Pages

Saturday, October 19, 2013

උතුරේ කොටි සොහොන් බිම් ප‍්‍රතිසංස්කරණ කරන චාවකච්චේරිය ප‍්‍රාදේශීය සභා යෝජනාව සම්මතයි

මිය ගිය කොටි සාමාජිකයන් සිහිකිරීම සදහා එම සංවිධානය විසින් උතුරේ ඉදිකරන ලද මහවිරු සුසාන භූමි යළි කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කළයුතු බවට චාවකච්චේරිය ප‍්‍රාදේශීය සභාව විසින් විශේෂ යෝජනාවක් සම්මත කර තිබේ.

‘හමුදාව විසින් විනාශ කළ උතුරේ සියලූ මහවිරු සුසාන භූමි යළි කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කළ යුතුය’ යනුවෙන් වූ එම යෝජනාව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සිරි රංජන් විසින් සභාවරය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එම සභාව අදාළ යෝජනාව සම්මත කර තිබේ.

‘අපගේ විමුක්තිය වෙනුවෙන් සටන් කළ දහස් සංඛ්‍යාවක් තරුණයන් මිය ගොස් සිටින බවත්, ඔවුන්ව අනුස්මරණය කිරීම සදහාත්, ඔවුන්ගේ සිරුරු භූමදානය කිරීම සදහාත් ස්ථාපිත කළ මහවිරු සුසාන භූමි සියල්ලඅවසන් සටනින් පසු හමුදාව විසින් විනාශ කර එම ස්ථාන වල හමුදා ක`දවුරු ස්ථාපිත කර ඇති බවත්’ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සිරි රංජන් සදහන් කර තිබේ.

‘උතුරු පළාත් සභාව මේ වනවිට තමන්ට වෙන්ව පිහිටුවා ඇති තත්ත්වයේදී තමන් වෙනුවෙන් ජීවිත පූජා කළ තරුණයන්ගේ ජීවිත වලට ගරු කිරීමක් වශයෙන් මහවිරුවන්ගේ සුසාන භූමි යළි ප‍්‍රතිසංස්කරණය කළයුතු බවත්’ ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

http://lankacnews.com/sinhala/news/102925/

0 comments: