Pages

Wednesday, October 16, 2013

වසර 40 ක්‌ වීසා නොමැතිව සිටි ඉන්දියානු මුසලුවා රිමාන්ඩ්

දැනට වසර 40 ක පමණ කාලයක්‌ මෙරට වීසා නැතිව රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටින ඉන්දියානු ජාතිකයකු තවදුරටත් ලබන 21 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගතකිරීමට මහර මහෙස්‌ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියම කරනු ලැබුවාය.

තමිල්නාඩුවේ පදිංචි මොහොමඩ් ඉර්ෂාඩ් නමැත්තා (63) මෙසේ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මෙහිදී බියගම පොලිසියේ පො. කො. ජයලත් මහතා (73251), අධිකරණයට කරුණු දක්‌වමින් කියා සිටියේ මොහු දැනට විදේශිකයන් රඳවා සිටින මීරිගම කඳවුරේ රඳවාගෙන එම කඳවුර මගින් විමර්ශන කටයුතු සිදුකරනවා. මෙම විමර්ශන අවසන් වී නැහැ. මොහු ලබාදී තියෙන්නේ පරස්‌පර ප්‍රකාශයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ බර්නි අල්විස්‌ මහත්මිය අධිකරණයට කරුණු දක්‌වමින් පැවසුවේ මොහු අත්අඩංගුවට ගත්තේ අල්කයිඩා සංවිධානයට ඔත්තු සපයනවා කියලයි. නමුත් මොහු එම සංවිධානයට කිසිම සම්බන්ධයක්‌ නැති බවට විමර්ශනයේදී හෙළිවී තිබෙනවා. මොහු වසර 40 ක පමණ කාලයක්‌ මල්වාන ප්‍රදේශයේ රැඳී සිටිමින් ගම්වාසීන්ට උදව් උපකාර කළා. මොහුව හඳුන්වන්නේ ඉන්දික මාමා කියලයි. මොහුට පුරුවැසි භාවය නැතිනම් අපරාධයකට සම්බන්ධයක්‌ නැතිනම් කළ යුත්තේ මෙරටින් පිටුවහල් කිරීමකි.

බියගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පී. කවිරත්න, හා පො. කො. ජයලත් (73251) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ. වැඩිදුර විභාගය ලබන 21 වැනි දිනට කල් තැබිණි.

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන
http://www.divaina.com/2013/10/16/provin03.html

0 comments: