Pages

Wednesday, October 16, 2013

යසර් අරෆත් මියගියේ පොලෝනියම් විෂවීමෙන්

හිටපු පලස්තීන නායක යසර් අරෆත් මියගියේ පොලෝනියම්-210 සමස්ථානිකය විෂවීමෙන් බව බි‍්‍රතාන්‍ය වෛද්‍ය සගරාවක් වන ද ලැන්සට් පවසයි.

පසුගිය වසරේදී ස්විට්සර්ලන්ත විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵල මත පදනම් වෙමින් එම සගරාව මෙසේ පවසා තිබේ.

එම පර්යේෂණයේදී හිටපු පලස්තීන නායකයාගේ රුධිරය, මුත‍්‍රා, දත්බුරුසුවේ සහ කමිසයේ තිබූ කෙළ සළකුණු වල විකිරණශීලී පොලෝනියම්-210 සමස්ථානිකයේ ඉහළ සාන්ද්‍රණයක් අඩංගු බව අනාවරණය විය.

බටහිර ඉවුරේ බංකරය තුළ දෙවසරක් පුරා දිවිගෙවූ යසර් අරෆත් හදිසියේ රෝගී වී ප‍්‍රංශයේ පැරිස් නගරයට ආසන්න රෝහලකදී 2004දී මරුමුවට පත්විය.

2012 නොවැම්බර් මසදී ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය සහ රුසියාවේ විද්‍යාඥයන් පිරිසක් යසර් අරෆත්ගේ සිරුරු කොටස් ගොඩගෙන ඒවා නැවත පර්යේෂණයකට ලක්කළ බවයි.

පලස්තීන නායකයාගේ පුද්ගලික ආම්පන්නවල විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු වන බවට අල් ජසීරා විසින් සිදුකළ වාර්තා වැඩසටහනකදී සඳහන් කිරීම මෙම පර්යේෂණයට දිරි දුන් බව පැවසේ.

http://lankacnews.com/sinhala/foreign-news/102809/

0 comments: