Pages

Saturday, October 19, 2013

රසායනික බෝම්බ 2070 ක්‌ ඉරාකයට දමා බ්‍රිතාන්‍යය යුද අපරාධ සිදු කළා - මහාචාර්ය බිල් බව්රින්

ඉරාකයට රසායනික බෝම්බ 2070 ක්‌ දැමීමෙන් බ්‍රිතාන්‍යය යුධ අපරාධ සිදු කර ඇතැයි පීස්‌ රයිට්‌ස්‌ සංවිධානයේ මහාචාර්ය බිල් බව්රින් පවසයි.

'ක්‌ලස්‌ටර් බෝම්බ' නමින් හඳුන්වන මෙම බෝම්බ ඉරාකයට දැමූ බව බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය පිළිගෙන ඇත. මෙකී බෝම්බ ඉරාකයට දැමීමෙන් බ්‍රිතාන්‍ය යුධ අපරාධ සිදු කර ඇති බව සනාථ වන බවද හෙතෙම කියා සිටී. මහාචාර්ය බව්රින්ගේ ප්‍රකාශනය ගැන අගමැති ඩේවිඩ් කැමරන් කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

http://www.divaina.com/2013/10/18/forign01.html

ඉරාකයේ 10,000 ක්‌ පමණ සිවිල් වැසියන් මරුමුවට පත්විය. ඔවුන් මියගියේ කෙසේද? පීස්‌රයිට්‌ස්‌ සංවිධානයේ මහාචාර්ය බිල් බව්රින් පවසන්නේ බ්‍රිතාන්‍ය හමුදා ඉරාක සිවිල් වැසියන්ගේ මරණවලට වගකිවයුතු බවට සාක්‍ෂි ඇති බවයි.

මහාචාර්ය බව්රින් මෙසේද පවසයි. "බ්‍රිතාන්‍ය හමුදා ඉරාකයට ක්‌ලස්‌ටර් බෝම්බ 70 ක්‌ දැම්මා. ඒ හැම බෝම්බයකම කුඩා බෝම්බ 147 ක්‌ තිබෙනවා. මේ හැර බ්‍රිතාන්‍ය කාලතුවක්‌කු ඒකකය ක්‌ලස්‌ටර් බෝම්බ 2000 ක්‌ ඉරාකයට එල්ල කළා. ඒ සෑම බෝම්බයකම කුඩා බෝම්බ 49 ක්‌ තිබුණා. මේ බෝම්බවලින් පුළුල් ප්‍රදේශයක ඇති සෑම දෙයක්‌ම විනාශ වෙනවා. ක්‌ලස්‌ටර් බෝම්බ භාවිතා කිරීම ගැන ජාත්‍යන්තර අධිකරණය වෙත වාර්තාවක්‌ යෑවීමට ක්‍රියා කර තිබෙනවා. ඉරාකයට ක්‌ලස්‌ටර් බෝම්බ හෙලිමේ. වගකීම හිටපු අගමැති ටෝනි බ්ලේයාර් ආරක්‍ෂක ලේකම් ඡේප් හූන් සහ විදේශ ලේකම් ජැක්‌ ස්‌ට්‍රෝ විසින් දැරිය යුතු" බවද මහාචාර්ය බවුරින් තවදුරටත් පවසා ඇත.

http://www.divaina.com/2013/10/19/feature05.html

සබැඳි ලිපි -
[
ඉරාක වැසියන් 10,000කගේ මරණ ගැන බ්‍රිතාන්‍යයට යුද අපරාධ චෝදනා!http://denethharinna.blogspot.com/2013/10/10000.html
]

0 comments: