුවක් ඇතිවය. අශෝක අධිරාජයා විසින් ස්‌ථාපනය කරනු ලැබූ ස්‌ථම්භ ඇතුළුව ගුජරාටයේ ඇති බොහෝ බෞද්ධ පුරා විද්‍යාත්මක ස්‌ථාන සංකේන්ද්‍රනයවී ඇත්තේ ජුනාගද් ප්‍රදෙAශයේය.
ආචාර්ය අම්බෙද්කාර් 1956 ප්‍රථම ධම්ම දික්‌ෂාව සඳහා ඔක්‌තෝබර් 10-15 අතර වකවානුව තෝරා ගැනීම සුවිශේෂීය. මෙම වකවානුව සමස්‌ත භාරතයම දසහරා, විජය දශ්මී ආදී නම් වලින් හැදින්වෙන දුර්ගා දේවිය වෙනුවෙන් පැවැත්වෙන පූජා මාලාවකින් ඒකාලෝක වන්නේය. භාරතයේ දකුණුතම ප්‍රදේශවල එතරම් ප්‍රභලව සැමරෙන්නේ නැති මෙම පූජාව පිටුපස නිධාන කථා රාශීයක් ඇත. රාවනා රජු පරදා ලංකා පුරයේ සිට රාම කුමරු යළි භාරතයට පැමිණීම, මහිසාසුර පරදා දුර්ගා දේවිය ජය ලැබීම, එවැනි ප්‍රධාන විශ්වාසයන් දෙකකිs. ගුජරාටයේ පැවැත්වූ ධම්ම දික්‌ෂාවට අමතරව මහාරාෂ්ට්‍රයේ නාග්පූර් හි සෑම වර්ෂයකම පැවැත්වෙන 1956 ප්‍රථම ධම්ම දික්‌ෂා සංවත්සරය සඳහා මෙවරද මිලියන එකහමාරකට අධික පිරිසක් ඔක්‌තෝබර් 14 දා නාග්පූර් වෙත පැමිණියහ. මෙම දිනය භාරතයේ හඳුන්වනු ලබන්නේ "ධම්ම චක්‌ක්‍ර ප්‍රවර්තන දින් " ලෙසිනි. එදින, පායිලී කුණාටුවේ බලපෑමෙන් ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නොතකමින් "බුද්ධං සරණං ගච්ඡාමි... ධම්මං සරණං ගච්ඡාමි... සංඝං සරණං ගච්ඡාමි" යි කියමින් ඉදිරියට ගිය මිනිසකු බොහෝ ජනමාධ්‍යයන්ගේ අවධානය දිනාගත්තේය. නමින් දීපක් කුමාර් වූ ඔහු නාග්පූරයට කිලෝ මීටර් 1000 ක් ඈත කොලාපූර් හි ජම්බෝලි ග්‍රාමයේ සිට පැමිණි අයෙකි. "අප බුදු සමය වැළඳ ගත්තේ සමාජ සමානාත්මතාව අපේක්‌ෂාවෙනුයි. ආචාර්ය අම්බෙද්කාර් අප වෙනුවෙන් සටන් කිරීමට පෙර අප තිරිසනුන් හා සමානවයි සලකනු ලැබූයේ.
අප "ස්‌පර්ශ නොවිය යුතු පිරිසක්" ලෙස සලකන නිසා අපට කිසිදු හින්දු ආගමික සිද්ධස්‌ථානයකට ඇතුළුවීමට අවසර නැහැ..." බොහෝ දෙනා ජාතික මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයටද කීහ. මෙම අවස්‌ථාව පිළිබඳ අදහස් දක්‌වමින් ඉන්දීය ස්‌වදේශ කටයුතු අමාත්‍ය සුෂිල් කුමාර් ශින්ඩේ ප්‍රකාශ කළේ මෙසේ විශාල වශයෙන් බුදු සමය වැළඳ ගැනීමට බලපෑ කරුණු කාරණා ගැඹුරින් තේරුම් ගැනීම වැදගත් බවයි.
නොබෝදා ගුජරාට් ප්‍රාන්තයේ ජුනාගද් ධම්ම දික්‌ෂාව මා 2011 වසර ආරම්භයේදී භාරතයට පැමිණියායින් පසු විශාලතම පිරිසක් බුදු සමය වැළඳ ගත් අවස්‌ථාවය. ඉන් පෙර කර්ණාටක ප්‍රාන්තයේ උඩුප්පි ප්‍රදේශයේ ඉතා විචිත්‍රවත් ධම්ම දික්‌ෂාවක් සංවිධානය කෙරුණේ 2011 වෙසක් මස 24 දාය. ඒ 2600 සම්බුද්ධ ජයන්තිය ඉලක්‌ක කර ගනිමිනි. උඩුප්පි හි ශ්‍රී නාරයනගුරු භවන් පරිශ්‍රයේ සංවිධානය වූ එම ධම්ම දික්‌ෂාව කර්නාටක බෞද්ධ සම්මේලනය, කර්නාටක දලිත් මහා සමිතිය, දක්‌ෂිණ කන්නඩ දිස්‌ත්‍රික් බෞද්ධ මහා සභාව හා අභිධර්ම භාරය විසින් සංවිධානය කර තිබිණි.
චමිල ලියනගේ - හයිද්‍රdබාද් විශ්වවිද්‍යාලයය, ඉන්දියාව
http://www.divaina.com/2013/10/26/forign01.html

0 comments:
Post a Comment